Watch Trailer

Bheeshma (2020) Sinhala Subtitles | භීෂ්මා… [සිංහල උපසිරැසි] (50)

ආයුබෝවේවා! තවත් උපසිරැසියක් අරන් ආවා. හැබැයි මේක ටිකක් විශේෂ එකක්. 2015.03.22 ආරම්භ කරපු ගමනේ මුණගැසෙන පළමු කඩඉම. ඔව් මේ අරන් එන්නේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම අරන් එන 50 වන උපසිරැසිය. උපසිරැසි 50 කඩඉම ඉක්මනින්ම පහු කරපු උපසිරැසිකරුවා මම වෙන්න ඇති 😛 අද ඉතින් විශේෂ දවසක් නිසා ඒ ගැන පොඩ්ඩක් කියල…

ආයුබෝවේවා! තවත් උපසිරැසියක් අරන් ආවා. හැබැයි මේක ටිකක් විශේෂ එකක්. 2015.03.22 ආරම්භ කරපු ගමනේ මුණගැසෙන පළමු කඩඉම. ඔව් මේ අරන් එන්නේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම අරන් එන 50 වන උපසිරැසිය. උපසිරැසි 50 කඩඉම ඉක්මනින්ම පහු කරපු උපසිරැසිකරුවා මම වෙන්න ඇති 😛 අද ඉතින් විශේෂ දවසක් නිසා ඒ ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. අවුරුදු පහකට විතර කලින් බයිස්කෝප් එක පැත්තේ සබ් ගන්න එන යන කාලේ දැක්කා ඔබටත් ඉඩක් කියලා සබ් කරන විදිහ දාලා තිබුණා. ඉතින් ඒ දවස් වල Deepavali (2007) කියන දමිළ ෆිල්ම් එකේ සබ් එක හොයනකොට ඒක තිබ්බේ නෑ. ඉතින් ඉංග්‍රීසි උපසිරැසිය හොයාගෙන බලන ගමන් නිකන් හිතුනා අර කියලා තිබ්බ විදිහට පොඩි උත්සහයක් දාලා බලන්න. ඉතින් ටිකක් ටයිප් කරලා ප්ලේ කරලා බැලුවා. ලස්සනට සබ් එක ගානට වැඩ කරනවා. ඒ වෙලාවේ නම් පුදුම සතුටක් ආවේ. ඉතින් නොදැනීම බාගයකට කිට්ටු වෙන්න ටයිප් කරලා. ඉතින් මට හිතුනා ටයිප් කරපු එකේ මේක බයිස්කෝප් එකට දැම්මා නම් හොඳයි කියලා. කරන්නද කියලා අහලා මේල් එකක් දැම්මාට පස්සේ හසන්ත වික්‍රමරත්න කියලා හාදයෙක් 😛 රිප්ලයි කරලා තිබ්බා කරලා එවන්න කියලා. ඉතින් මාසයක් විතර බොහොම අමාරුවෙන් කොටලා කොටලා යැවුවා. ඒ වෙලාවේ තමයි තේරුණේ කොච්චර මහන්සියක් ගන්නවද කියලා සබ් එකක් කරන්න. කොහොම හරි සබ් එක දවස් දෙකකින් වගේ පළ වුනා. ඒ දවසේ නම් බොහොම සතුටක් දැනුනා. විශේෂයෙන් පළමු උපසිරැසියට කමෙන්ට් දාලා තිබ්බ හැමෝටම ස්තුති කරන්න ඕන. එ කමෙන්ට් වලින් පුදුම ගැම්මක් ආවේ. ඉතින් එහෙම පටන් ගත්තු උපසිරැසි ජීවිතේ ඉතාමත් හෙමින් තමයි ගෙවිලා ගියේ. කොහොමින් කොහොම හරි ඔන්න පළමු කඩඉමට ඇවිල්ලා තියෙනවා.

