Watch Trailer

Good Night Oppy (2022) Sinhala Subtitles | සුබ රාත්‍රියක් ඔපී.. [සිංහල උපසිරැසි]

Good Night Oppy (2022) Sinhala Subtitles හැමෝටම ආයුබෝවන්.. පෙර උපසිරැසි ගන්වපු වාර්ථාමය රූපවාහිනී කථා මාලාව සමඟින්ම ඒහා දිවෙන දැනුමෙන් පිරි මෙම වාර්ථාමය වැඩසටහනටත් සිංහල උපසිරැසියක් තිබිය යුතුයි කියල සිතුන නිසාවෙන් ඒ නිර්මාණයන් මේ විදියට අරගෙන ආව.. පෙර උපසිරැසි ගැන්වූ කතාමාලාව රසවිදීමේදී ( The Plan…

Good Night Oppy (2022) Sinhala Subtitles හැමෝටම ආයුබෝවන්.. පෙර උපසිරැසි ගන්වපු වාර්ථාමය රූපවාහිනී කථා මාලාව සමඟින්ම ඒහා දිවෙන දැනුමෙන් පිරි මෙම වාර්ථාමය වැඩසටහනටත් සිංහල උපසිරැසියක් තිබිය යුතුයි කියල සිතුන නිසාවෙන් ඒ නිර්මාණයන් මේ විදියට අරගෙන ආව.. පෙර උපසිරැසි ගැන්වූ කතාමාලාව රසවිදීමේදී ( The Planets) රෝවර් ඇතුළු අභ්‍යවකාශ ගවේශණ යානාවන් මඟින් කෙතරම් වටිනා විශ්ව දැනුම් සම්භාරයක් අප වෙත දායද කර ඇතිද යන්න ඔබ වටහාගන්නට ඇති. ඉතිං අද වැඩසටහන තුළින් එම රෝවරයන් අතුරෙන් අඟහරු වෙත පිටත්කර හරින ලද ස්පිරිට් සහ ඔපචුනිටි (Spirit and opportunity) නම් නිවුන් රෝවර් මෙහෙයුම පිළිබඳව වැඩිදුර විස්තර කිරීම සිදුකරනවා. වර්ෂ 2003 පෙබරවාරි මස ඇරබුණු මෙම මෙහෙයුමට මේ වන විට වසර 20කට වඩා ගතවී ගියත් ඔවුන් විසින් අභ්‍යවකාශ ගවේශන ඉතිහාසය තුල එක් නොමැකෙන සංධිස්ථානයක් පිහිටුවා තිබෙනවා. නිවුන් රෝවර් යුගලයම නිර්මාණ අවධියේදී සූර්ය දින 90ක් සඳහා පමණක් සැලසුම් කිරීම සිදුකළත්, සියළු දෙනාවම පුදුමයට පත්කරවමින් ස්පිරිට් රෝවරය පුරා දින 2208ක් තරම් කාලයක් වගේම ඔපචුනිටි රෝවරය දින 5111ක් පුරා අඟහරු මත සැරිසරමින් ඉතාම සාර්ථකව සිය පරම මෙහෙයුම ඉටු කරදී තිබෙනවා.. ඉතිං ඔවුන්ගේ ඒ ගැහැට පිරි වික්‍රමාන්විතය මෙම වාර්ථාවැඩසටහන ඔස්සේ ඔබ වෙතට ගෙනඑනු ලබනවා. වැඩසටහන තුළ නාසා ආයතනයේ JPLවිද්‍යාගාරය තුළ එම මෙහෙයුම් දියත්කල සජීව මොහොතේ සැබෑ දර්ශන රැසක්ම ගෙනඑනු ලබනවා. අනේක බාධා ගැටළු මද්‍යයේ මෙහෙයුම් කණ්ඩායම විසින් මෙම වීරවික්‍රමය ජයගත් ආකාරය රසවත් ලෙසින් මෙමගින් ඔබට විඳගත හැකිවනවා…   මෙම වාර්ථාවැඩසහටන IMDB දර්ශකය තුළ පරිෂීලකයින් 4800ක් පමණ අතුරින් 7.7ක මනාපයක් ලබාගෙන තිබෙනව වගේම කුණු තක්කාලි දර්ශකය තුලත් 87%ක තරම් අගයක් ලබාගෙන තිබෙනවා..  තවත් රසවත් නිර්මාණයක උපසිරැසියක් සමඟින් හමුවෙමු.. Good Night Oppy (2022) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත

930 downloadsDownload Good.Night_.Oppy-2022.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු ලක්මාල් කිරිල්ලාවල

Subtitles

930 downloadsDownload Subtitles53 KB

2 comments

  1. Kavindu Nethmina

    Sub Ekata thanks bro

  2. Buddhika laKMal

    අම්මෝ තැන්ක් යූ සහෝ මේ වගේ ඩොකියුමක්ට්‍රිවලට සබ් ගේනවට....
    ජයවේවා..........