A HERO හෙවත් Ghahreman කියන්නෙ 2021 වර්ෂයේ තිරගත වුන ඉරාන සිනමාපටයක්. asghar farhadiගෙ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු DRAMA වර්ගීකරණය යටතේ තිරගත වූ මෙම සිනමාපටයට IMDB අගය 7.5ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 96%ක් වැනි ඉහළම අගයකුත් ලබාගන්නට සමත් වුනු බොහොම කාලීන, සංවේදී කතා පුවතක් දිග හැර දක්වන…

A HERO හෙවත් Ghahreman කියන්නෙ 2021 වර්ෂයේ තිරගත වුන ඉරාන සිනමාපටයක්. asghar farhadiගෙ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු DRAMA වර්ගීකරණය යටතේ තිරගත වූ මෙම සිනමාපටයට IMDB අගය 7.5ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 96%ක් වැනි ඉහළම අගයකුත් ලබාගන්නට සමත් වුනු බොහොම කාලීන, සංවේදී කතා පුවතක් දිග හැර දක්වන සිනමාපටයක්. 2021 සහ 2022 වසරවල ලොව පුරා බොහෝ සම්මාන උළෙල සදහා නිර්දේශිත මෙම සිනමාපටය ඉන් කීපයක් ජය ගන්නටත් සමත්ව තිබෙනවා. ඒ අතර Asia Pacific Screen Award , Cannes Film Festival (2021) වැනි චිත්‍රපට උළෙලවල සම්මාන දිනාගෙන තිබෙනවා. එහෙමනම් අපි බලමු මේ සිනමාපටයෙහි දිවෙන කතාව ගැන.
රහීම් සුල්තානි කියන්නෙ ව්‍යාපාරයක් සදහා ණයක් ලබා ගෙන, ඒ ණය මුදල ගෙවාගන්න නොහැකි වීම හේතුවෙන්, තමන්ගෙ බිරිදව වගේම නිදහස යන දෙකම නැති කරගෙන හිරේට වෙලා ඉන්න තාත්තා කෙනෙක්. ඉතින් මේ රහීම්ට තමන්ගෙ ණය මුදලින් කොටසක් ගෙවන්න එක දවසක හරි වටිනා අවස්ථාවක් ලැබෙනවා. ඒ කෙනෙක්ගේ මාර්ගයෙන් ඔහුට ලැබෙන රන් කාසි මල්ලක්. හැබැයි මොකක් හරි දෙයක් නිසා රහීම්ට හිතෙනවා තමන්ගෙ ණය මුදල ගෙවලා හිරෙන් එළියට ඇවිත් තමන්ගෙ ජීවිතේ යළි ලබා ගන්නවා වෙනුවට මේ රන් කාසි ටිකේ අයිතිකාරයාව හොයලා ඒ ටික බාර දෙන්න අවශ්‍යයි කියලා. ඉතින් රහීම් කොහොම හරි ඒ දේ කරනවා.
රහීම් මේ කරන උතුම් ක්‍රියාව නිසා හැමෝගෙම ප්‍රශංසාවට, ආදර ගෞරවයට පවා ලක් වෙනවා. කොටින්ම ඔහුව හිරෙන් නිදහස් කරගන්න විවිධ සංවිධාන පවා ඉදිරිපත් වෙනවා. රහීම්ට රැකියාවක් පවා ලබා දෙන්න ආයතන ඉදිරිපත් වෙනවා. නමුත් ඊට පස්සෙ වෙන්නෙ රහීම් නොහිතපු දෙයක්. හැමෝටම දැනගන්න අවශ්‍ය වෙනවා මේ රන් කාසිවල සැබෑ අයිතිකාරයා කවුද කියලා. හැබැයි ඉතින් ඒක රහීම්ට පවා රහසක්. ඒ කෙනා කවුද, ඉන්නෙ කොහෙද, නම ගම විස්තර කිසිම දෙයක් මේ අසරණ රහීම්වත් එයාගෙ ගෙදර අයවත් දන්නෙ නෑ. හැබැයි රහීම් කළේ බොරුවක් නෙවේ කියලා ඔප්පු කරන්නනම් ඒ කෙනාව හොයා ගන්න එක අත්‍යාවශ්‍ය දෙයක් වෙනවා.
ඉතින් රහීම්ට හැකියාවක් ලැබෙයිද ඒ කෙනාව හොයාගන්න? ඇත්තටම ඊට පස්සෙ ඔහුට මොන වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියන එක කට්ටියම බලලා දැනගන්න. එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමු ගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
2,280 downloadsDownload A-Hero-AKA-Ghahreman-2021.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
Anonymous
indika 75
thanks..
Anonymous
Asghar farhadi ge nisa nobala ba
Thanks mchnශ්‍රීයන්ත
ඔයාගෙන් මුවී එකක් එනව කියන්නෙ අවුරුද්දේ හොද මුවි එකක් රිලිස් වෙනව වගේ... රසවින්දනය තියෙන කෙනෙක් ඔයා.. මන් එ කාලෙ ඉදම් ඔයාගෙ මුවි බලනව ,subtitles දෙන එව්ව... thank you
Geethi
ආසාවෙන් බලාගෙන ඉඳපු චිත්‍රපටයක් . බොහොම ස්තුතියි උපසිරැසියට
Rumesh
තෑන්ක්ස් සහෝ සබ් එකට
# අරගලයට ජය වේවා !Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
හසිත මධුෂාන්
කවදා කවුරු මේකට සබ් එකක් දෙයිද කියල ඩවුන්ලෝඩ් කරල තියං හිටිය අද වෙනකල්.
මං ආසම ෆිල්ම් කැටගරිය, ෆර්හාඩිගෙ ඉරාන සිනමාව, මට ෆ්රී වෙලාවක් තිබුනනං හදන්න හුගක් ආසාවෙන් හිටපු සබ් එකක්...
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub