Michael (2026) Sinhala Subtitles හෙලෝ guys, කොහොමද කට්ටියට දන්නේමත් නැතිවම මගේ උපසිරසි වල 50 වෙනි නිර්මාණයට ඇවිල්ලා.බයිස්කෝප් ෆැමිලි එකත් එක්ක එකතු වෙලා තාම මාස යන්තමි මාස 2 ක්වත් නෑ. මුලින්ම සබ්රිනා එකේ(the chilling adventure of sabrina) 4වෙනි සීසන් එක නිකන් ආතල් එකට වගේ සබ් කරන්න පටන් ගත්තේ එතනින…

හෙලෝ guys, කොහොමද කට්ටියට දන්නේමත් නැතිවම මගේ උපසිරසි වල 50 වෙනි නිර්මාණයට ඇවිල්ලා.බයිස්කෝප් ෆැමිලි එකත් එක්ක එකතු වෙලා තාම මාස යන්තමි මාස 2 ක්වත් නෑ. මුලින්ම සබ්රිනා එකේ(the chilling adventure of sabrina) 4වෙනි සීසන් එක නිකන් ආතල් එකට වගේ සබ් කරන්න පටන් ගත්තේ එතනින් පටන් ගත්ත ගමන දන්නෙමත් නැතුවම 50 වෙනි උපසිරසි නිර්මාණය දක්වා ඇවිල්ලා. මේ වෙනකන් මගේ උපසිරසි රසවිදපු හැමෝටම කියන්න තියෙන්නේ ඉදිරියටත් තවත් අලුත්ම විදියේ උපසිරසි නිර්මාණ ඔයාලට මම දිගටම අරන් එනවා.හරි දැන් කතාව පැත්තට යමු…..

කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු, ඒ වගේම මුළු ලෝකයේම අවධානය දිනාගත්ත 2026 වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් තමයි Michael. මේ චිත්‍රපටය හුදෙක් ගායකයෙකුගේ ජීවිත කතාවකට වඩා එහා ගිය, මනුෂ්‍යයෙකුගේ ජයග්‍රහණ, පරාජයන් සහ වේදනාකාරී අත්දැකීම් සමුදායක් කිව්වොත් නිවැරදියි
මයිකල් ජැක්සන් කියන්නේ නමක් විතරක් නෙවෙයි, ඒක යුගයක්. අන්න ඒ යුගයේ ආරම්භයේ ඉඳන් ඔහුගේ ස්වර්ණමය කාලය දක්වා දිවෙන අපූරු සිනමා අත්දැකීමක් තමයි ‘Michael (2026)’ කියන්නේ. ලෝක ප්‍රකට අධ්‍යක්ෂ ඇන්ටොයින් ෆුකුවා (Antoine Fuqua) ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ නිර්මාණය, මයිකල්ගේ ජීවිතයේ අප දැකපු දීප්තිමත් පැත්ත වගේම ඒ පිටුපස සැඟවුණු අඳුරු කතාවත් බොහොම සංවේදීව අපිට පෙන්නනවා.
චිත්‍රපටය පටන් ගන්නේ ගැරී ඉන්දියානා (Gary, Indiana) වල තියෙන පුංචි ගෙදරකින්. මයිකල්ගේ ළමා කාලය, ඒ කියන්නේ Jackson 5 කණ්ඩායමේ මුල්ම කාලය ගැන අපිට මුලින්ම දැකගන්න ලැබෙනවා. හැබැයි අපි හිතන තරම් ඒ ළමා කාලය සුන්දර නැහැ. ඔහුගේ පියා වන ජෝසප් ජැක්සන්ගේ දැඩි පාලනය සහ දඬුවම් මැද මයිකල් කොහොමද තමන්ගේ දක්ෂතාවය ඔපමට්ටම් කරගත්තේ කියන එක චිත්‍රපටය පුරාවටම අපිට දැනෙන්න ලියවිලා තියෙනවා.
ඉන්පසු අපිට දැකගන්න ලැබෙන්නේ මයිකල්ගේ තනි ගමන. ‘Off the Wall’, ‘Thriller’ සහ ‘Bad’ වැනි ලෝකයක් උඩුයටිකුරු කරපු ඇල්බම් බිහිවුණු හැටි, ‘Moonwalk’ එකෙන් මුළු ලෝකයම පිස්සු වට්ටපු හැටි සහ ඔහුගේ සංගීත වීඩියෝ කලාවේ විප්ලවය චිත්‍රපටය තුළ අතිශය තාත්විකව ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම 1984 පෙප්සි වෙළඳ දැන්වීම අතරතුර ඔහුගේ හිසට ඇතිවුණු බරපතල පිළිස්සුම් තුවාලය සහ ඒ නිසා ඔහු විඳපු වේදනාව මේ කතාවේ හැරවුම් ලක්ෂයක් විදිහට පෙන්නනවා.
මේ චිත්‍රපටයේ තියෙන විශේෂම දේ තමයි මයිකල් ජැක්සන්ගේ චරිතයට පණ පොවන්නේ ඔහුගේම සහෝදරයෙකුගේ පුතෙක් වන ජාෆර් ජැක්සන් (Jaafar Jackson) වීම. මේ චිත්‍රපටය තුල ජාෆර් ඉතාම විශිෂ්ට ලෙස මයිකල්ගේ චරිතයට පනපොවනවා. ඔහුගේ නර්තනය, හඬ සහ හැඟීම් ප්‍රකාශ කරන විදිහ මයිකල්ට කොච්චර සමානද කියන එක ඔයාලම මේ චිත්‍රපටය නරඹලා තීරණය කරන්න. ඒ වගේම මයිකල්ගේ පියා ලෙස රංගනයෙන් දායක වන කොල්මන් ඩොමින්ගෝ (Colman Domingo) ගේ රංගනයත් අතිවිශිෂ්ටයි.
තවත් වැඩි කතා නැතුව පොප් ලොව රජුගේ සිනමාත්මක ආගමනය සිංහල උපසිරසි සමඟින් ඔයාලට රසවිඳින්න ආරාධනා කරනවා!
Michael (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray/WEB-DL/HQ PreDVD(කැම්) පිටපත් සඳහා පමණක් අදාළ වේ.
13,210 downloadsDownload Michael-2026-Bluray-Update.zip165 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Michael Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Michael (2026) Sinhala Sub
- #Michael (2026) Sinhala Subtitles
- #Michael Sinhala Sub
- #Michael Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
නිශාන් සමීර
තරිදු දිසානායක
❤️
Buddhika laKMal
50වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං....
මේක ඔරිජිනල් ආපුදවසට අප්ඩේට් එක ඕනේ........තරිදු දිසානායක
❤️
ඕෂද එරංග (Era Boy)
50ට සුබ පැතුම් බොසා..
තරිදු දිසානායක
❤️
එල්. සී. දමැල්
ප්‍රමාද වුණාට සමාවෙන්නෝනා 🙁
මේ අවුරුද්දෙ බලපු හොඳම ෆිල්ම් එකක් ❤️
50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! 🙂
100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Vinusha R
Thank you sub eka dunnata
තරිදු දිසානායක
❤️❤️
Harshana Atapattu
සබ් එකට තුති සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Michael (2026) Sinhala Subtitles | මයිකල්: පොප් රජුගේ ජීවිත කතාවේ සිනමාත්මක ආගමනය [සිංහල උපසිරසි] [50*] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Michael-2026-2.jpg)
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
"පනස් වෙනි කඩයිමට සුභ පැතුම්"