හැමෝගෙම සතුට සැනසීම තියෙන ජීවිතයක් ඕනෙ කියන එකයි ආශාව ඒත්,ඒක අපේ අතේ තියෙන දෙයක් විතරක් නෙමෙයි අපි වටේ ඉන්න අයගේ අතෙත් තියෙන දෙයක් අපි එක්ක ඉන්න අය අපි වටේ ඉන්න අය ගන්න පුංචි පුංචි තීරණ එක්ක අපේ ජීවිතේම උඩු යටිකුරු වෙලා යනවා මම මොකද්ද කරපු වැරැද්ද ? මම ජයා විදියට හිටියනම් ? මට ඉබ්‍රාහිම්ව හම්බවෙලා…

හැමෝගෙම සතුට සැනසීම තියෙන ජීවිතයක් ඕනෙ කියන
එකයි ආශාව
ඒත්,ඒක අපේ අතේ තියෙන දෙයක් විතරක් නෙමෙයි
අපි වටේ ඉන්න අයගේ අතෙත් තියෙන දෙයක්
අපි එක්ක ඉන්න අය අපි වටේ ඉන්න අය ගන්න පුංචි
පුංචි තීරණ එක්ක
අපේ ජීවිතේම උඩු යටිකුරු වෙලා යනවා
මම මොකද්ද කරපු වැරැද්ද ?
මම ජයා විදියට හිටියනම් ?
මට ඉබ්‍රාහිම්ව හම්බවෙලා තිබුණේ නැතිනම් ?
ඉබ්‍රාහිම් සල්ලි වලට කෑදරවෙලා මේ කල්ලියට
එකතු නොවී හිටියනම් ?
භෞතික දේ පෙළඹවීමක් වෙලා…
පෙළඹවීම ආශාවක් ඇතිකරවනවා
එම ආශාව තෘෂ්ණාවක් වෙලා
කෝපයෙන් අලු කර දමනවා
ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් ආයෙත් ඉක්මනටම දමිළ ෆිලුමකට උපසිරැසියක් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබුණා.2019 අප්‍රේල් 12 වන දින තිරගත වීම ආරම්භ කරපු IMDb අගය 5.6 අරගත්ත Action ගණයට අයත් පැය 2 කුත් විනාඩි 13 පුරා කුතුහලයෙන් පිරි ෆිලුමක් මගේ 31 වෙනි උපසිරැසි නිර්මාණය widhiya ෆිලුමට දායකත්වය දැක්වූ චරිතයන් විදියට,
Daniel Balaji
Ashok Kumar Balakrishan
Kalaiarasan Harikrishnan
Harish
Lawrence
Bagavathi Perumal
Velu Prabhakaran
Sai Priyanka Ruth
Vikas
මේ රංගන ශිල්පීන් තමයි දායක වෙලා තියෙන්නෙ.ඉතින් හැමෝම බලාගෙන හිටියට විජේගෙ, සූර්‍යගෙ, අර්ජුන්ගෙ, අජිත්ගෙ, වික්‍රම්ගෙ ෆිලුම් හැමදාම එන්නෙ නැහැ.නලුවා හෝ නිළිය කවුරු වුණත් හොද ෆිලුමක් නම් මම අනිවාරයෙන් ඔයාලට සබ් එක ගේනවා. ඉතින් කතාව දෙසට පොඩ්ඩක් හැරෙමු,
ජයා, පොඩි කාලේ ඉදලා ආක්‍රමණශීලි චරිතයක්. මාස දෙකකට කලින් ඉස්කෝලේ නිවාඩු කාලෙට කලින් ලේස් එක ගැට ගහනකොට කොල්ලෙක් තල්ලු කරා කියල ඒක හිතේ තියාගෙන මාස දෙකකට පස්සෙ හම්බවුණ ගමන් ගුටි පූජාවක් දුන්නා. ඒක බේරගත්තෙත් තාත්තා දුවගෙන ඇවිත්. ඉතින් ජයා වැඩිදුර අධ්‍යාපනය ලබන්න කියල කළා විෂ්‍ය ඉගෙන ගන්න කොලේජයකට ඇතුලු වුනාට පස්සේ ඉබ්‍රාහිම් කියන මුස්ලිම් තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා. කොහොම හරි මේක ගෙදරින් දැනගෙන ගෙදරින් මේකට තදින්ම විරුද්ධ වෙනව. ඒ කොහොම වුණත් ඉබ්‍රාහිම් එක්ක හොරෙන්ම කසාදයක් කරගෙන ජයා කියන නම රසියා විදියට වෙනස් කරගෙන ඉබ්‍රාහිම්ගේ අවුරුදු 200ක් පරණ සීයගේ ගෙදර පදිංචියට ඇවිත් සතුටින් කාලය ගෙවෙනවා. ගෑණු ළමයි දෙන්නෙකුත් ,පිරිමි ළමයි දෙන්නෙකුත් හදාගෙන ලොකු ගේක, කාර් එකක් අරගෙන ජීවත් වෙන එක ඉබ්‍රාහිම්ගේ හීනේ. ඔය අතරේ ඉබ්‍රාහිම් යනව මොහොමඩ් රව්තර් ළග ගිණුම්කරන රස්සාවකට. එතන රස්සාව කරගෙන ඉන්න ගමන් ඉබ්‍රාහිම් යාලුවෙකුගෙ මාර්ගයෙන් රසියාටත් බුර්කා කඩේක රස්සාවක් අරගෙන දෙනවා. ඉතින් ඔහොම කල් ගෙවෙන අතරේ දවසක් ඉබ්‍රාහිම්ට දවස් 15කට වෙන පලාතකට වැඩ කරන්න යන්න සිද්දවෙනවා. ඒ ගිහින් වැඩ කරල එන අතරේ ඉබ්‍රාහිම් රසියාට කෝල් එකක් දාල කියනවා දම් පාට සල්වාර් එකක් ඇදන් ඔලුවෙ මල් ගහගෙන ඉන්න කියල. පස්සෙ රසියා පෙම්බරාගෙ ආශාව විදියට ලෑස්තිවෙලා එළියට එනකොට එයා දකිනවා ඉබ්‍රාහිම් දොරකඩ ගාව ඉදන් ඇතුළට එන්න කකුළ ඉස්සරහටම තියෙනකොටම… ඩිෂුම්….. ඉබ්‍රාහිම් පොලිස් වෙඩිල්ලකට…එන්කවුන්ටර්…. සෙත්තපොච්චි…
අනේ අසරණ රසියා… අඩාගෙන ඉස්පිරිතාලෙට ගිහින් බලද්දි ඉබ්‍රාහිම්ගේ මෘත දේහය දැකලා බදාගෙන අඩනවා. මැරෙනකොටත් ඉබ්‍රාහිම් දන්නෙ නෑ එයාගෙ බිරිදට බබෙක් ලැබෙන්න ඉන්න බව.රසියා මේ හැම දේම හිතේ තද කරගෙන පිස්සියෙක් වගේ බෙරිහන් දෙනවා ඉබ්‍රාහිම්ගේ පණ නැති ශරීරය බදාගෙන. අතින් අල්ලලා බඩෙන් තියාගෙන කියනවා මේ ඔයාගෙ දරුවා ඉපදෙන්න ඉන්නෙ කියල. පලක් තියේද ? පස්සෙ දවස් කීපයකින් රසියා එයාගෙ දරුවා ගබ්සා කරල දාල ගෙදර ඉන්නකොට මොහොමඩ් රව්තර් ඇවිත් සල්ලි දීලා යනව මේව අමතක කරල ජීවත් වෙන විදියක් ගැන බලන්න කියල.පස්සෙ රව්තර් ළග වැඩ කරන අබ්දුල් රසියාට සේරම විස්තරේ කියනවා.ඉබ්‍රාහිම්ව මැරුවේ පොලිස් වැටලීමකින් නෙමෙයි රව්තර් මොහොමඩ්ගේ උවමනාවට බව. එයාගෙ දෙවැනි පුතා රසියාට ආශා කරපු නිසා බව. අබ්දුල්,රසියාව යවනවා බොක්ෂි නම් රව්තර්ගේ එදිරිවාදියා ළගට. එහෙදි රසියා අවි පුහුණුව සටන් පුහුණුව ලබලා බැඩ්‍රාස් වලට එනවා රව්තර් ඇතුලු 3න් දෙනාගෙන් පළිගන්න බලාගෙ. ඔය අතරේ රාත්‍රියේ කඩේක කෑම කනගමන් ඉබ්‍රාහිම්ව එන්කවුටර් කරපු පොලිස් කාරයන්ව දකිනවා. එන තරහට රසියා ඔවුන් දෙන්නාව ප්‍රසිද්දියේම ඝාතනය කරනවා.ඉතින් ඔන්න කතාවේ භාගයක්ම කිව්වා එහෙනම් කල්ලිවල ඉරණමත්,රසියාගේ, රව්තර්ගේ, බොක්ෂිගේ, අබ්දුල්ගේ, ජීවිතවල ඉරණම විසදෙන ආකාරය බලන්න කියල ආරාධනා කරමින් ආයෙත් ෆිලුමකින් ඉක්මනින් හම්බවෙමු. සම් එක පටන් ගද්දි IMDb අගය 5.6.සබ් එක ඉවරවෙනකොට අගය 6.0 වෙලා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Tamil Proper HD පිටපත සඳහා අදාළ වේ.
7,801 downloadsDownload Gangs-of-Madras-2019.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
38 comments
Hashan M. Priyadarshana
malithmadhushan45
ඔසංධ සහො උපසිරසට බොහොම ස්තුතියි
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata...
Eranga Sandaruwan
මන් හිතුවේ නෑ බන් මේකටනම් සබ් එක දෙයි කියලා. එල එල..
උප සිරැසියට බෝම ස්තූතියි,.
ජය වේවා...ඔෂද ධනංජය
ඇයි හිතුවෙ නැත්තෙ ?
Kanchaka
Thanks bro
nihalpujitha
Super broo
gihan perera
නියමයි මචෝ...දෙනකන් හිටියේ මේක....ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Rumesh dhanushka
මේ වගේ ෆිල්ම් පෙන්වන්න හොද නෑ. බුද්ධාගමට අපහාසයක් එක් කරන විඩියෝ තියෙනවා.
Rumesh dhanushka
මේ වගේ ෆිල්ම් පෙන්වන්න හොද නෑ. බුද්ධාගමට අපහාසයක් එක් කරන විඩියෝ තියෙනවා.❎
ඔෂද ධනංජය
මොකද්ද සහෝ ඒ ? කොතනද ?
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lalani Maduwanthi
Thank you
arunasmunasinghe
Thanks brother
nish47
thanks mchn
Shehan putha
Thanks bro !
indika75
thanks..
gayanbisheka
good copy ekak kohomada hoyaganne
Aac3
එලම සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට... දිගටම tamil telugu වලට සබ් දෙන්න... ජය වේවා !!!
D.Chamara
bohoma sthuthi sahooo ...
thilz
thank u very much
Kanchaka
Thanks
avishka360
Sub ekata Thanks
dineshthilakasiri
Bro aluth malayalam film deannako
randy_orton
film eke medaka idan sub eka set wennahane. winadi 1.13 withara wenasak thiyenawa. eka hadannako
chritharavinda
link eka denna puluwanda ....?
N_R
Thank You.
biscopesara
Thank u wewa.
supun herath
super broo
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasindu_madushanka
Sub eka madadai aul ynwane ban
smpth
film eka gena keti satahanak dan ek hoda wedak sub ekata thanks saho
dimuthu lakmal
Thanks ayya.bs.tc
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!navindu nimantha
Sub ekata thanks. Hebei thawa kathawa kiyana eka adu karanam apita thawa kuthuhalayak enawa
Brothers435
Thank for sub
ishara
sub eka medden pissu kelinawane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you bro sub ekata...
Jaya wewa.!