මේ ෆිල්ම් එක ගැන කියන්න කලින් මේක අහලා තියෙනවද බලන්නකෝ. ” ඒයි, ක්යා බොල්ති තූ. ඒයි, ක්යා මේ බෝලෝ. සුන්, සුනා, ආති ක්යා කණ්ඩාලා ක්යා,කරූන්, ආකේ මේ කණ්ඩාලා, අරේ ගුමේන්ගේ පිරේන්ගේ නචේගේ ගඒන්ගේ ඒශ් කරෝන්ගේ ඕර් ක්යා…” ඔන්න ඔය සින්දුව තියන ෆිල්ම් එකට සබ් තියනවද කියලා බලද්දි තමයි මේකට සබ් එකක් නෑ කියලා දැ…

මේ ෆිල්ම් එක ගැන කියන්න කලින් මේක අහලා තියෙනවද බලන්නකෝ.
” ඒයි, ක්යා බොල්ති තූ.
ඒයි, ක්යා මේ බෝලෝ.
සුන්, සුනා,
ආති ක්යා කණ්ඩාලා
ක්යා,කරූන්, ආකේ මේ කණ්ඩාලා,
අරේ ගුමේන්ගේ පිරේන්ගේ නචේගේ ගඒන්ගේ
ඒශ් කරෝන්ගේ ඕර් ක්යා…”
ඔන්න ඔය සින්දුව තියන ෆිල්ම් එකට සබ් තියනවද කියලා බලද්දි තමයි මේකට සබ් එකක් නෑ කියලා දැනගත්තේ. මේ ගැන අහනකොට ඉක්මනින්ම ප්‍රතිචාර දක්වපු සමන් ප්‍රසාද් සහෝදරයාට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. (මේ හාදයා තමයි මේ දවස්වල බයිස්කෝප් සයිට් එකේ වැඩ රෑ දවල් නොබලා කරගෙන යන්නේ) ඉගෙනීම් කටයුතුත් කරන අතරතුර පුලුවන් තරම් ඉක්මනින් උපසිරැසිය කරලා අරගෙන ආවා.
මේ ෆිල්ම් එක ගැන කියනවානම්, IMDb දර්ශකයේ තවමත් 7.4 ක් වැනි ඉහල මට්ටමක රැඳී තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vikram Bhatt විසින්. ඒ වගේම ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ, Aamir Khan(සිද්ධු), Rani Mukerji(අයිෂා) සහ Deepak Tijori . මෙම චිත්‍රපටය වසරේ හොඳම දරශනය(Scene)ට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත්තා. ඒ වගේම හොඳම චිත්‍රපටය, හොඳම නලුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම දුෂ්ධ චරිතය වගේම අමීර් කාන් හටත් හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානය සඳහා නාම යෝජනා ලැබුනා.
කතාව ගැන කියනවනම්, සිද්ධාර්ත් නොහොත් සිද්ධු නැමති තරුණයා මුම්බායි වල බොක්සිං ශූරයෙක්. ඒ වුනත් මගෝඩි වැඩ කර කර තමයි ඉන්නේ. චිත්‍රපටය පටන්ගන්නෙත් හොරකමක් සම්බන්ධ නඩුවකින්. මෙයාගේ අයියා(ජයදේව්) රෝනක් සිං නැමති නමගිය අපරාධකාරයාගේ ගිණුම් කටයුතු භාරව ඔහුගේ දකුණු අත මෙන් ඉන්න කෙනෙක්. ඔය අතරතුර සිද්ධු රෝනක් සිංවත් මුණගැහෙන්න එනවා. එයාගේ පොඩි පොඩි වැඩත් කරලා දෙනවා. මෙයාලා මෙහෙම වුනත් මෙයාලගේ තාත්තා ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. එයාගේ තාත්තා නිතරම කියපු දෙයක් තමයි,
“සැඩපහරත් එක්ක, ඕනෑම කෙනෙකුට පිහිනන්න පුලුවන්..
ඒත් නියම මනුස්සයා මොහුයි…
ඒ සැඩපහර මැඩගෙන, ඉදිරියටම යන කෙනා යි…”
මේ අවවාදයත් ඔහුගේ හිතේ නිතරම රැව් දෙනවා. ඔය අතරේ මෙයාගේ යහලුවෙක්ට රෝනක් සිංගෙන් ලොකු කරදරේකට මුහුණ පාන්න වෙනවා. ඒකත් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නේ. මොහු රෝනක් සිංට විරුද්ධව නැගී සිටියිද? මෙයාට අයිෂාව මුණගැහෙන්නේ කොහොමද? මේ දෙන්නගේ ආදර කතාව කොහොම වෙයිද? ඒවනම් කියන්නේ නෑ. කුතුහලයකුත් තියෙන්නෙපැයි.
ආ… තව දෙයක් කියන්න ඕන. මේකේ තවත් ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. ඒ අතරිනුත් හිතට වැදිච්ච ගීතයක් තමයි මේක.