  • තෙලුගු චිත්‍රපට 32
  • මලයාලම් චිත්‍රපට 08
  • හින්දි චිත්‍රපට 05
  • දමිළ චිත්‍රපට 02
  • කන්නඩ චිත්‍රපට 01
  • බෙංගාලි චිත්‍රපට 01
  • රූපවාහිනි කතා මාලාවක කොටස් 01

ඔය විදිහට තමයි උපසිරැසි 50 සම්පූර්ණ වුනේ. තෙලුගු චිත්‍රපට වලට විශේෂ කැමැත්තක් තියෙන නිසා වැඩිපුර තෙලුගු චිත්‍රපට වලට තමයි උපසිරැසි අරන් ආවේ. කාලයත් එක්ක පොඩි තෙලුගු දැනුමක් ආපු නිසා කිසිම උපසිරැසි ගොනුවක් නොමැතිව තෙලුගු චිත්‍රපට වලට උපසිරැසි ගන්වන්නට හැකියාව ලැබුණා. Geetha Govindam චිත්‍රපටය ටිකක් විශේෂ එකක් වෙනවා. මොකද ඒකත් ඒ විදිහටම අසා ලිවීමක් කරලා දුන්න එකක් නිසා විතරක්ම නෙවෙයි ඒ චිත්‍රපටයට තමයි මම උපසිරැසි කරපු සබ් වලින් වැඩිම අදහස් දැක්වීම් වගේම වැඩිම ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් ලැබුණු චිත්‍රපටය. ඒ වෙනුවෙන් දායක වුනු හැමෝටම ස්තූතියි.

ඒ වගේම මේ බයිස්කෝප් පවුලට එකතු වුනු දා ඉඳන් හමුවුන යාලුවෝ ගැන අනිවාර්යයෙන් මතක් කරන්න ඕන. නම් වශයෙන් කියන්න ගියොත් නම් සිය ගණනක් ඉන්න නිසා නම් වශයෙන් කියන්න යන්නේ නෑ. මොකද එකක් හරි නොකියවුනොත් හිත් අමණාපයක් ඇති වෙන්න පුලුවන් නෙව. ඉතින් පොදුවේ කිව්වොත් ඇඩ්මින් මඩුල්ලේ සියලු දෙනාටත් අනෙකුත් සාමාජිකයන් හැමදෙනාටමත් බොහොම ස්තූතියි කියනවා.මේ අපූරු පවුලත් එක්ක එකතු වෙලා සමාජ සත්කාර වලට සහභාගී වෙන්න, සුහද හමු වලට සහභාගී වෙන්න වගේම විනෝද චාරිකා යන්නත් අවස්තාව සැලසුනා වගේම ටික කාලයක් බයිස්කෝප් ග්‍රැෆික් ඩිසයින් ටීම් එකේ වැඩ කරන්නත් අවස්තාව ලැබුණා. ඒකෙදි නම් හරි හරි වැඩ වෙලා තියෙනවා. 😛 ඉතින් මේ පිරිසට නැවතත් බොහොම ස්තූතියි තවත් පවුලක් ලබා දුන්නට. ඒ වගේම විශේෂයෙන් මේ වගේ වෙබ් අඩවියක් පටන් ගන්න අදහස පහළ වුනු ඉසිර ගුණතිලක අයියා වගේම මුලින්ම උපසිරැසියක් දෙන්න හිත් පහළ වුනු රොයිලි ප්‍රනාන්දු අයියාවත් විශේෂයෙන් මතක් කරනවා.

අවසාන වශයෙන් ස්තූති කරන්න ඕන සයිට් එක පැත්තේ එන යන කමෙන්ටුවක් දාලා යන ඔයාලට.එහෙම වැටෙන කමෙන්ටු සහ ඩවුන්ලෝඩ් කවුන්ට් එක තමයි අපිට තියෙන එකම සතුට. ඒ වගේම සබ් එක දාපු ගමන් ඇවිල්ලා අඩුවෙන් රේට් කරලා යන අයටත් බොහොම ස්තූතියි කියන්න ඕන. අනේ දිගටම සයිට් එකට එන්න දිගටම අඩුවෙන් රේට් කරන්න. අපිව තව තවත් ඉහලින් ඔසවා තබන්න. 😛 ඒ වගේම තෙලුගු වලට සබ් වැඩි වැඩියෙන් ඕන නම් වැඩි වැඩියෙන් කමෙන්ට් දාන්න. 😛 ඔන්න මම තෙලුගු වලට වැඩිපුර සබ් කරන නිසා අද බලාගන්න පුලුවන් කොච්චර තෙලුගු චිත්‍රපට රසිකයෝ ඉන්නවද කියලා. වැඩි කතා ඕනේ නෑ. දැන් මේ චිත්‍රපටිය පැත්තට හැරෙමු.

