Watch Trailer

Oppenheimer (2023) Sinhala Subtitles | ඇමරිකන් ප්‍රොමිතියස්. [සිංහල උපසිරැසි] 18+

Oppenheimer (2023) Sinhala Subtitles කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක හදිසියේම BR පිටපතක්ම නිකුත් කළා. ඒ වගේම උපසිරැසිය ලබාදෙන්න පමා වුනාට සමාවෙන්න ඕනා, මේක නොවැම්බර් 21 වැනිදා නිකුත් වෙන බවට නිවේදනය කල නිසා හෙමින් සැරේ තමා කැමරා කොපියට සබ් එ…

Oppenheimer (2023) Sinhala Subtitles

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක හදිසියේම BR පිටපතක්ම නිකුත් කළා. ඒ වගේම උපසිරැසිය ලබාදෙන්න පමා වුනාට සමාවෙන්න ඕනා, මේක නොවැම්බර් 21 වැනිදා නිකුත් වෙන බවට නිවේදනය කල නිසා හෙමින් සැරේ තමා කැමරා කොපියට සබ් එක කරන්න ගත්තේ . ඉතින් සුදානම් පිට උන්නේ නැති වෙලාවක හදිසියේම මේක ආවා. ඒ ආව වගේ නෙමෙයි මේක කොහෙත්ම හදිසියේ කරන්න පුළුවන් උපසිරසියකුත් නෙමෙයි, ඒ නිසා වැඩේට රංග ප්‍රසන්න සහෝදරයාවත් සම්බන්ධ කරගෙන වැඩේ ඉවර කළා ඔන්න. ඉංග්‍රීසි උපසිරසි එක්ක බලන්න ගත්ත අයට තේරෙන්න ඇතිනේ තත්වේ කොහොමද කියල. 😛 එහෙනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමු. Oppenheimer (2023) Sinhala Subtitles

TENET මුවි එක බැලුව නේද ඔයාල? ෆිල්ම් පිස්සෙක් නම් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් ඒක. ඒ වගේම නෝලන්ගේ ෆිල්ම් එකක් මගහරින්න හිතන්නවත් එපා. ඉතිං ටෙනෙට් මුවි එකේ රංගනයෙන් එකතු වුණ රොබට් පැටිසන්, එහි රුගතකිරීම් අවසානයේ නෝලන්ට පොතක් දීල තියෙනව, ඒ තමයි ඇමරිකන් ප්‍රොමිතියස් පොත, මේ පොත අවුරුදු 20ක් තිස්සේ ඇදි ඇදී ගිය ව්‍යාපෘතියක් කඩිනම් කිරීමට නෝලන් හට උද්දීපනයක් සපයනවා. ඒ පොතේ තියෙන කතාව තමයි පරමාණු බෝම්බයේ පියා වන රොබර්ට් ඔපන්හයිමර්ගේ කතාව.

  • කවුද මේ ප්‍රොමිතියස්?
    “මේක ග්‍රීක මිත්‍යා කතාවක්. ඒ කතාව අනුව ප්‍රොමිතියස් තමයි දෙවියන්ගෙන් ගින්දර සොරාගෙන මිනිසුන්ට ලබා දුන්නේ. ඒ හේතුව නිසා ප්‍රොමිතියස් මිනිසුන්ගේ වීරයෙක් බවට පත්වුණා, හැබැයි ඒත් එක්කම ඔහු දෙවියන්ගේ උදහසටත් ලක්වුණ කෙනෙක් බවට පත්වුණා. දේව ප්‍රධානියා වූ සීයුස් විසින් ප්‍රොමිතියස් ගලක ගැට ගසා බැඳ තබා ඔහු වෙත උකුස්සෙක්ව එව්වා. මේ උකුස්සා හැමදාම ප්‍රොමිතියස්ගේ අක්මාව කනව. හැබැයි රාත්‍රියේදී මේ අක්මාව ආයේ වැඩෙනවා. පහුවදා උදේට උකුස්සා ආයේ ඇවිල්ල ප්‍රොමිතියස්ගේ අක්මාව ආහාරයට ගන්නවා. මිනිසුන් වෙත ගින්දර ලබාදීමේ වරද වෙනුවෙන් ප්‍රොමිතියස් සදාකාලිකවම මේ වේදනාකාරී දඬුවම විඳින්න ඕනා” 

 

ඉහත විස්තරයට කරුණු ලබාගත්තේ ෆේස්බුක් මිතුරෙකු වෙච්ච Sha Danthanaranayaගේ පෝස්ට් එකකින්. එයා තමයි ප්‍රොමිතියස් කතාව සිංහලට පරිවර්තනය කරලා දාල තිබුනේ, ඒ වෙනුවෙන් ඔහුට බොහොම ස්තුතියි. ඉතිං ඇමරිකානු ප්‍රොමිතියස්ගේ කතාව අනුව නිර්මාණය වුණ සිනමාපටය වාර්ථා රැසක් තබමින් WB’ලගේ බාබි මුවි එකත් එක්ක තරඟ කරනව. ඒ තරඟයෙන් ආදායම් අතින් බාබි මුවි එක ඉදිරියට යනකොට අනෙකුත් විචාර ප්‍රතිචාර අතින් ඉදිරියට යන්නේ ඔපන්හයිමර් මුවි එක.

බාබි සිනමාපටය වෙනුවෙන් අපි උපසිරසි ලබා දීල තියෙන නිසා ඔයාල ඒක මේ වෙද්දී බලන්න ඇති කියල හිතනවා. කොහෙත්ම මේ මුවි දෙක එකිනෙක හා තරඟ කලට කිසිම වෙලාවක මේ මුවි දෙක සංසන්දනය කරන්න බැහැ. අහසට පොලව වගේ. නෝලන් තමන්ගෙන් ඉවත් වුණ තරහටම WB විසින් මේ ගැටුම ඇතිවෙන්න ඉඩ විවර කළා කියලයි ගොඩක් අය දරණ මතය වෙන්නේ. හැබැයි ඒකෙන් මම හිතන විධියට මේ සිනමාපටයට හොඳ තල්ලුවක් ලැබුනා. WB සහ බාබිලට ආස නැති අය මේක බලන්න සිනමාශාලා වෙත ගියා. ඒ අනුව මේ සිනමාපටය විවිධ වාර්තාවන් රැසක් සහ තවත් වාර්ථා රැසක් තබන්න සමත් වුණා. ඒවා නම්, Oppenheimer (2023) Sinhala Subtitles

  • ලෝකයේ වැඩිම ආදායමක් ලබාගත් චරිතාපදාන සිනමාපටය. (ඇමරිකානු ඩොලර් මිලියන 950+)
  • ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ පලවෙනි R රේටඩ් සිනමාපටය වගේම ඔහුගේ පලවෙනි චරිතාපදානය. 
  • කිලියන් මර්ෆි, නෝලන්ගේ සිනමාපටයකට එකතු වුණ සයවෙනි අවස්ථාව.
  • නෝලන්, WB’ වෙතින් ඉවත් වෙලා ගිහින් කරපු මුල්ම සිනමාපටය සහ ඔහුගේ සිනමාපටයක් වෙනුවෙන් වැඩිම වියදමක් දරපු සිනමාපටය මේක.
  • දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය කරපු සිනමාපට අතරින් වැඩිම ආදායමක් ලබාගත් සිනමාපටය. මේ ස්ථානය මිට පෙර දිනාගෙන තිබුනේ Saving Private Ryan 1998 සිනමාපටය විසින්.
  • 2023 වසරේ සිව්වනියට වැඩිම ආදායම ලද සිනමාපටය.
  • පස්වැනි ස්ථානයට වැඩිම ආදායමක් දිනාගත් IMAX සිනමාපටය, පිලිවෙලින් Avengers: Endgame, Avatar, Star Wars: The Force Awakens සහ Jurassic World සිනමාපට තමයි පළමු දෙවැනි තෙවැනි සහ සිව්වැනි ස්ථානයට ඉන්නේ.Oppenheimer (2023) Sinhala Subtitles

බිලියනයේ සිමාව පසුකරවන්න නැවත වතාවක් තියටර් වලට මේක නිකුත් කළා මිට දවස් කිහිපයකට කලින්. හැබැයි ඒ කඩයිම පහුකරගන්න නම් බැරි වුණා අද මේ ලිපිය ලියන මොහොත වෙනකොටත්. ඒත් කමක් නැහැ මේ මදැයි.Oppenheimer (2023) Sinhala Subtitles

මේ සිනමාපටයේ විශේෂම දේ තමයි මට අනුව නම් පසුබිම් සංගීතය. ටෙනෙට් සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වන Ludwig Göransson තමයි මේකෙත් සංගීතය නිර්මාණය කරන්නේ. ඒ පසුබිම් සංගීතය මට නම් පිස්සුවක්. ඊට පස්සේ ඉන්න නළු නිලි කැළ ගැන ඔයාල දැනටමත් දන්නව ඇති කියල හිතනව. ප්‍රධාන වශයෙන් අනාගත ඔස්කා සම්මාන නිර්දේශයක් ලබාගැනීමට ඉඩ හසර විවර කරගනිමින් Cillian Murphy ඔපන්හයිමර් ලෙසත්, Emily Blunt ඔහුගේ බිරිඳ කිටි ලෙසත්, Matt Damon මෑන්හැට්න් ව්‍යාපෘති ප්‍රධානියා වන ලෙස්ලි ග්‍රෝව්ස් ලෙසත් එකතු වෙනවා. මැට් ඩේමන් තමන්ගේ බිරිඳට වෙච්ච පොරොන්දුවක් අනුව රංගනයෙන් තාවකාලිකව ඈත් වෙලා ඉඳල තියෙන්නේ. හැබැයි මැට් කියල තියෙනවා නෝලන් කතා කලොත් නම් යනවා කියල. ඒ අනුව තමයි ඔහු මේ සිනමාපටයට එකතු වෙන්නේ.

