Watch Trailer

Gol Maal (1979) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ , රාම්ප්‍රසාද් දෂ්ර…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ ,

රාම්ප්‍රසාද් දෂ්රත්ප්‍රසාද් ෂර්මා නම් තරුණයා බොහෝ ගුණධර්ම ඇති තරුණයෙකි. ගණකාධිකරණය පිළිබඳ තරුණ පශ්චාත් උපාධිධාරියෙක් වන ඔහු ක්‍රීඩාව හා සංගීතය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි. ඔහුට, බාල සොහොයුරියක් ද සිටියි. මෙම සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ අසල්වැසි වෛද්‍ය කේදාර්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙයි. රාම්ප්‍රසාද් රැකියාවක් සොයමින් සිටින අතර උර්මිලා ට්‍රේඩර්ස් නමින් හැඳින්වෙන “භවානි ශංකර් සමාගමට” සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉල්ලුම් කරයි. එහි හිමිකරු වන ශංකර් මහතා සාම්ප්‍රදායික වටිනාකම් අගයන මිනිසෙකි: ඔහු නවීන ඇඳුම් ඇඳ සිටින තරුණයන්ට වෛර කරයි. ඔහු ක්‍රීඩා ලෝලියෙකු වන නමුත් ක්‍රීඩාව ගැන කිසිවක් නොදන්නා යෞවනයන් ගැන පහත් ලෙස සිතයි. නමුත් ඔහුගේ අමුතුම ගති ලක්ෂණය වන්නේ උඩු රැවුලකින් තොරව මිනිසුන් කෙරෙහි ඇති වෛරයයි. ඔහු සිතන්නේ ඔවුන්ට ගුණවත් චරිත රහිත බවයි.

වෛද්‍ය කේදාර්, භවානි ගැන දන්නා නිසා ඔහුගේ කැමැත්ත අනුව මෙම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන ලෙස උපදෙස් ලබාදෙයි. ඒ අනුව සම්මුඛ පරීක්ෂණ දිනයේ රාම්ප්‍රසාද්ට උඩු රැවුලක් ඇත. ඔහු කුර්තා ඇඳීම, ක්‍රීඩාව පිළිබඳ නොදැනුවත්කම සහ ගුණවත් භාවය ගැන පැහැදී භවානි වහාම ඔහුව සේවයට බඳවා ගනී. නමුත් පසු දිනයක රාමව වෙනස් විධියට දකින භවානි පසුදින ඒ කවුදැයි විමසයි. රාම් විසින් පවසන්නේ ඒ ඔහුගේ නිවුන්සොයුරා වන ලක්ෂ්මන් බවයි. මෙතැන් සිට රාම්ට චරිත දෙකක් රඟපෑමට සිදුවේ. හාස්‍ය ජනක සිදුවීම් රාශියක් ඇති මෙහි ප්‍රධාන රංගනයට දායක වූයේ අමෝල් පලේකාර්, උත්පාල් දත් සහ බින්ද්‍යා ගොස්වාමිය.

මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්”, “තුම්සෙ අච්චා කෝන් හේ”, “බොබී”, “ගවාර්”, “ගුම්රාහ්” “ආනන්ද්”, “දොන්”, “කාලියා”, “ද ග්‍රේට් ගැම්බ්ලර්”, “ෂාහෙන්ශා”,”අමර් අක්බාර් ඇන්ටනි”, “දූල් කා පූල්”, “වික්ටෝරියා 203″, ද ට්‍රේන්”, ජුග් ගයා ආස්මාන්”, “ද හවුස්මේඩ්”. ‘පදෝසන්”, ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ अमोल पालेकर की सुपरहिट कॉमेडी मूवी गोल माल | उत्पल दत्त , बिंदिया घोस्वामी | Gol Maal (1979) යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු දාහතරයි, තත්පර පනහක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,128 downloadsDownload Gol-Maal-1979.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,128 downloadsDownload Subtitles65 KB

17 comments

  1. Priyantha Dayakeerthi

    මා විසින් සකස් කර ඇති ඉහත උපසිරසිය පිළිබඳවයි,
    දහස් ගණනක් සාමාජිකයින් සිටින "පැරණි හින්දි චිත්‍රපට සංගමය" යනුවෙන් රසික එකමුතුවක් මේ රටේ තිබෙනවා, මම මේ උපසිරසි සකස් කරන්නේ ඒ අය වෙනුවෙන්, ඉතිං මම එයින් කීපයක් වරින් වර මේ වෙබ් එකට දානවා, කැමති කෙනෙකුට
    පමණක් අවශ්‍ය නම් නරඹන්නට. මා එසේ සටහනක් දැම්මේ බොහෝ අය මෙහි යෝජනා කරනවා අපරාදේ මේ පරණ ඒවාට සබ් කරන්න එපා කියලා. එහෙත් මේවා නරඹන්නට සුවිශේෂී පිරිසක් ඉන්නවා. ස්තුතියි!

    1. Deegayu Abeysekera

      api wage

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සමහරු කොච්චර බැන්නත් මෙහෙම පරණ ෆිල්ම්වලට සබ් දෙන එක නතර නොකරන එක ලොකු දෙයක්

  3. Kalana Dhananjaya

    තෑන්ක්ස් බ්‍රෝ

  4. Deegayu Abeysekera

    thanks mr.priyantha

    please give madhumathi 1958

    1. Priyantha Dayakeerthi

      Deegayu Abeysekera,
      ලංකාව තුළ මීට පෙර වෙනත් කෙනෙක් විසින් සිංහල උපසිරසි කරනා ලද පැරණි හින්දි සිනමාපටවලට මා නැවතත් උප සිරසි කරන්නේ නැහැ. මධුමතී, එක් පූල් දෝ මාලි, ලව් ඉන් ටෝකියෝ, කොහිනුර්, ටජ් මහල්, හාතිමෙරේ සාති, අම්රපාලි, ජබ් ප්‍යාර් කිසිතේ හෝතා හේ, ආවාරා, අංගුලිමාල, රාජ් කුමාර්, කාජල්, ටැක්සි ඩ්‍රයිවර්, වැනි බොහොමයක් සිංහල උපසිරසි සහිතව තිබෙනවා. 0714510793 අමතා විස්තර ලබාගන්න.

  5. W T Ajith

    විතානගේ මහත්මයා,
    මේ සිනමාපටය ඒ කාලයේ ඉන්දියාවේත් ගොඩක් කතා බහට ලක්වූ සිනමාපටයක්. පවුලේ කාටත් ඉහල කලාත්මක රසයක් ලබාගන්න පුළුවන් එකක්. මමත් බැලුවා. මෙවැනි ඒවා තවත් ගේන්න. ඔබට තුති.....

  6. D P Gamage

    Mr. Priyantha,
    Best classic movie, Thanks for that great work!.

  7. D P Gamage

    Mr. Priyantha,
    Best classic movie, Thanks for that great work !

  8. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  9. PRAVEEN MAHESH

    Thanks for sub. Me movie eke tamil version eka Thillu Mullu (1981). Rajinikanth hitiye. Sinhala version eka Rasa Rahasak (1988). Joe, Sanath, Sabeetha, Fredie Silva hitiye.

  10. yohan

    thanks

  11. කවිඳු ජයවර්ධන

    අළුත් සහ පැරණි චිත්‍රපටි කලවමේ බලන එක වෙනම ආතල් එකක්..සමහරු මොනව කීවත් මෙවැනි පැරණි කලාත්මක නිර්මාණ වලට ඉදිරියටත් සිංහල උපසිරැසි ලබා දෙන්න. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..!!!ඔබට ජය!!!

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.