මිනිසාගේ සෞඛ්‍යය ගැන කතා කරනකොට වැඩිපුරම ක තා වෙන දෙයක් තමයි ආහාර කියන්නේ. ආහාර වලින් මිනිසාගේ සෞඛ්‍යයට දැඩ් බලපෑමක් එල්ල කරනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්න නම් අනිවාර්යයෙන් කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද අපි කන බොන දේවල් වල තියෙන්නේ වස විශ නම් කොච්චර රසට තිබ්බත් වැඩක් නෑ. විශේෂයෙන් අපි කෑමට ගන්නා බොහෝ එළවලු වල රසායනික ද්‍රව්‍ය සෑහෙන ප්‍රතිශතයක් අඩංගු වෙනවා. සමහර විට ඒවා මිළදී ගන්න කෙනා නොදන්නවා වෙන්න පුලුවන්. නමුත් නොදැනුවත්ව හෝ විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුල් වෙනවා. මේවා එළවලු වලට එකතු වෙන්නේ කොහොමද? ඔව්. ගොවීන් විසින් යොදා ගන්නා රසායනික පොහොර, කෘමිනාශක ආදියෙන්. පැළ සිටවූ කාලයේ පටන් වෙළඳපලට යන කාලය දක්වාම කාලෙන් කාලෙට බෙහෙත් ගහනවා. මුලදි දිලීර නාශක, ඊට පස්සේ කොළ හැදෙන්න, පණුවන්⁣ට, කැඩුවට පස්සේ කල් තියාගන්න මේ විදිහට එකී නොකී සෑම විදිහකටම බෙහෙත් වර්ග යොදාගන්නවා. වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන්, ලාභ ⁣අපේක්ෂාවෙන් එහෙම කළත් ඒකෙන් වෙන හානිය සුලුපටු නෑ.

ඉතින් මේ කතාවෙන් දකින්න ලැබෙන්නෙත් මං ඉහත සඳහන් කරපු කාරණාවට සම්බන්ධ දෙයක් ගැනමයි. Romantic / Action / Comedy කියන කාණ්ඩ යටතේ නිකුත් කෙරුණු මේ චිත්‍රපටය ප්‍රේක්ශකයාට විවෘත වුනේ 2020 පෙබරවාරි 21 වෙනිදායින් පසුවයි. තෙලුගු සිනමාවට හිතැති කාගෙත් ආදරයට පාත්‍ර වූ Nithiin සහ මෑත කාලයේ කාගෙත් ආකර්ශනය දිනාගත් Rashmika Mandanna ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වනවා. මේ වන විට IMDb දර්ශකයේ 7.1 ක අගයක් ලබා ගන්නට සමත්කම් දක්වා තිබෙන්නේ විචාරකයන්ගේද නොමද ප්‍රසාදය හිමි කරගනිමින් වගේම ආදායම් අතිනුත් සාර්ථක වෙමින්. Venky Kudumula ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයට සංගීතය මුසු කරන්නේ Mahati Swara Sagar විසින්.

කතාව ගැන බැලුවොත් භීෂ්මා කියන්නේ උපාධියවත් සම්පූර්ණ කරගන්න බැරි වුන සාමාන්‍ය පවුලක තරුණයෙක්. හැබැයි නොසිතූ විදිහට මෙයාට කාබනික නිෂ්පාදන වර්ග වෙළඳපලට නිකුත් කරන භීෂ්මා කියන සමාගමේ අධ්‍යක්ෂක වෙන්න අවස්තාව ලැබෙනවා (ඒක කොහොමද කියලා චිත්‍රපටයෙන්ම බලාගන්න) ඕනම දේකට බාධාවල් තියෙනවනේ. මෙයාට තියෙන බාධාව තමයි රසායනික නිෂ්පාදන යොදාගෙන වගා කරන ගොවියන්ට අත්වැල් දෙන සමාගමක්. දවසක් භීෂ්මා සමාගමට අස්වනු අලෙවි කරන ගමකින් ආරංචියක් නැති නිසා භීෂ්මා ඇතුලු කීප දෙනෙක්ව යවනවා. එතනදි දැනගන්න ලැබෙනවා ඒ අයව රවට්ටලා එයාලගේ අස්වනු මිලදී ගන්න අනෙක් සමාගම ගිවිසුම් අත්සන් කරනවා කියලා. එතනදි ඇතිවන ගැටුමත් එක්ක මේ සමාගම් දෙක අතර තරඟයක් ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නය කෙසේ විසඳාවිද, රෂ්මිකාට මේකේ තියෙන්නේ මොන වගේ චරිතයක්ද, ඒ හැම දෙයක්ම චිත්‍රපටය බලලම බලාගන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා  අදාළ වේ.

61,731 downloadsDownload Bheeshma-2020-Updated.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

61,731 downloadsDownload Subtitles72 KB

109 comments

  1. Anonymous

    Thank you... wish you all the best....

  2. Anonymous

    Thanks for the sub
    Good Job
    Keep it up!

  3. Udaya Saman

    පලවෙනි කඩඉමට මාගේ සුභ පැතුම්.ඇත්තෙන්ම සයිට් එකේ ඉන්න ⁣ෙගාඩක් නිහතමානි ⁣ෙකාල්ලෙක්.fb එකෙන් අදුරන් තිබ්බට මේ හාදයාගේ මුන දැක්කෙනම් 2018 ගෙට් එකේදි තමයි.ඉතින් එදා අදුර ගත්ත බැදීම කියල නිම කරන්න බැරි තරම්.එදා ඉදන් ඉතින් සයිට් එකත් එක්ක තිබ්බ හැම දේදිම අපි හම්බ වුනා.ඉතින් මාත් එක උපසිරසියට දායක වෙන්න ලැබිච්ච එකත් සතුටක්.කොහොමින් හඑි ඊලග කඩ ඉමත් පහු කරන්න ශක්තිය ලැබේවා යි පතනවා...

  4. roshen malinda

    kauru monawa kiwwath su ekak karanna thiyena amaruwa api dannawa,e isa mewa iyama pin weda , 50 weni kadaimata subapathum, me wagw sub karanna wadi wadiyen shakthiya labewa

  5. Helili Hemamali

    50 වෙනි සිංහල උපසිරැසියට උණුසුම් සුබ පැතුම්! 50 කියන්නෙ පළවෙනි කඩයිම. පළවෙනි කඩයිමට එනකල් වැඩිය කවුරුවත් දන්නෙ නෑනේ, හැබැයි ඔයා එහෙම නෑ. ඒකට හේතු වෙන්නෙ ඔයා හොඳ චිත්‍රපට තෝර ගන්නවා වගේම තිතට සිංහල උපසිරැසිය දෙන එක.බයිස්කෝප් අඩවියේ එක එක සන්නාම තියනවනේ. තෙළිඟු උපසිරැසි සන්නාමය තමයි ඔයා. ඉතින් 100 වෙනි උපසිරැසියත් අපි ඉක්මනටම බලාපොරොත්තු වෙනවා. ජය වේවා!

  6. benukanimsena

    පනස් වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා අයියේ
    ඉස්සරහටත් තවත් කඩයිම් ගණනාවක් පහු කරන්න ලැබෙන්න ඕන
    මේකත් අනිවාර්යයෙන් බලන්න ඕන එකක්
    එහෙනම් ජය වේවා!!!

  7. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සදේ සහෝ
    ඒ වගේම පලවෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් !!
    තෙළිගු , මලයාලම්, දමිල ගුණාතමක උපසිරසි ලබා දෙන
    වෙබ් අඩවියේ සිටින තවත් බලකණුවක් කියලා හදුන්වන්න පුලුවන්
    ඒ වගේම අපේ තනිකඩ සංගමෙත් සමාජිකයෙක් :P
    ඉක්මනටම 100*ත් පහු කරමු. . . . .
    ජය වේවා !!!

