ඔන්න මම කලින් ලිපියේ කිව්ව විදියටම Me.Myself and Irene කියන චිත්‍රපටියේ උපසිරැසියත් අරගෙන ආවා. ඉතින් ඔයාලා හිතනවා ඇති ෂර්ලොක් හෝම්ස් කතා මාලාව තියාගෙන මේ වගේ චිත්‍රපටියට උපසිරැසි දැම්මෙ මොකටද කියලා. පළවෙනි හේතුව තමයි මේක හුඟක් පරණ චිත්‍රපටියක් වගේම හාස්‍යජනක වුණත් කවුරුවත් උපසිරැසි නොදා තිබීම. අනෙක…

ඔන්න මම කලින් ලිපියේ කිව්ව විදියටම Me.Myself and Irene කියන චිත්‍රපටියේ උපසිරැසියත් අරගෙන ආවා. ඉතින් ඔයාලා හිතනවා ඇති ෂර්ලොක් හෝම්ස් කතා මාලාව තියාගෙන මේ වගේ චිත්‍රපටියට උපසිරැසි දැම්මෙ මොකටද කියලා. පළවෙනි හේතුව තමයි මේක හුඟක් පරණ චිත්‍රපටියක් වගේම හාස්‍යජනක වුණත් කවුරුවත් උපසිරැසි නොදා තිබීම. අනෙක් එක තමයි මේ චිත්‍රපටිය මම ළඟ තිබීම. මොකද වෙන චිත්‍රපටිනම් මම ඉන්ටර්නෙට් එකෙනුයි බාන්නේ. ඒත් මේක මගේ ගාවම තිබුණ නිසා මේකට සබ් දාන්න මට ආසාවක් ආවේ.
චිත්‍රපටිය ගැන කියනවනම් මේක 2000 වසරේ තිරගත වෙච්ච චිත්‍රපටියක්. චිත්‍රපටිය පරණ වුණාට නරකක් නම් නෑ. නියමයි කිව්වොත් වඩා හොඳයි. මේකෙ ප්‍රධාන චරිතය වන “චාලි“ ට පණ පොවන්නේ Jim Carrey. මීට අමතරව Renee Zellweger, Anthony Anderson, Michel Bowman වගේ අයත් මේකෙ රඟපානවා. පොඩි අවුලකට තියෙන්නේ දෙබස් අශිලාචාර වීමයි. ඒකත් එච්චර අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. මේකෙ IMDb අගය 6.5ක් වගේ ඉහල අගයක් තියෙනවා. ඒවගේම මේකට Teen Choice Award For Films හා Wipeout Scene Of the Summmer සම්මාන ලැබිලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peter Farrelly, Bobby Farrelly කියන දෙන්නා.
වෙන දේත් කියන්නම්කෝ. චාලි බේලිගේට්ස් කියලා රෝඩ් දූපත් ජනපද පොලීසියේ භටයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. ඔහු නගරයේ හිටපු ලස්සනම කෙල්ල ලේලාට ආදරේ කරලා එයාව කසාද බැන්දත් කෙල්ල චාලිගේ මඟුල් කාර් එකේ මිනිහත් එක්ක යාළු වෙලා චාලිව අතඇරලා දාන්න යනවා. එතන ඉඳන් ඔහු ඔහුගේ ප්‍රශ්න එක්ක ගණුදෙනු නොකර හිටපු නිසා එයාට ලෙඩක් හැදෙනවා. ඒකෙ නම තමයි අනිච්ඡානුග ස්වරූපාරාග වියරුව සමග වූ ප්‍රගත මුලාකාමී භින්නෝන්මාදය. ඒ කියන්නේ චාලිගේ මනසින් චාලි තවත් චරිතයක් නිර්මාණය කරනවා. ඒ චරිතය චාලිගේ චරිතයට වඩා ආක්‍රමණශිලී වගේම උත්තතේජකයි. චාලිගෙ හිතට ගැටළුවක් දැණුන ගමන් මේ අනෙක් චරිතෙ අවදි වෙනවා. එයාගෙ නම හෑන්ක්. මේ අතරේ රිය අනතුරක් කළා කියලා වැරැද්දක් කරපු අයරින් කියලා ගෑණු ළමයෙක් රෝඩ් දූපත් පොලීසියට එක්කගෙන එනවා. ඒත් ඇයව බාරදෙන්න ඕන වෙන්නේ ඉහල නිව්යෝර්ක වල පොලීසියකට. චාලිට තමයි එයාව ඇරලවන්න යන්න වෙන්නේ. මේ ගමන යෑමෙන් තමයි මුළු සිද්ධියම පටන්ගන්නේ.
