Watch Trailer

Dude, Where’s My Car? (2000) with sinhala subtitles | මචන් මගේ කාර් එක කොහෙද ? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ගොඩ කාලෙකට පස්සේ තමයි මම මේ සබ් එකක් දෙන්නේ. එක දිගටම මට දෙන්න බැරි වුනේ මම බයිස්කෝප් එකෙන් TV Series එකක් කරන්න ඉල්ලලා බාර ගත්තා. තාම ඒක දුන්නේ නෑ, දැන් මාස 6ක් වගේ වෙනවා. ඒක ගොඩක් පරණ ලස්සන රුපවාහිනි කතා මාලාවක්. අපි හැමෝම වගේ ඒක දන්න කියන එකක්. එකේ මම දැනට Season 1 […]

කොහොමද හැමෝටම. ගොඩ කාලෙකට පස්සේ තමයි මම මේ සබ් එකක් දෙන්නේ. එක දිගටම මට දෙන්න බැරි වුනේ මම බයිස්කෝප් එකෙන් TV Series එකක් කරන්න ඉල්ලලා බාර ගත්තා. තාම ඒක දුන්නේ නෑ, දැන් මාස 6ක් වගේ වෙනවා. ඒක ගොඩක් පරණ ලස්සන රුපවාහිනි කතා මාලාවක්. අපි හැමෝම වගේ ඒක දන්න කියන එකක්. එකේ මම දැනට Season 1 සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. මේ මාසේ තමයි මම ඒකේ Season 2 කරන්න පටන් ගත්තේ. මේක කරන්න මෙච්චර පරක්කු වෙන්නේ මොකද මේකට English Subtitle file එකක් නෑ. ඒක නිසා මංම තමයි මේකට ටයිම් ලයිනුත් ගහගෙන උපසිරැසිත් කරන්නේ. ගොඩක්ම කාලය මහන්සිය වැය වෙන්නේ ටයිම් ලයින් ෆයිල් එක හදන්න. කොහොමහරි මම මේක ඉක්මනටම දෙනවා. ඒකට හොඳ ප්රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

හරි, හොඳයි, මම ඔයාලට අර කලින් කියපු TV Series එක කර කර ඉන්නේ අතරේ තමයි මට මේ ඇමරිකන් Comedy ෆිල්ම් එක හම්බවුනේ. මේක බැලුවට පස්සේ ඇත්තටම මට මේකට උපසිරැසි කරන්න ආස හිතුනා ඒක හේතුවක් නිසා, ඒ තමයි මේකේ පට්ටම ජෝක් සීන් එකක් තියනවා චීන කෑම කඩයක් ගාව වෙන. ඒකට නම් පැලෙන්න හිනා යනවා. බලන්නකෝ. හරි, මම ඔයාලට ෆිල්ම් ගැන ටිකක් කියන්නම්.

Dude Wheres My Car, මේ ෆිල්ම් එක Release වෙලා තියෙන්නේ 2000 දෙසැම්බර් මාසේ. ඇමරිකන් Comedy ෆිල්ම් බලලා තියන කවුරුත් දන්න Seann William Scott මේකේ ඉන්නවා. මිනිහා සුපිරිම මැන්ටල් මානසික ලෙඩ චරිතයක්. මෙයාගේ ෆිල්ම් බලලා තියන අය මෙයා ගැන දන්නවා ඇතිනේ….. මෙයත් එක්ක ඉන්න අනිත් කෙනා ගැන නම් කියන්න මං දන්නේ නෑ. හැබැයි මිනිහත් ටිකක් මරු. මේකයි මේ ෆිල්ම් එකේ වෙන්නේ, ජෙසී සහ චෙස්ටර් කියලා අඹ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා එකටමයි ඉන්නේ. දවසක් මෙයාලා උදේ නැඟිටිනකොට ජෙසීගේ කාර් එක නැතිවෙලා තියනවා. ඒ වගේම මෙයාලට මතක නෑ කලින් දවසේ රෑ වුන දේවල් ගැන. මේ නිසා මේ දෙන්නට ලොකු කරදර ගොඩක මූණ දෙන්න සිද්ද වෙනවා. ඒ කලින් දවසේ රෑ මේ දෙන්නා පාටියකට ගිහින් හෙන පිස්සුවක් නටලා තියනවා, මෙයාලට ඒ ගැන මුකුත්ම මතක නෑ. තව තැන් තැන් වලත් ගිහින් පිස්සු නටලා තියනවා. ඒ දේවල් වලට විපාක විඳින්න මේ දෙන්නට සිද්ද වෙනවා. මෙයාලා ළඟ තියනවා පිටසක්වල ජීවීන්ගේ භයානක උපකරණයක්. ඒකෙන් පුළුවන් මුළු විශ්වයම වුනත් විනාශ කරලා දාන්න. හැබැයි මෙයාලා ඒ ගැන දන්නේ නෑ, මතකත් නෑ. ඉතින් මේ උපකරණය අරගෙන විශ්වය විනාශ කරලා දාන්න අදහසින් වෙනත් ලෝකයකින් ලස්සන ගැනු පිටසක්වල ජීවීන් වගයක් එනවා. ඒ වගේම මේ උපකරණය ආරක්ෂා කරන්න හොඳ පිටසක්වල ජීවීන් දෙන්නෙකුත් එනවා. ඒ වගේම තමන්ගේ නැතිවෙලා තියන කාර් එක හොයා ගන්න දෙන්නා මුළු කතාව පුරාවටම උත්සහා කරනවා.

ඒ උත්සහය සාර්ථක වෙයිද ? මෙයාලට කාර් එක හොයා ගන්න පුළුවන් වෙයිද ? එදා රෑ මෙයාලට මොකද වුනේ ? එදා රෑ මෙයාලා මොකද කරේ ? නපුරු පිටසක්වල ජීවීන්ට අර උපකරණය ගන්න පුළුවන් වෙයිද ? මොකක්ද අර මම කියපු පට්ට ජෝක් සීන් එක ? මේවට උත්තර දැනගන්න දැන්ම ෆිල්ම් එක අරන් බලන්න.

 

Dude, Where's My Car? (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,535 downloadsDownload Dude-Wheres-My-Car-2000.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

5,535 downloadsDownload Subtitles44 KB

28 comments

  1. rashmika

    ela thanx macho...

  2. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  3. sandaru maxx

    thanx bokka......

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. මනොෂා සලිනි

    මොකක්ද කරපු ටීවී සීරියස් එක ඩවුන්ලෝඩ් කරගන්ඩ හිමිට
    මොන වගේ සීන් එකක්ද එකේ තියෙන්නේ
    daම්ම එකේ සබ් දෙ\නවද

  6. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  7. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  8. kent

    thanks macho

  9. madusara manawasinghe

    tnx.bro

  10. Udaya Fernando

    Thanks Shehan

  11. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  12. wije

    Ela saho digatama sub kotanta

  13. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  14. Dulanga

    Thanks

  15. අසිත

    elama saho thanks

  16. Prabuddha Kulatunga

    thank u bro :D :D

  17. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කොමඩියක් එකක් වගේ...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Admin

    mokkda mcn tv series eka.. kiyapanko..

  20. Supitha

    thanks saho

  21. ishan_priyantha

    ela

  22. sanjaya_ravishka

    elama

  23. Bruce___Wayne

    Thanks dude

  24. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  25. MAALNATH

    Thanks.....good luck......

  26. Chan

    Thank you

  27. kavindu ashean

    Subtitle download krna bahane

    1. Sanupa Ranmeth

      ඒක හැදුවා සහෝ. දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.