කොහොමද යාලුවනේ, මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ ඔයාලට ගෙනාවේ. මමත් ඔයාල වගේම බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බලන එක තමයි මෙච්චරකල් කලේ. ඉතින් මටත් හිතුනා බයිස්කෝප් එකට පොඩි සප් එකක් දෙන්න. පාඩම් වැඩ මැද්දෙ තමයි මේ හැමදේම කරන්නෙ.පලවෙනි සබ් එක නිසාද මන්දා,ටයිප් කරලා අතත් ටිකක් රිදෙනවා මේක මගෙ පලවෙනි න…

කොහොමද යාලුවනේ, මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ ඔයාලට ගෙනාවේ. මමත් ඔයාල වගේම බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බලන එක තමයි මෙච්චරකල් කලේ. ඉතින් මටත් හිතුනා බයිස්කෝප් එකට පොඩි සප් එකක් දෙන්න. පාඩම් වැඩ මැද්දෙ තමයි මේ හැමදේම කරන්නෙ.පලවෙනි සබ් එක නිසාද මන්දා,ටයිප් කරලා අතත් ටිකක් රිදෙනවා මේක මගෙ පලවෙනි නිර්මාණය නිසා වැරදි අඩුපාඩු එහෙම ගොඩක් ඇති. ඒ පිලිබද ඔයාලගෙ අදහස් හා චෝදනා සියල්ලම පහලින් කොමෙන්ට් කරල යන්න කියල ඉල්ලනව ඒක මගෙ ඊලග සබ් එකට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා. මන් ගැන කිව්ව ඇති නේද? ෆිලුම ගැන කියන්නම්.
චිත්‍රපටය ගැන කිව්වොත්, මෙකේ ප්‍රදාන චරිතය රගපාන්නෙ wu jing. මොහු දක්ශ චීන ජාතික ක්‍රියාදාම නළුවෙක්. Invisible Target (2007), Fatal Contact (2006), Wolf Warriors (2015) වගේ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ ෆිලුමට 6.2 IMDB අගයක් ලැබිල තියෙනවා. ඒත් සටන් වලට කැමති අයට නම් එයිට වඩා මේක වටී කියල මම හිතනවා. “වෘකයන්ට පුලුවන් අපව දිව්‍යලෝකයට රැගෙන යන්න. මම උන්ට ගෞරව කරනවා.” මම නෙවෙ මෙහෙම බෝ තමයි එහෙම කියන්නේ.
මේ ෆිලුමේ කතාව ගෙතෙන්නෙ කුඩු ජාවරම් කරන කල්ලියක ලොක්කෙක් සහ බෝ නම් තරුණයෙක් වටා, බෝ කුඩු ජාවරම් කරන ලොක්කව මරල, ඔහුගෙ ඔලුව බෑග් එකක දාගෙන අරන් යනවා. ඒ අතරතුර ඇතිවෙන සුලි සුලගක් නිසා බෝ ට hong-kong වල නතර වෙන්න වෙනවා. ඔහොම යද්දි මොහුට හියු වෝ කියන පොලිස් කෙල්ලව මුනගැහෙනවා. පොඩි ආදර කතාවකුත් තියෙනවා පොලිසියත්,මැරුණ ලොක්කගෙ නෝනත් මේ නැතිවෙච්ච ඔලුව තමයි හොයන්නේ. මැරුණ ඔලුවෙන් මුන් ටික ෆුට් බෝල් ගහන්න වගේ බෝ පොලිසියට කොටු වෙයිද??? කුඩු කල්ලියට කොටු වෙයිද??? හියුට මේ හොරේ අහුවෙයිද??? බෝ කොහෙද මේ ඔලුව අරන් යන්නේ??? ඒ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න නම් ෆිලුම බලන්නම වෙනවා. හැමෝටම බලන්න කියලා ආරධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබ සැමට ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
LEGENDARY Assassin (2008) – Martial Arts Film – 720p BrRip HC Eng Subs x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
987 downloadsDownload LEGENDARY-Assassin-2008.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/CHamodPranandu1-e1481066546207.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමෝද් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමෝද් ප්‍රනාන්දු
Subtitles
12 comments
thisal
Sajith Thilakarathne
thanks saho sub ekata.. puluwannam korean ekakata denawada....?..
priyan99
thanks saho sub ekata.supiri action movie ekak gindara wage 2,3 parak beluwa aith sinhala sub ekka balanawa.
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට
Ghost in the Shell (1995),Ghost in the Shell 2: Innocence(2004)
මේ දෙකටත් ඉදිරි කාලය තුළදී සබ් දෙන්න
ජය වේවා!Web-බුවා
පලවෙනි වැඩේට සුභ පතනවා කොල්ලෝ. ඊළඟ පාර එද්දී යුද්ධ ටැංකියක් හරි RPG එකක් හරි අරං එන්න. ;)
ජය :)රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anuclboy
torrnt link ganne kohmda
Bobby
Thank you very much Chamod for sab
අසිත
elama saho thanks
malith
Ela ela
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Zheng zhao
Good and amazing this movie because my favorite actor wu jing where i m here
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට තැන්ක්ස්