සුභ දවසක් ඔබ සියළු දෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 4 වෙනි උපසිරසි නිර්මාණයත් සමගයි.මං විමා සහෝගෙන් මේ සබ් එක කරන්න ඉල්ල ගත්තෙ මීට මාසයකට උඩදි. ඒත් වේලාව හරියට තිබ්බෙ නැති නිසා මේක කරන එක ටිකක් ප්‍රමාද උනා. අන්තිමේදි කොහොමහරි ඉවරයක් කරගත්තා. මේක නම් මං මෙතෙක් බලපු හොඳම කොමඩි කතා වලින් එකක්. හොඳට ව…

සුභ දවසක් ඔබ සියළු දෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 4 වෙනි උපසිරසි නිර්මාණයත් සමගයි.මං විමා සහෝගෙන් මේ සබ් එක කරන්න ඉල්ල ගත්තෙ මීට මාසයකට උඩදි. ඒත් වේලාව හරියට තිබ්බෙ නැති නිසා මේක කරන එක ටිකක් ප්‍රමාද උනා. අන්තිමේදි කොහොමහරි ඉවරයක් කරගත්තා. මේක නම් මං මෙතෙක් බලපු හොඳම කොමඩි කතා වලින් එකක්. හොඳට විනෝද වෙන්න පුළුවන් එකක්. මේකෙ බඩ කොර වෙන විහිළු නම් නැතුව ඇති. ඒත් පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය වෙනකම්ම හාස්‍ය රසයෙන් පිරිච්ච මේ වගේ ප්‍රහසන නිර්මාණයක් මීට කලින් මට හම්බ වෙලාම නෑ. මේක ඕනම කෙනෙක්ට වයස් භේදයකින් තොරව රසවිඳින්න පුළුවන් විදියෙ හරිම ලස්සන නිර්මාණයක්. ඒ වගේම හොලිවුඩ් සිනමාවේ බොහොම කලාතුරකින් හම්බුවෙන තාලේ උසස් නිර්මාණයක්.
මේක තිරගත උනේ 1986 දි. ටිකක් පරණයි තමයි. එත් ෆිල්ම් එක නම් සුපිරියි. මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ John Hughes විසින්. Home Alone, The Breakfast Club, Sixteen Candles වැනි ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙන්නෙත් ඔහුමයි. මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Matthew Broderick, Allan Ruck, Mia Sara, Jeffry Jones යන නළු නිලියන්. මේ චිත්‍රපටය තුළ මොවුන් රඟපාන විදිය නම් ඉතාමත් ඉහලයි. බලන්නකො මේකෙ ෆෙරිස් බියුලර් එහෙම රඟපාන අපුරැව. මෙය හොඳ IMDB අගයකුත් ලබා තියෙනවා. එම අගය 7.9 ක්. සමස්තයක් විදියට ගත්තම කොමඩි ෆිල්ම් වලට මෙච්චර ලොකු IMDB අගයන් හම්බෙන්නෙ කලාතුරකින්. මෙය 1986 වර්ෂය තුළ තිරගත වු චිත්‍රපට අතරින් 10 වෙනියට වැඩිම ආදායමක් සෙවු චිත්‍රපටයයි. එමෙන්ම මෙය 2014 වර්ෂයේදි Hollywood Reporter වෙබ් අඩවිය නම් කෙරෑ Hollywood’s 100 Favourite Films කියන ලැයිස්තුවේ මෙයට හිමි උනේ 36 වෙනි තැනයි. එමෙන්ම මෙය එම අවධිය තුළ ඉතා ඉහලින්ම ප්‍රසිද්ධියට පත් උන නිර්මාණයක්. ෆෙරිස් බියුලර් කියන මේ චරිතය අදටත් හොලිවුඩයෙ ගොඩක් ප්‍රසද්ධයි.
දැන් මං මේකේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ උසස් පාසලක අධ්‍යාපනය ලබමින් සිටින ෆෙරිස් බියුලර් නැමැති සිසුවා වටායි. මෙයා නම් සුපිරිම පොරක්. ගොඩක් දක්ෂ කෙනෙක්. ඒ වගේම ලෝක ගල් ආඳෙක්. ප්ලෑන් ගහන්න සුපිරි දක්ෂයෙක්. මෙයාට යමක් හිතුනොත් කොහොමහරි ඒක කරනවා. බොරැවට ඉස්කෝලෙ කට් කරලා, වට පිටාවේ ඉන්න අය සේරම රවට්ටලා, තමාගේ පෙම්වතියයි හොඳම යාළුවයි එක්ක චිකාගෝ නගරයෙ විනෝද ගමනක් යන හැටි තමා මේ කතාවේ තියෙන්නෙ. එක දවසක් ඇතුලත වෙන සිද්ධියක් තමා මේ සම්පුර්ණ චිත්‍රපටයෙන්ම නිරෑපණය වෙන්නෙ. ඉතිං ඒ දවස ගෙවෙන හැටි ඔයාලම චිත්‍රපටය බාන් බලන්න. මේක නම් කොච්චර බැලුවත් එපා නෙවෙන තාලේ සිරාම කතාවක්. කොමඩි චිත්‍රපට වලට කැමති අය මේක මගහැරගන්න එපා. අද කාලේ එන බලලා දවසකින් අමතක වෙන සමහර නිර්මාණවලට වඩා මේ හැමදාටම මතකයෙ රැඳෙන නිර්මාණ ගොඩක් වටිනවා. ඉතිං ඔයාලම චිත්‍රපටය බලලා හොඳද නරකද කියලා තීරණය කරන්න. ලඟදිම තවත් උපසිරසි නිර්මාණයක් සමගින් හම්බුවෙමු.
එතකං ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Ferris.Buellers.Day.Off.1986.720p.BRRip.x264-YIFY
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3,093 downloadsDownload Ferris-Buellers-Day-Off-1986-1.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
12 comments
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Tharaka
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Dilan
Sub ekata Thanks Bro.
praneeth madu
ela mcn keep going
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sahan
18+ and lamayinta ? :D Category 2m thiyenawa.
James
18+ ekak nemei meka. eka daaddi weradila. meka oaana kenekta beliyeki
Sahan
18+ and lamayinta ? :D Category 2ma thiyenawa.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kent parker
thanks bro
ricadodamien
Thank U James brother & baiscope team for the sub, love it very much. all the best to baiscope team...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ good....luck