  8. Sohan Jayasooriya

    50 වෙනි කඩඉමට හදවන්ම සුබ පතනවා අයියේ.. ඔහොම්ම ශේප් එකේ 100ටත් යමු.. තව තව උපසිරැසි කරන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා..

  9. Subhashini88

    50 වෙනි උපසිරැසියට සුභ පතනවා. ඉක්මනින්ම අනික් කඩයිම් සේරමත් පහු කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. :) :)

  10. malithmadhushan45

    50 වෙනි උපසිරසට සුබ පතුම් අයියේ. ලයින් 2000 ගානක් වගේ ගහනව කියන්නෙ මාර ගේමක්. ඔයාගේ සබ් නම් සුපිරි තමා. ඉක්මනට 100යත් ගහමු අයියේ. තවත් සුහද හමුවකින් සෙට් වෙමු ඉස්සරහට.

  11. Hemantha De Silva

    50 වෙනි පුණ්‍ය කර්මයට සුභ පැතුම් ශශිත්....
    ජයවේවා...

  12. Kavinu

    තෙළෙඟු බැලෙනවා අඩු වුණාට මොකෝ බලපු බාගයකම සබ ඔයාගේ....
    ඒකෙත් මුලින්ම Geetha Govindam
    කාලයක් දතකට මැදගෙන ඉඳලා හොඳම හිට් එහෙකට සබ දෙන මනුස්සයනෙ ඉතින්
    සබ් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ!! බලපු එවුන් දනිති!!!
    50වෙනි උපසිරැසියට සුබ පැතුම්.... රශ්මිකා මන්දන්නෑ..!
    බලන්නම හිතාගෙන ඉන්න ෆිලුමක් තමා ඉතින්,
    ජය වේවා!!!

  13. Asitha.pramoth

    බොහොම ස්තුතිය සහෝදරයා

    1. Lahiru karunarathna

      Film eka nm hodai... Actor nm anthimai melo rahak na acting..

  14. Anonymous

    තද කොර එකක් වගේ.
    රස්මිකා ඉන්න නිසා සහ සදේ ගෙ සබක් නිසාම ගන්නවා.
    නැත්නම් තෙලිගු බැලෙන්න්න්‍ර් නැති තරම්
    ගීතා ගෝවින්ද්ම් නම් පට්ට. ඒකනෙවි. 50ට සුභ පැතුම්. 100 200 300 400 500 600 700 800 දක්වා යමු. ඊටපස්සෙ ඇති අප්පා. මාත් ඒ ගානි๬ වගෙ නවත්තන්න ඉන්නෙ.
    අහ්හ්, අනික... 50 උපසිරැසි කඩයිම ඉක්මනින්ම පහුකරපු කෙනාලු...
    ටිකක් කාල වකවානුට්‍ බලලා ඇවිත් දොඩන්න පෙන්ස්.
    ජයවේවා!!

    1. එල්.සී. දමැල්

      Asiri ?

    2. තාරක නුවන් දිල්හාර

      හැංගිලා ඇනෝනමස් නම් වලින් කමෙන්ට් දැම්මට වල්ගේ පේනවා... :D :D

  15. දහරා මුතු අමා

    50ට උණුසුම් සුබ පැතුම් මල්ලි.
    ඒ වගේම ඉක්මනින් අනිත් කඩයිම් පහු කරන්නත් ශක්තිය ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.

  16. Anonymous

    Thanks saho

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) 50වෙනි සබ් එකට හදවතින්ම සුබ පතනවා ඉක්මනින්ම 100වෙනි සබ් එකෙනුත් හම්බෙමු බ්‍රෝ :)
    ජය වේවා.!

  18. එල්.සී. දමැල්

    නියමයි සහෝ. උණුසුම් සුභ පැතුම් 50 වෙනුවෙන්!
    ලේසි වැඩක් නෙමෙයි කරලා තියෙන්නෙ. මං හිතන්නේ ලයින් 2000+ තියෙන උපසිරැසි නේද ගොඩක්ම කරල තියෙන්නෙ? ඉතින් උපසිරසකරණය දිගටම කරගෙන යන්නත් ජීවිතේ අනිත් වැඩකටයුතුත් සාර්ථකව කරගන්නත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...100ත් පුලුවන් ඉක්මනින් ගහමු නිවාඩුවත් ප්‍රයෝජනයට අරං :p
    ජය... :) ✌

  19. PaSindu MaDumal

    සුබ පැතුම් සදේ අයියා..! ඔයා කරපු හැම එකක්ම වගේ බැලුවා අහ්. 50 වෙනි කඩයිමට සුබ පතනවා. 100ත් ළගදිම ගහමු. බුදුසරණයි. ️

  20. Prabodha

    Congratulations bro 50th subtitle ....

