මිනිස්සු එක එක ආකාරයේ ක්‍රීඩාවන්වල යෙදෙනවා, ඉතිං ඒ විදියට කරන එක ක්‍රීඩාවක් තමා ගොන් පොර කියන්නේ. මේ කතාවත් ඒ ගැන සබැඳි කතාවක්, හැබැයි ඊට කලින් ගොන් පොර ගැන දැනගෙන ඉමු. ඒක ඉතාම අමානුෂික ක්‍රීඩාවක්. මොන විදියට සිද්දවුනත් අන්තිමේදී ප්‍රේක්ෂකයින්ගේ සතුට උදෙසා වද වේදනා විඳලා, ඒ තිරිසනා තමන්ගේ ජිවිතයෙන්…

මිනිස්සු එක එක ආකාරයේ ක්‍රීඩාවන්වල යෙදෙනවා, ඉතිං ඒ විදියට කරන එක ක්‍රීඩාවක් තමා ගොන් පොර කියන්නේ. මේ කතාවත් ඒ ගැන සබැඳි කතාවක්, හැබැයි ඊට කලින් ගොන් පොර ගැන දැනගෙන ඉමු. ඒක ඉතාම අමානුෂික ක්‍රීඩාවක්. මොන විදියට සිද්දවුනත් අන්තිමේදී ප්‍රේක්ෂකයින්ගේ සතුට උදෙසා වද වේදනා විඳලා, ඒ තිරිසනා තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවනවා. ඉතිං මේ ක්‍රීඩාවේ යෙදන එක එක ආකාර තියෙනව. ඒ ගැන යමක් කියනවා නම්.
Bullfighting – මේක අපි හැමෝම දන්න ආකාරය. ඒ වගේම මේක තමා මේ ක්‍රීඩාවේ සම්භාව්‍ය එහෙම නැත්නම් classic කියල හඳුන්වන ස්පාඥ්ඥ ආකාරය. වයස අවුරුදු 4-6 අතර හොඳින් වැඩුණු ගොනෙකු කුලප්පු කරවා, තියුණු උල් වලින් ඇනලා, වේදනාව මුසු තරහවෙන් පිරුණු ගොනාව රතු පැහැති රෙදිකඩක් පෙන්වා ඊට ඇනීමට සලස්වමින් ඌව මහන්සි කරවනවා. සමහර වෙලාවට වැඩේ වැරදිලා ගොන්පොරකරුවට තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ද වෙච්ච අවස්ථා නැතුව නෙමෙයි. කොහොම උනත් අවසානයේදී ගොනාට ගොන්පොරකරුවා විසින් තමන්ගේ කඩුවෙන් හිස සහ බෙල්ල අතරට අනිනවා. සමහර වෙලාවට ගොනා ඒ පහරින් මිය යනවා. එහෙම මියගියේ නැත්නම් නහයෙන් කටින් ලේ දාගෙන බිම ඇද වැටෙනවා. ඊට පස්සේ නැවතත් ඒ ගොනා ගාවට යන ගොන්පොර කරුවා කිරිච්චියක් ඉහත ස්ථානයට කිඳා බස්සනවා, ඊට පස්සේ ඒ ගොනාගේ කන් දෙක කපාගෙන ප්‍රේක්ෂකයින්ට පෙන්වනවා එතනින් ඒ ක්‍රීඩාව නිමා වෙනවා. සාමාන්‍යයෙන් ස්පාඥ්ඥයෙ මේ ගොන් පොර කාලයට මේ විදියට ගොන්නු දහයක් පමණ ඝාතනයට ලක්වෙනවා. මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ වෘත්තිමය ක්‍රීඩකයින් පමණයි. ඒ වගේම අපි ක්‍රිකට් මැච් බලනවා වගේ ටීවී එකෙන් ස්පාඥ්ඥදී මේ වැඩේ ලයිව් බලන්න පුළුවන් ටීවී එකෙන්.
Bullfighting Portuguese style – මේක තමා ගොන් පොර ක්‍රීඩාවේ පෘතුග්‍රීසි ස්ටයිල් එක. කලින් වගේම අවුරුදු 4-6 අතර වැඩුණු ගොනෙකුව කුලප්පු කරවලා පොර පිටියට දානවා. හැබැයි මේකෙදි ගොන් පොරකරුවා ඉන්නේ පුහුණු කරපු අශ්වයෙකුගේ පිටේ නැගලා. අශ්වයා පිටේ ඉඳලා අර කලින් වගේම තියුණු උල් බස්සලා අන්තිමේදී ගොන් පොර කරුවාගේ කඩුව බෙල්ලත් හිසත් අතරට යවලා ගොනාව මරණයට පත් කරනවා. මේකෙදි ගොනා වගේම අශ්වයාත් ගොන්පොර කරුවත් ජිවිතයෙන් වන්දි ගෙවපු අවස්ථා තියෙනව. මෙතනදී ගොනාව ප්‍රේක්ෂකයින් ඉදිරිපිට මරන්නේ නැහැ. පොර පිටියේ තියෙන ඝාතකාගාරයකදී මරන්නේ.
Novilladas – ඉහත කිව්ව දෙයාකාරයටම මේ වර්ගයේදී ක්‍රීඩාව සිද්දවෙනවා. නමුත් මෙතැනදී යොදාගන්නේ අවුරුදු 2-3ක් පමණ වයසැති ගොනෙක්ව. මෙතනින් පළපුරුද්ද ලබාගන්නා අය තමයි ඔය මං උඩ කියපු වෘත්තිමය ක්‍රිඩාවෙ යෙදෙන්නේ. කොහොම උනත් අනතුරු නම් අඩුවක් නැහැ මේකෙත් ගොනා පොඩි උනාට.
Becerradas – වයස අවුරුදු දෙකක පමණ ගොනෙක් එක්ක හරි එළදෙනක් එක්ක හරි පොර පිටිය තුලයි මේකෙදි ක්‍රීඩාව සිද්දවෙන්නේ. කලින් එක වගේම ආධුනිකයින්ට තමයි මේක තියෙන්නේ. ඒ ආධුනිකබව නිසාම සතාට විඳින්න වෙන වේදනාව කලින් ඒවාට වඩා වැඩියි මේකෙදි.මොකද මේකෙදි මාරාන්තික ප්‍රහාර එල්ලවෙලා කෙටි කාලයකදී සතා මිය යන්නේ නැහැ. සෑහෙන වෙලා ගිහිල්ලයි සතාට මරණය ලැබෙන්නේ. ඒ වගේම මේ සඳහා වහු පැටවුන් භාවිතා කරනවා.
Rejoneos/corridas de rejones – මේකත් දෙවනියට කිව්ව පෘතුග්‍රීසි ස්ටයිල් එකට කෙරෙන්නේ. හැබැයි යොදාගන්නේ අවුරුදු 2 ගොන්නුන්ව.පොර පිටියේදීම ගොනාව මරණයට පත්කරනවා. ඒ වගේම අශ්වයින්ට වෙන තුවාල සහ මරණත් නිමක් නැහැ මේ වර්ගයේ සටන් වලදී.
Capeas – සියලුම ආධුනිකයින් මෙතනින් තමයි සාමාන්‍යයෙන් මේ ක්‍රීඩාව පුරුදුවෙන්න පටන් ගන්නේ. රතුපාට රෙද්ද පෙන්නලා ගොනාව හෝ එළදෙනව අවුස්සන එකයි මේකෙදි කෙරෙන්නේ. සත්වයාට හානියක් කරන්නේ නැහැ මේ ක්‍රීඩාවේදී.
Bombero toreros/toreros cómicos – උස අඩු මිනිස්සු සහ අවුරුදු 2 වයස ගොන්නු සහ එළදෙනුන් තමයි මේකෙදි යොදාගන්නේ. හරියට අපි ලංකාවේ දකින සර්කස් වල ඉන්න කොට මිනිස්සු වගේ අයව තමයි යොදාගන්නේ. සතාගේ ජිවිතයට නම් හානියක් නැහැ මේකෙදිත්.
Recortadores – මේකෙදි වෙන්නේ අර වගේම කුලප්පු කරලා එවන ගොනාගේ ඇඟට උඩින් කරණමක් ගහල පැනීම. ගොනාට තුවාල වෙන්නෙවත් මැරෙන්නේවත් නැති උනාට මිනිස්සු නම් ඇතිවෙන්න තුවාල සහ ජිවිත හානි සිද්දකරගන්නවා. Bull-leaping කියලත් කියනවා මේකට.
Courses Landaises- මේ ක්‍රීඩාව තියෙන්නේ ප්‍රංශයේ විතරයි. ගොනෙක් වෙනුවට මේකෙදි යොදාගන්නේ එළදෙනක්. කලින් එකේ වගේම එළදෙනගේ ඇඟට උඩින් කරණමක් ගහල පනින්නයි තියෙන්නෙ මේකෙදි. මේකෙදිත් සතාට නම් ජිවිත හානියක් නැහැ.
Courses Camarguaises – මේකත් තියෙන්නේ ප්‍රංශයේ. ගොනාගේ අං වල රෙදිපටි ඔතලා මිනිස්සුන්ට හානියක් නොවෙන ආකාරයට තමයි මේ ක්‍රීඩාවේ නියැලෙන්නේ. කලින් වගේම සතාට හානියක් නම් නැහැ මේකෙදිත්. මිනිස්සුන්ට වෙන හානිත් ඉතාම අඩුයි.
ඉතිං මිට අමතරව, ගොනුන්-ගොනුන් ඇන ගැනීම, අශ්වයින් මත හිඳ වහු පැටවුන්ට තොණ්ඩු දමා ගෙල සිරකර ඇල්ලීම, කුලප්පු කල ගොනෙකු පිට වැඩිම වෙලාවක් රැඳී සිටීම, කුලප්පු කරන ලද ගොනුන් පාරට මුදාහැර පාර දිගේ දුවගෙන යාම ආදී ක්‍රීඩාවන් පවතිනවා. දකුණු ඉන්දියාවේ වගේම ලංකාවේ යාපනය ප්‍රදේශයේත් මං ඔය අන්තිමටම කිව්ව කුලප්පු කරවපු ශක්තිමත් ගොනෙකු නිදහස්කර ඌව මෙල්ලකරන ජල්ලිකට්ටු කියල ක්‍රීඩාවක් තියෙනව. ලංකාවෙ නම් තහනම්ද කියල දන්නේ නැහැ, නමුත් දකුණු ඉන්දියාවේ අධිකරණයකින් එම ක්‍රීඩාව තහනම් කලත් සංස්කෘතිය ඉස්සරහට දාලා තවමත් ඒ වදේ නීති විරෝධිව සිද්දවෙනවා. ඒ වගේම හැම වසරකදීම මේ විදියට ගොනුන් හතලිස්දාහක් පමණ ඝාතනය වෙනව යුරෝපයේ පමණක්, ලොව පුරා රටවල් නමයක මේ ගොන්පොර ක්‍රීඩාවෙන් මිනිස්සු ලබන කුරිරු සතුට වෙනුවෙන් පමණක් ලක්ෂ තුනකට ආසන්න ගොනුන් ප්‍රමාණයක් තමන්ගේ ජිවිතේ කැපකරනවා. ස්පාඥ්ඥයෙ ගොන් පොර පාසල් 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනව. ඒ පාසල් තුල ළමයින්ට ගොනෙකුට වද දෙන ආකාරය සහ මරණ ආකාරය උගන්වනවා. ඒ වගේම පොර පිටියට එවන ගොනුන්ගේ සමබරතාවය නැති කරන්න එක අඟක් බර වැඩි වෙලා අනිත් එක බරින් අඩු වෙන්න එක අඟක් රහිනවා. ඒ විතරක් නෙමෙයි පෙට්‍රෝලියම් ජෙල් වර්ගයක් මේ ගොනුන්ගේ ඇස්වල ගානවා හරියට පේන්නේ නැතිවෙන්න. ඒ විදියට තමා ඔවුන් වීරයෝ වෙන්නේ ඉතිං.සත්ව හිමිකම් සුරැකීමේ සංවිධානත් අවිහිංසාවාදී සංවිධානත් ඉදිරියට ඇවිල්ලා මේ දේවල් යම්තාක් දුරකට අඩුකරගැනිමක් වෙලා තියෙනවා මේ වෙනකොට. නමුත් සදහටම මේ වැඩේ නවත්වන්න බැරිවෙයි. මොකද දැන් මේක ඒ රටවල් වල සංස්කෘතික අංගයක් වෙලා ඉවරයි.