ඉතින් ඔන්න මම ආරම්භය කිව්වා දිගටම කියන්න බෑනේ. කතාවේ කුතුහලය නැතිවෙනවා. කොහෙන් කොහමෙහරි මේ අයරින් කෙල්ල අපරාධෙකට සම්බන්ධ බව එලි වෙනවා. ඒ අපරාධය කරන්නේ ඇය රැකියාව කරන ස්ථානයේ ප්‍රධානී ඩිකී කියලා කෙනෙක්. ඩිකීත් අයරින්ව හොයනවා. මොකද අයරින් ඩිකී කරපු අපරාධ පොලීසියට කියයි කියලා බයේ.ඉතින් මොකක්ද මේ අපරාදේ? අයරින්ට මොකක් වෙයිද? චාලිගේ ද්විත්ව චරිතයට මොකක් වෙයිද? ඩිකී අයරින්ට මොනවා කරාවිද? ඔක්කොම චිත්‍රපටිය බලලම බලාගමු. මින්පස්සසේ ආයෙත් ෂර්ලොක් හෝම්ස් 02වන කතා මාලාවේ 04 වන කතාංගය අරන් ආපහු එන්නම්.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
a3693dd5331531a899efad1dc877dbcc66c057a3750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
1D60F7259819610FA21BCF08E5F11F7E7C1DBD5F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,153 downloadsDownload Me-Myself-and-Irene-2000.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
27 comments
Gayashan
kasun
ela kathawak wage thanks
-==(czRGsl)==-
ela ela... hinawenna puluwan wage... thankxx aa.. ikmanata SAW 7 sub ekath denna.... eka denakan thama maga balan inne.........
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!L.C. Demel
ස්තූතියි සහෝ!!
දිගගගගටම උපසිරැසි දෙන්න!!sudath
ela kiri filumak..jim carrey nam ithin comedy supiri thama.wisheshayen double role.thanks saho
කැලුම් ගුණසේකර
හොද කතාවක් වගේ. ස්තූතියි උපසිරැසියට.
thisal
සුපිරි මචන් සුපිරි කොමඩි නම් අනිව බැමක්
Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
රවිඳු නිපුන්
ela ela machan...
syb denakalmayi hitiye..
thaenkssරවිඳු නිපුන්
Fun With Dick And Jane movie ekatath subs danna puluwannam...
eeketh inne Jim Carrey mayi..
kattiya kemathi weyi..prabhath
ela thanks me wage ewa hoyuala dennako ela
lakshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
shan
thanks machan
indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
මේකන්ම්
බැලෙයිද කියන්න බෑ
කෝම උනත් සබට තුති
ඔබට ජය...............තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)indunil
mkakda bn e lede.ela.thanx sabata
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uraj Deemantha
ජිම් අයියා ඉන්නවා නම් ඉතින් පට්ට පතුරු ඈති නේ..... :)
Uraj Deemantha
මේකේ 750MB කොපි එක අවුල් මචන්ලා..... මම ලැපේ TV එකේ ට්‍රයි කරා.... ස්ටක් වෙනවා මගදි.... :(
Tharindu
Thank you very much saho..:)
urajdrlk
මරු ෆිල්ම් එක..... දෙවැනි පාරටත් බැලුව..... :)
Gayan Chathuranga
thanks saho! sub eka niyamai!
dragonhero
උපසිරැසියට තුති
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks...