කොහොමද ඔයාලට.. ගොඩක් කාලයකට පස්සේ තමයි උපසිරැසියක් මේ විදිහට ගේන්න පුලුවන් උනේ. කාලෙකට කලින් බාරගත්ත උපසිරැසියක්. හොඳ කොපියක් එක්ක උපසිරැසියක් එන්න කාලයක් ගියා. ඒක ආවට පස්සෙත් තවත් දවස් කීපයක් පරිවර්තනය කරන එක නැවතිලා තිබ්බා කරලගටම තිබ්බ වැඩ රාජකාරී ගොඩක් නිසා. ඇඩ්මින්ලගෙන් සබ් එක කෝ කෝ කියලා ඇහෙන්…

කොහොමද ඔයාලට.. ගොඩක් කාලයකට පස්සේ තමයි උපසිරැසියක් මේ විදිහට ගේන්න පුලුවන් උනේ. කාලෙකට කලින් බාරගත්ත උපසිරැසියක්. හොඳ කොපියක් එක්ක උපසිරැසියක් එන්න කාලයක් ගියා. ඒක ආවට පස්සෙත් තවත් දවස් කීපයක් පරිවර්තනය කරන එක නැවතිලා තිබ්බා කරලගටම තිබ්බ වැඩ රාජකාරී ගොඩක් නිසා. ඇඩ්මින්ලගෙන් සබ් එක කෝ කෝ කියලා ඇහෙන්නම ඕනි අපෙන් සබ් එකක් එලියට දාන්න 😊. ඒවා වැඩක් නෑ කතාව පැත්තට බහිමු.
මේ කතාව 2018දී ප්‍රදර්ශණය ආරම්භ කෙරුනත් මේ කතාවට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ කතාව ගොඩ නැංවෙලා තියෙන්නේ 1962දී Madeleine L’Engle ඇමරිකානූ ලේඛිකාවක් ගේ ෆැන්ටසි ලෝකයක් මත ගොඩනැංවුනු A wrinkle in time නවකතාව පාදක කරගෙන. ඒ කාලේ මේ කතාව මෙයා ලියලා අවසන් කරලා නවකතා ප්‍රකාශකරුවෙකුව මුණගැහිලා මේ කතාව බාර දුන්නත් එයා මේක ප්‍රතික්ශේප කරලා තියෙනවා. ඒ විදිහට මෙයා ප්‍රකාශරුවන් විසිහත් දෙනෙක් ගාවට ගිහින් තියනවා. ඒකට හේතුව වෙලා තිබ්බේ මේක නවකතාව කුඩාදරුවක් ඉලක්ක කරගෙන ෆැන්ටසි ගනයට අයත් උනත් මේක විද්‍යාත්මක න්‍යායන් වචන භාවිතා කරලා තියන වාර වැඩි වීම නිසා ඒවගේම ඒ න්‍යායන් ඒකාල වකවානුවේ ඒහැටි ජනප්‍රිය මාතෘකාවක් නොවුන අභ්‍යවකාශය ගැන ගෙතිලා තියන නිසා ප්‍රකාශකරුවන්ට සාධාරණ සැකයක් තිබිලා තියෙනවා මේ නවකතාව අලෙවි වේවීද කියලා. ඒවගේම තවත් තර්ජන එල්ලවෙලා තියෙනවා මෙය ආගමකට කරන බලපෑමක් කියලත්. ඒ හේතු තදින්ම බලපාලා තියෙනවා. කොහොම උනත් අන්තිමේදී නවකතාව එලි දක්වල දවස් කීපයකට පස්සේ ආදයම් වාර්තා තබමින් මෙය අලෙවි වෙන්න පටන් ගත්තා. සම්මාන කීපයක්මත් ලැබුනා. ඒ නවකතාවෙන් ආරම්භ උන “අභ්‍යවකාශය සහ ෆැන්ටසිය” යන මාතෘකා නිසා නවකතා පරිශීලකයන්ගේ රහ වැඩිවෙලා උමතුවක් උනා. දිගින් දිගටම මෙවැනි නිර්මාන බිහිවෙන්න පටන්ගත්තා. ගොඩක් තරුන නවකතාකරුවන් ක්ශේත්‍රයට පිවිසෙන්න මෙවැනි මාතෘකා යොදගැනීම තුරුම්පුවක් විදිහට පාවිච්චි කරා. ඒවගෙන් ලබන ආදායමෙත් කිසිම මොහොතක අඩුවුනේ නැහැ. හරි ඉතින් කොහොමහරි කාලයක් ගත උනාට පස්සේ මේ මාතෘකා සිනමාගමනයත් ආරම්භකලා. සමහර කෘතීන් කතෘඅයිතීන් නොමැතිව පවා සිනමාවට නගන්න පටන් ගත්තා. පහුගිය අවුරුදු දහයක දොලහක විතර කාලෙක ඉඳන් සිනමාවට නැගුනේ පොත් අනුසාරයෙන්. චිත්‍රපට අධ්‍යක්ශකවරුන් කීපදෙනෙකුම මේ නවකතාව දිහා ඇහැගහගෙන හිටියත් මේ කතාව සිනමාවට නගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අවසානයේ ලොකු තරඟයක් දීලා 2016 වසරේ ඩිස්නි සමාගම මේකේ අයිතිය ලබාගෙන මෙය සිනමාවට නගන්න පටන් ගන්නවා. නවකතාව පරීශීලනය කරපු පුද්ගලයන් මගබලන් හිටියේ මේ අත්දැකීම කොහොම වේවීද කියලා. කොහොම උනත් අවසානයේ බලාපොරොත්තු නොවුන විදිහට මේ කතාව වෙනස් කරලා තිබුනා. මූලික හරයන් එහෙමම තිබියදී සුලු සුලු වෙනස් වෙනස්කම් නිසා මේ කතාවට නවකතාව පරීශීලනය කරපු උදවියගේ අපහසයට ලක්වුනා. එහෙම කරේ ඇයිද කියලා කියන්න අදටත් ඩිස්නි සමාගම ඉදිරිපත් වෙලා නැහැ.

නවකතාවේ පොඩි විස්තරයක් තමයි ඒ ගෙනාවේ. අපි බලමු චිත්‍රපටය කොහොමද කියලා. කතාව ගෙතෙන්නේ මෙග් සහ චාර්ල්ස් වොලස් කියන අක්කා මල්ලි දෙන්නගේ වික්‍රමයක් වටා. එයාලාගේ තාත්තා විද්‍යාඥයවරයෙක් ඒවගේම එයා කතිකාචාර්යවරයෙක්. අම්මත් විද්‍යාවට ලැදි ඒවගේම තාත්තගේ පරීක්ශණ වැඩ වලට උදව් වෙනවා. මෙයාලගේ තාත්තා අභ්‍යවකාශ මානයන් අතර කාලය අතර ගමන් කරන්න ක්‍රමයක හෝඩුවාවක් හොයාගන්නවා. සම්පූර්ණ විශ්වාසයක් නැතත් මේ ගැන දිගින් දිගටම පරීක්ශණ කරනවා. දේශණ වලදී පවා මේ ගැන ඉදිරිපත් කරත් කවුරුත් මෙයාව ගනන් ගත්තේ නැහැ. ඒ නිසා මෙයාලගේ අම්මා පරීක්ශන කරන වැඩේ අතහැරලා දානවා. තාත්තත් ඒ විදිහටම ක්‍රියාකරත් යටිහිතේ තිබුනා මේ න්‍යායන් හරියි කියලා. දවසක් මේගැන කරපු පරීක්ශනයක් දුරදිග ගිහින් මෙග් ගේ තාත්තා හදිසියේම අතුරුදහන් වෙනවා. කිසිම සාක්ශියක් නැතුවම එකපාරටම අතුරුදහන් වුන ගැන හැමෝටම පුදුමයක්. හැමෝමවගේ කතා වුනේ එයා එයාගේ පවුල අතහැරලා දාලා වෙන දිහාවකට පැනලා ගියා කියලා. මොකද මේ පරීක්ශණ වැඩ හැමෝටම කියන්න ගිහින් අසරණ උන නිසා. අවුරුදු හතරක්ම ගත වුනා. තාත්තා ගැන කිසිම හෝඩුවාවක් දැනගන්න නැතිඋන මෙග් ඉස්කෝලෙදී පවා විහිලුවට ලක්වෙනවා. හැමෝගෙන්ම විහිලුවට ලක්වෙනකොට එයාගේ උදව්වට හිටියේ එයාගේ මල්ලී චාර්ල්ස් වොලස්. අනෙක් සාමාන්‍ය පිරිමි ලමයින්ට වඩා අසාමාන්‍ය දැනුමක් ඇති හැමතිස්සෙම වගේ අනුන්ව තමන්ගේ දැනුමෙන් පුදුමකරවන කෙනෙක් තමයි මෙග්ගේ මල්ලී කියන්නේ. දවසක් මෙයාලගේ ගෙදරට අමුතු නෝනාකෙනෙක් එනවා. කලබල උන මෙයාලගේ අම්මා එයාගෙන් ප්‍රශ්න කරනවා කාගේ ඇරයුමක් මතද මහරෑම ගෙදරට ආවේ කියලා. වෙනකාගෙවත් නෙවෙයි චාර්ල්ස් වොලස්ව හොයාගෙනයි ඇවිල්ලා තියෙන්නේ. ඒ සුභ පණිවිඩයකුත් එක්ක. කතාවේ පොඩිම පොඩි සාරංශයක් තමයි ඔයාලට ගෙනාවේ. එහෙනම් සුපුරුදු විදිහටම කතාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්ම මම සමුගන්නවා. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
