Elemental (2023) Sinhala Subtitles UPDATE -> BLURAY කතාවක් තියනවා ජීවිතයට ආදරයයි මරණයයි එන්නේ බලාපොරොත්තු නොවෙන වෙලාවට කියලා. එතකොට ඒ ආදරය හිතා ගන්න බැරි තරම් වෙනස් දෙන්නෙක් අතර ඇති උනොත් කොහොමට තියේවි ද? හරියට ගින්දරයි වතුරයි අතර වගේ? ඔන්න ඔය වෙනස් plot එක නිසා තමයි Elemental චිත්‍රපටයට උපසිරැසි ක…

Elemental (2023) Sinhala Subtitles

UPDATE -> BLURAY

කතාවක් තියනවා ජීවිතයට ආදරයයි මරණයයි එන්නේ බලාපොරොත්තු නොවෙන වෙලාවට කියලා. එතකොට ඒ ආදරය හිතා ගන්න බැරි තරම් වෙනස් දෙන්නෙක් අතර ඇති උනොත් කොහොමට තියේවි ද? හරියට ගින්දරයි වතුරයි අතර වගේ?

ඔන්න ඔය වෙනස් plot එක නිසා තමයි Elemental චිත්‍රපටයට උපසිරැසි කරන්න මට හිතුනේ. එහෙම කිව්වම මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිර්මාල් විමුක්ති, උපසිරැසියේ සැබෑ අයිතිකාරයා. උපසිරැසිය කරන්නද කියලා මම ඉල්ලුවම බැහැ නොකියා දුන්නා. ඊළඟ කෙනා තමයි යුරාන් මල්ලි. ඔෆිස් වැඩ එක්ක උපසිරැසි වැඩ හිර උනාම බුවා තමයි පිහිටට එන්නේ.

Elemental මේ අවුරුද්දේ කතා බහට ලක්වුනු කාටුන් චිත්‍රපට අතරින් මුල් තැන ගත්ත නිර්මාණයක්. වෝල්ට් ඩිස්නි, පික්සාර් එක්ක එකතු වෙලා කරන වැඩ ගැන අහන්න දෙයක් නැහැ නේ. අන්න ඒ නිසා තමයි IMDb අගය 7.1 කුත් Rotten Tomatoes අගය 76% කුත් මේ චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ.

චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නත් එපැයි. Element City කියලා නගරයක් තියනවා. ඒ නගරයේ ජීවත් වෙන්නේ ගින්දර, වතුර, පස් (පොලොව) සහ හුළඟ කියන මේ ස්වභාවික සම්පත් වර්ග හතර. මේ නගරයට එනවා බර්නි (Ronnie del Carmen) සහ සින්ඩර් (Shila Ommi) කියන ගින්දර ජෝඩුව. එයාලා පදිංචියට තැනක් හෙව්වට ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඒ මේ නගරයේ ගින්දර එක්ක සම්බන්ධතා තියන්න අනිත් සම්පත් තුන කැමති නැති නිසා.

පස්සේ කොහොම හරි මෙයාලා දෙන්නා ගින්දර විතරක් ජීවත් වෙන ප්‍රදේශයක් හොයාගෙන පොඩි කඩයක් දාගෙන අලුත් ජීවිතය පටන් ගන්නවා. එයාලගේ ජීවිතයට එන දරු පැටියා, ගින්දරී තමයි ඇම්බර් (Leah Lewis). මේ ඇම්බර්ට කඩේ අයිතිය ලොකු උනාම දෙන්න එයාගේ තාත්තා පොරොන්දු වෙනවා. ලොකු උනාම එයාගේ ජීවිතේට අහම්බයෙන් ලැබෙන, මම මුලින්ම කිව්වා වගේ වෙනස්ම ආදරයක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඒ ආදරවන්තයාගේ නම වේඩ් (Mamoudou Athie).

Elemental අධ්‍යක්‍ෂණය කරේ Peter Sohn. මේක හදන්න ඇමරිකානු ඩොලර් 200ක් විතර වියදම් වෙලා තියනවා. එතකොට ලබපු බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 400කට අධිකයි.

චිත්‍රපටයට හඬ දායකත්වය සපයන නළු නිලියන් තමයි පහලින් ඉන්නේ

ලිපිය වැඩිය ලියන්න අදහසක් නැහැ. ඇත්තම කියනවා නම් වෙලාවත් නැහැ. ලිපියට වඩා වැදගත් වෙන්නේ උපසිරැසිය නිසා ඒකට වැඩි වෙලාවක් වෙන් කරන්න හිතුවා.

එහෙනම් මේ කතාව බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔයාල හැමෝටම ජය!

 

 

 

   

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BluRay / WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

16,953 downloadsDownload Elemental-2023-BluRay-Update-Baiscopelk.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Elemental (2023) Sinhala Subtitles

Subtitles

16,953 downloadsDownload Subtitles75 KB

16 comments

  1. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි දෙන්නටම! :)

  2. Saminda

    Thanks bro..

  3. Anonymous

    ගොඩක් ස්තූතියි, Film එකත් ගොඩක් හොඳයි.

    1. Umidu Teshan

      Thank you Sub Ekata

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ධනු .........
    ගොඩක්ම ස්තූතියි චාමි .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Sahan Gayantha

    thanks a lot sub ekata

  7. tharusha kavishan

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  10. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම. ජයවේවා!

  11. Sayuki

    First responders season 2 waltath ikmanata sub dennakoo

  12. Nishakya

    Thanks machn sub ekata. keep it up brother good luck

  13. Dill

    Wow,great work....!

  14. Dewadithya

    Thanks for Sub!

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.