ඊශ්‍රායලය සහ යුදෙව්වන් හට ලෝක සිනමාවෙ සුවිශේෂ ස්ථානයක් හිමිවන්නේ හේතු දෙකක් නිසා.ඒ Woody Allen, Stanley Kubrick Steven Spielberg වැනි අග්‍ර ගන්‍ය යුදෙව් ජාතික සිනමාකරුවන් නිසා. අනෙක ඔවුන් හා බැදුනු අපූරු සිද්ධීන් විවිධ අවස්ථා වල දෑවැන්ත සිනමා සඳහා ප්‍රස්තූතයන් වීම නිසා. Schindler’s List, Waltz With…

ඊශ්‍රායලය සහ යුදෙව්වන් හට ලෝක සිනමාවෙ සුවිශේෂ ස්ථානයක් හිමිවන්නේ හේතු දෙකක් නිසා.ඒ Woody Allen, Stanley Kubrick Steven Spielberg වැනි අග්‍ර ගන්‍ය යුදෙව් ජාතික සිනමාකරුවන් නිසා. අනෙක ඔවුන් හා බැදුනු අපූරු සිද්ධීන් විවිධ අවස්ථා වල දෑවැන්ත සිනමා සඳහා ප්‍රස්තූතයන් වීම නිසා. Schindler’s List, Waltz With Bashir, Operation Thunderbolt, Exodus මෙන්ම Oppenheimer ද යුදෙව් සම්බධතා ඇති චිත්‍රපට .විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමයේ යුදෙව් සංහාර, ඊශ්‍රායෙල් අරාබි යුධ ගැටුම්,එන්ටැබේ ප්‍රහාරය,මොසාඩ් ඔත්තු සේවා වික්‍රම හා බඳුන් සත්‍ය සිදුවීම් අති විශාල සංඛ්‍යාවක් නිර් මාණ ලෙස එළි දක්වා තිබෙනවා.ගෝල්ඩා එහි තවත් නවතම චිත්‍රපටයක් .2023 අගෝස්තු මස නිකුත් උන දැනට IMDB 6.0 ක අගයක් දක්වෙන මේ චිත්‍ර පටය Guy Nattiv ගේ අධ්‍යක්ෂනයක්. Helen Mirren, Camille Cottin ,Liev Schreiber,Dvir Benede,Lior Ashkenazi මෙහෙ ප්‍රධාන චරිත රඟපානවා..
දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1948දී ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු ඊශ්‍රායලය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටක්. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර් දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් වට වී තිබෙනවා.මෙහි බිහිවීම පිටුපස විශාල කතාන්තරයක් තිබුනත් කෙටියෙන්ම කියනවා නම් තමන්ට කියා රටක් නැතිව සිටි ලොව පුරා විසිරුණු යුදෙව් ජනතාවගේ මව් බිම මෙසේ රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීම අසල් වාසී අරාබි රජ්‍යයන්ට එතරම් සැනසිලිදායක කාරනාවක් උනේ නෑ.අරාබීන් යුදෙව් රාජ්‍යය පිළි නොගැනීම නිසා නිරන්තරයෙන් දෙපාර්ශවය අතර ගැටුම් ඇති උනා.වටේම සිටින විශාල අරාබි රටවල් වල ප්‍රහාරයන්ට මුහුණ දීමට කුඩා ඊශ්‍රායලයට හැකියාව ලැබුනේ ඔවුන්ගේ විශිෂ්ඨ උපක්‍රමික ඥාණය,හැකියාව හා ඇමරිකානු සහයෝගය නිසායි.හතර වටින්ම එල්ල වූ අරාබීන්ගේ නිරන්තර ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාරයක් ලෙස 1967 දී අරාබි රාජ්‍යයන් තුනක් සමග යුධ වැදුනු සුප්‍රකට දින හයේ යුද්ධය මගින් ඊජිප්තුවට අයත් සීනායි අර්ධද්වීපය ගාසා තීරය,ජෝර් දානයට අයත් බටහිර ඉවුර සහ සිරියාවට අයත් ගෝලාන් කඳු වැටිය යටත් කර ගත්තා.එය සිය භූමියමෙන් සිව් ගුණයක ප්‍රමාණයක්.
