Watch Trailer

War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්. ප්ලෑනට් ඔෆ් ද ඒප්ස්…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්.  ප්ලෑනට් ඔෆ් ද ඒප්ස් එහෙම නැත්නම් වානරයන්ගේ ලෝකය කියන්නේ 1968 ඉඳන් චිත්‍රපට ලෝකය තුල දක්නට තිබෙන කතාවක්. ඒ කියන්නේ මේ කතාවන්ට අදාළ පළමු චිත්‍රපටය එළිදැක්වෙන්නේ Planet of the Apes නමින් 1968 වර්ෂයේ දී. ප්‍රංශ ගත් කතුවරයෙක් වෙන Pierre Boulle විසින් රචිත Planet of the Apes or Monkey Planet කියන විද්‍යාප්‍රබන්ධ නව කතාව තමා මේ චිත්‍රපට මාලාවට යොදා ගන්නේ. මෙම චිත්‍රපටය කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් ඊට පස්සේ තවත් චිත්‍රපට හතරක් නිර්මාණය වෙනවා එකිනෙක සම්බන්දව  Beneath the Planet of the Apes (1970), Escape from the Planet of the Apes (1971), Conquest of the Planet of the Apes (1972),  Battle for the Planet of the Apes (1973) කියල.

ඊටපස්සේ මේ ආශ්‍රයෙන්ම රුපවාහිනී කතාමාලාවක් සහ ඇනිමේෂන්  ඒ කියන්නේ කාටුන් සිරිස් එකක් පවා නිර්මාණය වෙනවා. ඊළඟ චිත්‍රපටය අපට දක්නට ලැබෙන්නේ 2001 වර්ෂයේදී. ඒ තමා 20th Century Fox සමාගම ටින් බ්‍රටන් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරනා ලද Planet of the Apes (2001) චිත්‍රපටය. එත් දැන් මේ මම ඔයාලට දෙන චිත්‍රපටයත් ඇතුලත් රි බුට් චිත්‍රපට මාලාව නැතිනම් නව නිර්මාණය ලෙස ඉදිරිපත්වෙන චිත්‍රපට මාලාව ආරම්භ වෙන්නේ Rise of the Planet of the Apes (2011) කියන චිත්‍රපටය එක්ක. ඊළඟට එන්නේ එකේම ඊළඟ කොටස Dawn of the Planet of the Apes (2014). ඊළඟට තමා මම මේ දැන් ඔයාලට උපසිරසි ලබාදෙන War for the Planet of the Apes (2017) චිත්‍රපටය පැමිණෙන්නේ. මම මේ ලිස්ට් එකම කිව්වේ අර එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල චිත්‍රපට නොබැලුවත් මේ 2001 පටන් ගන්නා චිත්‍රපට මාලාව බලන්න වෙනවා ඔයාලට. නැත්නම් මේ කතාව අන්ඩර දෙමළ වගේ වේවි. මොකද ඒ චිත්‍රපට වලට සම්බන්දයි මේකත්. ඒවගේම මේ චිත්‍රපටය අවසන් වෙන්නේ තව කොටසක් එන්න පුළුවන් කියන තැනින්.

ප්ලෑනට් ඔෆ් ද ඒප්ස් කියන කතාව නොදන්නා අයට සරලවම කතාව තේරුම් ගන්න කියනවා නම්. හිතන්න මේ ලෝකේ අපේ තැන වානරයෝ ඒ කියන්නේ ඔය වදුරෝ, ගොරිල්ලෝ, චිම්පන්සි ගත්තොත් ඒවගේම එයාලගේ තැන අපි ගත්තොත් මොකද වෙන්නේ කියල. ඇත්තටම මේ කතාමාලාවේ සරල අදහස ඒක තමා. මිට පෙර චිත්‍රපට දෙකේ කොහොමද වානරයන්ගේ තැන මිනිස්සුට ලැබෙන්නෙත් මිනිස්සුන්ගේ තැන වානරයන්ට ලැබෙන්නෙත් කියල පෙන්නුම් කරනවා. ඔයාල දන්නවා මිනිසුන් වෙනුවට විද්‍යාත්මක පරීක්ෂණය වලට යොදාගන්නේ වඳුරෝ කියල. ඉතින් මෙහෙම පරීක්ෂණයක් කරනවා විශේෂ වයිරසයක් ගැන වඳුරන් යොදාගෙන. එකෙන් අවසානයේ වෙන්නේ එමගින් වානරයන්ට සුපිරි බුද්ධියක් ලැබීම සහ සිමියන් උන ලෙස ලෝකේ පැතිරීගෙන යන මෙම වයිරස් අසාදනයෙන් මිනිස්සු මිලියන ගණනක් මැරිලා යන එක. ඊටපස්සේ කෝබා කියන වානරයා විසින් එයාට වෙච්ච හිරිහැර වෙනුවෙන් මිනිස්සුන්ට විරුද්දව සටන පටන් ගන්නවා. ඒකට සීසර් කියල වානරයෙක් විරුද්දවෙලා කෝබා මරල දානවා. ඔන්න ඕක තමා මෙතෙක් කතාව ගැන සරලවම කියනවා නම්.

මේ චිත්‍රපටය පටන් ගන්නේ එතනින්. කෝබා මරල දැම්මත් මිනිසුන් වානරයන්ට විරුද්ධව යුද වදිනවා. ඒ හේතුව හින්ද සීසර්ට සිද්ද වෙනවා වානරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න. මේ හේතුව හින්ද සීසර් මරාදැමීම අනිවාර්ය වෙනවා මිනිසුන්ට. ඒ අතරේ සිමියන් උණෙන් බේරුන මිනිසුන්ට අලුත් රෝගයක් වැළඳෙනවා.ඒ තමා ගොළු වීම සහ බුද්ධිය නැති වීම. ඒකියන්නේ සරලවම වානරයන්ට කතා කිරීම සහ බුද්ධිය වගේ මිනිස් ගුණ ලැබෙන අතරේ මිනිසුන් ගෙන් එම හැකියාවන් ඉවත් වෙනවා. ඉතින් ඊට විරුද්දව හමුදා කර්නල් කෙනෙක් ගෙනයන සටන සහ සීසර් ඊට මුහුණ දෙන ආකාරය තමා මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. ඉතින් මින්සුන් කවුද සතුන් කවුද කියල හරියටම මේ චිත්‍රපයට බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.8 වෙච්ච මෙම සුපිරිම චිත්‍රපටය දැන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි සහිතව බලන්න අවස්ථාව.

මම ඊළඟට අරන් එන්නේ අර කලින් කිව්ව සුපිරි විරයෙන් ගැන මම මම කලින් දුන්න චිත්‍රපටයේ දෙවැන්න. ඉතින් එකත් අරගෙන එන්නම් කියන ගමන් සමුගන්නම්.

බුදු සරණයි…!

War for the Planet of the Apes (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

51,758 downloadsDownload War-for-the-Planet-of-the-Apes-2017-BR.zip95 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

51,758 downloadsDownload Subtitles95 KB

119 comments

  1. Amalka Himeshan

    Thanks saho sub ekata

  2. Chamika

    Thnx

  3. Buddi

    Thanks.....

  4. uadaya saman

    ela machoo.enakan balan hitiye meka.

  5. Silent$

    Elazzzzzzzzzzzzzz

  6. Nirodhauthpala

    Huta asankaya neh elama bro bro eanakan maga balan innava sub eakata thx digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  7. prabodha

    Ela bro supirinee. Thank u sub ekata...

  8. geeth

    tnx sahoo

  9. කවිඳු නුවන් දේශික

    උපසිරැසියට ස්තුතියි සහෝ!!

  10. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
    අයියා ඇඩ්මින් කෙනෙක් නිසා පොඩි ඉල්ලීමක් තියේ.. ස්කෝපියන් එකට සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. දෙවෙනි එපියත් අද ආවා. අනික ගොඩ දෙනෙක් බලන කතාවක්. කලින් සීසන් එකෙත් ගොඩක් අතපසුවීමන් උන සීරිස් එකක්.මං හිතන්නේ බයිස්කෝප් එකේ ඒ තරම් කිසිම සිරිස් එකක් අවුල් වෙලා නෑ සබ් දෙන්න. මේක චෝදනාවක් නෙමෙයි. ඉල්ලීමක් විතරයි. පුලුවන්නම් සලකා බලන්න.. මේ ෆිල්ම් සිරිස් එකත් බලලා නෑ නේ. මුල ඉදන්ම බලන්න ඔනී. බී.ආර් ආව ගමන් අප්ඩේට් එකක් දාන්න අයියේ. ජය වේවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    1. Hope

      Scorpion mala jarawak ne bn... Aprade time eka ekata spend karana.
      Uba wena TV series ekak balapan machan.

