නාකි ජෝන් බෝට්ටුවත් අරගෙන වගුර පැත්තට ගියේ කලින් දවසේ අටවපු උගුල් වලට මාළු ටිකක් අහුවෙලාද කියලා බලන්න. මේ දවස්වල වගුරේ අමුතු අමුතු සිද්ධි වෙන නිසා ජෝන්ගේ බිරිඳ යන්න එපා කිව්වත් ඒක කනකට අහන්නේ නැතුව තමයි ජෝන් ආවේ. අටවපු උගුල්වල මාලු අහුවෙන්නෙත් වෙනදට වඩා අඩුවෙන්. මේ වගුරට මොන හෙණයක් ගැහුවද කියලා හිත…

නාකි ජෝන් බෝට්ටුවත් අරගෙන වගුර පැත්තට ගියේ කලින් දවසේ අටවපු උගුල් වලට මාළු ටිකක්
අහුවෙලාද කියලා බලන්න. මේ දවස්වල වගුරේ අමුතු අමුතු සිද්ධි වෙන නිසා ජෝන්ගේ බිරිඳ යන්න
එපා කිව්වත් ඒක කනකට අහන්නේ නැතුව තමයි ජෝන් ආවේ. අටවපු උගුල්වල මාලු අහුවෙන්නෙත්
වෙනදට වඩා අඩුවෙන්. මේ වගුරට මොන හෙණයක් ගැහුවද කියලා හිත හිත ජෝන් අටවපු තවත්
උගුලක් ළගට ගියේ ඒකටවත් මාළු අහුවෙලාද කියලා බලන්න උගුලට අත දාද්දිම…..
“මොන මඟුලක්ද …..”
ජෝන්ට එච්ච්රයි කියන්න හම්බුනේ.
ඔන්න එහෙනම් ආයූබෝවන් කිව්වා බයිස්කෝප්වාසීනි, කොහොමද සැප සනීප. කාලෙකින් හම්බුන නිවාඩුව නිසා ගොඩක් කාලෙකින් මේ පැත්තට ආවේ. කාලෙකට කලින් VCD වලින් බලපු ෆිල්ම් එකක් ආපහු බැලුවා. නිකමට ඒකේ උපසිරැසි තියෙනවද කියලා බලද්දි නැති නිසා මේක කරන්න හිතුවා. මේ චිත්‍රපටියට පාදක වෙන්නේ වතුරේ ඉන්න අමුතු ජාතියේ සතෙක්. කතාව වැඩිය විස්තර කරන්නේ නෑ. මේක කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුලුවන්. ඒ වගේම 18+ වැඩි දර්ශන දෙක තුනක් තියෙනවා ඒ නිසා පරිස්සමින්. 😛 2004දී තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. Action/Horror කාණ්ඩයට වර්ග කර ඇති මෙය 4.7ක IMDb අගයක් ලබා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. Tony Kittles, K.D. Aubert, China Chow යන රංගන ශිල්පීන් තමයි ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ. Mark Dippé තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෙන්නේ. කතාව ගැන වැඩිය කියන්නේ නෑ. 2004දි නිෂ්පාදනය කරපු එකක් නිසා දෘෂ්‍ය ප්‍රයෝග ගැන වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා. නමුත් සාධාරණ මට්ටමක තියෙනවා. එහෙනම් මේ නිවාඩුවේ රටේ තියෙන ප්‍රශ්න අඩු වෙනකන් ඔයාලා පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. ඔයාලට කම්මැලි වෙලාවට බලන්න අපේ බයිස්කෝප් අඩවියේ චිත්‍රපටි / රූපවාහිනී කතාමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ උපසිරැසිය කරන්න අවසර ලබාදුන් අපේ ඇඩ්මින්වරයෙක් වෙන සමන් ප්‍රසාද් සහෝටත් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් ආයෙත් හමු වෙමු. මම දනුවා. තෙරුවන් සරණයි !!!
#Stay Home #Stay Safe

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,494 downloadsDownload Frankenfish-2004.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
16 comments
Shamal manojan
Kasun
Hatchet 1,2 eke sub ekath diyan bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
indika75
thanks..
Pramod
Thanks bro
Suranjan
Thanks jayawewa....!
isuru srinath sjs
පරණ මගහැරුණු ඒවට මෙහෙම සිංහල උපසිරැසි දෙන එක කොච්චර වටිනවද... බොහොම ස්තුතියි මචෝ.. ජය වේවා.!!
Gimhan123456
thanks aiye deer hunter ,sience 2016 vala subnene
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
vishwakelum
thanks, bro. superb work. I like too much this type of movie.
Udara Damith Dissanayaka
hureeeeee
ela
parissamin inda me dawaswalainduma
Patta bro..Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro...
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
කවදාහරි මේක දෙනකම් බලාගෙන හිටියේ. බොහොම ස්තූතියි උපසිරැසියට.
තව ෆිල්ම් ටිකක් තියනවා. පුලුවන් නම් සබ් දෙන්න බලන්න.
Alligator - 1980
Alligator 2 -1991
Crocodile - 2000
Croc - 2007
Freshwater - 2016
Supercroc - 2007
Blood surf - 2000