Watch Trailer

Friday the 13th Part III (1982) Sinhala Subtitles | භීෂණයේ තෙවන පියවර… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ !!!! ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසිරැසියත් අරගෙන ඉක්මනටම ආවා. ඒ Friday the 13th part III.පෙර නිකුත් කල පළමු කොටසට සහ දෙවන කොටසට ලබාදී තිබූ ප්‍රතිචාරවලට බොහොම ස්තූතියි. සමහර අය උපසිරැසි ඉල්ලා චිත්‍රපට වගයක් නම් කරලත් තිබුණා. ඉතිං ඔයාලට ඕනේ එවැනි විවිධ වර්ගයේ චිත්‍රපටවලට උපසිරැසිද ?…

ආයුබෝවන් යාළුවනේ !!!! ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසිරැසියත් අරගෙන ඉක්මනටම ආවා. ඒ Friday the 13th part III.පෙර නිකුත් කල පළමු කොටසට සහ දෙවන කොටසට ලබාදී තිබූ ප්‍රතිචාරවලට බොහොම ස්තූතියි. සමහර අය උපසිරැසි ඉල්ලා චිත්‍රපට වගයක් නම් කරලත් තිබුණා. ඉතිං ඔයාලට ඕනේ එවැනි විවිධ වර්ගයේ චිත්‍රපටවලට උපසිරැසිද ? නැත්නම් මෙම කථා මාලාවේ ඉතිරි කොටස්ද? මට ඕන දේ දෙනවට වඩා, ඔයාලට ඕන දේ දෙන්නයි මම නම් කැමති. ඉතිං වැඩි විස්තර කතා නොකර මම මේ චිත්‍රපටය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.

මම මුල් චිත්‍රපටයෙදි කිව්වා වගේ චිත්‍රපට 8 කින් යුත් මෙම චිත්‍රපට කතා මාලාවේ තෙවන කොටස තමයි මේ. මේ කථා මාලාවේ ප්‍රධාන චරිතය වන ජේසන්ට ආවෙනික වූ හොකී ක්‍රීඩාවේදි භාවිතා කෙරෙන ආරක්ෂිත මුහුණු වැස්ම පළඳින්නට ආරම්භ කරන්නේ මෙම කොටසේ සිටයි. එම මුහුණු වැස්ම ගැන මුලින්ම කීවේ, එය මෙම චිත්‍රපට මාලාවට අනන්‍යතාවයක් ලබා දුන් හෙයිනි.

අළුත් ඇඳුම් හොරකමේ යන ජේසන් එම වෙළඳ සැල් හිමියාවත් ඔහුගේ බිරිඳවත් ඉතා අමානුෂීක ලෙස කපා කොටා ඝාතනය කරයි. ඒ අතර තුර ක්‍රිස් නමැති තරුණිය සිය මිතුරු මිතුරියන් පිරිසක් සමඟින් ඇයගේ දෙමාපියන්ට අයත් අතහැර දැමූ නිවාඩු නිඛේතනයට පිවිසෙන්නේ විනොදයෙන් සති අන්තයක් ගතකිරීමේ අදිටන පෙරදැරිවය. ඊට වසර දෙකකට පෙර ගුප්ත, විරූපී පුද්ගලයෙකු විසින් ඇයව මරා දැමීම තැත් දරන්නේද ක්‍රිස්ටල් ලේක් කඳවුරු භූමියට ආසන්නව පිහිටි මේ ක්‍රිස්ගේ පවුලට අයත් මෙම භූමි ප්‍රදේශයේදීම වීමද විශේෂත්වයකි.

ඔවුන්ට සතුටින් එහි කාළය ගත කරන්නට ජේසන් ඉඩ දුන්නාද? ජේසන්ගේ පලි ගැනිමේ පාපතර ආශාව සංසිඳුනාද? වැඩි විස්තර දැන ගැනීමට මෙම චිත්‍රපටය නරඹන්න. හැකි නම් මෙම චිත්‍රපටය නරඹා comment එකක් දෙන්න. ඔබ සැමට ජය ශ්‍රී !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07

Subtitles by

චමිත් මදුරාගොඩ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

0 comments

No comments yet.