මෙම දෑවැන්ත පරාජයේ ලජ්ජාව තුරන් කර ගනීම සඳහා ඊජිප්තුව හා සිරියාව දියත් කල ඒකාබද්ධ “යොන් කුපූර්” යුධ ක්‍රියදාමය 1973දී ක්‍රියාත්මක වන විට ඊශ්‍රායලයේ අගමැතිනියව සිටියේ ගෝල්ඩා මියර් නමැති අයෝමය කාන්තාවයි.1969 දී එවකට භාරකාර අගමැතිනිය වශයෙන් පත් වූ ඉතා පළපුරුදු රාජ්‍යතාත්ත්‍රිකයෙකු වූ වයෝවෘධ ඇය පිලිකා රෝගයෙන් පෙළෙමින් මෙම බරෑරුම් සටනට මුහුණදුන් ආකාරය මෙම චිත්‍ර පටයෙන් පෙන්වනවා.1967 ජයග්‍රහණයෙන් ඔද වැඩී තමන් ගැන අධි තක්සේරුවකින් පසු වූ ඊශ්‍රායෙල් ඉහළ පෙලේ ආරක්ෂක අංශ අරාබි යුධ සූදානම ගැන බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස 1973 ඔක්තෝබර් 5 දින “යොන් කිපූර්” ආගමික උත්සවය දින ආරම්භ වූ මෙම ද්විත්ව ප්‍රහාරයෙන් ඔවුන්ට හානි සිදු වුනා. පරාජයේ අබිමුව සිය රජය මෙහෙයවීමේ අභියෝගය ගෝල්ඩාමියර් ජයගන්නේ කෙසේද? අරාබීන්ට සෝවියට් සහය හිමි වෙද්දී ඊශ්‍රායලය වෙත ඇමරිකානුන්ගේ පිළිවෙත කුමක්ද? විශාල හානියේ වගකීම ගෝල්ඩාමියර් භාර ගනීද?
ඊශ්‍රායලය පසුකාලීනව සීනායි අර්ධද්වීපය ඊජිප්තුව වෙත ලබා දුන්නද අද වන තුරුද ගාසා, බටහිර ඉවුර හා ගෝලාන් කඳු වැටිය තමන් යටතේ රඳවා ගෙන සිටීම නිසා ඇති වූ තවමත් ගැටළු නිරාකරණය වී නොමැත.
මූලාශ්‍ර Wikipedia
මා විසින් ඉංග්‍රීසි චිත්‍ර පටයකට කරන ලද ප්‍රථම පරිවර්තනයයි මේ.ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි. ස්තූතියි
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,252 downloadsDownload Golda-2023.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Golda (2023) Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
- #2023
- #BANDULA K
- #Claudette Williams
- #Editor's Pick
- #Golda (2023) Sinhala Subtitles
- #Guy Nattiv
- #Helen Mirren
- #MaxxA
- #Must Watch
- #Nicholas Martin
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #Zed Josef
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
රුක්ශාන්
එල්. සී. දමැල්
ස්තුතියි සහෝ. මම පුද්ගලිකව ගොඩක් ආස කරන කැටගරි එකේ ෆිල්ම් එකක්.
දිගටම මේ වගේ වටිනාකමින් ඉහළ චිත්‍රපටවලට සබ් කරමු.
ජය!Kantha_DLA
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Supiri. Mata nam kiyanna Tharam aulak na. mama kamathima type eke kathawak. ela. thanks Bro :)
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
විමා
උපසිරසියට බොහොම ස්තුතියි, බන්දුල අයියේ!
Bandula Kahandawa
ඔයාගෙ ඉල්ලීමකට මේක කලේ. අද ඒ යුද්ධයේ පනස් වැනි සංවත්සරය.ආයෙත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා.මේක නිසා ඒක හොඳට දැනෙනවා.යුද්ධයේ ගිහි දැල් නිමේවා ඒකයි මගේ පැතුම.
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Bandara
Thanks a Lot "Bandula"
Anonymous
Excellent job
Mano
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Golda (2023) Sinhala Subtitles | ඊශ්‍රායලයේ යකඩ ගැහැණිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Golda-2023-b.jpg)
අම්මො යන්තම් හරි වගෙ.
අතක් පයක් කැඩුන වගෙ හිටියෙ.
සබ් එකට බොහොම පිං.
අනිවාර්යයෙන්ම බලනවා.