ආයුබෝවන්! ඔන්න ඉතින් අදත් මම වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි උපසැරසි අරගෙන ආවෙ.මේක 2015 සැප්තැම්බර් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ.drama/history ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය 2015 හොදම චිත්‍රපටි අතුරින් එකක්.සම්මාන 24 ක් දිනාගෙන තියෙන තියෙන මේ චිත්‍රපටියට imdb 7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙනවා.පැය…

ආයුබෝවන්!
ඔන්න ඉතින් අදත් මම වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි උපසැරසි අරගෙන ආවෙ.මේක 2015 සැප්තැම්බර් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ.drama/history ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය 2015 හොදම චිත්‍රපටි අතුරින් එකක්.සම්මාන 24 ක් දිනාගෙන තියෙන තියෙන මේ චිත්‍රපටියට imdb 7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙනවා.පැය 02 කුත් විනාඩි 05ක් පුරාම දිවෙන මේ චිත්‍රපටිය සංවේදී චිත්‍රපටියක් කියන්න පුළුවන්.
”The Throne” (චිත්‍රපටියේ කොරියන් නම ; සාදෝ) අධ්‍යක්ෂක ලී ජූන් ඉක් විසින් අධ්‍යක්ෂනය කර සොන්ග් කන්ග් හෝ සහ යූ ආහ් ඉන් ප්‍රධාන චරිත ලෙස රඟපාන 2015 දකුණු කොරියානු ඉතිහාසය විදහා දැක්වෙන නාට්‍යම චිත්‍රපටියක්.චිත්‍රපටියේ යොංග්ජෝ රජ සමය අතරතුරදී රාජ්‍යයේ රජු විසින්, දුසිරිත් සහ අයහපත් හැසිරීම හේතුවෙන් වයස 27 ක් වන කිරුළ හිමි කුමරුන්ව නොහොත් තම පුතණුවන්ව දින අටක් සහල් පෙට්ටගමක සිර කොට බඩගින්නේම මිය යෑමට නියෝග කිරීමෙන් පසු කුමරුන්ගේ මතකයට නැගෙන ඔහුගේ ජීවිත කතාව පිළිබඳ දැක්වේ.
චිත්‍රපටිය පටන් ගන්නෙ කිරුළ හිමි කුමාරයා මහ රෑ වැස්සෙම කඩුවකුත් අරන් පියාව මරන්න මාළිගාවට යන සිද්දියකින්. ඒත් මාළිගාවෙදි රජු සහ කුමාරයගෙ පුතා අතර වෙන කතා බහක් ඇහිල කඩුව අත අරිනවා.රජතුමා ඔහුට සමාව දෙන්න උත්සහ කරත් මාළිගාවෙ ඉන්න සමහර මැති ඇමතිවරු කුමාරයව රාජ්‍යයට නොවටින රජෙක් වේවි කියල රජුට අඟවනවා.ඊට පස්සෙ රජතුමා අණ කරනවා කුමාරයව දවස් 08 ක් බඩගින්නෙ සහල් පෙට්ටගමේ බඩගින්නෙ හිර කරල තියන්න කියලා. ඊට පස්සෙ කුමාරයට ඒ දවස් අට තුල මතක් වෙන එයාගෙ ජීවිත කතාව තමයි යන්නෙ.
ජොසොන් සමයේ රාජ්‍යයේ රජු විසින් තම කුඩා පුතුන්ව නැණවත් පරිපූර්ණ රජෙක් කිරීමට නිතරම ඉගැන්වීම් කරනවා. ඒත් කුමාරයා ඉගෙන ගන්න එක පැත්තකින් තියලා චිත්‍ර ඇද ඇද සෙල්ලම් කරන එක විතරයි කරන්නෙ.රජතුමා කොයි තරම් උත්සහ කරත් කුමාරයා ඉගෙන ගන්න එක කරන්නෙම නෑ.පස්සෙ රජු තීරණය කරනවා ඒත් රජකම දෙන්න.ඒත් කුමාරයගෙ සහ මැති ඇමතිවරුන්ගෙ ඉල්ලීම නිසා රජකම නොදී උපරජකම කුමාරයට දෙනවා. රජතුමා සිංහාසනේ හිටියත් කුමාරය තමයි ප්‍රශ්න විසදන්නෙ. කුමාරය පළවෙනි දවසෙ හොඳට කරනවා.ඒත් රජතුමාට ඒ ගැන හොඳක් දැනෙන්නෙ නෑ ඉරිසියාවකුත් ඇති වෙනවා.දෙවනි දවසෙ කුමාරය ගන්න තීරණ වලට රජතුමා විරුද්ද වෙනවා. ඒ වගේ තීරණ ගද්දි පියාගෙන් අහන්න කියනවා. ඊළග ප්‍රශ්නෙ පියාගෙන් ඇහුවම, ඒකත් මගෙන් අහන්න ඕනෙද කියල අහනවා. මේ විදියට කුමාරයට පියාගෙන් වෙන්නෙම ගැරහුම් විතරයි. රජතුමා කුමාරයා ගැන බලාපොරොත්තු අත ඇරලා කුමාරයගෙ පුතාට එහෙම නැත්තන් රජතුමාගෙ මුණුපුරාට උගන්නන්න පටන් ගන්නවා. මුණුබුරා රජතුමා කියන හැටියට හොඳට ඉගෙන ගන්නවා වගේම රජතුමත් ඒකෙන් සතුටු වෙනවා.
මං මේ කතාවෙ සාරාංශෙ වැඩිය කිව්වෙ නැත්තෙ කිව්වොත් කොහෙත්ම අගයක් නැති වෙන නිසා. ඒ නිසා ඔයාලම බලන්න.පටන් ගන්න විනාඩියෙ ඉඳන්ම කුතුහලෙන් බලාගෙන ඉන්න පුළුවන්.එහෙනම් අදට ගිහින් එන්නම්.ප්‍රතිචාර දක්වනවට හැමෝටම ස්තූතියි. හුගක් අය හොඳ කියනවා. ඒක මට සතුටක් වගේම හයියක්. තැන්ක් යූ හැමෝටම.තවත් උපසැරසියක් අරන් එන්නම්.
බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
The.Throne.2015.720p.BRRip.x264.Korean.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,524 downloadsDownload The-Throne-2015.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
23 comments
Kasun Lakshan
chamalkalum
තෑන්ක්ස් සහෝ.. තව ෆිල්ම් නම් දෙන්න තියෙනවා.වෙලාව තියෙන හැටියට ඉවර කරල දෙන්නම්.
gayan
tnx koriyan malli,,
chamalkalum
Ur welcome gayan aiya
Chamal Perera
ස්තුතියි සබට චමල්
chamalkalum
your welcome bro.. මම චාමල්
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Sanjaya Chathuranga
Thanks Sahooo
praneeth madu
thanx saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
asitha
ela bro niyamai
silent$
Pattaaaaaaaaaaaa
Maduka
Sassy go go korean eke sub oni
Hiruni Himasha
tnqqqqqqqqqqq ayya sub gththa heta dihaata film aka gnnmkoo... :-)
chamalkalum
හරී.. නියමයි..
mithun
තැන්ක්ස් සහෝ දැම් තම අරගන්න යන්නෙ මතක් කරම්මයි උන්නෙ .. මිස් කරන් නෑ කියල
මෙ ටිකෙ english බැලවේ
Pandora එක නම් ෆට්ට සහෝ සුපිරි ෆිල්ම් එක
මෙකත් ලිපිය දැක්කම බලන් නැතුව බෑ වගේ
බලලම කියන්නම් ගොඩක් ස්තුතියිchamalkalum
නියමයි සහෝ බලලම කියන්නකො.. අනිත් ඒවත් බලන්න.ජය!
Nishan Randika
බොහොම ස්තූතියි නියමයි
hiruni
Thankzzzz bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks saho...oya dena okkama k movie man balanawa... Balapu hama ekakma supiri.....asaaawen baluwa...mokada sub ekath supiriyatama thibba nisa
Digatama sub karanna saho me wage supiri movies walata....
Me karana deta wadi wadiyen labenna ona....