එක්තරා දේශයක ඇල්කෙමි කියන, යම් දෙයක් පරිවර්තනයට යොදාගන්න, පෞරාණික ගුප්ත විද්‍යාවක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක ගොඩක් දියුණු විද්‍යාවක්. එඩ්වඩ් එල්රික් කියන්නෙ මේ කතාවේ ප්‍රධාන චරිතය. එයයි එයාගෙ මල්ලි අල්පොන්සෙ එල්රික් අම්මත් එක්ක ජීවත් වෙන්නෙ නගරෙන් එහා තියෙන රිසෙම්බුල් කියලා ගමක. එයාලගෙ තාත්තත් දක්ෂ…

එක්තරා දේශයක ඇල්කෙමි කියන, යම් දෙයක් පරිවර්තනයට යොදාගන්න, පෞරාණික ගුප්ත විද්‍යාවක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක ගොඩක් දියුණු විද්‍යාවක්. එඩ්වඩ් එල්රික් කියන්නෙ මේ කතාවේ ප්‍රධාන චරිතය. එයයි එයාගෙ මල්ලි අල්පොන්සෙ එල්රික් අම්මත් එක්ක ජීවත් වෙන්නෙ නගරෙන් එහා තියෙන රිසෙම්බුල් කියලා ගමක. එයාලගෙ තාත්තත් දක්ෂ ඇල්කෙමි විද්‍යාඥයෙක්. තාත්තා එයාලව දාලා ගියාට පස්සෙ මේ දෙන්නා තනියෙම ඇල්කෙමි පුරුදු වෙනවා. ඒත් මේ දෙන්නගේ අම්මා වසංගතය නිසා මැරෙනවා. මේ නිසා දුක් වෙන එල්රික් සහෝදරයෝ අම්මව හදන්න ඇල්කෙමි යොදාගන්නවා. ඒත් මේකෙ වෙන වැරැද්දක් නිසා මල්ලිගෙ ඇඟයි එඩ්වඩ්ගෙ අතකුයි කකුලකුයි එයාලට අහිමි වෙනවා. අතුරුදහන් වුන මල්ලිගෙ ආත්මය කොහොමරි ළඟ තිබුන යකඩ ඇඳුමකට බද්ධ කරන්න එඩ්වඩ්ට පුළුවන් වුනත් එයාලගෙ ඇත්ත ඇඟවල් අරගන්න ලැබෙන්නෙ නෑ. වැරැද්ද නිසා නැතිවුන අතටයි කකුලටයි හරියන්න එයාලගෙ යාළුවෙක් වෙන වින්රි කෘතිම අතපය එඩ්ට හදලා දෙනවා. මේකත් එක්ක එඩ්ට ඕන වෙනවා මල්ලිගෙ ඇඟ ගන්න ක්‍රමයක් හොයාගන්න. මෙයාගෙ දක්ෂකම නිසාම අඩු වයසින් රජයේ නිල ඇල්කෙමි තනතුරකුත් ලැබෙන නිසා එයාට තවත් ලේසි වෙනවා ඇඟවල් ලබා ගන්න එක සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න. මේ යන ගමන අතර තුරදි එයාලා හොයාගන්නවා මායා ගල කියන පාෂාණයට හැකියාවක් තියෙනවා කියලා එයාලගෙ ඇඟවල් ලබාගන්න. මායා ගල හොයන්න පටන් ගන්න නිසා ගොඩක් කරදර වලට මූණ පාන්න එල්රික් සහෝදරයන්ට සිද්ධ වෙනවා. කතාව බලලම දැනගමු එයාලගෙ අරමුණ ඉෂ්ඨ කරගන්න එයාලට හැකියාවක් ලැබෙයිද කියලා.
මේ කතාවට පදනම් වෙන්නෙ හිරෝමු අරකාවාගේ ලෝක ප්‍රසිද්ධ Fullmetal Alchemist කියන චිත්‍ර කතා මාලාව. මේකෙ ඇනිමේටඩ් සීරිස් දෙකක් සහා තවත් ඇනිමේටඩ් ෆිල්ම් නිකුත් වෙලා තිබ්බත් මේක තමයි පලවෙනි ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක. මේ කතාව චිත්‍රකතාවට වඩා ගොඩක් වෙනස් වුනත් මූලික තොරතුරු ඒ විදියටම දැකගන්න පුළුවන්. චිත්‍ර කතාවටම සමාන සීරිස් එක Fullmetal Alchemist : Brotherhood කියන නමින් 2009 දි නිකුත් වෙනවා. මේකෙ සිංහල උපසිරසිත් ළඟදිම බයිස්කෝප් අඩවියෙන් ලබාගන්න හැකියාව ලැබෙයි. හරියටම කතාවෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න ඕන නම් සීරිස් එකත් බලන්න. මීට වඩා හොඳ ලිපියක් ඒකට සූදානම් කරලා තියෙන්නෙ. ගොඩක් නොතේරෙන තැන් විසඳගන්න පුළුවන් වෙයි. තව කියන්න ඕනෙ ෆිල්ම් එකට වඩා ගොඩක් ඇනිම් සීරිස් එක සුපිරියි කියලා. 😉
මේක දෙන්න හිටියෙ සීරිස් එකට සබ් දීලා, ඒත් අධ්‍යාපන වැඩ නිසා ඒක කල් ගියා, ඒත් මේ සතියෙ ඒකත් ඉවර කරන්න පුළුවන් වෙයි. බයිස්කෝප් කියන්නෙ හැමදාම අළුත්, පරණ ටීවී සීරිස්, ෆිල්ම් වලට හොඳම සබ්දෙන අඩවියක්. ඉතින් කාටත් කලින් මේ ෆිල්ම් එකට සබ් එක බයිස්කෝප් එකෙන්ම දෙන්න ඕන නිසා සීරිස් එකට කලින් ෆිල්ම් එක අරන් ආවේ. මේක නෙට්ෆ්ලික්ස් එකට ඇවිල්ලත් දවස් 5ක් වගේ වෙන්නෙ. හොඳ කොපියක් ආව නිසා ඉක්මණටම සබ් එක කළා. අඩු පාඩු තිබ්බොත් කියන්න. පුළුවන් තරම් ඉක්මණට තමයි සබ් එක කලේ. 👍

