Euphoria (2025) Sinhala Subtitless මේ කතාව පටන් ගන්නේ 2022 අවුරුද්දේ ජුබිලි හිල්ස් වල සිද්ද වෙච්ච දූෂණයකින්. අවුරුදු 17ක ගැහැණු ළමයෙක් සල්ලිකාර පවුල්වල දරුවෝ 5 දෙනෙක්ගේ අතින් දූෂණය වෙනවා. ඉතින් මේ සිද්දිය නිසාම සමාජ අපකීර්තියට ලක්වෙන එක්තරා අම්මෙක් තමන්ගේ පුතාව (දූෂණයේ ප්‍රධාන සැකකරු) හිරෙන් නිදහස්…

මේ කතාව පටන් ගන්නේ 2022 අවුරුද්දේ ජුබිලි හිල්ස් වල සිද්ද වෙච්ච දූෂණයකින්. අවුරුදු 17ක ගැහැණු ළමයෙක් සල්ලිකාර පවුල්වල දරුවෝ 5 දෙනෙක්ගේ අතින් දූෂණය වෙනවා. ඉතින් මේ සිද්දිය නිසාම සමාජ අපකීර්තියට ලක්වෙන එක්තරා අම්මෙක් තමන්ගේ පුතාව (දූෂණයේ ප්‍රධාන සැකකරු) හිරෙන් නිදහස් කරගෙන දරුවාගේ ඉදිරි ගමන වෙනුවෙන් සමාජය හා ගැටෙන කතාවක් තමයි මේකේ යන්නේ.
අදත් මං මේ ගේන්නේ තෙලිගු චිත්‍රපටයක්. හැබැයි මේක කලින් ඒවා වගේ නිකම් අත්හැරලා දාන්න පුළුවන් එකක් නෙවෙයි. සමාජයට හොද පණිවිඩයක් රැගෙන එන චිත්‍රපටයන් අතරේ තවත් එක චිත්‍රපටයක්. විශේෂයෙන් කාන්තා දූෂණය සම්බන්ධයෙන් ගෙන එන චිත්‍රපට අතරේ හොදම චිත්‍රපටයක් විදිහට මට නම් කියන්න ඇහැකි.
එහෙනම් යමු විස්තරේට.
Gunasekhar ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුනු මේ චිත්‍රපටයේ නම euphoria. (ඔය නමින්ම සිරිස් එකකුත් තියෙනවා, පටලගන්න එපා) නිෂ්පාදනය නිලිමා ගුණා සහ යුක්තා ගුණා කියන දෙන්නා. සංගීතය කාල භයිරවාගෙන්. මේක නිකුත් වෙන්නේ 2026 පෙබරවාරි 6 වෙනිදා.
රංගනයෙන් හුරුපුරුදු මුහුණු රැසකුත් දකින්න ලැබෙනවා. එයින් ධුරන්දර් චිත්‍රපට ද්විත්වයේ හම්සා අලිගේ පෙම්වතියගේ චරිතයට පණපෙවූ සාරා අර්ජුන්, භූමිකා චෞලා, දමිල නළු සහ අධ්‍යක්ෂක ගෞතම් වාසුදේව් මෙනන්, විග්නේෂ් ගවිරෙඩ්ඩි, නසාර්, ප්‍රීත්වි රාජ් අද්දාලා වැනි රංගන ශිල්පින් රැසක් දායක වෙනවා.
ආදායම සහ පිරිවැය ගැන ලොකු විස්තරයක් සදහන් නොවූවත් චිත්‍රපටයට හොද ප්‍රතිචාර ලබාගෙන තියෙනවා.

චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර
මේ චිත්‍රපටයට තිර රචකයින්ගෙන්, අධය්ක්ෂකවරුන්ගෙන් සහ නළුවන්ගෙන් හොද ප්‍රතිචාර ලබාගෙන තියෙනවා.

තිර රචකයින්, අධ්‍යක්ෂකවරුන් සහ නළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.9/10 අගයක් ලබාදීලා තියෙනවා.
මේකේ ඔරිජිනල් පිටපත් මුලින්ම නිකුත් වෙන්නේ ETV Win හරහා මේ අවුරුද්දේම අප්‍රේල් දෙවෙනිදා. ඉන්පසුව ඒ හා සමගාමිව ඒ මාසෙම 22 වෙනිදා Aha Telegu වලත් පසුව Amazon Prime හරහාත් නිකුත් වුණා.
වැඩ පිට වැඩ අස්සේ ටික ටික කොටපු සබක් තමයි මේක. නොසිතු විදිහට කාර්යබහුලත්වය අධික වුනු නිසාම කොහොමහරි මේක දෙන්න ඕනේ නිසාම මං මැච් එකක් ගහලා ඔන්න ගෙනාවා ඈ.
පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න. මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.
එහෙනම් තව සබකින් අපි හමුවෙනකල් ආයේ එන්නං ඈ..! සුබ දවසක්!
Euphoria (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,840 downloadsDownload Euphoria-2026.zip111 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Euphoria (2025) Sinhala SubtitlesSubtitles by
ඕෂද එරංග (Era Boy)
Subtitles
5 comments
Buddhika laKMal
Anonymous
Thanks
ඕෂද එරංග (Era Boy)
❤️
Ruvindu theekshana
Thanks
Chamara Fernando
සුපිරියක් තමා, දිගටම සබ් දෙන්න, සියලු වැඩකටයුතු සාර්ථක වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් මචං සබ්එකට