63 comments
Nuwan
GTRZ
Thanks bro!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයsubodha
Thanks bro....
Mendis
Tnks bro sub ekta
Pradeep Pasqual
thanks for the sub....!!! @)>|---
s.s.m
tz sub ekata...jayawewa!!
lahiru999
Elz.........
Sabata thuthi....pad man ekatath sub denna balannakoo.
..subha athum..wijenayaka nayana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Kps
ela ela niyamai thanks
Sherlock holmes
Thanks bro..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Hasitha4044
Thanks bro ...
gihan perera
Thanks bro...good job and well done...keep continue it...god bless you.....
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
sadunrathnapriya
Jaya Janaki Nayaka (2017) Telugu Meke Sub ekath dennako film eka supiri
pasinduadhithya
page not found kiyala enawane bn. download karanna bane.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!.comDevinda
උපසිරැසියට බොහොම ස්තුතියි
Mevandhanushka
Thanks
Udara Damith Dissanayaka
niyaaaaaaaamaaaaaaaaaaaaaaaayi
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
malith
Ela ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
Sub aka gaththa....bohoma sthuthiy....
Godak pin oyalata api wenuwen karana kepa kirimataraviz
Thank you.............!
harshaw
ස්තූතියි !!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kingdomd
Thanks jayen jaya sub akata
nirodha uthpala
Meva eanakan balan hitapuwa bro thx for sub digatama sub denna labeva kiya hadavatinma partana karanavbro obata jaya
mindika
Thanks !!!!!!
jagath55
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….
toy
thanks broooo
sasala
thanks sub ekata
nimesh_herath
Thanks sahooo
Milinduprabash
Thnkq.......
Dewadithya
Thanks
sublove
bohoma sthuthi me film eka apita balana genawata
AsithaDilruwan
Ela saho thanks
Chanaka Herath
thank you wewaaa.. jaya wewa
prageeth chamalka
නියම පිලුම...උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ !!! ජය !!!
krishan.tooo
තැංකූ.........
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ජයවේවා…
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට බොහොම ස්තුතියි සහෝ..