Watch Trailer

Family Plot (1976) with sinhala subtitles | පවුලක අවුල. [සිංහල උපසිරසි සමඟ]

මේ 1976 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් චිත්‍රපටයක්. ක්‍රියාදාම හාස්‍යමය වර්ගයට අයත්වන මෙය ඉතා හොඳින් රසවිඳිය හැකියි. භූත වේදිනියක් යැයි කියාගන්නා ටේලර් බ්ලාන්ච් තම සගයා හරහා ලබාගන්නා ඉඟියක් අනුව ලක්ෂපතිනියක් වන ජූලියා රේන්බර්ඩ් මහත්මිය රවටා යම් මුදලක් කඩාගැනීමට උත්සහ දරයි. ජූලියා රේන්බර්ඩ් මහත්…

Family Plot (1976)මේ 1976 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් චිත්‍රපටයක්. ක්‍රියාදාම හාස්‍යමය වර්ගයට අයත්වන මෙය ඉතා හොඳින් රසවිඳිය හැකියි. භූත වේදිනියක් යැයි කියාගන්නා ටේලර් බ්ලාන්ච් තම සගයා හරහා ලබාගන්නා ඉඟියක් අනුව ලක්ෂපතිනියක් වන ජූලියා රේන්බර්ඩ් මහත්මිය රවටා යම් මුදලක් කඩාගැනීමට උත්සහ දරයි. ජූලියා රේන්බර්ඩ් මහත්මියගේ ප්‍රශ්නය නම් නින්ද නොයෑමය. මැඩම් බ්ලාන්ච් ගේ කපටි  මොලයට හසුවන්නේ ඇය පෙර කරන ලද යම් සාපරාධී ක්‍රියාවක් නිසා ඇය සිතින් පීඩා විඳින බවයි. එපමනක් නොව ඇගේ මුවින්ම ඒ කුමක්ද යන්න දැනගැනීමට ඇය සමත් වේ. එයනම් ඇගේ සහෝදරියට අවජාතකව ඉපදුන දරුවා වෙනත් පවුලකට හදාගැනීමට දීමයි. පසුව ඒ ගැන පසුතැවෙන ඇය, මැඩම් බ්ලාන්ච් ගේ උදව්වෙන් එම දරුවා සොයාගෙන තම දේපල පවරා නැගණියට සාධාරණයක් ඉටු කිරීමට ඇය තීරණය කරයි.


කරන්නේ බොරුවක් උවද මේ දරුවා සොයා දුනහොත් තමාටද සෑහෙන තරම් මුදලක් උපයා ගත හැකි නිසා මේ සඳහා උත්සහ දරයි. මේ අතර එම දරුවා හදාගත් දෙමාපියන්වද මරාදමා නමද වෙනස් කර හොර මැරකම් වල යෙදෙමින් සිටී. ප්‍රධාන වශයෙන් කප්පම් ගැනීමයි. ලැබෙන ඔත්තු අනුව ගොස් ඔහුව සොයනවිට බ්ලාන්ච් හා ජෝර්ජ් ව මරා දැමීමට උත්සහ කරයි. එහිදී ඔවුන් දෙදෙනා දිවි ගලවාගන්නේද අනූ නවයෙනි.


නමුත් උත්සහය අත නොහරින මැඩම් බ්ලාන්ච්, රේන්බර්ඩ් පවුලේ හිමිකරු හඳුනාගැනීමත් සමගම ඔහුගේ හිරකරුවකු බවට පත්වේ. මේ අතර ඇයව සොයා එන ජෝර්ජ් හට මේ කප්පම් කරුවාගේ තිප්පොල හමුවේ. කාලයක සිට පොලීසියට උවමනා කල කප්පම් කරු එම නිවස තුලම සිරකර පොලිසියට බාරදීමට බ්ලාන්ච් හා ජෝර්ජ් සමත් වේ.

Family Plot (1976) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

124 downloadsDownload Family-Plot-1976.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

124 downloadsDownload Subtitles54 KB

13 comments

  1. Gathsara Umesh

    Bohoom sthuthiy shoo

  2. වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්.

  3. අසංක ප්‍රදීප් රණතුංග

    හොඳ චිත්‍රපටයක්. ස්තුතියි

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. අසිත

    elama saho thanks

  6. Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    ඔබ මේ දින කීපය තුළ ඉක්මනින්ම ලබාදුන් Marnie, Sabotage, Family Plot යන සිනමාපට තුනම dawunload කර නැරඹුවා. මේ සියල්ලම මා නරඹන්නට අශාවෙන් සිටි පැරණි ස්වර්ණමය සිනමාපට. මෙවැනි සිනමාපට DVD එකතුවක් මා ළඟ සුරක්ෂිතව තිබෙනවා. එයට ඔබේ ඒවාත් එකතු කරනවා. මේවාට කැමති මගේ හිතවතුන්ටත් නරඹන්නට ඒවා ලබාදෙනවා. ඉතිං මේ කරන්නාවූ මහඟු සේවය වෙනුවෙන් අප සැමගේ ප්‍රණාමය ඔබට පුදකර සිටින්නෙමු!!! නැවතත් මෙවැනි ඒවාට උපසිරසි කරන්න. ඔබට ජය!

    1. Buddhika

      ස්තුතිවන්ත වෙනව ඔබේ ප්‍රණාමයට.

  7. dasun

    බොහෝම ස්තුති බොක්ක. මචන් Alfred Hitchcockගෙ Vertigo එකටත් උපසිරැසි දෙන්න පුලුවන්ද?

  8. Thilakarathna

    අදහස් දැක්වීමට නොහැකිවුවත් ඔබ ලබාදුන් සබ් බොහොමයක් බැලුවා. පරණ ඒවාට අපි කැමතියි. ඔහොම යමු...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chami.S

    Thanks..

  11. OmarAshen

    thanks

  12. ab

    sub ekata sthuthii