Watch Trailer

Fight Club (1999) Sinhala Subtitles | මා නොවන මම [සිංහල උපසිරැසි]

Fight Club (1999) එහෙමත් නැතිනම් සටන් සමාජය කියන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකානු චිත්‍රපටයක්. මේ සිනමා කෘතියට පාදක වන්නේ Chuck Palahniuk විසින් රචනා කළ,1996දි නිකුත් වුණු Fight Club ග්‍රන්ථයයි. IMDb දර්ශකයේ 8.8/10ක ඉහළ අගයක් ගනිමින් එදා මෙදාතුර වැඩිම IMDb අග…

Fight Club (1999) එහෙමත් නැතිනම් සටන් සමාජය කියන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකානු චිත්‍රපටයක්. මේ සිනමා කෘතියට පාදක වන්නේ Chuck Palahniuk විසින් රචනා කළ,1996දි නිකුත් වුණු Fight Club ග්‍රන්ථයයි. IMDb දර්ශකයේ 8.8/10ක ඉහළ අගයක් ගනිමින් එදා මෙදාතුර වැඩිම IMDb අගයක් ලබාගත් ලැයිස්තුවේ 11 වන ස්ථානය දිනාගැනීමට Fight Club සිනමාපටය සමත් වුණා. ඊට අමතරව ඔස්කා සම්මානයකට නිර්දේශ වී තවත් සම්මාන 12ක් දිනාගන්නට මේ සිනමාපටය සමත් වුණා. 90 දශකයේ වඩාත් ආන්දෝලනයකට සහ කතාබහකට ලක් වුණු Fight Club, මුලදී අපේක්ෂිත බොක්ස් ඔෆිස් වාර්තා අතරට නොගියත් ගෘහස්ථ වීඩියෝ පිටපත නිකුත් වීමත් සමඟ ප්‍රබල වාණිජ සාර්ථකත්වයක් ලැබුවා.

2009දි චිත්‍රපටයේ නිකුත් වීමේ දසවන සංවත්සරයේදී මේ චිත්‍රපටයේ Remastered පිටපතක් නිකුත් වුණා. මේ යොදා ඇති උපසිරැසිය ඒ නව පිටපත හා ගැළපෙනවා. මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි බයිස්කෝප් අඩවියේ ලබාදී නොතිබුණු නිසා මීට උපසිරැසියක් කරන මෙන් රවිඳු හේෂාන් සහෝදරයා කළ ඉල්ලීමක් අනුවයි, මා බෙහෙවින් ප්‍රිය කළ මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කළේ. එහෙම කැමැත්තෙන් භාර ගත්තත් ඇත්තෙන්ම පේළි 2000කට වැඩි, එමෙන්ම තරමක සංකීර්ණ අදහස් සහිත වැකි අන්තර්ගත වුණු මේ උපසිරැසිය කිරීමට හිතුවට වඩා කාලයක් ගත වුණා.ඒවා ගැන වැඩි විස්තර වලට නොයා අපි කතාව දෙසට හැරෙමු.

මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් වෙන්නේ නිර්නාමික කථිකයෙකුගේ දෘෂ්ටි කෝණයෙන්. ඒ නිර්ණාමික චරිතයට පණ පොවන්නේ එඩ්වඩ් නෝටන් විසින්. වෘත්තියෙන් මෝටර් රථ නිෂ්පාදන ආයතනයක සේවයේ නියුතු ඔහු Recall Coordinator එහෙම නැතිනම් ‘යළි කැඳවීමේ සම්බන්ධීකාරක’යෙක් ලෙසයි රැකියාව කරන්නේ.( ඒ කියන්නේ තමන් සේවය සපයන වාහන නිෂ්පාදන ආයතනයට අයත් වාහන වලින් වන අනතුරු වලදී අනතුරට හේතු වන දෝෂය එම වාහන මාදිලියටම පොදු එකක් දැයි සොයා බලා, එම වාහන මාදිලියට අයත් වාහන යළි නිෂ්පාදන සමාගමට හෝ එහි නියෝජිත ආයතනයකට ගෙන්වා එම දෝෂය නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් ඇතිදැයි සොයා බැලීමේ කාර්යයි ඔහුගේ රැකියාව. මෙතැනදී අදාළ පුද්ගලයා යළි කැඳවීමේ අවශ්‍යතාවය සොයා ගන්නේ, සියලුම වාහන එසේ කැඳවා පිළිසකර කිරීම කොතෙක් දුරට ආයතනයේ මූල්‍යමය තත්වයට සහ ව්‍යාපාරයට කෙසේ බලපාන්නේද යන්න සලකා බැලීමෙන් අනතුරුවයි. චිත්‍රපටය නැරඹීමේදී මේක වැදගත් වෙයි කියා සිතුණු නිසයි මේක සඳහන් කළේ.)

අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහු නින්ද නොයෑමේ රෝගය හෙවත් ඉන්සොම්නියා රෝගයට ගොදුරු වෙනවා. වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට ඔහු ගියත් වෛද්‍යවරයා ලබාදෙන බෙහෙත් වලින් ඔහු සෑහීමකට පත් වන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයා සමඟ වාද කරද්දී තමන් විඳින මානසික පීඩනය සහ වේදනාව ගැන කියද්දී වෛද්‍යවරයා ඔහුට කියනවා වේදනාව කියන දේ ගැන අදහසක් ගන්න ඕනෙ නම්, වෘෂණ කෝෂ පිළිකා සහිත රෝගීන්ට උපදේශන දෙන ස්ථානයකට ගිහින් බලන ලෙසයි. මේ අවවාදය ලැබුණාම කථිකයා කරන්නේ එවැනි විවිධ ආබාධ සහිත පුද්ගලයන්ට මානසික උපදේශන සපයන ආයතනයකට යාමට හුරු වීමයි. අන්වර්ථ නාමයකින් ඒ ස්ථාන වලට යන ඔහු තමන්ටද එවැනි සුව කිරීම අපහසු රෝගයක් වැළඳී ඇති බවට ව්‍යාජ ලෙස ඒත්තු ගන්වනවා. ඒ රෝගීන් සමඟ දුක සැප බෙදාගැනීමෙන් ඔහුට තමන්ගේ නින්ද නොයෑමේ රෝගයට සහනයක් ලැබෙනවා.

