ඔන්න යාළුවනේ බෲස් ලී රඟපාපු අන්තිම බයිස්කෝප් එකත් උපසිරසි දාලා ගෙනාවා. මේක ගැන විශේෂයෙන් සඳහන් කරන්ම ඕනෙ. ඒ මොකද කියනව නම්, බෲස් ලී ගේ මරණයෙන් අවුරුදු 5කට පස්සෙ තමයි මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, මේ චිත්‍රපටයේ වැඩ කරගෙන යන අතරතුර තමයි මොළයේ ලේ කැටියක් හේතුවෙන් බෲස් ලී අකාලයේ ජ…

ඔන්න යාළුවනේ බෲස් ලී රඟපාපු අන්තිම බයිස්කෝප් එකත් උපසිරසි දාලා ගෙනාවා. මේක ගැන විශේෂයෙන් සඳහන් කරන්ම ඕනෙ. ඒ මොකද කියනව නම්, බෲස් ලී ගේ මරණයෙන් අවුරුදු 5කට පස්සෙ තමයි මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, මේ චිත්‍රපටයේ වැඩ කරගෙන යන අතරතුර තමයි මොළයේ ලේ කැටියක් හේතුවෙන් බෲස් ලී අකාලයේ ජීවිතයෙන් සමු අරගෙන තියෙන්නෙ. එයා නැතිවෙනකොට චිත්‍ර පටියේ ප්‍රධාන සටන් ජවනිකා ටික රූගත කරලා ඉවරකරලයි තිබිලා තියෙන්නෙ. ඉතින් බෲස් ලී විසින්ම ලියලා අධ්‍යක්ෂණයත් කරන්න හිටපු මේ චිත්‍රපටය බෲස් ලීගෙ මරණයත් එක්කම වැළලිලා යන්න නොදී Robert Clouse කියන හොලිවුඩ් අධ්‍යක්ෂක වරයා මැදිහත් වෙලා තමයි ඉතුරු ටිකත් සම්පූර්ණ කරලා බෲස් ලීට උපහාරයක් විදිහට 1978දි තිරගත කරවලා තියෙන්නෙ. මේකෙ බෲස් ලීට රඟපාන්න බැරිවුණ තැන් කිහිපයකට බෲස් ලීගෙ පරණ චිත්‍රපටි වල එයා පෙනීසිටින දර්ශන කපලා අරං සෙට් කරලා තමයි සම්පූර්ණ කරලා තියෙන්නෙ. හැබැයි ඒක හොයන්න බැරි සූක්ෂම විදිහට කරලා තියනවා.
බෲස් ලී තම ජීවිතයේ රඟදක්වපු අවසන් සටන් ජවනිකාව තියෙන්නෙ මේ චිත්‍රපටයේ වගේම ඒ සටනට එයා ඇඳපු කහපාට ඇඳුම අදටත් එයා වෙනුවෙන්ම ඉදිකරපු කෞතුකාගාරයක තැන්පත් කරලා තියනවලු. මේකෙ කතාව නම් බෲස් ලීගෙ සැබෑ ජීවිතයට ටිකක් ළඟයි. සුපිරි සටන් නළුවෙකුගෙ චරිතයක් තමයි මේකෙ බෲස් ලී කරන්නෙ. ඔන්න එහෙනම් යාළුවනේ බෲස් ලී ප්‍රධාන චරිතය රඟපාපු චිත්‍රපටි 5ම මම බයිස්කෝප් අඩවියට දුන්නා. අදහස් දක්වපු වගේම දිරිගන්වපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ වගේම බයිස්කෝප් සහෝලා සෙට් එකටත්
බොහොම ස්තූතියි. පුළුවන් වෙලාවට තවත් වටිනා නිර්මාණ අරගෙන එන්නම්. එහෙනම් ආයුබෝවන් කිව්වා….!
94754c49c37a1c64baf44f7a7211ccda479e2bee ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,354 downloadsDownload Game.of_.Death_.1978.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/dimuthulakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු ලක්ෂාන් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු ලක්ෂාන්
Subtitles
47 comments
Loshana
දිමුතු ලක්ෂාන්
ඔව් ඕව් සහෝ. මේකෙ 1:21:47 තැන ඉඳන් තමයි
බෲස් ලී මේ චිත්‍රපටය වෙනුවෙන් ඇත්තටම රඟපාපු ටික තියෙන්නෙ. ඊට කලින් ඔක්කොම එයාගෙ පරණ ඒවගෙනුයි KIM THAI JUNGවයි දාලා කරපුවා තමයි. thanks ජය !Ranjith
මේ ෆිල්ම් 05 ගැන යමක් කියන්න හිතුනා ... දැන් අවු 50 ඉන්න අය කොල්ලෝ කාලේ බලපු ඒවා .... ඒ කාලේ මේ 05 න්ඉ විශේෂයෙන් ම Enter.The.Dragon එකේ ස්ටිකර් ලොකු පොටෝ කොල්ලන්ගේ කාමර වල වැහි වැහැලා තිබුනා .... ඉතිං මේ එකතුව මේ විධියට දීපු එක නම් බොහෝම පිං .... snake in the egal shado..... එකතුවත් ඒ කාලේ හරි ජනප්‍රියයි. ඒ ටිකත් දෙනවා නම් බොහොම පිං .. මාත් ඒ කාලේ පිංතූර ගහගෙන හිටි කෙනෙක් .....
Loshana
ow bro.. meke anthima tika patta.. game of the death 2 eka nm melo rahak na.. mge athin uda cmnt eke "balanna epa" kiyna eka wnuwta type mistake wela "balanna ela" kiyla watila game of the death 2 ekath.. game of the death 2 nm blnnama epa.. meka hdai final fight eka nisa..
දිමුතු ලක්ෂාන්
:D
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........නලින්
නියමයි දිමුතු සහෝ!
චිත්‍රපටි සැට් එකම මාගව තියෙනවා.
සබ් දා ගෙන බලන්නයි තියෙන්නේ..
ජය වේවා!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ මේක දෙනකම් උන්නේ ,හැබැයි බ්රුස් ලී රඟ පෑ මේකේ දෙවැනි කොටසත් තියෙනවා, මේක දෙන්න බලන්න,
Game of Death II (1981)
Si Wang Ta (1981)
Tower Of Death (1981) ඔය නම් තුනෙන්ම හඳුන්වන්නේ එකම ෆිල්ම් එක, ඒ ගැනත් ලිපියේ සඳහන් කරන්නමෙන්න ටොරන්ට් එක
http://torrentz.eu/33533558e955115a0e1913049e84a469501cb949ඒ වගේම මෙන්න ඉංග්ලිෂ් සබ් එක
http://subscene.com/subtitles/game-of-death-ii-2-si-wang-ta…
හැබැයි සබ් එක සෙට් වෙන්නේ නැහැ ඔයාට ටයිම් ලයින් ටිකත් හදන්න වෙනවා, ලයින් 512යි තියෙන්නේ, පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා,කරන්න හැකිනම් අදහසක් දාන්න, නැත්නම් මම කරන්නම්, මේ කතා ටිකම ඔයා කල නිසා නොඅසා කරන්න හොඳ නැහැනේ.අනික තමයි Marlowe (1969) ෆිල්ම් එක.පිළිතුරක් බලාපොරොත්තු වෙමි,ජයවේවා.
දිමුතු ලක්ෂාන්
ස්තූතියි සහෝ දැනුවත් කිරීමට. Game of Death 2 එකේ රඟපාන්නෙ බෲස් ලී නෙවෙයි සහෝ. kim thai jung කියලා එයා වගේම කොරියන් නළුවෙක්. බෲස් ලීගෙ පරණ ෆිල්ම් වලින් කෑලිත් කපලා සෙට් කරලා තියනවා ඒකෙ සමහර තැන් වල. ඒක බෲස් ලී රඟපෑව තියා එයා දැනුවත්වවත් හැදුනු චිත්‍රපටියක් නොවන නිසයි මම ඒක මේ එකතුවට කළේ නැත්තෙ. Marlowe එක නම් බෲස් ලීගෙ තවත් හොඳ එකක් තමයි. ඒක බෲස් ලීගෙ චිත්‍රපටි රැල්ලට එකතුවෙලා නොතිබුණු එකක් වුණාට මට ඒකත් කරන්න හිතුනා. හැබැයි ඉතිං මට මේ දවස්වල ටිකක් වැඩත් වැඩියි. ඒක නිසා ඔයා කරනව නම් කරන්න සහෝ. කිසි අවුලක් නෑ. අනික අපි දෙන්නම දිමුතු ලා නෙ. :) :)
Loshana
Game of death 2 eke bruce lee nwe inne bro.. KIM THAI JUNG kiyna korean actor.. oyta hdta bluwoth therei.. bruce lee fight krddi kagahanne na gdak than wala.. anika face eka pddak blnna.. eka nodanenna krla thiynne.. bruce lee ge prna films wala scenes th thiyna nisa thamai eke main character bruce lee naminma yanne.. game of the death (1978) ekth final fight ekei film eke mula scenes walai inne real bruce lee. anith than wala korean actor.. meka blnna..
http://www.clonesofbrucelee.co.uk/kimtaijung.htmlදිමුතු තරංග ඉලුක්කුඹුර
එහෙමනම් මෙහෙම කරමු.ඔයා Marlowe එක කරන්න, මම Game of Death II (1981) එක දෙන්නම්, එහෙම හොඳයිනේ. එතකොට වැඩ දෙකම වෙනවා.
දිමුතු ලක්ෂාන්
අනේ සහෝ, ඔයා පුළුවන් නම් දෙකම දෙන්න. මොකද මම හෙන පත TV Series එකකටත් අත ගැහුවා. මට ඒක ඉක්මනට කරන්න වෙනවා. එහෙනම් වැඩේ පටන් ගන්න. ඉස්සරවෙලා Marlowe දෙන්න ඊළඟට Game of Death 2 දෙන්න. අවුලක් නෑනෙ ?
:) :)“චූටී මල්ලි”
අඩේ ඒ මොකද්ද බන් ඒ???????????????
දිමුතු ලක්ෂාන්
ඒක තමයි Fringe. ඒ වැඩේට ටිකක් කල් යනවා.
දාපුහම බලන්නකෝ කට්ටියම. :D Thanks ජය !Ranjith
Season 5 ක් තියෙනවා. 1 වෙනි Season එක Episode 20 යි. ඒක නම් හෙන පත TV Series එකක් ම තමා.
“චූටී මල්ලි”
පට්ටයි මචන් ඒකට දෙනකොට මෙන්න
මේ ලින්ක් එකෙ තියෙනsubscene.com/subtitles/fringe-first-season/english/282591
සබ් වලටත් ගැලපෙන්න දාන්න හොදේ
මේක 720p බුලුරේ කොපියට ගැලපෙන සබ හොදේ
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Dhanushka
thankssssssssssssss
ashen
uba ela kolla machan, porondu nam porondu
rohan
ela saho... good job..thnx.
Gagan
Thanx Saho film set ekata
“චූටී මල්ලි”
පට්ට වැඩක් කලෙ ඔයා
බලන්නකො ගොඩාක් මේ ෆිල්ම්ස්
වලට කැමති අය ඉන්නව
කමෙන්ට්ස් වලින් පේනවනෙ
අනික බෲස් ලී කියන්නෙ
සිනමාවෙ පුරාවෘත්යක් වගෙ
සබට තුති
ඔබට ජය..........Shakil
thanks....
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. දැන් මින් පස්සෙ මෙයාගේ පුතාගේ ටිකටත් උපසිරසි දාමුද? ජය෴෴ :P :P
ARA
great work machan....
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..yeshu
thankZ
manjula
elama kiri.