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
7,561 downloadsDownload Fullmetal-Alchemist-2017.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
44 comments
sam fisherr
AsithaDilruwan
elama saho thanks
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
geeganagamage
මේ වගේ ගොඩක් ලස්සන සුපිරි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට ගොඩක් ස්තුතියි කරනවා . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් නංගි
Navodani Thilini Sasanika
මම දීපු ඒවද download කරන්න බැරි.
Udara Damith Dissanayaka
එල
ටීවී එකේ
hd ඒවාටද සබ් දෙන්නේ
ඩවුන්ලෝඩ් කරලා තිය ගන්ඩNavodani Thilini Sasanika
ඔව් ඕන කොපියකට ගැලපෙනවා.
neo513
gd luck sis
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
SamiduT
උපසිරැසියට ස්තූතියි
Chamara Diaz
ඔබේ මහන්සියට තුති...~
amila heshan
Ela
Panther
Thanz sub akta
Nishanka
A silent voice, Your Name wage supiri anime film wala sub dennooo.
Nishanka
Mn qwe a wage thawath supiri film walata
Navodani Thilini Sasanika
මං දෙක තුනකට දීලා තියෙනවා සබ්, මගේ නමට ගිහින් බලන්න, හැබැයි ඒ වගේමද කියලනම් කියන්න බෑ, ලස්සනයි කියලනම් කියන්න පුළුවන්.
Navodani Thilini Sasanika
ස්තූතියි හැමෝටම !!
Navodani Thilini Sasanika
ස්තූතියි හැමෝටම !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!ranga11112
උපසිරැසියට ස්තුතියි සහෝ,
බුදු සරණයිKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sumi
nice work thanx a lot
malith
Thank you
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.wajira
THANKS FRO SUB
samathandi
thanks
nimanaka
thanks brother
Navodani Thilini Sasanika
Sister!
kasunkavinda
patta
shenal
thank you
baiscopedila
ela
farcry
thanks @@@@@
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Navodani Thilini Sasanika
ස්තූතියි හැමෝටම
Kaveen Gayath
Thank you for sub
gayanmagee
thanks
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Dhamma Wansa
Fatta thanku so much..
IreshSampath
thanks
Bhagyasingh
Akke attack on titan anime ekata sub dennako
ruchiralakmal
Thanks for the sub
Thilankadissanayake
thanks you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

anee man balana unnaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa