BHEED (2023) Sinhala Subtitles හිංදි සිනමාව 2023 තිළිණ කරපු තවත් කලාත්මක සිනමා පටයක් වන BHEED සිනමාපටයේ උප සිරැසි අද මම ගෙන එනවා. මුලින්ම කියන්න ඕනෙ මේක කළු සුදු චිත්‍ර පටයක්. ඒකෙන් නිගමනයකට එන්න එපා චිත්‍රපටය ගැන . මට දැනුන හැටියට කලු, සුදු වර් ණය මේ චිත්‍රපටියට වර්ණ වලට වඩා කදිම සාධාරණයක් ඉටු කරන…

BHEED (2023) Sinhala Subtitles

BHEED (2023) Sinhala Subtitles

හිංදි සිනමාව 2023 තිළිණ කරපු තවත් කලාත්මක සිනමා පටයක් වන BHEED සිනමාපටයේ උප සිරැසි අද මම ගෙන එනවා. මුලින්ම කියන්න ඕනෙ මේක කළු සුදු චිත්‍ර පටයක්. ඒකෙන් නිගමනයකට එන්න එපා චිත්‍රපටය ගැන . මට දැනුන හැටියට කලු, සුදු වර් ණය මේ චිත්‍රපටියට වර්ණ වලට වඩා කදිම සාධාරණයක් ඉටු කරනවා. ඉතින් වෙනසකටත් එකා මේක බලන්න ඔබ කලාත්මක සිනමාව ප්‍රිය කරනවා නම්.

2020 වසර මුළු ලෝකයටම අමතක නොවන අප කාගෙත් ජීවිත අඩු හෝ වැඩියෙන් උඩු යටිකුරු කරපු වසරක්. ඒ කොරෝනා වසංගතය මුළු ලොවම වෙලාගත් අවධිය ගැන ආපසු හැරී බලන්නවත් අපි කමති නැති වේවි. කොරෝනාව ලෝකයෙන් තුරන් වෙමින් ඒ පිළිබඳ මතකයද අප වෙතින් ගිළිහෙමින් තිබුනත් එයින් ඇති කරපු බලපෑම නම් තව කාලයක් තියේවි.මේ වසංගතය දැන් සිනමා කර්මාන්තය වෙලා ගෙන හමාරයි.අපේ රටද නොයෙක් රටවල දැන් කොරෝනාව හා බැඳුණූ විවිධ කතා රසවත් සිනමා කෘති ලෙස එළියට දාන කාලයක් ..

ඉන්දියාව මේ වසංගතයෙන් විශාල ලෙස බැට කෑ රටක්. කෝටි හතර හමාරක් ඒ කියන්නෙ අපේ ජන ගහණය වගේ දෙගුණයකට ඉන්දියාවෙ කොරෝනා වැලඳුනා. ඉන් මිය ගිය ගණන 532,000ක් පමණ වෙනවා. මේ ඍජු මරණ ගණන. ලෝකයේ අන් හැම තැනක වගේම ඉන්දියාවෙත් මේ හා බඳුනු අනියම් ඛේදවාචක අපමණයි.ඒ කියන්නෙ අහිමි උණ සත්‍ය ජීවිත මෙන්ම විනශ වූ පවුල් ගණනත් අසීමිතයි..

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විවිධ ජන කොටස්, විවිධ ආගමිකයින් ගෙන් සැදි සංකීර්ණ ඉන්දියාවම එක කොඩියක් යටතට ගෙන තිබෙන එක ඇත්ත. ඒත් විවිධ භාෂා, ආගම් මෙන්ම ප්‍රාන්ත අතරද යම්යම් උණුසුම් තත්වයන් නිතර නිතර ඇති වන බැව් අප දන්නවා. ඊට අමතරව කුල වාදය අදටත් දැඩි ලෙස ඉන්දියාව තුල බෙදීම් ඇති කරනවා.කොරෝනාව නම් මේ සේරටම එක විදිහට සැලකුවත් එහි බලපාම එක් එක් පාර්ශව අතරට ගියේ විවිධ ලෙස.

