Watch Trailer

Gran Turismo (2023) Sinhala Subtitles | සිහිනය කරා වේගවත් ගමනක් [සිංහල උපසිරැසි] [BLURAY UPDATE]

Gran Turismo (2023) Sinhala Subtitles කතාවක් තියනවා සිහින වලට, බලාපොරොත්තු වලට මිනිසුන් ජීවත් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. මේ ලෝකයේ බිහි උන ශ්‍රේෂ්ඨ මිනිසුන් ගත්තම ඒ හැමෝටම වගේ සිහින, බලාපොරොත්තු තිබුණා. ඒ වගේම ඒ වෙනුවෙන් එයාලා අසීමිතව කැප උනා. හැබැයි කාටද හිතෙන්නේ වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරලත් ස…

Gran Turismo (2023) Sinhala Subtitles

Gran Turismo (2023) Sinhala Subtitles

කතාවක් තියනවා සිහින වලට, බලාපොරොත්තු වලට මිනිසුන් ජීවත් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. මේ ලෝකයේ බිහි උන ශ්‍රේෂ්ඨ මිනිසුන් ගත්තම ඒ හැමෝටම වගේ සිහින, බලාපොරොත්තු තිබුණා. ඒ වගේම ඒ වෙනුවෙන් එයාලා අසීමිතව කැප උනා. හැබැයි කාටද හිතෙන්නේ වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරලත් සිහින දිනන්න පුළුවන් කියලා?

ඇත්තටම එහෙම කාලයක් ඉස්සරහට උදා වෙන්න ගොඩක් ඉඩ තියනවා. ඒ වගේ පසුබිමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක් තමයි අද මම ඔයාලට අරන් එන්නේ. මම කියලා කිව්වට ඉතින් මේ වැඩේ කරන්න මට සචින්ත බෙනට් මල්ලි සහය උනා වගේම, යුරන් ධනුක මල්ලිගෙනුත් අතිරේක සහයක් ලැබුණා. කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො එහෙනම් වෙනද වගේම.

ජෑන් (Archie Madekwe) කියන්නේ රේසින් කාර් ගේම් ජීවිතය කර ගත්ත තරුණ කොල්ලෙක්. දවසේ වැඩි කොටසක් මේ වගේ රේසින් කාර් ගේම් ගහන ජෑන්ට එයාගේ තාත්තා ස්ටීව් (Djimon Hounsou) දෙන උපදෙස තමයි සෙල්ලම් කරන්න ආසයි නම් ෆුට් බෝල් වගේ සෙල්ලමක් කරන්න කියන එක. හැබැයි ජෑන්ගේ ලෝකය උනේ රේසින් කාර්. ඒ රේසින් කාර් ලෝකයට යන්න ජෑන්ට බොහොම අහඹු අවස්ථාවක් ලැබෙනවා.චිත්‍රපටයට අනුව Gran Turismo කියන්නේ යමවුචි කසුනෝරි විසින් නිර්මාණය කරපු රේසින් කාර් ගේම් එකක්.

මේ ගේම් එක තරුණ තරුණියන් අතරට අරන් යන්න ඩැනී මූර් (Orlando Bloom) කියන මාකටින් කාරයා සුපිරි උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ මේ රේසින් කාර් ගේම් එක දිනන සුපිරිම ක්‍රීඩකයන් තෝරලා, නිසාන් සමාගමේ GT ඇකඩමි එකට බඳවා ගෙන, ඒ හරහා තෝරා ගන්න හොඳම කෙනාට ඇත්තම රේසින් කාර් තරඟයකට යන්න අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වීමෙන්.ඉතින් මේ කාර් ගේම් එක සෙල්ලම් කරලා දිනන ජෑන්ට පුළුවන් වෙනවා GT ඇකඩමි එකට එකතු වෙලා ජැක් සෝල්ටර්ගෙ (David Harbour) මග පෙන්වීම යටතේ රේසින් කාර් පුහුණු වීම් කරන්න. කතාව ගැන නම් ඔයිට වඩා කියන්නේ නැහැ හොඳේ.

PlayStation Productions, Columbia Pictures සහ Trigger Street Productions කියන සමාගම් එකතු වෙලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය බෙදාහැරීම සිදුකරේ Sony Pictures Releasing ආයතනය විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 60ක වියදමින් නිමකළ මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ ඉන් උපයපු ආදායම ඇමරිකානු ඩොලර් 100 පසු කිරීමෙන්. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Neill Blomkamp. මේ චිත්‍රපටයේ ඇති ගුණාත්මක භාවය නිසාම ඒකට IMDb 7.3 ක අගයකුත් Rotten Tomatoes 65% ක අගයකුත් ලැබිලා තියනවා. විනාඩි 134 ක් පුරා දිව යන මේ චිත්‍රපටය Action, Adventure, Drama, Sport යන කණ්ඩ වලට අයත් වෙනවා. Box Office වල ඩොලර් මිලියන 117.4 ක මුදලක් උපයන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

2013 වසරෙදී Play Station වලට පමනක්  නිකුත් වුන Gran Turismo වීඩීයෝ ක්‍රීඩාව ආභාශය මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. එහි නවතම වීඩීයෝ ක්‍රීඩාව වන Gran Turismo 7 2022 වසරේදී නිකුත් වූ අතර එයත් Play Station 4, Play Station 5 සදහා පමනක් නිකුත් වුනා. Sony සමාගම මෙම වීඩීයෝ ක්‍රීඩා පෙල පරිගනක සදහා නිකුත් කරනවාද යන්න පිලිබදව තවමත් නිශ්චිත අදහසක් දක්වලා නෑ. ගොඩක් කොන්සෝල් ගේම් මේ වෙද්දි පරිඝනක සදහා සැකසෙන නිසා ඒ ගැන අපට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

ජෑන් සමග GT ඇකඩමි එකට බැඳුනු රේසින් කාර් ගේම් වීරයන් පිරිසක් 

චිත්‍රපටය රූගත කරන දර්ශනයක්

වේගවත් සිනමා අත්දැකීමකට ආරාධනා කරමින් එහෙනම් මං මෙතනින් නවතිනවා. චිත්‍රපටය බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ කට්ටිය…

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP / BLURAY පිටපත සඳහා ලබා දි ඇත.

Br පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කිරීම ” සනුක අක්නාත්”

28,777 downloadsDownload Gran-Turismo-2023-Bluray-Update.zip115 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Gran Turismo (2023) Sinhala Subtitles, Gran Turismo, Gran Turismo Sinhala Subtitles

Subtitles

28,777 downloadsDownload Subtitles115 KB

22 comments

  1. Anonymous

    supiri

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සචි සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. ඉන්දික

    එනකල් බලාගෙන හිටියේ. බොහොම ස්තුතියි

  4. රුක්ෂාන්

    අයියෝ ෆිල්ම් එක ආව දවසේ ඉඳලා ඔයාලගෙන් ෆේස්බුක් එකෙන් ඊයේ වෙනකම් සබ් ඉල්ලා බැරිම තැන වෙන එකකින් අරගෙන බැලුවා. :(

  5. baiscopelk ishu

    සබ් එක දෙනකන්ම ඉවසගෙන හිටියා.. තෑන්ක්ස් දෙන්නටම සබ් එකට

  6. Pulith Kaluarachchi

    Fillm eka nddo

  7. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම උපසිරැසියට..

  8. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි දෙන්නටම!

  9. Sahan Gayantha

    superb.. thanks a lot brothers sub ekata

  10. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  11. GIhan

    bluray version ekta update ekak dnna
    jaya wewa

  12. Tharindu

    Thank you for the sub...keep it up

  13. Tharindu

    Thank you for the sub

  14. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝල දෙන්නටම උපසිරැසියට..

  15. Dewadithya

    Thanks for Sub!

  16. Naduka

    Niyamai

  17. Anonymous

    movis donlod karane kohomada

    1. විමා

      මෙතනින් අපේ ඩව්න්ලෝඩ් වෙබ් අඩවියට ගිහින් හෝ අපේ ටෙලිග්රාම් එකට මෙතනින් ගිහින් ජොයින් වෙලා.

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  19. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. viraj

    thanks..........