හලෝ කොහොමද අපේ බයිස්කෝප් යාලුවෝ ටිකට? ඔන්න මං මගේ පළවෙනි සිංහල උපසිරැසිය අරගෙන ආවා.මගේ නම සුපුන් රසංජන පෙරේරා.කාලයක් තිස්සේ මං උපසිරසියක් කරන්න හිතාගෙන හිටියත් උපසිරැසියක් දෙන්න හොඳ ෆිල්ම් එකක් නැතුවයි හිටියේ. මොකද ඉතින් අපේ බයිසේකොප් එකේ කට්ටියට ෆිල්ම් එකක් පේන්න බෑනේ. 😀 ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි…

හලෝ කොහොමද අපේ බයිස්කෝප් යාලුවෝ ටිකට? ඔන්න මං මගේ පළවෙනි සිංහල උපසිරැසිය අරගෙන ආවා.මගේ නම සුපුන් රසංජන පෙරේරා.කාලයක් තිස්සේ මං උපසිරසියක් කරන්න හිතාගෙන හිටියත් උපසිරැසියක් දෙන්න හොඳ ෆිල්ම් එකක් නැතුවයි හිටියේ. මොකද ඉතින් අපේ බයිසේකොප් එකේ කට්ටියට ෆිල්ම් එකක් පේන්න බෑනේ. 😀 ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මන් දැක්කේ Eagle Eye(2008) ෆිල්ම් එකට කවුරුත් සිංහල උපසිරැසි දීලා නෑ කියලා.මේ සුපිරි ෆිල්ම් එකට බයිස්කෝප් එකේ උපසිරැසි නෑ කියලා දැක්කහම මට පුදුමත් හිතුණා.ඉතින් මේ ෆිල්ම් එකට උපසිරැසි හදන්න මම බාරගත්තා.ගොඩක් අය මේක බලලත් ඇති.ඇත්තම කිවුවොත් මේක සුපිරිම බයිස්කෝප් එකක්.මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 6.6 ක අගයක් ලැබිලා තියෙනවා.ප්‍රධාන නළුවා Shia LaBeouf. ප්‍රධාන නිළියට ඉන්නේ Michelle Monaghan. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ D.J. Caruso. එහෙනම් අපි පොඩ්ඩක් කථාව පැත්තට හැරෙමු.
ඇමෙරිකාවේ එක්තරා තරුණයෙකුට ගුවන් හමුදාවේ වැඩ කරපු තමන්ගේ නිවුන් සොහොයුරා මියගියා කියලා දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඔහු සොහොයුරාගේ අවමංගල උත්සවයට සහභාගි වෙලා පියාගෙන් ලැබුන 1000$ ක චෙක් එක මාරු කරන්න ඔහුගේ බැංකු ගිණුම පරීක්ෂා කරද්දී ඔහුගේ ගිණුමේ අති විශාල මුදලක් තිබෙන බව දැනගනවා.ඒකෙන් මුදල් ටිකක් රැගෙන ආපසු ඔහුගේ නවාතැනට යනවා.හදිසියේ ඔහුගේ නමට පාර්සල ගොඩක් ලැබිලා.ඒවා ඇතුලේ තියෙන්නේ අති නවීන යුධ ආයුධ.ඊට ටික වෙලාවකින් ඔහුට නාදුනන ගෑණු කෙනෙක්ගෙන් තව ටික වෙලාවකින් FBI එක එනවා කියලා ඇමතුමක් එනවා.ඔහු ඒක වැඩිය ගනන් ගත්තේ නැති නිසා ඔහුව ත්‍රස්තවාදී වැඩ කලා කියලා FBI එකෙන් අල්ලගන්නවා.කොහොමහරි අර නාදුනන ගෑනු කෙනා නිසා ඔහු පැනලා යනවා.තමන්ට කීකරු උණේ නැතිනම් ආපසු FBI එකට අල්ලලා දෙනවා කියලා ඔහුට ඇය තර්ජනය කරනවා.මේ අතරේ තමන් කියන විදියට වැඩ කළේ නැතිනම් තමන්ගේ ළමයව මරනවා කියලා එක්තරා මවකටද අර අමුතු ගෑනු කෙනාගෙන් ඇමතුමක් එනවා.ඔවුන් දෙදෙනාට තර්ජනය කරන්නේ කවුද? ඇයි ඔවුන් දෙදෙනාවමව?ඔවුන්ට තර්ජනය කර කරගන්න හදන්නේ කුමක්ද?ඒ ටික දැනගන්නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.මේක මන් බලපු සුපිරිම කතාවක්.බයිස්කෝප් එක බාගන්න අතරේ පොඩි කමෙන්ටුවක් දාගෙන යන්න තරම් කාරුණික වෙන්න කියලා මම ඉල්ලනවා.ආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේකට සබ් කරන්න අවසර දුන්න අපේ සමීර අයියටත් විශේෂයෙන් ස්තුති වෙන ගමන් මීළඟ උපසිරැසියෙන් හමු වෙනකන් මම සමුගන්නවා. 🙂
මීට පෙර පළ කළ ලිපිය
හ්ම්ම්..මම හිතන විදියට මේක නම් බොහෝ දෙනෙක් බලල ඇති..ඒත් මේ ගැන ලියන එක ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව මට..හැබැයි මේකෙ I, Robot ෆිල්ම් එකට සමානකමකුත් දැක්ක මම නම්..ඇත්තටම කියනව නම් කතාවෙ මුල් ටිකේදි ප්‍රධාන චරිතය මුහුණ දෙන සිද්දිය මොකද්ද කියල අපිට වත් පැහැදිලි වෙන්නේ නෑ..කොහොම නමුත් ඒක පැහැදිලි වෙනකොට අපි කතාවට ඇලිල ඉවරයි..මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ මුල් ටික..ඇමරිකාවේ සාමන්‍ය කඩයක වැඩ කරන තරුණයෙකුට දුරකතන ඇමතුමක් ලැබෙනව තම නිවුන් සොහොයුරා මියොගොස් ඇති බව දන්වමින්…ඔහු සොයුරාගේ අවමගුලට ගොස් නැවත පැමිණ තම බැංකු ගිණුම පරීක්ෂා කරන විට දැනගන්න ලැබෙන්නෙ එහි අති විශාල මුදලක් ඇති බවයි..ඉන් නෝට්ටු කිහිපයකුත් ගෙන තම නවාතැන්පළට යන ඔහුට එහි අයිතිකාරිය පවසන්නේ ඔහුගේ නමට පාර්සල් විශාල ප්‍රමාණයක් අද ලැබී ඇති බවයි.. ඔහු මේ පාර්සල් විවුර්ත කර බලන විට දක්නට ලැබෙන්නේ ලොව අති නවීනම ආයුධ තොගයකි..ඒක් සමගම ඔහුට ලැබෙන දුරකථන ඇමතුමකින් කියා සිටින්නේ තව තත්පර 20කින් ඔහු සොයා පොලිසිය පැමිණෙන බවති ඉක්මනින් පැනගන්නා ලෙසත්යි..නමුත් මේ අත්භූත ඇමතුම පිළිබද විශ්වාසයක් නොතබන මොහු ඒ මොහොතේම අත්තඩංගුවට පත් වේ..මේ අතරතුර වෙනත් මවකටත් තම දරුවාගේ දිවි ආරක්ෂා කරගැන්මට අවශ්‍ය නම් තමන් කියන අයුරින් කරයුතු කරන්න යැයි පවසමින් දුරකථන ඇමතුමක් ලැබේ..මේ දුරකථන ඇමතුම් ලබා දෙන තැනැත්තියට නගරයේ විදුලියෙන් වැඩ කරන සියලුම දේ පාළනයට හැකියාවක් ඇති බව පෙන්වයි..ඈ කවුද?මේ සාමාන්‍ය තරුණයාගෙන් හා අර මවගෙන් ඇයට ඇති ප්‍රයෝජනය කුමක්ද?මේ දෙදෙනාම තෝරාගත්තේ ඇයි?මේ ප්‍රශ්ණ වලට පිළිතුරු මෙන්ම මොවුන්ගේ ඉරණම කෙසේ විසදෙයිද යන්න දැන ගන්න ඕන නම් බලන්න Eagle Eye..ඔබ මවිත කරන අපූරු සිනමා සිත්තමකි..
