ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්‍රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්‍රපටය සටන්, ආදර යන වර්ගීකරණයන…

ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්‍රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්‍රපටය සටන්, ආදර යන වර්ගීකරණයන්ට අදාල වනවා.

හරි අපි දැන් කතාව ගැන ටිකක් බලමු. මේකේ ඉන්න සුපිරි නළු සල්මන් ඛාන් මෙහි රඟපාන චරිතය වෙන්නේ ඉංදියානු රහස් ඔත්තු සේවයක නිලධාරියෙක් විදිහට. ඔහුගේ නම තමයි ටයිගර්. මොහුට මෙහෙයුමක් ලැබෙනවා අයර්ලන්තේ ඉන්න මහාචාර්යය වරයෙක් ගැන සොයන්න. මොකද මේ මහාචාර්යය වරයා ලඟ තියෙන දැනුම සොරා ගැනීමට පකිස්ථානුවක් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරලා කියලා මොවුන්ට දැනගන්න ලැබෙනවා. ඉතිං මේ මෙහෙයුමට යොදවන්නේ ටයිගර්ව. එහෙදි ටයිගර්ට මුන ගැහෙනවා කත්‍රිනාව, ඒ කියන්නේ සෝයා. එයා වැඩ කරන්නේ මහාචාර්යයතුමාගේ ගෙදර. ටයිගර් සැලැස්මක් හදනවා සෝයාගේ මාර්ගයෙන් මහාචාර්යයවරයට ලං වෙන්න. නමුත් ඇත්තටම සිදුවෙන්නේ සල්මන්, ඒ කියන්නේ ටයිගර්ට සොයා ගැන ආදරයක් ඇති වෙනවා. ඔතන ඉදන් කතාව වෙනස්ම පැත්තකට පෙරලෙනවා. ඒ මොකක්ද කියලා ඉතිං බාගෙන බලන්න තමයි වෙන්නේ.

ඉතිං එහෙනම් තවත් බයිස්කෝප් එකක් සිංහල උපසිරැසි එකක් ගෙන එන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. එතෙක් සැමටම බුදු සරණයි. ආහ් තව එකක් මේ කරන වැඩේ ගැන පොඩි හරි අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා. හැමෝම අරගෙන බලන්න. මේ අවුරුද්දේ ආව තවත් පට්ට හිංදි බයිස්කෝප් එකක්. හැමෝටම ජයවේවා. 

අහිංසක හිත්නේ 🙂

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

13,038 downloadsDownload Ek.Tha_.Tiger_.2012.SinhalaSubs.Baiscopelk.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-19

Subtitles by

ධනුෂ්ක | ධනා

Subtitles

13,038 downloadsDownload Subtitles66 KB

2 comments

  1. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. anuradha

    plz update br