“ජාදු හේ, තෙරාහි ජාදූ, ජෝ මෙරේ දිල් පෙ චානේ ලගා,
ජාදු හේ, තෙරාහි ජාදූ, ජෝ මෙරේ දිල් පෙ චානේ ලගා,
දීවානේ මේරා යෙහ් බතා ක්යා කියා තූනේ, මිතා සා ධර්ද හෝනේ ලගා.
යේ ක්යා හුවා, පෙහෙලේ නා ඒසා හෝතා තා, මේහු කහා මේ ජානු නා
යේ ක්යා හුවා, පෙහෙලේ නා ඒසා හෝතා තා, මේහු කහා මේ ජානු නා
කොයි මුජේ ඉත්නා බතා දේ, ඝර්කා මෙරේ මුජ්කෝ පතා දේ…”
බය වෙන්න එපා හැම ගීතයකටම උපසිරැසි ලබා දීලා තියෙන්නේ. මේ ෆිල්ම් එකට නම් හොඳ එච්.ඩී කොපි ඇවිල්ලා තියෙන්නේ. තව ලස්සන සින්දු තියෙන ෆිල්ම් හරි සබ් නැති මොනා හරි ෆිල්ම් තියෙනවනම් කමෙන්ටුවකින් දාගෙන යමු. ෆිල්ම් එක ගැනත් අදහසක් පලකරගෙනම යන්න. ෆිල්ම් එක බලන්න පැය දෙකක් තුනක් තියෙනවනම් අදහසක් දාන්න විනාඩියක් දෙකක් නැති වෙන්න විදිහක් නෑ නේ… එහෙම කිව්වේ අපිට දවස්ගානක මහන්සිය නිවා ගන්න ඕක තමයි තියෙන්නේ. සැරින් සැරේ ඇවිල්ලා බලනවා කීයක් ඩවුන්ලෝඩ් කරලද? කීයක් කමෙන්ට් වැටිලද කියලා… දානවට දාන්නත් එපා. හදවතින්ම අදහසක් පලකරලා යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Ghulam 1998 Hindi 720p BRRip x264 AC3 5.1…Hon3y-eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,235 downloadsDownload Ghulam-1998.Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
31 comments
Tharaka
Buddhika
Balala thiyena film ekak unath ay balanawa oyala nisa..mokada oyala mahansi wela karanne apatane..e nisa onna download kara..thanx sub ekata..
Isuru
Thanks for sub puluwannam deewange film ekata sub denna
shasith sandaruwan
ඉදිරියේදී දෙන්න බලන්නම්...
hiran
godakma tnx...........kalayak bln hitiya mekata sub denkn...elma...
තාරක නුවන් දිල්හාර
බොහොම ස්තුතියි උපසිරසියට...
මේක බයිස්කෝප් අඩවියට තිබුණු ලොකු අඩුපාඩුවක්...
මමත් ඉස්සර මේක සබ් කරන්න ඕන කියලා හිතං උන්නට
හරි හමං ටොරන්ට් එකක් නොතිබුණු නිසා වැඩේ අතැරියා..
ඇත්තටම ගොඩක් සන්තෝසයි මේ වගේ චිත්‍රපටි වලට උපසිරසි අරගෙන එන එක ගැන
සයිට් එකේ තාමත් උපසිරසි පලවෙලා නැති පරණ ජනප්‍රිය ෆිල්ම් වලිනුත් පුරවලා
මේක උපසිරැසි වලින් පරිපුර්ණ සුපිරි සයිට් එකක් කරන්න පුළුවන් නම්
උපසිරසි කරුවන් විදිහට ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය
තව තවත් මේ වගේ හොඳ නිර්මාණ වලට ඉදිරියටත් උපසිරැසි අරගෙන එමු
බොහොම ස්තුතියි නැවතත්
ජයෙන් ජය....!!!shasith sandaruwan
අනිවා සහෝ... බොහොම ස්තූතියි අදහසට.
Web-බුවා
සහෝ මං නම් සාමාන්‍යයෙන් හින්දි බලන් නෑ. ඒත් ඔබතුමා ලිපිය ලියලා තියෙන style එක අනුව අනුව අනිවා පොරක් බව කියන්න පුළුවන්. ඒ වගේම "සබ් නැති films මොනා හරි තියේ නම් කියන්න" කියලා තියෙනත් හින්දා මං ඔබතුමාට යෝජනා කරනවා මෙන්න මේ NETFLIX film එකට සබ් එක කරන්න කියලා. (වෙන සහෝ කෙනෙක් බාර ගෙන නැත්නම්)
ජය! :)SPECTRAL (2016)
Trailer එක ඕන නම්:
shasith sandaruwan
ඕක මම හිතන්නෙ කවුරුහරි බාරගෙන තියෙන්නේ. ඉදිරියේදී ලබා දේවි.
Web-බුවා
:mrgreen: :mrgreen: :mrgreen: :mrgreen: :mrgreen:
ජය! :)
shan
බොහොම ස්තුතියි ශසිත් සහෝ..
පුලුවන් නම් මෙන්න මේ ෆිලුමටත් සබ් දෙන්න බලන්න.
Maine Pyar Kiya (1989)
http://www.imdb.com/title/tt0100095/
අපිට මේ ෆිලුමේ සල්මාන්ගෙ නියම රංගනයක් දකින්න පුලුවන් සහ හොඳ ආදර්ශම්ත් කතාවක් කියලා කියන්නත් පුලුවන්. :)
ඒ වගේම IMDb දර්ශකයේ තවමත් 7.5 ක් වගේ මට්ටමක තියෙන සුපිරි ෆිලුමක් කිව්වොත් නිවැරදියි.
ඉතින් හිතාගන්න පුලුවන්නේ අවු. 27ක් වගේ පරණ වුනත් ෆිලුම කොහොමද කියලා!! ;)
ශසිත් සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සෑමදෙනාගේම සියලුම කටයුතු ඉතා සාර්ථක වේවායි හදවතින්ම සුභ පතනවා.
ජය වේවා!!shasith sandaruwan
කවුරුහරි බාරගෙන නැත්නම් ඉදිරියේදී ලබා දෙන්නම්.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan
ලස්සන ෆිල්ම් එකක්. ස්තුතියි.පුලුවන්නම් 90 දශකයේ හිට් වෙච්ච මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
Dil Hai Ke Manta Nahin 1991
Jaanam 1992
Baazi 1995shasith sandaruwan
බාරගෙන නැති ෆිල්ම් වලට හෙමිහිට සබ් ලබා දෙන්නම්. ඉගෙනීම් කටයුතු කරන අතරේ කරන නිසා දවසෙන් දෙකෙන් නම් දෙන්න බැරි වෙයි. අදහසට බොහොම තුති.
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......yumal
thankZZZZZZZZ bro!!!!!!!!!
puluwannan mekath dipanko veergati-1995 salman khange
supiri film akak bnKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ishaan
ela bn ela.... man e dawas wala balapu pattama filmak....jaya
kavinda
thank you
praveen
අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් නම් නොබලා ඉන්නෙ නැහැ. මම මේක කීප වතාවක්ම බලලා තියෙනවා. මම ගාව ෆිල්ම් එකේ කොපිය තිබ්බා. සබ්ටයිටල්ස් එක්ක තව පාරක් බලනවා. සබ්ටයිටල්ස් වලට ගොඩක් ස්තූතියි.
N.siri
Film eka thibbata sub thibbe ne. Adai suba dwnld krala blanne. Thanx kollo sabata. Oyalage site eka hndama subs dena site eka kranna hekiyawa lebewa
One 2 ka 4
Gaja gamini
Hey ram
Dil se
Yes boss
Army
Chaahat
English babu desi mem
Guddu
Oh darling yeh hai india
Ram jaane
Trimurti
Zamaana deewana
Anjaam
King uncle
Maya memsaab
Dil aashna hai
Raju ban gaya gentlemanMe filmwala sub tikath demmanm oyalage site eke shahrukhge movies tika bohodurata complete wewi.
Pluwannm loku udawwak.shasith sandaruwan
Dil Se එක නම් මම බාරගෙන තියෙන්නේ. මේ දවස් වල ඉගෙනීම් කටයුතු නිසා ටිකක් කාර්ය බහුලයි. හැකි ඉක්මනින් ලබා දෙන්නම්. පුලු පුලුවන් විදිහට මේවත් දෙන්න බලන්නම්. ඔබට ජය!
shasith sandaruwan
Dil Se එක නම් මම බාරගෙන තියෙන්නේ. මේ දවස් වල ඉගෙනීම් කටයුතු නිසා ටිකක් කාර්ය බහුලයි. හැකි ඉක්මනින් ලබා දෙන්නම්. පුලු පුලුවන් විදිහට මේවත් දෙන්න බලන්නම්. ඔබට ජය!
nimal dissanayake
ෆිල්ම් එක හොඳයි!
සබ්ස් ටිකත් මල් හතයි!
අවුල කමෙන්ට්ස් අඩු මොකද කියන එකයි.
සිංහලයා කොහොමත් කම්මැලියා කියලනේ කියන්නේ.
ඔයාල අපි වෙනුවෙන් මහන්සි වුණාට
රසිකයෝ ඒක අගයන්න කම්මැලි ඇති!
ටේක් ඉට් ඊසි ශශීත්!
තව ඩින්ගෙන් ස්තුතියි කියන්නත් අමතක වෙනවා!
ස්තුතියි! ගොඩක්, ගොඩාක්!sujith sampath97
Thanks bro
DHRajinda
Thank
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ශසිත් සහෝ සිංහල subtitle එකට...ජයවේවා !!
Wijitha Asanka
Sub eka dunnata thanks. BRRip ekata dunna nisa hodai. Site eke godak hindi movies wala High quality copies walata sub sync wenne na.
මයිකි
Thanks macho
pramuditha
Thank you
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!