සමහර විට ඔයාල අහල ඇති පොර පිටියකදී මාරාන්තික අන්දමට තුවාල කරපු ගොනෙකු විසින් එල්ලකළ ප්‍රහාරයෙන් ගොන් පොරකරු තුවාල ලැබුවට පස්සේ ඒ ගොනා ගොන් පොර කරුවා දිහා බලාගෙන ඉන්න ෆොටෝ එකක් හා බැඳුනු කතාවක්. ඒ සිදුවීමෙන් පස්සේ ඒ ගොන්පොර කරුවා අවිහිංසාවාදීන් සමග එකතු වෙනවා මේ වැඩේ නවත්වන්න. ඒ කතාව සහ ජායාරුපය බොරුවක්. ඒ දේ එහෙම වෙලා නැහැ පහතින් තියෙන්නේ ඒ ජායාරුපය. මං හිතන්නේ නැහැ මේ තරම් වේදනාවක් දුන්නට පස්සෙත් ගොනා ඒ මිනිහව ඉතුරුකරයි කියලා.

” 1984 දි ‘Terciopelo’ කියන ගොනා තමා මේ ෆොටෝ එකේ ඉන්නේ, ගොනාට අවසන් මාරාන්තික පහර එල්ලකරලා මැරෙනකම් තමයි මේ ගොන්පොර කරුවා බලාගෙන ඉන්නේ. එහෙම නැතුව ගොන්පොර කරුවට තුවාල වෙලා ගොනා විසින් ඔහුට අනුකම්පාව දැක්වීමක් නෙමේ”
Kiss of judas – ජුදාස්ගේ හාද්ද

“ස්පාඥ්ඥයෙ පොර පිටියකදී මාරාන්තික අන්දමට තුවලා ලබලා ඉන්න ගොනෙක් දකිනවා තමන්ව මේ පොර පිටියට විකුනපු තමන්ගේ අයිතිකාරයා මේ පොර පිටියේ ඉන්නවා.ඒ ගොනා තමන්ගේ ජීවිතය පතාගෙන පිටේ අනුන උල් සහිතව හිටපු අයිතිකාරයා ලඟට යනවා. හැබැයි ඔහුගෙන් ගොනාට හිමිවෙන්නේ මරණයේ හාද්දක් සමග පාවාදීමක් විතරයි. තමන් ඇති දැඩි කරපු කෙනා ගාවට ජීවිතය පතාගෙන දිව ගියත් ගොනාට මරණය හිමිවෙනවා. මේ චායාරුපයට ගිය වසරේදී ස්පාඥ්ඥ පුවත්පත් මගින් ලබාදුන්නා නම උනේ ජේසු තුමාව පාවා දුන්න ජුදාස්ගෙන් ලද හාද්ද යන තේරුමක් සහිත kiss of judas.”
ඉතිං අද අරගෙන ආව කතාවත් මේ චායාරුපයට අදාළ කතාවට සමීප කතාවස්තුවක් සහිත කතාවක් මේ සම්බන්ධව වැඩිදුර කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙතනට යන්න, දැන් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්. ඉහත කාරනා කිව්වේ මේ ෆිල්ම් එක බලනකොට මොනවගේ මුඩ් එහෙකින්ද බලන්න ඕන කියල තේරුම් කරවන්නයි බොහොම සංවේදී වගේම විනෝදකාමී චිත්‍රපටයක් විදියට මේක දැනෙන්නේ එතකොට තමා. හැබැයි මේ කතාවේ එන නීනා නම් ජුදාස්ගේ හාද්ද වගේ කරන්නේ නැහැ.
ඉතිං 2017 වසරේ දෙසැම්බර් 15 වැනිදා සිනමාහල්හි ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමාපටයට imdb 6.7ක අගයක් ලැබෙනවා. ඒ වගේම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම සජිවිකරණය හිමි සම්මානය සඳහා නිර්දේශ වෙලා තියෙනව මේ වෙනකොට. අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ ඔස්කා සම්මාන ද්විත්වයකට හිමිකම් කියන Carlos Saldanha. අයිස් ඒජ් සහ රියෝ ඔහුගේ නිර්මාණ. ඉතිං මේක තමා 20th Century Fox බෙදා හරින අවසාන ෆිල්ම් එක වෙන්නේ. මිට පස්සේ ඒවා අයිති ඩිස්නිලට කියල දන්නවනෙ ඒ වගේම මේ සනහා හඬ කැවීමට ප්‍රසිද්ද මල්ලවපොර ශුර ජෝන් සීනත් එකතු වෙලා ඉන්නවා, ෆර්ඩිනෑන්ඩ් වෙනුවෙන් හඬ ලබාදෙන්නේ ජෝන් සීනා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ෆර්ඩිනෑන්ඩ් වගේ අයවත් හුරතලයට හදන අය ඉන්නවා කියල තමයි. එහෙනම් මේ කතාව ඔයාලට බාරයි. කතාව ගැන නොකියන්නේ කියන්න ඕන දේවල් වැඩියෙනුත් එක්ක කිව්වා නිසා. ගිහින් එන්නම් එහෙනම්… දෙවැනි චිත්‍රපටයක් ඒවි කියල හිතමු 😀
~ තමන්ට වැඩියෙන්ම සතුටින් ඉන්න පුළුවන් තැනට කියන්නේ “ගෙදර” කියලා. ~
– ෆර්ඩිනෑන්ඩ් –
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
20,745 downloadsDownload Ferdinand.2017.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
145 comments
New day
Bandaramudiyansi
මල්ලි දුන්න කියන්නෙ හොදම වෙන්න ඔනේ.
මොකක් උනත් බලන්න ඔනෙ. ලස්සන ෆිල්ම් ටිකක් දුනෙ ඔය ස්තුතියියශෝධ ශ්‍රීමාල්
උදේම පොඩි විවේකයක් ලැබුණ නිසා.. කාලෙකට පස්සේ ෆිල්ම් එකක් බලන්න හිතුවා. බාන්න එකක් හොයනකොට දැක්කා ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් ඇවිල්ලා. හා හා පුරා කියලා බාගෙන සයිටට ගොඩ වුනේ.. සබක් තාම නැතුව ඇති කියන හැකෙන්.. කිරි අප්පට බල්ලෝ බුරපි කියලා. මෙන්න විනාඩි 12 ට කලින් සයිට් එකට සබ දාලා. නිකමට බැලුවා ඇනිමියක් හින්දා අපේ නිමෝගේ සබක්ද කියලා. බල්ලෝ නොකන තුත්තිරි කිව්වලු.. මෙන්න යකෝ සබ විමාගෙන්.. ඉතින් කොහොමෙයි බං කොමෙන්ටුවක් නොදා බාන්නේ. ලිපිය මාරම වටිනවා. සබ් කරන අනික් උන්ටත් තමන්ගේ ලිපි ලියද්දි මේ වගේ චිත්‍රපටයේ පසුබිමට අදාල කරුණු කාරණා ටිකක් මතු කරලා ලියන්න පුළුවන් නම් ඒකෙන් සයිට් එකට එකතු වෙන වටිනාකම තවත් වැඩිවෙයි කියලා මතක් කරනවා. ජයම වේවා.. අසාන් මලේ.. එලස්.
sithuminashehan
film eka kohenda download karanne .... baiscopedownloads.com eke na
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
විදුෂාන් සජිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...! දිගටම කරමු, ජය වේවා!!...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!losaka
සබි එක පරක්කු ඇයිද බැලුවා සබි එක වගේම නියම ලිපියකුත් තියනවා දෙකටම බොහොමත් ස්තුතීයි සහෝ !!!
omalika
meke film eka download karanna widiyk kiyanakoo plz
ninini-3
Sub akata thanks bro....A vagema lipiyath maru.
Joniya
thanks saho sub ekata. jaya wewa!!
එල්.සී. දමැල්
උපසිරසට සහ ලිපියට බොහොමත්ම ස්තුතියි අශාන් අයියේ,
ලිපියෙන් කරුණු කාරණා බොහොමයක් දැනගත්තා. ඇත්තටම පහල යශෝධ ශ්‍රීමාල් කියල තියෙන දේට මාත් එකඟයි. දවසින්මෙ දෙකෙන්හෙ සබ්ම එකක් කරලා සතුටක් ලබනවා වෙනුවට, ලිපියට විශේෂ අවදානයක්මෙ දීලා. මෙහෙම කරුණු පැහැදිලි කරලා නරම්බන්නන්ටත් ඉහල රසවින්දනයක් ලබා දෙන එකනම් ගොඩක් වටිනවා.එල්.සී. දමැල්
උපසිරසට සහ ලිපියට බොහොමත්ම ස්තුතියි අශාන් අයියේ,
ලිපියෙන් කරුණු කාරණා බොහොමයක් දැනගත්තා. ඇත්තටම පහල යශෝධ ශ්‍රීමාල් කියල තියෙන දේට මාත් එකඟයි. දවසින් දෙකෙන් සබ් එකක් කරලා නිකන්ම සතුටක් ලබනවා වෙනුවට, ලිපියට විශේෂ අවධානයක් දීලා. මෙහෙම කරුණු පැහැදිලි කරලා නරඹන්නන්ටත් ඉහළ රසවින්දනයක් ලබා දෙන එකනම් ගොඩක් වටිනවා.