2020 මාර්තු මස ඉන්දියාව පුරා කොරෝනා පැතිරෙන විට ඒ ඒ ප්‍රාන්ත රජයන්ට එක් වරම දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට සිදු උනා වසංගතය පාලනය කර ගන්න. විවිධ ලොක් ඩවුන් මෙන්ම ප්‍රාන්ත සීමා වසා දැමීම මෙයින් මූලික දේ උනා.ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් සුලු රැකියා සඳහා විශාල නගර කරා පැමිණෙන සංක්‍රමණිකයන් පිරිස අසීමිතයි.ඉතා අඩු දවස් කුලියකට මෙසේ දිල්ලි. මුම්බායි,කල්කටා වැනි ජනාකීර්ණ නගර වලට ඔවුන් බොහෝවිට පැමිණෙන්නේ පවුල් පිටින්.ඉතා කුඩා ඉඩ කඩක දුක්ඛිත දිවියක් ගත කරන මොවුන්ගේ මූලික අවශ්‍යතා පවා සීමා වෙලා තියෙනවා. ඒ ඔවුන් රට තුලම අමුත්තන් නිසා.කොරෝනාව පැතිරෙන විට තව කවර කතාද?

Anubhav Sinha අධ්‍යක්ෂණය කරන ලද මේ BHEED චිත්‍ර පටය මගින් කියන්නේ කොරෝනාව නිසා ආපසු ගම් බිම් බලා යන සංක්‍රමණිකයින්ගේ අඳුරු කතා පුවතක්. බස්, දුම්‍ රිය වැනි ප්‍රවාහන සේවා නැවතී, සියලු කඩ සාප්පු වැසී ඇති මෙම මොහොතක මෙම සංචාරකයින්ට නැවත සිය ගම් බිම් බලා යන්න සිදුවෙනවා. ඒ දුර සැතපුම් දහස් ගණනක්.ලබාගත හැකි සියළු විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිතා කරමින් ඔවුන් සිය ගම් බිම් බලා යාමට විශාල උත්සාහයක් ගන්නවා.

විටෙක ලොරි, කරත්ත, පාපැදි මෙන්ම පා ගමණින්ද සාගින්නෙන් බැට කමින් වෙනත් විවිධ දුක් ගැහැට අත් විඳිමින් ‍යන ගමන තුල විවිධ මානුෂික මෙන්ම අමානුෂික සංසිද්ධීන් මෙන්ම කුල හා ආගම් හා බැඳුන ගැටළු, දැඩි කොරෝනා නීති රීති, සීමා වසා දැමීම් වැනි ගැටළු වලින් තව තවත් පීඩා විඳින්නට සිදු වෙනවා. තේජ්පූර් නමැති ග්‍රාමයක දේශ සීමාවක් වසා දැමීම නිසා ඒ හරහා යාමට පැමිණෙන දහස් ගනන් සෙනග ඉදිරියට යා නොහැකිව අතරමං වෙනවා.

වසා දැමුනු ප්‍රාන්ත සීමා මුරපොලක් බාර නිලධාරියා සූර්යා මෙහි ප්‍රධාන චරිතයයි . සිය රාජකාරිය අකුරටම ඉටු කිරීම ඔහුගේ අරමුණයි.නීතිය කාටත් සමාන විය යුතුයි. මුරපොල හරහා යාමට කිසිදු බලවන්තයෙකුට ඔහුගෙන් අවසර නැහැ. සිය රාජකාරිය ,මානුෂිකත්වය, කුලවාදය මෙන්ම ඔහුගේ ප්‍රේමය තුල අතරමංව බුර බුරා නැගෙන මහජන විරෝධය ඔස්සේ ඔහුට සිය රාජකාරිය හැසිරවීමට සිදුවනවා.

නෑදෑ දරු පිරිවර සා ගින්නෙන් පෙළීම දරා ගත නොහී කැරළි ගසන පුද්ගලයෙක්,බීමත් පියෙකුගේ බර දරා ගන්නා දියණියක්,ඇමති වරයෙකුගේ කිට්ටු සහචරයින් පිරිසක්,මෙන්ම තත්වය මතු පිටින් අතගාන මාධ්‍ය වේදීන් පිරිසක් හා තවත් බොහෝ පිරිසකගේ කතාන්තර මේ විනාඩි 112 ක සිනමා පටය තුල පෙල ගස්වා තිබෙනවා.

මෙහි පොලිස් නිලධාරියා ලෙස Rajkumar Rao නැමැති සම්මානනීය රංගන ශිල්පියා රඟපානවා.ඔබට Newton 2017 බලුවානම් නීතියට වැඩ කරන තරුණ ඡන්ද නිලධාරියාව මතක ඇති.Bhumi Pednekar,Kirtika Kamra,Dia Mirza,Pankaj Kapur,Ashutosha Rana අනිත් නළු නිළියෝ.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,188 downloadsDownload Bheed-2023.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

BHEED, BHEED SINHALA SUB, BHEED 2023 SINHALA SUB

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

3,188 downloadsDownload Subtitles46 KB

7 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  4. Sanduni

    Mumbai Diaries S02 සිංහල subtitles දෙන්න පුළුවන් ද ?

  5. mindika

    Thanks !!!

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.