ඊට අමතරව  Robert Downey Jr. ඇමරිකානු න්‍යෂ්ඨික කොමිසමේ සාමාජික ලෙවිස් ස්ට්‍රව්ස් ලෙස වෙනමම රංගනයක නිරත වෙනවා. ඔහුත් බොහෝ දුරට මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ ලබා ගනීවි කියල හිතනවා. Florence Pugh ඔපන්හයිමර්ගේ පෙම්වතිය ජේන් ටැට්ලොක් ලෙසත් එකතු වෙනවා. ඊට අමතරව  Josh Hartnett, Casey Affleck, Rami Malek, සහ Kenneth Branagh යන අය සෙසු සහය චරිත සඳහා දායක වෙනවා.Oppenheimer (2023) Sinhala Subtitles

විශේෂයෙන්ම කියන්න ඕනා මේ සිනමාපටය තනිකරම දෙබස් මත රඳා පවතින්නක්. එකඳු දෙබසක් හෝ මගහැර ගත්තොත් සම්පුර්ණ රසවින්දය ඔබට අහිමිවෙලා යන්න පුළුවන්. ඒ නිසා ඉතාම ප්‍රවේසමෙ සීරුවට මේ සිනමාපටය නරඹන්න. ඒ වගේම මේ සිනමාපටය කලුසුදු සහ වර්ණ ලෙස කොටස් දෙකකින් යුතු දර්ශන පෙළක් අප වෙත ලබා දෙනවා. වර්ණ සහිත රුප රාමු අපිට නම් කරලා දෙන්නේ Fission (ෆිෂන්=විඛන්ඩණය) ලෙස, කළු-සුදු රුප රාමු නම් කරන්නේ Fusion (ෆියුශන් = විලයනය) කියල. මේ තමයි න්‍යෂ්ඨික ශක්තිය විමෝචනය කරන ප්‍රධාන ආකාර දෙක. ඉතිං ඒ ආකාර දෙක ගැටීමෙන් ඇතිවෙන පිපිරුම ෆිල්ම් එකේ පටන් ගන්න තත්පරයේ සිට අවසාන තත්පරය දක්වා හැම රුප රාමුවකින්ම පෙන්නුම් කෙරෙනවා.

කතාවට සරල ආරම්භයක් ගත්තොත් එහෙම මෙහෙමයි වෙන්නේ. 

දෙවැනි ලෝක යුද්ධය අවසාන සමයේදී ජර්මනිය සහ ඇමරිකාව අතර තරඟයක් ඇතිවෙනවා. ඒ තමයි පරමාණු බෝම්බය නිර්මාණය කිරීම. ජර්මානු විද්‍යාඥයින් වර්නර් හයිසන්බර්ග් ප්‍රධාන කොටගනිමින් පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට උත්සුක වෙනකොට ඇමරිකාව මෑන්හැට්න් ව්‍යාපෘතිය නමින් තමන්ගේ පරමාණු බෝම්බ නිදපවිමේ ව්‍යාපෘතිය ආරම්භ කළා, ඒ ඇමරිකාවට ක්වොන්ටම් භෞතික විද්‍යාව රැගෙනවිත් ප්‍රචලිත කිරීමේ පුරෝගාමියා වූ ආචාර්‍ය රොබට් ජේ ඔපන්හයිමර් ප්‍රධාන කොටගනිමින්. මෙහිදී ඇතිවූ යම් ගැටළු සඳහා ඇල්බට් අයින්ස්ටයින් පවා තමන්ගේ සහය ඔපන්හයිමර් වෙත ලබා දුන් බව සඳහන් වෙනවා.

පහත දැක්වෙන්නේ එම විද්‍යාඥයින් දෙපල සැබෑ 1947 වසරේ ජීවිතයේදී සහ 2023 වසරේදී නිර්මාණය වෙන සිනමාපටයේදී එන ආකාරය. 