vgsl7788
Download දෙන් නැත්තෙ ඇයි?
chann
Patta machan ela ela
Milinda Perera
උපසිරසට ගොඩක් ස්තූතියි සහෝදරයා... පරක්කු මොකද කියල හිත හිත ඉදියෙ.මේ ලිපියත් ගොඩක් වටිනවා.ඔබට ජය සහෝදරයා.
Ravindu Adassuriya
thanks bro..
Chathukandy
Thank brother.
AsithaDilruwan
elama saho thanks
Udara Damith Dissanayaka
ලිපියනම්
නියමයයි
මේවගේ තරග මනම් කියන්නේ තහනම් කරන්ඩ ඕනි ලෝකයෙන්ම
කගේ උනත් ජිවිතනේ (හරක ගැන කිවුවේ )devdunperera
thank saho
IshaN22
patta
Subhash13
සුපිරියටම වැඩේ දුන්නා... Ft
Amila Mudalige
Supiri aiye lipiya thanks sub ekta
gayan215
bohoma sthuthi saho digatama sub denna..
m.c.i.srimal
thankssssssssssssssssssssssssssssss
Nuwan_Hero
Thanks bn Supiri
MXORMajoR
ලිපියත් සුපිරි...,සබත් සුපිරි ...!!
Thisal
ලිපිය
නියමයයි
ස්තූතියි සබටAsanka Balasuriya Don
බොහෝම ස්තූතියි සහෝ!
මේ දීර්ඝ විස්තරයටත්, උපසිරැසියටත්.
Achala_Pro
සුපිරි මචන්.... Thanks
suraswv
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට වගේම ලිපියට. ගොන් පර ටී.වී එකෙන් දැකලා තිබ්බත් මේ තරම් විස්තරයක් ඇහුවේ අද. කියවනකොටත් ඇස් වලට කදුලු ආවා. මෙහෙම ලෝකක තමයි අපි ජීවත් වෙන්නේ. මේ විදියට හරි ලොකේ ඉතුරු වෙලා තියෙනවා පුදුමයි බලාගෙන යද්දී..!
Kaushan Herath
Sub Nathuwama baluwa.thawa parak baluwath padu na.paharama film 1.
Asanka Premasiri
thanks <3
trok
tnx bro
තරිඳු පෙරේරා
ඇත්තෙන්ම හොද ලිපියක් ෆිලුම ගෙන නිකන්ම කියනවට වඩා එකේ පසුබිම ගැන පැහැදිලි කරපු එක ගොඩක් වටිනවා බොහොම ස්තුති
Elbert
ලිපිය මෙහෙම නම් සබ් එක ගැන කවර කතාද ? නියමයි සහෝ...
anthimaya
Thanks
nirodha uthpala
Meka bro eanakan balan hetapu eaka bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Vimukthi2001
ලිපියට අඩෙනව බ්‍රෝ මේ වගේ අසරණ සත්තු මරන ඔය වගේ තිරිසන්නු වඳ වෙලා යන්න ඕනෙ
baiscope_chandima
නියම් බලන්න බලන්හිටපු එකක්..
ස්තුතියි..subodha
Thanks
Ara N Madhu
මන් මගේ අත්‍යවශ්‍ය දෙයකටවත් මෙච්චර ටය්ප් කරන්නේ නෑ . එත් නොමිලේ කරන දෙයක් වෙනුවෙන් මෙහෙම කැපවෙලා ලියනවා කියන්නේ මන් දන්නේ නෑ මොනා කියන්නද කියලා. උඹලට පින් එච්චරයි ...
SanjulaJeter
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
patta lipiyak VIMA saho...supiri ahhhhh...
Sanath Indika
thx b roo
sasindu mihiran
thank you so much
itamilapc
SUB EKATA THANK AIYE PULUWANNAM 7 Guardians of the Tomb (2018 film ekata sub dennako
Nerun Kalpajith Fernando
විමා .... තැන්කූ අයියාා
bhagyadesilva
Thanks machn sub ekata. film eka ganna athulanthyen westharakrata thanks.good luck
sankalpa sudheera
thank you bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුපිරි machan