    1. Mayura Suraj

      සුබ පතනවා සඳේ 50වෙනි සලකුණ වෙනුවෙන්.
      49 ට දුන්නු බෙංගාලි එකෙත් කමෙන්ටුවක් දැම්මට සබ්මිට් කරන්න අමතක වුනා. බෙංගාලි ඒවත් අපිට ලබාදෙනවට පිං... මේක ගැන කතා කරොත් රස්මිකාව නම් පේන්න බෑ. ඒක වෙනම කතාවක් ඊලඟ කඩ ඉමට ඉක්මනින් ළඟා වෙන්න කියලා පතනවා. ජයවේවා!

  21. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම පලවෙනි කඩඉමට සුභ පතනවා.! තව කෙනෙකුගේ සිනමා රසවින්ඳනය වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරමින් කරනා වූ මහඟු මෙහෙවරට ඔබගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථකම වේවා.! ඉතා ඉක්මණින් අනිකුත් කඩඉම් කරා යන්න ලැබේවා.!

  22. Shani perera

    Film එක ආසාවෙන් බලන්නේ ඔයාලගෙ උපසිරැසි නිසයි. අර්ධ ශතකයට සුභ පැතුම්.

  23. ඔෂද ධනංජය

    සුභ පැතුම් සහෝදරයා ! දිගටම උපසිරස කරන්න ශක්තිය ලැබේවා

    1. Anonymous

      සුභ පැතුම් සහෝ.

  24. සම්පත්

    සුබ පැතුම් මචං දිගින් දිගටම සාර්තකව ඉදිරියට යන්න ලැබෙවා කියල ප්‍රර්තනා කරනව..ෆිල්ම් එක බලන්න බලාගෙන හිටිය එකක්.

    1. Madhura

      Mchn film eka download krgnna link ekk dapamko

  25. තාරක නුවන් දිල්හාර

    සුභ පැතුම් ශසිත් 50 වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන්...
    ඉක්මනින්ම ඔය 50ට ආපු ලෙජන්ඩ්‍රි හාදයව අල්ලන්න නම් එකෙක් තාම ඉපදුන් නැහැ මේකේ.
    ටිකක් ඉතිහාසය බලල ඇවිල්ල දොඩන්න පෙන්ස්! :D
    කෝම උනත් බොහොම ස්තුතියි 50 වතාවක් තවකෙකු වෙනුවෙන් කැපඋනාට..
    ඉදිරියටත් උපසිරැසි කරන්න අවශ්‍ය හැකියාව, කාලය, හැමදේම ලැබෙන්න කියල පතනවා.
    බය වෙන්න එපා. මේක ගීතා ගෝවින්දම් වාර්තා බිඳ හෙලයි.
    රශ්මිකා මන්ද මන්දන්නෑ නං එච්චර අල්ලන්නැහැ ළඟකදි ඉඳන්.
    නිතින් නිසාමයි මේක බලන්නේ.
    ස්තුතියි සබට. මේන් ගත්තා...
    ඉදිරි උපසිරැසි වලින් හමුවෙමු..
    ආයෙත් දවසක සෙට් වෙමු!
    ජය!!!

  26. Gathsara Umesh

    බොහොම ස්තූතියි අයියේ.....
    50 හදවතින්ම සුබපතනවා...
    100න් හමුවෙමු.....