එහෙත් හදිසියේම ඒ වැඩසටහන් වලට හුදෙක් විනෝදය පිණිස සහභාගී වන මාර්ලා සිංගර් ඔහුට හමුවෙනවා. ඇයගේ පැමිණීම තමන්ගේ මානසික සහනයට තර්ජනයක් ලෙස දකින ඔහු ඇය සමඟ එකඟතාවයකට පැමිණෙනවා උපකාරක වැඩසටහන් වලට එකිනෙකා හමු නොවන ලෙස බෙදාගෙන යාමට. කෙසේ වෙතත් රාජකාරි ගමනකදී නිර්නාමික කථිකයාට හමුවන ටයිලර් ඩර්ඩ්න් ඔහුගේ සමීප මිතුරෙක් බවට පත් වෙනවා. තමන්ගේ නවාතැනේ කාමරය ගිණි ගැනීමෙන් පසු ඔහුට ටයිලර් ගේ නවාතැනට යාමට සිදුවෙනවා. ඔවුන් දෙදෙනා රහසිගතව සටන් සමාජයක් (Fight Club) සෑදීමට පියවර ගන්නේ ගතානුගතික ජීවිතයෙන් ගැලවීමට ඒ දෙදෙනාටම ඇතිවන පෙළඹවීමක් මතයි. කෙසේ වෙතත් මේ සටන් සමාජය නිසා කථකයාගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතයට නොසිතූ ආකාරයේ බලපෑම් රැසක් එල්ල වෙනවා. ඔහුගේත් ටයිලර්ගේත් කතාව මැදට හිටිහැටියේම මාර්ලා සිංගර් ද පැමිණෙනවා. මුල සිට අගටම කුතුහලයෙන් නැරඹිය හැකි ලෙස ගොඩනඟා ඇති මේ චිත්‍රපටය අවසානයේදී අනපේක්ෂිත ලෙස කතාවේ පෙරළියකට හෙවත් Plot Twist එකකට ගමන් කරන අන්දම ඔබට දකින්නට ලැබේවි. ඒ ගැන වැඩි විස්තර කියන්න අපේක්ෂා කරන්නේ නැහැ. කිව්වොත් වැඩක් නෑනේ!

මේ චිත්‍රපටයේ නිර්නාමික කථකයා ලෙස රංගනයෙන් දායක වන්නේ Edward Nortan. ඒ වගේම මාර්ලා සිංගර් ලෙස Helena Bonham Carter ද, ටයිලර් ඩර්ඩ්න් ලෙස Brad Pit ද රංගනයෙන් දායක වෙනවා. අන්තර්ජාලයේ සඳහන් වන අන්දමට චිත්‍රපටයේ ටයිලර්ගේ චරිතය වෙනුවෙන් බ්‍රැඩ් පිට ස්වේච්ඡාවෙන්ම දන්ත වෛද්‍යවරයා වෙත ගොස් තම ඉදිරි දත් වලින් කීපයක් කපා ඉවත් කරගෙන තිබෙනවා. ඒ සටන් සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස වඩා තාත්විකව චරිතය නිරුපණය කිරීමටයි. චිත්‍රපටය රූගත කිරීමෙන් අනතුරුව ඔහු සිය දත් යළි පිළිසකර කරගත් බවත් සඳහන් වෙනවා.කතාව ඇත්ත නම්, යකාගේ කැපවීමක් තමයි ඒකත්!

එහෙමනම් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව නැරඹීමට ඔබට ආරාධනා කරනවා. මෙහි උපසිරැසි යොදා ඇත්තේ Fight.Club.1999.REPACK.720p.BluRay.x264.AAC-[YTS.MX] පිටපතටයි. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙන කරුණක් තමයි මේ චිත්‍රපටය 18+ එකක්. ඒ නිසා වයස අවුරුදු 18 වැඩි ළමයි විතරක් බලන්න. අනික් අය හොරෙන් බලන්න එපා. 18 පනිනකල් ඉඳල පැන්න ගමන් බලන්න.

ආයෙත් තවත් උපසිරැසියකින් ඔබ හමුවෙන්නම්. එතෙක් ඔබට තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය REPACK – BluRay පිට‍පත සඳහා ලබා දී ඇත.

17,327 downloadsDownload Fight-Club-1999.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

17,327 downloadsDownload Subtitles76 KB

12 comments

  1. Ranga

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  2. bimsara

    thanks mchn

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි කේසර සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika Lakmal

    මෙ වගේ වටින ෆිලුමකට සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ....
    කරන කියන සියලුම කටයුතු සාර්කත වේවා....

  5. Shamal Manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    හැකිනම් මේ ෆිල්ම් ටිකටත් උපසිරැසි දෙන්න බලන්න.
    The Abyss 1989
    Raise the Titanic - 1980
    S.O.S. Titanic - 1979
    Titanic 1996

  6. Anonymous

    Thanks jayawewa.....!

  7. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    සිනමාව පවතින තුරාවට බලන ෆිල්ම් මේවා.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nishan

    Thanx bro

  10. Lakshansilva18

    thanks for subtitles

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. k_min

    thank u. me wage tikak parana film walata sub hoyaganna amarui.eka nisa very very tnx!