JayaweaLaSa MaRLeY
නියමයි “දිමුතු ලක්ෂාන් රණසිංහ” සහෝ උපසිරැසි සියල්ලටම වගේම ඒ වෙනුවෙන් වැය කල කාලයට සහ මහන්සියට,ජයවේවා!!!
Lakshan ads
හිතවත් ලක්ෂාන්,
ඉතින් සහෝ බෘස්ලී චිත්රපටි 5 ක් පමණයිද කරල තියෙන්නේ. මම අහල තියනවා 7 ක් කියල ඉතිරි දෙකත් තියෙනවානම් සබ් දාල දෙන්න. ඇත්තටම ඔබ නිසාතමයි මම බෘස්ලීගේ බයිස්කෝප් බැලුවේ.
ජය වේවා!
දිමුතු ලක්ෂාන්
7ක් නෙවෙයි සහෝ හරිනම් 8ක් තියනවා. හැබැයි මේ 5තමයි ජනප්‍රිය. අනිත් තුන හැංගිච්ච ඒවා. ඒ තුනෙන් The Kid කියන එක මම Way of the dragon එකේ ලිපියත් එක්ක දුන්නා. ඒ ඒකට කිසිම භාෂාවකින් සබ් හොයාගන්න නැති නිසා. The Orphan කියලා එකක් තියනවා. ඒකට සබ් තියා ටොරෙන්ට් වත් නෑ. අනික Marlowe. ඒක නම් කරන්න පුළුවන්. ඒත් මට ටිකක් වැඩ වැඩි වුණා. මම ඒක දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝට බාරදුන්නාග එයා ඒක කරයි. Thanks සහෝ ! ජය ! :) :)
amal
niyamai macha bruce lee ge shot film hari tiyanawanum dsnda monawahari patta mcha a widihta danda elama wewaaaaa!@#$%^^^^^^^^^^^^^^^^^
dulaj
thanks mocho man films 5ma gaththa,ela, jaya wewa.
Suraj Nilantha
thanks machan
Achintha Sameera
දිමුතු ලක්ෂාන් රණසිංහ thanks macho sab ekata
dulaj|දුලාජ්
සබ් එකට බොහොම ස්තූතියි..ඔබට සැමදා ජයෙන් ජය…
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍tharindu
fringe aka danawanam patta .aka ikmanata oni .
DeeX
lokuma pinkamak karagaththe oya
bruce lee ge movies 5ma balala thibunata sinhala sub ekka
baluwe oyalanisa.thank you.
DeeX
Dragon: The Bruce Lee Story (1993)
puluwannan mekatath sub denna.
thanks.
jayawewa......................!
Lahiru Hashan
jayama wewa bro
සචින් දිල්හාර
Elama..
bruce lee ne...
Onna bawa.....Bandara76
Thanks lot Bro for 5 film of Bruce Lee
Dewadithya
Thanks for sub!
Anonymous
blu-ray sub waradee
Lasantharathnasirirox
ආපහු කවදාවත් නිර්මාණය නොවන නිර්මාණ..තව අවුරුදු 100ක් ගියත් Bruce lee ගේ චිත්‍රපටි වලට බලන්න තියෙන්නෙ ඔයටිකම තමයි..එහෙමනම් සහෝ ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Me film eke edit krpu nathi tika 39 minutes thiynne. e scenes wala inne bruce lee.. anith scenes wna ewgn gaththa ewath thiynwa.. eth famous nathi story eka thama bruce lee wnuwta meke samahara scenes act kre KIM THAI JUNG kiyna korean actor.. eya bruce lee wage.. mkda game of the death 2 ekak thiynwa. eke bruce lee ge namin inne me actor.. eka 1981 released une.. e film eka blnna ela. eke bruce lee na. Enter the dragon film eke scenes cut krla arn thiynwa eke.. more details me link ekn ekn blnna..
http://www.clonesofbrucelee.co.uk/kimtaijung.html
sub ekata tnx bro.. bruce lee ge films 5 ma sub tika dunnata godak pin..