[box]Prison Break වල වගේ බුද්ධිමත්ව කටයුතු කරන පුද්ගලයන්ගේ කතා වලට ආස අයට අල්ලල යන ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නෙ..මෙන්න මෙහෙමයි කතාව… තියොඩෝර් ක්‍රව්ෆෝඩ් යනු මැදි වයසේ පසුවෙන ධනවත් හා දක්ෂ ව්‍යුහාත්මක නිර්මාණ ශිල්පියෙක්. ඔහුට දවසක් තම සුරූපි තරුණ බිරිය තරුණ පොලිස් පරීක්ෂක වරයෙක් හා සමඟ සම්බන…
Prison Break වල වගේ බුද්ධිමත්ව කටයුතු කරන පුද්ගලයන්ගේ කතා වලට ආස අයට අල්ලල යන ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නෙ..මෙන්න මෙහෙමයි කතාව…
තියොඩෝර් ක්‍රව්ෆෝඩ් යනු මැදි වයසේ පසුවෙන ධනවත් හා දක්ෂ ව්‍යුහාත්මක නිර්මාණ ශිල්පියෙක්. ඔහුට දවසක් තම සුරූපි තරුණ බිරිය තරුණ පොලිස් පරීක්ෂක වරයෙක් හා සමඟ සම්බන්ධයක් ඇතිකර ගෙන සිටින බව දැනගනු ලබනවා. එදින සවස ඔහු තම බිරියව ඝාතනය කිරීමට තැත් කරනවා.
මේ අතර නිවසට පොලිසියෙන් පැමිනෙන අතර අහම්බයෙන් මෙන් මුලින්ම ඇතුලට පැමිනෙන්නේ අර පෙර කී පොලිස් පරීක්ෂක වරයා. ඔහුව අත් අඩංගුවට ගනු ලබන අතර නඩුවිභාගය සඳහා තමාම තමා වෙනුවෙන් පෙනීසිටින බව පවසනවා. නමුත් පුදුමාකාර ලෙස පොලිසිය ඔහු අතේ තිබී ලබා ගන්නා පිස්තෝලයෙන් එක උණ්ඩයක්වත් පිට වී නැති අතර අපරාධ ස්ථානයේ තිබී සොයා ගන්නා හිස් උණ්ඩ කොපු වලට පිස්තෝලයේ උණ්ඩ සලකුණූ නොගැලපෙන බවද සොයාගන්නවා. මුලු ගෙයම සූක්ෂමව පරීක්ෂාකලත් ඔවුන් අසමත් වෙනවා නියම ආයුධය සොයා ගැනීම සඳහා.
ඔහූගේ සූක්ෂම මොලය හමුවේ පොලිසියේ සූක්ෂමතාවය යට යයිද? නීතිය නොදන්නා ඔහු නඩුවෙන් ගැලවෙන්නේ කෙසේද? බාලම බලමු නේ?
ඒ වගේම මේ චිත්‍රපටය IMDB රේටින්ග්ස් වල 7.1/10 ක් ලබාගෙන තියෙනවා..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
2,157 downloadsDownload Fracture.2007.zip157 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
71 comments
chamila
පොතේ ගුරා
@chamila!හික් හික්..එහෙනම් බාපන් බාපන්.. :)
@DragonD!තෑන්ක්ස් වේවා! ඒත් මචෝ මේ දෙකේම එකම ගානට සීඩ්ස් තියෙන්නෙ..Isohunt වල පෙන්නන ගාන අවුල් ටිකක්..උඹ දීල තියෙන්නෙත් FXG ගෙම ටොරන්ට් එක.. :)
kolla
බානව!
DragonD
@ ගුරා
ඒකත් එහෙමද ? අහෝ , මා කරන හැම වැඩෙම කෙල වන්නේ ඇයි ?
LishWish
බාමින් පවතී.
රොයිලි, ගුරා දෙපලට තුති...ගැNඩොLෆ්
මේකත් බාල බලමු....
සහන්
ඔන්න කොල්ලෝ Munich බාපු ගමන් මේක බෑවෙන්න දානවා. මගේ Wi-Max 512Kb නිසා torrent දෙක තුන බාන්න බෑනේ
randika perera
ඔන්‍න මමත් බානවා....
dumi
Wi-Max 512Kb good da
බුධාජීව
බාමි !
පොතේ ගුරා
@kolla! එළ එළ මචෝ..
@DragonD! අෆොයි මොන පික්සුද බන්z..උඹ උදව්වක්නෙ ක‍්රන්න හැදුවෙ..
@LishWish ! එළ එළ සහෝ..
@ගැNඩොLෆ් !එළ..මම හිතනව අල්ලල යයි කියල.. :)
@සහන්!එළකිරි..හිමින් බාපන්.. :) ෆිල්ම් එක එළ!
@randika perera! එළ මචෝ.. :)
@dumi ! සහන්ගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ මචෝ..(හැබැයි ටොරන්ට් බාන්න නම් හොද SLT පැකේජස් තමයි)
@බුධාජීව! එළ මචෝ.. :)
Anonymous
Ela Ela Den HDD Eka Fule Full Kamak Ne Mekath Oya Assakata Da gannawa.
Thanks MachaUraj Deemantha
බානවෝ .........!! :D :D
අනූ
බලන්න වටිනව
මල්$han
@ පොතේ ගුරා..
මචෝ ටොරන්ට් බාන්න Airtel නරකම නෑ .උඹේ මේ බයිස්කොප් අඩවියෙන් මාත් මේ මාසේ හොදට ටොරන්ට් බෑවා නොවැ ..උඹට පින් දි දී... :)බලමු මේකත් බාන්න දාලා :ඩි :Dnelantha herath
එල ෆිල්ම් එක.ගුරාට පින්
පොතේ ගුරා
@නිර්නාමික! හික්z..එළ එළ මචෝ..
@Uraj Deemantha! එළ,බාපන් බාපන්.. :)
@අනූ !අනිවා මචන්..
@nelantha herath! නෑ නෑ රොයිලි බුවාට තමයි දෙන්න ඕන මචන්.. :)
änthräX
රොයිලි, ගුරා,
උබලා දෙන්නාට ඉස්තූති ක්රන්නද සාප කරන්නද කියලා හිතාගන්න බෑ මචන්ලා. සහලොවලා තිබ්බ film උන අඬු කරගන්න blog කෙලිය පටන් ගත්තා. දැන් ඉස්සරට වඬා film බලනවා. නිකන් මදිකමක් වගේ බලපු නැති film එකක් තියනවා කිව්වම. අනික අමුතු ගතියකුත් තියනවා සින්හලෙන් පොඬි විස්තර කිරීමක් තියනකොට පැත්තෙන්. දැනට ඉස්තූතී, බොසාගෙන් බැනුම් අහද්දි සාප කරන්නම්.chalith
ME banna hadanne.. mama nam torrent banna use karanne imageshack eka. dawas ganak baunath kamak nane.. mata thiyenne baunama awith direct bana eka.. ela ela pothegura.. good work machan..
පික්චර් පිස්සා
මෙකත් බලන්නම වෙනවා එහෙනම් නෙ. මම ඉතින් Prison Break පිස්සෙක් නෙ . පොතේ ගුරාට තැන්ක් යු වෙවා ..
änthräX
spy game ට පස්සෙ බලපු එලම film එකක්. thank youවේවා
පොතේ ගුරා
@änthräX! හික් හික්..ඩොලීට කියල ෆිල්ම් බාගෙන වයෝලත් එක්ක ෆිල්ම් බලනව නේද?වැඩ පාඩු කරගන්නෙ නැතුව බලපන්,බොසා උබට බනිනකොටද කොහෙද මට හචිං යනව.. :P
@chalith! තෑන්ක්ස් මචෝ.. :)
@පික්චර් පිස්සා! එළ එළ මචන්..
@änthräX ! එහෙනම් ගින්දර..වෙල්කම් වේවා මචෝ..
prasad duminda perera
මචන් මච මේ ලින්ක් එක වැඩ කරන්නෑ.. මේකෙන් ගිහින් බා ගන්න පුලුවන්...
රොයිලි
@änthräX
///////රොයිලි, ගුරා,
උබලා දෙන්නාට ඉස්තූති ක්රන්නද සාප කරන්නද කියලා හිතාගන්න බෑ මචන්ලා//////අනේ මචං මම හැමදාමත් කියනවා වගේ මගේ අතේ පාපයක් දෝශයක් නැහැ. මම හැමදාම මූට කියන්නේ මම එවන ලිපි වලින් අනික් උන්ට කරදරයක් නොවෙනවනම් විතරක් දාගන් කියලා. ඉතින් ඕනම දේකට පොතේ ගුරා මිසක් මම පලි නෑ :D
änthräX
රොයිලි,
änthräX :අර යුධ බෙර ගහන බුවෙකුත් සතුරට මාට්ටු උනාම කිව්වලුනෙ "අනේ මම කලේ මගෙ රස්සාව, මම අහින්සකයි" කියලා. උබව තමයි අල්ලගන්න ඕනා මොනා හරි උනොත්.
මම: උබ ඔය änthräX කියන පිස්සා කියන ඒව ගනන් ගන්න එපා මචෝ. ඌ බැලුවෙ නැති උනාට මම ආසාවෙන් බලනවනෙ.
änthräX :කාටද ඬෝ පිස්ස කිව්වෙ?
මම:උබට. ඈයි, මොකද?
änthräX :උබෙ ආච්චිට..
මම:පොඬ්ඬක් හිටපන් රොයිලි, මුගෙ දත් ඇන්ද බඬට ඇරලා එනකන්.
änthräX :කාගෙද ඬෝ දත් ගලවන්න හදන්නෙ
@*&(*(*(@!£&~#KOK
එල මෙක අද දැක්කෙ වැඩත් වැඩි නිසා එකෙක දවස් වල මග හැරෙනවා එත් දැන් බනවා
gessy
කිව්වම මොකද මචං දැන්නම් දවසට බයිස්කෝප් 2 ක් වත් අනිවා බලනවා ..මේක නොබලා කොහොමද..මාත් බානවා එහෙනම්..ජය ශ්‍රී
M.wick™
ela ela
cc
ela film 1
Heshan
bamin pawathi...
lipiya dala godak kal, e wunata prison break search karanakota dakke.
thank you aiya...nilupa
pattama thama machan
quik
thanks
lasidu
පට්ට පට්ට මචං දිගටම දෙමු
wow
wow... maru :D
සමීර කරුණාරත්න
අද උපසිරැසක් ලබා දෙනතුරු බලා උන්නෙ....
බොහෝම ස්තුතියි පැතුම් සහෝ...Fernando
pattama film akak wagey aniwa balanwa :D
h[A]s
මේක නියමම ෆිල්ම් එකක් හැමෝම බලන්න සුපිරිම සුපිරි
“චූටී මල්ලි”
ela wage sabata tnanks
ccnp
Thanks
D.Chamara
niyamaiiiiiiiiiii
uda
මම මේක බාගත්තෙ ගිය සතියෙ. ලිපිය කියෙව්වම ඇති වූ කුතුහලය නිසාවෙන්මයි ගත්තේ. තවම බැලුවෙ නැහැ. නමුත් මම මේ ගැන විස්තර හොයල බැලුවා. ඒ අනුව හොදම කතාවක් බවයි වැටහී ගියේ. ඒක නිසා දැන්ම බලන්නෙ නෑ. මොකද මම හොදම ඒව බලන්නෙ හොදම වෙලාව ආවහම. තාම මූඩ් එක ආවෙ නෑ... :D ඒකයි!
නමුත් වෙලාවක බලනවා. මම නිකම්ම බලන කෙනෙක් නෙවෙන නිසා මේකෙත් වැරැද්දක් හොයන්ඩත් එක්ක බලන්ඩ ඕනේ. ඒ වගේම අනුමාන කරන්ඩ බලන්ඩ ඕනේ. ඒකට හොද සුදුසු මොහොතක නොබැලුවොත් ඒක ගැළපෙන්නෙ නැති නිසා ගැළපුනහම බලන්නම්! මොනවා වුණත් මේක මැක්සා කතාවක් බවනම් විස්තරේ දැක්කහම කිව්වහැකි! හි හි ;) ජයවේවා පැතුම් සහෝ! තව සබ් ගේන්ඩ හොදේ...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මැක්සා බඩ්ඩක් ... අනිවා බලනවා... මෙව්වා තමයි මගේ ටයිප් එකත්... ඇක්ෂන් නම් හරියන්නෙම නැහැ..
shamic
All links are blocked in UAE
sandaru jay
http://yify-torrents.com/movie/Anonymous_2011
me film ekata subs denna patta film ekak.....
sandaru jay
Anonymous (2011)
sadayangy
supiri wedak
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
anuruddha
thanks machan
ශාන් විමුක්ති [වීමා]
කතාව කියල තියන විදියටනම් කුතුහලයෙන් පිරුනු එකක් වගේ.
ඇවිත් කියන්නම්කො පැතුම් සහෝගෙ මහන්සියෙ ප්‍රතිපලේ කොහොමද කියල ටිකක් කල් යාවි හැබැයි :(
thnxකේ.යු.ජී.උදාර
වටිනව කොල්ලො.......
සිංහල සබට බොහොම ස්තුතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගුරාගේ හා රොයිලියාගේ සූක්ෂම මොලය හමුවේ අපගේ සූක්ෂමතාවය යට යයිද?
බාලම බලමු.... :(