Watch Trailer

Eiffel (2021) Sinhala Subtitles | අසම්මත පෙමක් නිසා ඉදිවූ ස්මාරකය [සිංහල උපසිරැසි] 18+

2021 වසරේදී නිකුත් වුණු මේ චිත්‍රපටිය, ලෝක ප්‍රසිද්ධ Eiffel කුළුණ නිර්මාණය වීම පාදක කොට ගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. 1889 දී Gustave Eiffel, Eiffel කුළුණේ වැඩ නිමා වෙනකන් මේ කුළුණ ඉදිකලේ කොහොමද කියලා මේ කතාවේදී ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. 1889 වගේ කාලයකදී මූලිකවම මිනිස් ශ්‍රමය යොදාගෙන මීටර් 30…

2021 වසරේදී නිකුත් වුණු මේ චිත්‍රපටිය, ලෝක ප්‍රසිද්ධ Eiffel කුළුණ නිර්මාණය වීම පාදක කොට ගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. 1889 දී Gustave Eiffel, Eiffel කුළුණේ වැඩ නිමා වෙනකන් මේ කුළුණ ඉදිකලේ කොහොමද කියලා මේ කතාවේදී ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. 1889 වගේ කාලයකදී මූලිකවම මිනිස් ශ්‍රමය යොදාගෙන මීටර් 300ක කුළුණක් හදනවා කියන්නේ මොන තරම් සංකීර්ණ වැඩක්ද කියලා මේකෙන් තේරුම් ගන්න පුලුවන්. අපි කතාවෙන් ලොකුවටම Eiffel කුළුණ නිර්මාණය වුණු හැටි කිව්වාට, Gustave Eiffel කියන්නේ සුපිරිම දක්ෂ ඉන්ජිනේරුවෙක්. ඇමරිකාවේ ලිබර්ට් ප්‍රතිමාව, Garabit Viaduct ආරුක්කු දුම්රිය පාලම වගේ නිර්මාණ කරලා තියෙන චරිතයක්.

Eiffelට මෙහෙම කුළුණක් හදන්න කියලා වැඩ පැවරෙන්නේ එවකට රජයෙන්. ඇමරිකාවට ලිබර්ටි ප්‍රතිමාව හදලා දීලා ඒකෙන් අත් කරගත්තු කීර්තිනාමයත් එක්ක මෙයාට ප්‍රංශයෙත් ඒවගේම ස්මාරකයක් හදන්න යෝජනා ලැබෙනවා. ස්මාරකයක් වෙනුවට කුළුණක් හදන්න ඕනි වෙන මෙයාට හදිසියේම මුණ ගැහුණු පරණ මතකයක් එක්ක මේ වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. ඒ පරණ මතකය තමා එයාගෙන් වෙන් වෙලා ගිය එයාගේ පෙම්වතිය. ඒත් ඇය තමන් සමගම වැඩ කරන සගයෙක්ගේ බිරිදක්. ඉතින් ඒ පෑරුණු Eiffelගේ පැරණි මතකයන් එක්ක මේ කුළුණ ගොඩ නැගෙනවා. එතකොට එන කරදර, චිත්තපීඩා නම් ඕනිතරම්. තමන්ට අයිති නැති වුණ ආදරය සිහිවීමට හදන මේ නිර්මාණයේ හැඩය “A” අකුරකට සමාන හැඩයකින් නිර්මාණය කරනවා. 1889 ඉදන් මේ වෙනකන් සංචාරකයන් මිලියන 300ක් පමණ මේ නිර්මාණය නැරඹුවත් එහි හැඩයේ තේරුම දැනගන්නට ඇත්තේ සුළුපිරිසක් වෙන්නට ඇති….

ඒ ඔහුගේ ආදරණීය Adrienne , ඔහුගේ පෙම්වතිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,547 downloadsDownload Eiffel-2021.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදුන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-04-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නදුන් පියුමන්ත

Subtitles

5,547 downloadsDownload Subtitles34 KB

14 comments

  1. Mano

    Godak sthuthi.. Jaya wewa!

  2. indika 75

    thanks..

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. John .E

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  8. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ව

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Nadun Piyumantha

      ඔයා සබ් කරපු ෆිල්ම්ස් බලලා තමා මේ වගේ කතාවලට සබ් කරන්න කැමත්තක් ආවේ. ඇත්තටම මම ඔයාගේ පට්ටම රසිකයෙක්.

  10. Sunanda kodikarage

    Exsalent

  11. Dewadithya

    Thanks for Sub!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!