Due to copyright issues, we do not provide any torrent links.
Eagle Eye (2008) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,966 downloadsDownload Eagle-Eye-2008.baiscopelk.com_.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් රසංජන පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් රසංජන
Subtitles
44 comments
නලින් පෙරේරා
Tishan
sub dunnata thankz............
Ashoka
FIRST SUB EKATA SUBA PATHUM SUPUN
me
Thanks
VIDEOS|9
ස්තුතියි ඔබට .
Jack
පට්ට.
පලවෙනි වැඩේට සුබ පැතුම් චෝ.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
ජය.Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!
kasun
wel com
Snake Raj
පළමුවන උපසිරැසියට සුභ පතනව සහෝ.. තවත් මේ වගේ ගින්දර වගේ උපසිරැසියක් ඕනෙ ආ.... ජය වේවා.!
lakshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
Sach
නියම ෆිලුමක් සහෝ !!!
දිගටම සබ් දෙමු !!!!anuka piumal
niyamay bro puluwannam amaerican sniper ekata sub denna
Chami.S
Thanks.....
chinthaka
YTS 1e Super films update Wenawa.ai ewata Sub danne naththe.TV series walata witharak sub danawa digatama.hoda English move awath ewata Sub Na.api film download Karala Balana innawa.......................
thisal
තැන්ක්ස් මචන් සබට අනිවා බැමක් තමා නලුවා පට්ට දිගටම සබ් දෙමු
DCG
meka balalanam ne,kohoma unath sub ekata thanks..
digatama sub demu..Z one
hi machoo sub eakata Thx
Kulanjana Maduranga
1st sub1kaneda SUPUN saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again....obata jaya.......
ප්‍රණීත් චින්තක රණසිංහ
පලමු උපසිරැසියට සුබපැතුම්.
තවත් උපසිරැසි කරන්න හැකියාව ලැබේවා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.උපසිරැසියට ස්තුතියි. :)
tharu
godak isthuti saho.api italiye..wadakarala mahansiwela awith mewage akak apema bashawakin balanna labima godak hithata ashawak.wada arila anne baiscope balagenamai.ithin saho obata sada jaya.api innawa obath samaga onadekata.thanks…
දුලිත රාජපක්ෂ
niyamai machan. digatama karan palayan. sub ekata thanks. Good Luck!
sanath
niyamai malli idiriyatath me wage honda nirmana apita laba denna
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Viraj Kodituwakku
Unusum Subha Pathum Supun saho!!! mama meka balala tiyenawa. maxxa film1k. ehenam ayet meka mata hodata balanna puluwani. mokada sinhala sub tiyena nisa. bohoma stuti saho. jaya wewa!!!
indika
thnq :)
Amila Madhuranga
සබ් එකට ස්තුතියි.
rejith
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
මේකන්ම්
බැලෙයිද කියන්න බෑ
කෝම උනත් සබට තුති
ඔබට ජය...............තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
dinesh
elakiri macho
asanka
thank you
AWNCK
Thanks Bro...
Thishan Eranga
Tnkzz mchn
rathnayake@123
thanks bro
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
හසිත
උපසිරස ලබා දීම වෙනුවෙන් ස්තුතියි.
Anonymous
THANKS
jack
සිංහල Subtitle එක දුන්නට බොහොම ස්තුතියි!!!
Buddhi
සිංහල සබ් එක බොහොම ස්තූතියි!!!!
jineth
sub eka weda nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් සුපුන් සහෝ. අඩවියට සාධරයෙන් පිළි ගන්නවා!
ජය වේවා!