Watch Trailer

Fandry (2013) Sinhala Subtitles | පීඩිත‍යා‍ගේ ඉවසීමේ සීමාවේ අවසානය ? [සිංහල උපසිරැසි සමඟ]

61 වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණයට හිමි ඉන්දිරා ගාන්ධි සම්මානයෙන් හා තවත් සිනමා සම්මාන උළෙලවල් කිහිපයක්ම නිර්දේශ වී සම්මාන රැසක් දිනාගත් IMDB අගය 8.2/10 ජනතා ප්‍රසාදයක්ද ලබාගෙන ඇති මෙම ෆිලුම රචනාකොට අධ්‍යක්‍ෂණය කර ඇත්තේ නජ්රි මංජුල් නැමති ඉන්දිය ජාතික සිනමා අධ්‍යක්ෂකවරයා විසි…

61 වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණයට හිමි ඉන්දිරා ගාන්ධි සම්මානයෙන් හා තවත් සිනමා සම්මාන උළෙලවල් කිහිපයක්ම නිර්දේශ වී සම්මාන රැසක් දිනාගත් IMDB අගය 8.2/10 ජනතා ප්‍රසාදයක්ද ලබාගෙන ඇති මෙම ෆිලුම රචනාකොට අධ්‍යක්‍ෂණය කර ඇත්තේ නජ්රි මංජුල් නැමති ඉන්දිය ජාතික සිනමා අධ්‍යක්ෂකවරයා විසිනි. ඉන්දිය රුපියල් කෝටි 1.7 වැයකොට Box office ආදායම් වාර්තා තබන්නට සමත්ව ඇති මෙය ඉන්දීය මරාති භාෂා චිත්‍රපටියකි.

වයස අවුරුදු 13 ක පිරිමි දරුවකු වටා ගෙති ඇති සරළ කථා තේමාවක් රැගත් ගැඹුරු සමාජීය පණිවිඩයක් යටිපෙලින් දිවෙන Drama වර්ගයට අයත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ජම්බුවන්ත් කචරු මානේ නොහොත් ජබයා (Somnath Awghade) යනු ගමේ පහත් යැයි සම්මත කුලහීන තම දෙමාපියන් හා සහෝදරියන් දෙදෙනෙකු (එක් අයකු වැන්ඳඹුවකි) සමඟ කුඩා අතු පැලක ජීවත්වන, නිවෙස්වල වැඩකාර සේවයේ යෙදීමෙන් ලබන මුදලින් තම ජීවිත රැගෙන යන කසලශෝධක පවුලකි.

ගමේ කුලවත් පිරිසගේ විවිධ සුරෑකෑම් හමුවේ අසරණ තම පවුලේ දුඃඛිත තත්වය හමුවේ පාසල් අධ්‍යාපනයේ නිරතවන ජබයා කුලවත් ෂලූ (Rajeshwari Kharat) නම් තම පාසල් මිතුරියකට ඒකපාර්ශික ආදරයක් කරන අතර පීර්යා (Suraj Pawar) නම් අපූරු මිතුරකුගේ උදව්ද ඔහුට ලැබේ. නොදන්නා හේතුවක් නිසා ‍චිත්‍රපටය පුරාම කළු කවුඩකු අල්ලා ගැනිමට උත්සහ දරන ආකාරය පිළිබිඹුවන බවත්, කළු කවුඩාගේ අළු තමන් කැමති කෙනෙකුගේ ඇඟට ඉසිමෙන් ඒ කෙනාගේ ආදරය ලබා ගත හැකි බවට දේශිය පුරාවෘතයක් ද ඇති බව පෙන්වා දි ඇත. තම බිරිද ඇයගේ සහෝදරයා විසින් පහර දී බලෙන් රැගෙන යාම නිසා මත්පැනට ඇබ්බැහිවී ඇති වින්කල්කරුවකු වන චාන්ක්‍යා (Nagraj Manjule) ජබයාගේ පරමාදර්ශී චරිතය වන අතර මෙවැනි තවත් සුළු චරිත කිහිපයකින් සමන්විත ඉතාමත් තාත්වික (කෙනෙකුට රඟපානවා යැයි නොසිතෙන ආකාරයේ) විශිෂ්ඨ රඟපෑම් හි නිරතවන චරිත ඇති මෙම ෆිලුම 2014 පෙබරවාරි 14, නැතහොත් ආදරවන්තයන්‍ගේ දිනයේ ප්‍රදර්ශණය ආරම්භ කර ඇති අතර, එය එසේ සිදුකර ඇත්තේ කුමක් නිසාද යන්න සිතා ගත නොහැක. (මෙය නරඹා එය ඔබට තීරණය කර හැක)

සුදු/කළු චරිත නොමැති මෙම චිත්‍රපටය දකුණු අසියාතික තුන්වැනි ලෝකයේ රටවලට පොදු සංස්කෘතික ගෝත්‍රිකවාදී මිනිසුන්ගේ කුලවාදය හා පීඩිත වහල්භාවය පෙන්වීමට යොදා ගත් උත්සහයක් බවත්, මෙය වර්තමාන ඉන්දියානු ගමක් අලලා නිර්මාණය කළ චිත්‍රපටයක් බවත් පෙනේ. මෙහි නම වන Fandry යනු මරාති භාෂාවෙන් ඌරන් ආමන්ත්‍රණය කිරිමට යොදා ගන්නා වචනයක් බවත්, එය ෆිලුමට අන්තර්ගතවන ආකාරය අවසානයේ දැක ගැනීමට හැකි බවද, අවසානයේ මෙය රසවිදීමට බයිස්කෝප් රසිකයන්ට ආරාධනා කරන අතර, මෙම වකවානුව තුල අප රටතුල ඇති නොවිය යුතු එහෙත් ඇති වෙමින් තිබු හා තිබෙමින් ඇති දරුණු සමාජ ඛේදවාචයක අවසානය‍ මෙම ෆිලුමේ අවසානයට සමාන විය හැක, මක් නිසාදයත් වින්දිතයාගේ ඉවසීමේ සිමාවේ අවසානයේ ඇතිවන්නේ පළිගැනිමයි. එය දරුණුය, එසේ වුවහොත් අප බලාපොරොත්තු වු ඒ රට යථාර්ථයක් කරගැනිමට නොහැකි වනු අතර. හුදෙක්ම මා බයිස්කෝප් සහෘද රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ හැඟිමට නොව බුද්ධියට ඉඩදී අනාගත දෙසට පා තබන ලෙසටයි.

මා හට උපසිරැසි සඳහා මුලසිට සහයෝගය ලබා දුන් සිසිල ප්‍රසාද් සහෝදරයාට ස්තූති වෙමින් නවතිමි. බයිස්කෝප් අඩවියට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/my-photo-e1522779926885.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Chanmatara” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Chanmatara

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

14 comments

  1. Sachin135

    ,,ඔන්න මම එක....

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. dulanjana1

    film eka download karanna vidiyak nene

  4. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  5. Janith Sachintha

    niyama thora genimak supiri wedak

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ….

  10. lasitha gunawardhana

    thanx machan

  11. ඩොක් අයියා

    “Chanmatara” සොහොයුරාට ස්තූතිය

  12. Dewadithya

    Thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Jayantha

    ස්තූතියි