Watch Trailer

Girl in the Box (2016) Sinhala Subtitle | සෑම පෙට්ටියක්ම වහලා තියන්න අගුලක් ඕන වෙන්නෑ [සිංහල උපසිරැසි]

සුබ දවසක් හැමෝටම. ටික දවසකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් ලැබුනා. 2021 අවුරුද්දට කරන අවසාන උපසිරැසි ගැන්වීම මේක. ඒ වෙනුවෙන් මම තෝරගත්තේ ටිකක් විතර ශෝකජනක සත්‍ය කතාවක් ඇසුරෙන් නිපද වුන චිත්‍රපටයක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, මේක 2016 නිකුත් වෙච්ච Girl in the box කියන සිනමා පටය. නම…

සුබ දවසක් හැමෝටම. ටික දවසකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් ලැබුනා. 2021 අවුරුද්දට කරන අවසාන උපසිරැසි ගැන්වීම මේක. ඒ වෙනුවෙන් මම තෝරගත්තේ ටිකක් විතර ශෝකජනක සත්‍ය කතාවක් ඇසුරෙන් නිපද වුන චිත්‍රපටයක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

මේක 2016 නිකුත් වෙච්ච Girl in the box කියන සිනමා පටය. නමෙන්ම තේරෙණවානෙ කතාව ගැන. ඉතින් ඔයාල හිතන්න ඇති පෙට්ටියක හිර කරල ඉන්න කෙල්ලෙක් ගැන කතාවක් වෙන්න ඇති කියලා. ඔව් ඒත් ඔයාල හිතනවාට වඩා ගොඩක් වෙනස් කතාවක් මේක. හිතා ගන්න පුළුවන් නේ කවුරුම හරි පෙට්ටියක හිර වෙලා ඉද්දි දැනෙන වේදනාව. ඒක කොච්චර කෲර නපුරු වැඩක්ද. ඊටත් වඩා මේකෙ තියෙන බයානකම දේ තමා මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවල තිබීම. ඉතින් ඇත්තටම එහෙම අසරණ වුණ කෙල්ලෙක් ගැන තමා මේකෙ කතාව යන්නේ.

ඔයාල හිතෙනවට වඩා වැඩි දෙයක් මේ කතාවෙ තියෙනවා ඒ නිසා මම කතාව ගැන පොඩි හැදින් වීමක් කරන්නම්, පටන් ගන්නේ යුවලක් විසින් මහ රෑ මිනියක් අරන් ගිහින් වලලන තැනින්. එතනින් කාන්තාව වූ ජෑන් ටිකක් බයෙන් සිටියද, ඇයගේ සැමියා වුණ කැමරන්ට ඒක ගැන ගානක්වත් නැති හැඩයි. එතැනින් පසුව කොලීන් කියන කෙල්ල යාලුවෙකුගේ උපන්දින සාදෙකට යන්න වාහනයක් එනකන් පාරෙ ඉද්දී මේ යුවලට ඇයව මුණ ගැසෙනවා. පසුව කොලීන්ව ඔවුන් පැහැර ගෙන ගෙදර එක්කන් ගිහින් ඇයට වද දෙන්න ගන්නවා. පසුව ඇයව පෙට්ටියකට දාල වහල තියෙනවා. ඔය විදිහට කොලීන්ව ඔවුන් සිර කරන් ඉන්නවා. ඒත් මතක තියා ගන්න හැම පෙට්ටියකටම අගුලක් ඕන වෙන්නෑ. ඒ විදිහට පෙට්ටියකට දාල නෙවේ මොවුන් කොලීන්ව සිර කරන් ඉන්නේ. ඊට වඩා ලොකු දෙයක් තියෙනවා ඇයව සිර කරන් ඉන්න. ඒ හේතුව නිසා කොලීනුත් තීරණේ කරනවා ඔවුන් එක්ක අකමැත්තෙන් හරි නතර වෙන්න. ඉතින් මොකක්ද ඒ හේතුව? ඇයි මේ යුවල මෙහෙම කෙල්ලෙක්ව පැහැර ගන්නේ? මොවුන් මේක පුරුද්දක් විදිහට කරන දෙයක් ද? මේ දේවල් දැනගන්න අනිවාරෙන් මේක බලන්නම වෙනවා.

මේ චිත්‍රපටයට IMDb දර්ශකේ 6.3ක ඉතා හොඳ අගයක් ගන්න සමත් වෙනවා. මේක අධ්‍යක්ශනේ කරන්නේ Stephen Kemp විසින් සහ රංඟනයෙන් දායක වන්නේ Addison Timlin, Zane Holtz, Zelda Williams, Brittany Allen, Matt Cooke ආදී යන අයයි. ඒවගේම තව දෙයක් කියන්න ඕනෙ මේ චිත්‍රපටයට අන්තර්ජාලයේ තිබුන සබ් එකේ ටයිම් ලයින් වල ගොඩක් අඩු පාඩු තිබුනා. හරියට වෙලාවට ගමන් නොකරන විදිහේ. ඉතින් මං පුළුවන් විදිහට ඒවා නිවැරදි කළා. ඒ නිසා [YTS.MX] WEBRip පිටපතම බාගත්තොත් හොඳයි. ඒවගේම මේකට BluRay පිටපත් හොයා ගන්න තිබුන්නෑ WEBRip පිටපත් විතරයි තිබුනේ. ඒ නිසා ඕනෙම Web පිටපතකට ගැලපෙයි කියලා හිතනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

2022 අවුරුද්ද ඔබලා සිතා සිටින දේවල් එලෙසම ඉටු වන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි YTS WEB පිටපත් සඳහා අදාළ වේ.

3,071 downloadsDownload Girl.In_.The_.Box_.2016.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

3,071 downloadsDownload Subtitles30 KB

14 comments

  1. Anonymous

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Last Train to Christmas (2021)
    Last Looks (2021)
    Don’t Look Up (2021)

  2. kavinda gamage

    බොහොම ස්තුතියි

  3. Anonymous

    Thanx to you for you subtitles

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    සුබ නව වසරක් වේවා

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    Thanks jayawewa....!

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. indika 75

    thanks..

  10. Anonymous

    tnx

  11. Ruchira

    Thanks for the sub!!!!!!

  12. Malith samarawickrama

    Thanks machan sub ekata

  13. Dewadithya

    Thanks for Sub!

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!