ග්‍රින්ගෝ කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් ග්‍රාම්‍ය විදියටත් පෘතුග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය විදියටත් පිටරැටියා කියන තේරුම තියෙන වචනයක්. අනික සාමාන්‍යයෙන් ඒක වැඩි පුරම යෙදෙන්නේ එක්සත් ජනපද ජාතිකයින්ව හඳුන්වන්න. මොකද විශේෂයෙන් දකුණු ඇමරිකානු මහද්වීපයේ රටවල ඉන්න ජනතාව ඇමරිකානුවන්ට ඇමෙරිකානුවන් කියන්න කැමති නැ…

ග්‍රින්ගෝ කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් ග්‍රාම්‍ය විදියටත් පෘතුග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය විදියටත් පිටරැටියා කියන තේරුම තියෙන වචනයක්. අනික සාමාන්‍යයෙන් ඒක වැඩි පුරම යෙදෙන්නේ එක්සත් ජනපද ජාතිකයින්ව හඳුන්වන්න. මොකද විශේෂයෙන් දකුණු ඇමරිකානු මහද්වීපයේ රටවල ඉන්න ජනතාව ඇමරිකානුවන්ට ඇමෙරිකානුවන් කියන්න කැමති නැහැලු. මොකද එයාලත් ඉන්නෙ ඇමෙරිකනු මහද්වීපයේම නම් එක්සත් ජනපදයේ අයට විතරයි ඇමරිකානුවන් කියන්නෙ මොකටද කියලා එම ජාතිකයින් අහනවලු.
ඒත් ඒක මොකටද අපිට නේද? මට ඔය වචනේ තේරුම හොයන්න හිතුනේ මේ චිත්‍රපටිය බැලුවට පස්සේ. පෞද්ගලික ජීවිතයේ හැසිරීමට මම එතරම්ම කැමැත්තක් නොදැක්කුවත් චිත්‍රපට නිර්මාණකරනයේ මම ආස කරන චිත්‍රපට අතරට ගැනෙන Braveheart (1995), Apocalypto (2006), The Passion of the Christ (2004), The Patriot (2000) යන චිත්‍රපට වලට දායක වෙච්ච මෙල් ගිබ්සන් රඟපාන නියම චිත්‍රපටයක් නිසා උපසිරැසිත් සමඟින් මේක ඔයාලට දෙන්න මම තීරණය කලා.. පඳුර වටේ තැලුවා ඇති. දැන් බහිමු කතාවට.
මෙල් ගිබ්සන් කියන්නෙ දක්ෂ හොරෙක්. කතාව පටන් ගන්නෙ මැරවරයෙක් ගෙන් මිලියන 2ක් උස්සලා පැනලා යන දර්ශණයකින්. තම සගයටත් වෙඩි වැදිලා. ඒ මදිවට පොලිසිය පස්සෙන්. දැන් මෙයා ඉන්නෙ මෙක්සිකානු-ඇමරිකානු දේශසීමාව අසල. කොහොමහරි අන්තිමේ කාර් එක නතර වෙන්නෙ මෙක්සිකානු භූමියේ. සල්ලි වලට ලෝබ හිතෙන මෙක්සිකානු ආරක්ෂකයින් මෙයාව අරගෙන බොරු චෝදනාවලට හිරේට දානවා. හැබැයි ඒක හිරගෙයක් කිව්වට හිරගෙයක්ම නෙවෙයි. අමුතුම එකක්. එතන කොහොමද, එතනින් පනින්න සැලසුම් කරන්නේ කොහොමද, යන්නෙ කියන එක බාලම බලන්නකෝ. Prison Break කථාමාලාව බලපු අයට නම් ටිකා..ක් විතර සමාන කමක් දැනේවි මෙල් ගිබ්සන්ගේ චරිතය.
විශේෂ ස්තූතිය යන්න ඕනා මේක ගැන මට කියපු වාසල සහෝට වගේම සබ් එක දාන්න මාව පොළඹවපු විකියා සහෝට. හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
93 comments
මංජුල
DINUKA
ela ela.udenma niyama movie ekak wage.banna demma.sthuthi saho sinhala sub walata.
හොට්ටා
නියමයි මේක බලන්නම ආසාවෙන් හිටිය ෆිල්ම් එකක්.මේල් ගිබ්සන් ඉන්නවා නම් කොහොමත් අයෙ කතා 2 කක් නෑ
පට්ට රොයිලි සහෝට ඉස්තූතියිelakiri
එල කිරි සුපිරි ෆිල්ම් එකක් වගේ. ජය වේවා!!!!!
වෙනුර
ජය වේවා....පට්ට ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එකට ඉස්තූතී ගොඩාක්..
ganidu
තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න ඉස්තූතියි
දනුක
අඩේ මේක සබ් එක්ක දීලා නේ... නියමයි මම ආසාවෙන්ම බලන්න උන්නු එකක්.බොහොම තුති
රොයිලි :)ccnp
thanks royli
Isuru Sampath
එල එල පොඩි නමුත් එල කොපියකුත් දමල හින්ද බාන්ඩ හිතෙනවා...
තෑන්ක්ස් මචන් සබ් එකට...
ඒ වගේම මේ ගැන මතක් කල විකී අය්යාටත් බොහොම ස්තූතියි ආ..
ජය වේවා...kalinga
මොකක්ද කොල්ලෝ කමෙන්ට් පාරක් වත් දාපල්ලකෝ රොයිලියා කට්ට කාලා දාපු එකට..
බොහොම ඉස්තූතියි රොයිලි.ඔන්න බාන්න දැම්ම
uda
රොයිලියෝ මොකෝ දැං කියන්නේ, මං කිව්වෙ බොරු නෙමේ නේද?(ගිය පාර)
මේ පාරත් ඒකම තමා කියන්න වෙන්නේ! තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා.උඹට දවසට පැය කීයක් තියෙනවද බං?
හෙහ් හේ........
එළ එළ!
බොහොම පිං හොඳේ මේක දුන්නට, මංනං හිතුවේ මේකනම් දෙන්න වෙන එකක් නැතෙයිමයි කියලයි. ඒත් ඉතිං රොයිලියා වැඩේට බැස්සොත් එහෙම... හා නැද්ද හා.....??aff
maru machan thnxx
f_live
මැක්සා...මෙන්න පට්ට ෆිල්ම් එකක්.මේකට නියම රේටින් තියෙන්නේ.අනිවා බලනවා
උදාර
මෙන්න අලුත්ම එකක් සබ් එකක් දීලා.මචං මෙහෙම අලුත් කියලා දෙන්නම් වාලේ නොදී ඇත්තටම කතාවක් හොද රේටින් තියෙන එකක් දීම වැදගත් මගේ නම් මතය අඩුම 5.9 වත් තියෙන්නේ ඕනේ .
ඉස්තූතියි රොයිලි :)
dj
එල මචෝ ඉස්තූතියි ... සුපිරි ආ.....
කැළුම්
පංකාදුයි මචං රොයිලි වැඩේ ඔයා දුන්නොත් අනිවා සුපිරි එකක් තමයි.මගෙත් ප්‍රියතම නළුවෙක් තමා මොහු..
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!!nuraj
thanks supiri,math asama naluwek thamai
lokka
Thanks... Thanks....Thanks very much saho sinhala subwalata....
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa...,,
jayaweawa....Wasanaweawa...,,,,,,Pinsiduweawa....fizal
maxxxa thnxxxx :) :D ;)
mihin ලංකා
එලස් බොහොම ඉස්තූතියි රොයිලි සහෝට.\\\
xEX
ජය වේවා බයිස්කෝප් එකට දිගටම සබ් දෙන්න මේ වගේ ඒවාට
bbb
THNXXXXX
Nimal
බොහොම ඉස්තූතියි රොයිලි
samaith4
ශා ලස්සන ෆිල්ම් එකක් අද දීලා තියෙන්නේ නියමයි දිගටම මේ වැඩේ කරගෙන යමු
iwyvally
Thanks
chamara
Maxxa oya deela thiyenne niyama akak
sampath....
Wow..thnxxx
rss
Good film thanks share ;-)
නාමල් ජවින්
ටොරන්ට් එකක් දෙනකොට පොඩ්ඩක් හොයල බලලා දෙනවනම් හොඳයි නේද . මේ ටොරන්ට් වල සීඩ්ස් නෑ.ස්පීඩ් ඒක බොහොම අඩුයි. සීඩ්ස් නැති ටොරන්ට්ස් දෙනවනම් , අඩුම තරමේ ඩිරෙක් ලින්ක් වත් දෙන්න
sumudu
Ada light na hugak pathi walata mamath awe 4n aken.. :-( thnx kollo.ada comment dannawath kattiya naththey akai.
chamila
ela...
[DiN3sH]
ස්තූතියි රොයිලි අයියා..
Chandana
Prison Break eka wagenam maruwata ati. mamath download wenda damma . thankx macho.
eranga
Light na epa weno....thnx sub akata
කැලුම් ගුණසේකර
කියලා වැඩක් නෑ ඉතින් මේ ගැන. ෆිල්ම් එක ගත්තට සබ් එකක් එනකන් බලන් හිටියා. වෙලාවක් හොයා ගන්න එක තමා වැඩේ මේක බලන්න. නියම වැඩක් රොයිලි සහෝ. එළ. ජයවේවා ... :D
නිෂූ
ඔන්න එහෙනම් ජයවේවා කිවුවා ! බාන්න දැම්මා !
Asela
Patta Film eka....Thankz Bro.....
sura
ela machan mel gibson innawa kiyanne maru
මහිම
ela elaa
Vidush
patta pata pata machan aniwa balanawa,thanx sahooooooooooo
සිංහලයා
මෙල් ගිබ්සන් නේද ඉන්නේ..එල මචං රොයිලි දිගටම සබ් දෙන්න ඔන්න
MXX
පට්ට මචං සුපිරි ෆිල්ම් එකක් නොවැ මේක :)
ns
බොහොම ස්තුතියි...
ymail
වෙනදා වගේම වෙනස්ම සුපිරි පහරක් :) බොහොම ඉස්තූතියි රොයිලි වාසල විකියා :) ජයම වේවා බයිස්කෝප් එකට
සරදියල්
පට්ට හොදේ මම හොයා හොයා හිටිය බයිස්කෝප් එකක් අපේ ලොක්කා නේ ඉන්නේ රොයලිට බොහොම ඉස්තූතියි
quit
thnx maacho :)
Sha
Thankzzzzzzzzz රොයිලි aiya sinhala sub 1a dunnata :)
Danma danawa onna down wenna :)
Jayawewaaaaaaaaaaaaa :D
ශ්‍යාමල්
පට්ට පට්ට රොයිලි දිගටම සබ් දෙන්න ඔන්න ඉස්සර වගේ
shiwantha
elakiri thanx machan :D
සුමුදු
බයිස්කෝප් එකෙන් දුන්නොත් අයෙ සුපිරි අනිවා දැන්ම බානවා :)
රොයිලිට ඉස්තූතියි :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට නේ අයෙ ලොවෙත් නෑ ....
බොහොම පින් රොයිලි අයියා :)