    2. සනිඳු ලක්ඛිත

      මං උබට නෙමෙයි මචන් කියුවේ. ස්කෝපියන් එකට වඩා හොද සිරිස් තියේ. හැබැයි ස්කෝපියන් කියන්නේ බයිස්කෝප් එකෙ 2000+ ඩවුන්ලෝඩ්ස් තියෙන සිරිස් එකක්..ඊටත් වඩා අඩුවෙන් ඩවුන්ලෝඩ් තියෙන සිරිස් වලට සබ් දීලා තියේ. අනික ස්කෝපියන් එක බලන්නේ විද්‍යාවක් ගැන දන්න එවුන් විතරයි. උබ මචං අනුන්ගෙ රෙදි හෝදන්නේ නැතුව සබ් එක අරගෙන තෑන්ක්ස් කියල හරි කමෙන්ට් එකක් දාගෙන පලයන්. සබ් දෙනවද නැද්ද කියලා ඇඩ්මින්ලා තීරනය කරයි. ඉල්ලීමක් කරන්න ඕනි කෙනෙක්ට පුලුවන්! අපිට ඕනි ඒවටයි අපි අපේ වෙලාව වැය කරන්නේ. නැතුව මේ උබට ඕනි ඒවට නෙමෙයි.

    3. Ryan

      Oya indian unge scientific rase man kyan na ithn. Uba widyawa godak dannawada bn?man hithanne 8 pass wlawath nathuwa athi ubanam

  11. Udara Damith B/K

    මේකේ හොද කොපියක් එනකල් අනිත් ටික බලනවා \
    ස්තුතියි
    අර පහල සනිදු කිව්වා වගේ ස්කොපියන් එකට පුළුවන් කට හරි ටිකක් පරක්කු වෙලා හරි දෙන්ඩ

  12. Withanage Priyantha Dayakeerthi

    අසංක ප්‍රදීප් සොයුර,
    මෙහි පැරණි ෆිල්ම් එකනම් නරඹලා තිබෙනවා, ඒ අනුව මෙම සිනමාපටයත් අනිවාර්යයෙන්ම හොඳ ඇති. ඔබේ වෙහෙසින් නිමවූ සිංහල උපසිරසියට මාගේ ස්තුතිය!

  13. නිරෝෂ්

    බොහොම ස්තුතියි අසංක සහෝ.ජයවේවා!

  14. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  15. kelum chathuganga abeysekara

    thanks

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. සමිත් නිරොෂන්

    Thank you very much for the sub

  18. Kasun Widusha

    Tnx sahoo

  19. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  20. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  21. Rado

    pattaaa.. ikmanata hoda copy 1k upload karanna

  22. Thusitha

    උපසිරැසියට ස්තුතියි සහෝ!!

  23. KAVINDA GAMAGE

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. Gathsara Umesh Kumara

    "Asanka ayya" bohooooom sthuthiyi..ayge sub wl thyne qlty ek gn api okkooml dnawa hodt..bhom sthuthiyi...

  26. Chamith Mihiranga

    Thank you very much saho...!

  27. Praneeth priyadarshana

    Tks saho

  28. C. R. ජයලත්

    Niyamai Asanka Aiya Jaya Wewa!!!!!

  29. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  30. දමිත්

    බොහොම ස්තුතියි සහෝ සුපිරි චිත්‍රපටයකට සබ් දුන්නට.
    ජයෙන් ජය.

  31. Udaya Fernando

    Thanks Asanka

  32. NElson

    Good work friend, Thanks!

  33. janthu

    supiri ha

  34. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  35. sumed

    thanks sub ekata.good luck

  36. oshanda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  37. madu

    Thank you so much

  38. Lasantha Chandimal

    Niyamai..godak pin....wish u all the best..

  39. James DC

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...

  40. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. Amal Prasad

    jayawewaa sahoo!!!!!!!!!!!!!!

  42. LSM HUSKAA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  43. Dulanga

    Thanks

  44. Viraj Harsha

    Thanks sub ekta..jaya wewa.. “Star Trek Discovery” tv series ekatath sub denna..

  45. Milinda Senanayaka

    Thnks sub ekata

  46. chameera

    Planet of the ape anthima film ekada me ?

  47. භාෂිත් උඩවත්ත

    thanX ayye... ;)
    .
    .
    .
    :lol: :D

  48. dhanushka

    link eka nane

  49. asanka

    elama thama

  50. rangika Kariyawasam

    ෆටිටයි සහො..බෝම ස්තුතීයි අපට මෙික දුන්නට.එලමා...

Load more comments