  27. -චානක ඉඳුනිල්-

    50 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් ශසිත් අයියේ,
    තෙලිඟු අසා ලිවීම කරන්න පුලුවන් කීප දෙනාගෙන් කෙනෙක් නිසා සයිට් එකට ගොඩක් වැදගත් කෙනෙක්,
    ඒ වගේම ඉතින් තෙලිඟු කාණ්ඩයේ නිතරම දකින්නට ලැබෙන ඩයල් එකක්,
    බයිස්කෝප් පවුලේ මට මුනගැහුනු හොද මිත්‍රයෙක්,
    50න් නැවතිලා බෑ මේ වේගෙන්ම 100ටත් යමු(විහිලුවක් හොදේ...),
    උදව්වක් ඉල්ලුවොත් බැහැයි නොකිය කරල දෙන චරිතයක්,
    අනාගත වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!

  28. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  29. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  30. basura indrachapa

    50 වැනි කඩඉම පසු කිරීමට සුභ පැතුම්.
    ජයෙන් ජය!!!

  31. tharidu16

    ස්තූතියි මචො...........

  32. SithiJa PraDeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි !
    50 වන උපසිරැසි ගැන්වීමට අපෙන් උණුසුම් සුබ පැතුම් ♥

    ^අපිටත් තෙලිඟු කියාදෙන්නකො

  33. #ChalinduDeshan (kinaa)

    පනස් වෙනි උපසිරැසියට සුභ පැතුම් මචං. සීයත් ගහමු. ජයවේවා...!

  34. prasa

    thank bro anakan balagena hitapu flim akak thankkkkkkk

  35. ප්‍රදීප් රවින්ද්‍ර

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ. සබ් කරන අයතමයි ඒකෙ කට්ට දන්නේ. මගේ හැම උපසිරැසියකටම වගේ කමෙන්ට් කරන කෙනෙක් ඔයා.සුබ පැතුම්!

  36. Chirantha Deshapriya

    _50 වෙනි කඩයිමට සුබ පැතුම්_

  37. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  38. Gayan

    සබ් එකට බොහොම ස්තුතියි
    ඊලග එකත් ඉක්මනට දෙන්න.

  39. ලහිරු ප්‍රසාද්

    පළවන කඩයිමට මගෙනුත් සුබ පැතුම් මචෝ.
    උබේ සබ් කීපයක්ම මාත් බලලා තියනවා ඒවගෙ ගුණාත්මක බව උපරිමයෙන්ම තියනවා මචං.
    එහෙනම් ඊලඟ කඩයිම් වලටත් හෙමින් හරි යන්න සුබ ප්‍රාර්ථනා කරනවා.
    ජය!

  40. Anonymous

    good luck brother keep it up love u

  41. Anonymous

    thanks sahoooooooooooooo

  42. gihan perera

    උණුසුම් සුභ පැතුම් මචං 50ට.... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....තවත් උපසිරැසි කරන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි...ජය වේවා.....

  43. Anonymous

    wish u all the best for your career..thank u vry much

  44. santhusha319

    thanks bro

  45. සනිඳු ලක්ඛිත

    50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ...උපසිරස 50 කරලා තියෙන්නෙත් ලේසි ෆිල්ම් වලට නෙමෙයිනේ. ඉන්දියන් ෆිල්ම් වල ලයින්ම කීයක්නම් තියේද..ඒක නිසා පනහ සීයක් වගේ වටිනවා. මේ උපසිරසටත් බොහොම ස්තූති සහෝ...ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..දිගටම උපසිරස අරන් එන්න...ජය වේවා..බුදුසරණයි..!

  46. sahan.perera

    Thank you..

  47. isuru srinath sjs

    එහෙනම් 50ත් ගැහුවා නේද..?? හදවතින්ම සුබ පතනවා සහෝදරයා 50 වෙනි සිංහල උපසිරැසිය වෙනුවෙන්.. අනික දීලා තියෙන්නෙත් සුපිරියක්ම තමයි.. දිගටම සබ් දෙමු පුලුවන් විදියට.. ජයම වේවා මචෝ.!!

  48. Jayasanka

    50 ට සුබපැතුම්. ඉක්මනට 100 වෙනි කඩඉමත් පසු කරන්නට ලැබෙවා.

  49. ROSHEN MALINDA

    50 weni sub ekata subapathum/ HASEENA 2018 hindi movie ekata sub denna puluwanda

  50. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    50 වැනි උපසිරසියට සුභ පැතුම්

Load more comments