ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු හොල්මන් ෆිල්ම් එකක්. මේක කවුරුත් ආස කරපු Truth or Dare(2018), Countdown (2019), Ouija (2014) ෆිල්ම් වගේ කතා තේමාවක් රැගත් ෆිල්ම් එකක්. හැබැයි ඒ ෆිල්ම් වලට වඩා ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ ෆිල්ම් එකට ගන්න හැකිවෙලා තියෙනවා. මේක ලංකාවෙත් ඇතු…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු හොල්මන් ෆිල්ම් එකක්. මේක කවුරුත් ආස කරපු Truth or Dare(2018), Countdown (2019), Ouija (2014) ෆිල්ම් වගේ කතා තේමාවක් රැගත් ෆිල්ම් එකක්. හැබැයි ඒ ෆිල්ම් වලට වඩා ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ ෆිල්ම් එකට ගන්න හැකිවෙලා තියෙනවා. මේක ලංකාවෙත් ඇතුලුව සිනමාශාලාවල් වලට නිකුත් වුණේ ජූලි 27 වෙනිදා. මේකෙ වෙබ් පිටපත් ආවේ ඊයෙ උදේ(12). ෆිල්ම් එකේ බෙදාහැරීම් කටයුතු කළේ A24 ආයතනය විසින්. එයාලගෙ වැඩ ගැන අමතුවෙන් කියන්න ඕන්නෑනෙ, Everything Everywhere All at Once (2022), Past Lives (2023), X(2022), Midsommar (2019), Hereditary (2018), Pearl (2022) වැනි බොහෝ ජනප්‍රිය ෆිල්ම් බලපු අය ඒ ගැන දන්නවා. ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 4.5 වගේ පොඩි මුදලක් තමා වියදම් වෙලා තියෙන්නේ ඒත් මේකෙන් උපයල තියෙනවා ඩොලර් මිලියර් 67.1 වැනි සැලකිය යුතු මුදලක්. ඒ වගේම මේක තමයි A24ලගේ පස් වෙනියට වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක වෙන්නෙත්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂ්‍යනය කරන්නේ අපි කවුරුත් හොඳින් දන්නා RackaRacka යූටියුබ් චැනල් එක කරන Danny Philippou සහ Michael Philippou යන දෙදෙනායි. එයාලගෙ වැඩ මොනවගේද කියලා බලලා නැත්තම් අනිවාරෙන් එයාලගෙ යූටියුබ් චැනල් එකට ගිහින් බලන්න, ඒකෙ මේ ෆිල්ම් එක ගැන විස්තරත් සෑහෙන්න ඇති. මේ ෆිල්ම් එකට තව රංගනයෙන් දායක වෙනවා Zoe Terakes, Sophie Wilde, Miranda Otto, Chris Alosio, Otis Dhanji, Joe Bird වැනි අය.
මං මේකෙ කතාව ගැන වැඩිය මුකුත් කියන්න යන්නෑ මොකද ඔයාල මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක එහෙම බලලා ෆිල්ම් ගැන දැනුවත් නම් අනිවාරෙන් ඔයාල මේක බලනව කියලා දන්නවා, ඉතිං ඔයාලගෙ කුතුහලේ නැති කරන්න ඕන්නෑනෙ. ඒත් වැඩිය දැනුවත් නැති අයට පොඩි විස්තරයක් කියන්නම්, මේ ෆිල්ම් එකේ තියෙන්නේ අතක් එක්ක කරන මාරක සෙල්ලමක් ගැන. අද කාලෙ තරුණ තරුණියො ගැන දන්නවනේ, එයාල සෝශල් මීඩියා වල ජනප්‍රිය වෙන්න එක එක විදි හොයාගන්නවා. ඉතිං මේකෙ ඉන්න සෙට් එකත් සෝශල් මීඩියා වල ජනප්‍රිය වෙන්න වෙනම විදිහක් හොයාගෙන තියෙන්නේ. ඒ තමයි මං කලින් කිව්ව මේ මාරක සෙල්ලම. ඉතිං මේ මාරක සෙල්ලම මොකක්ද? ඒකෙන් මොකක්ද වෙන්නේ? මේකෙ අත මොකක්ද? කියන ප්‍රශ්න වලට උත්තර මේ ෆිල්ම් එක බලලා ඔයාලට දැනගන්න පුළුවන්.
ෆිල්ම් එක ගැන මගේ අදහස කිව්වොත් මේක නියම හොල්මන් ෆිල්ම් එකක්, මොකද මේකෙ මුල මැද හොඳට ගලපලා ෆිල්ම් එක හදල තියෙයි. මං එහෙම කියන්නෙ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එකේ අවසාන සිද්ධියෙන් තේරෙයි. ඒ විතරක් නෙවේ ෆිල්ම් එකේ තියෙන ගුණාත්මකබාවෙ නිසාම IMDb 7.4 ඉතා ඉහල අගයක් ගන්න හැකිවෙලා තියෙනවා මනාප 36, 100 අධික ප්‍රමානයකින්. තවද කුණු තක්කාලි 95% ගන්නත් හැකිවෙලා තියෙනවා.
දැං තේරෙනව ඇතිනේ ෆිල්ම් එකේ තත්වෙ කොහොමද කියලා. එහෙනම් සුපිරි හොරර් ෆිල්ම් එකක් බලන්න කැමති අයට මේක බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
28,369 downloadsDownload Talk.to_.Me-2022.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Talk to Me (2022) Sinhala Sub
- #Talk to Me (2022) Sinhala Subtitles
- #Talk to Me Sinhala Sub
- #Talk to Me Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
26 comments
Anonymous
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Sujith
Thank you very much brother...
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Shamal Manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ ෆිල්ම් වලටත් උපසිරැසි ලබාදෙන්න.Boogeyman 2 - 2007
Boogeyman 3 - 2008ඔලිව
දෙන්නම්
පසන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් මේ අවුරුද්දෙ රිලීස් වුන beaus of afraid movie එකටත් සිංහල සබ් දෙන්නකෝ.
රඹෑවෙ සංජානා
බ්ලූ බීට්ල්ස් එකටත් උපසිරැසිය දෙන්නකො
විමා
උපසිරසියට බොහොම ස්තුතියි ඔලිවර්!
Prabuddha
Thankx for sub....
Rock aur rani 2023 sub plz...Naveen Vidusha
thanks bro
Anonymous
❤️❤️❤️❤️
Anonymous
Thanks bro keep it up
lakshan
thanks .....................
ශ්‍රීමාල්ගෙ ගෑනි
ෆෙමිනිසම් හොල්මන් එකක් දෙන්නකෝ
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jananka Fernando
How to download subtitles?
Hiran Ganepalla
Click "Download Now" Button..
Ravindra
Thanks sub ekta
Anonymous
Thanks Bro
Dewadithya
Thanks for Sub!
Anonymous
Thank you
Malith samarawickrama
Thanks Bro sub ekata
Sandaru Nimsara
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Talk to Me (2022) Sinhala Subtitles | මාරක සෙල්ලම! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Talk-to-Me-2023-a.jpg)
tq.