Watch Trailer

Friday the 13th: The Final Chapter (1984) Sinhala Subtitles | භීෂණයේ සිව්වන පියවර… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ !!!!! ඔන්න නැවතත් මගේ සිව්වන උපසිරැසියත් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න ආවා. මුලින්ම මම ඔයාලට ස්තූති කරන්න කැමතියි මගේ පසුගිය ලිපිවලට ඔයාලා දැක් වූ ප්‍රතිචාරවලට. මේ චිත්‍රපටවලට කැමති අයට දිගටම සියළුම කොටස් සඳහා උප සිරැසි ලබාදෙන බවට නැවතත් මම පොරොන්දු වෙනවා. අනෙක් අය සඳහා වෙනස් තේමාවන් සහි…

ආයුබෝවන් යාළුවනේ !!!!! ඔන්න නැවතත් මගේ සිව්වන උපසිරැසියත් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න ආවා. මුලින්ම මම ඔයාලට ස්තූති කරන්න කැමතියි මගේ පසුගිය ලිපිවලට ඔයාලා දැක් වූ ප්‍රතිචාරවලට. මේ චිත්‍රපටවලට කැමති අයට දිගටම සියළුම කොටස් සඳහා උප සිරැසි ලබාදෙන බවට නැවතත් මම පොරොන්දු වෙනවා. අනෙක් අය සඳහා වෙනස් තේමාවන් සහිත චිත්‍රපට ලබා දෙන්නත් කටයුතු කරගෙන යන බවත් සතුටින් මතක් කරන්න කැමතියි. ඊලඟට එවැනි චිත්‍රපටයක් අරන් එන්නයි මගේ අදහස. එහෙනම්, මම සිව් වෙනි කොටස ගැන කෙටි හැඳන්වීමකට යන්නම්.

මෙය Friday the 13th part 4 ලෙසත් Friday the 13th (The Final Chapter) අවසන් පරිච්ජේදය යන දෙආකාරයෙන්ම හඳුන්වනවා. මෙම චිත්‍රපටයේ නිර්මාණකයින් මෙම කොටසින් පසුව මෙම චිත්‍රපට මාලාව අවසන් කරන්නටයි කලින් කටයුතු සූදානම් කරගෙන සිටියේ. නමුත් මේ සඳහා ඇති ඉල්ලුමත් ලැබෙන ආර්ථිකවාසිත් සලකා බලා නැවත චිත්‍රපට මාලාව දිගු කරන්නටත් කටයුතු කළා.

දැන් මේ කොටස ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. ජේසන් මැරුණා යයි අනුමාන කළ බලධාරින් ඔහුගේ මෘත දේහය එක්තරා මෝචරියකට ගෙන ගියා. ආස්චර්‍යමත් ලෙස එහිදී නැවත පණ ලැබූ ජේසන් හෙවත් මිනිමරන්නා එහි සිටි වෛද්‍යවරයෙකු සහ ඔහුගේ සහය හෙදියක මරා දමා නැවතත් ක්‍රිස්ටල් ලේක් කඳවුරු භූමියට ඇතුල් වෙනවා. මේ අතර තවත් තරුණ පිරිසක් ජේසන්ගේ මවගේ සොහොන් බිම පසුකරමින් වනයේ ඇති කුලී නිවසකට පැමිණෙනවා. අසල්වාසි නිවාසයේ ජීවත්වන මවක, සිය දියණිය සහ පුතනුවන් ඔවුන්ගේ පැමිණීම පිළිබඳව සතුටු වෙනවා…….

නමුත් ඒ සතුට වැඩි කාලයක් රඳා පවතින්නේ නැත. මක්නිසාදයත් මිලෙච්ජ මිනීමරු ජේසන් නැවතත් ක්‍රියාතමක වූ නිසාය. තරුණ පිරිස මෙයට මුහුණ දෙන්නේ කෙසේද? ඔවුන් විනෝද වන්නේ කුමන ආකාරයන්ගෙන්ද? ජේසන් මෙවර පරදීද? මේවාට පිළිතුරු සෙවීමට මෙය නරඹන්න. තවද, නැවතත් මෙය වැඩි හිටියන්ට වඩාත් සුදුසු එකක් යයි අවධාරණය කරමින් අදට සමුගන්නවා. ආයුබෝවන් !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07

Subtitles by

චමිත් මදුරාගොඩ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

0 comments

No comments yet.