 

නෝලන් ප්‍රසිද්ධ ඔලුව අවුල් කරන ෆිල්ම් හදන කෙනෙක් විධියටනේ. හැබැයි මේ වතාවේ ඒක එහෙම නැහැ. කාල රේඛා තුනකින් කතාව ඔබ වෙත ඉදිරිපත් කලත් ඒ කාල රේඛා ඔයාලගේ ඔලුව අවුල් කරවන එකක් නැහැ. හැබැයි ඔපන්හයිමර් තමන් ලෝකයට ලබා දුන්නු මේ භයානක නිර්මාණය ගැන පසුතැවෙන පසුතැවීම අනිවාර්යෙන්ම ඔබ ඇතුලන්තයට කාවද්දන්න ඔහු සමත් වෙනවා. ඔපන්හයිමර් තම නිර්මාණය නිසාත්, තමන්ගේ ජවිත කාලය තුල සිදුකල හිතවක්කාරකම් නිසාත්, දේශපාලනය නිසාත් තම ජිවිත කාලය පුරාවටම විඳි මානසික පිඩාව ඔබගේ සිත තුලින් දැනෙන්න සලස්වා තියෙනව. Oppenheimer (2023) Sinhala Subtitles

මම ලිපිය පටන් ගන්නකොට කියපු ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධයේ එන ප්‍රොමිතියස්ට, ඔපන්හයිමර්ව සමාන කරමින් ඇමරිකන් ප්‍රොමිතියස් ලෙසින් ඔහුව හඳුන්වන්නේ අන්න ඒ නිසයි. එක පැත්තකින් පරමාණු බෝම්බය නිසා ලෝක යුධ මට්ටමේ මහා විනාශකාරී යුද්ධ ඇතිවීම නැවතුනා කියලත් කියන්න පුළුවන්. මොකද ඒ වගේ භයානක අවියක් ලෝක බලවතුන් අතේ තියෙන නිසා කවුරුත් මුලින්ම ඒ අවිය පාවිච්චි කරන්න පසුබට වෙනවා.Oppenheimer (2023) Sinhala Subtitles

අනික් අතට ආයේ ජපානයේ වුණා වගේ කොයි වෙලාවක හරි කොහේ හරි රටක් මේ මාරක ආයුධය භාවිතා කලොත් ඇතිවෙන විනාශය මොන තරම් වෙයිද කියල හිතාගන්න බැහැ. ඉතිං මම යලිත් කියනවා, මෑත ඉතිහාසයේදී මිනිසාට අලුත් ගින්දරක් ලබාදුන්නු ඇමරිකානු ප්‍රොමිතියස් වෙන්නේ ඔපන්හයිමර්. ඒ වෙනුවෙන් ඔහු විඳපු මානසික පිඩාව හරිම අපුරුවට කිලියම් මර්ෆි ඔබ ඇතුළාන්තයට අරගෙන එනවා. ඔහුගේ රංගනයට Ludwig Göranssonගේ සංගීතය එකතු වුණාම තනිකරම මේ චරිතාපදානය හොරර් මුවි එකක් බවට පත්වෙනවා, ඒ ගැන ආයේ දෙකක් නැහැ.

පරමාණු බෝම්බ හෙලීමේ දර්ශනය ඔබට පෙන්වන්නේ නැහැ හැබැයි වෙනම ඔපන්හයිමර්ගේ වේදනාවෙන් ඔබේ සිත දෙදදරුම් කවන්න නෝලන් සමත් වෙනවා. එහෙනම් තවත් මේ ගැන කියන්න යන්න බලාපොරොත්තුවක් නැහැ. උපසිරසියට එකතු වුණු රංග ප්‍රසන්න සහෝදරයටත් ස්තුතිය හිමිවෙන්න ඕනා. එහෙනම් ඔබත් මේ විනාශය විඳවන්න!Oppenheimer (2023) Sinhala Subtitles

Director : Christopher Nolan

Writers : Christopher Nolan, Kai Bird, Martin Sherwin

Stars : Cillian Murphy, Emily Blunt, Matt Damon, Robert Downey Jr.

IMDB : 8.5 (Nov 15, 2023 )

Release date : July 21, 2023 (United States)

Rotten Tomatoes : TOMATOMETER 93%  &  AUDIENCE SCORE 91%

Oppenheimer (2023) Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

 

67,623 downloadsDownload Oppenheimer.2023.zip240 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “රංග ප්‍රසන්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Oppenheimer Sinhala Subtitles

Subtitles

67,623 downloadsDownload Subtitles240 KB

42 comments

  1. Sanuka Aknath

    Thank You So Much සහෝ Sub එකට

  2. Harinu Subasinghe

    ජය වේවා!

  3. Usitha Sahan Nawarathna

    sub ekata tnx brothers.. sub eka denakam balan hitiye

  4. GIhan

    Thanks for Sub, enkm hitye.
    jaya wewa

    1. මසියා

      අනිත් සයිට් කාරයො,මේක ආපු ගමන් සබ් එක දෙද්දි තේරුනා මේ ලයින් 3000ට වැඩියෙන් තියෙන එක google translation කරලා දෙන මොඩ යක්කු ඉන්නේ,මේවගේ එකක් සුපිරියට තියෙන්න ඔනි,ආපු ගම බාලා ඔයාලා සබ් එක දෙනකම්ම හිටියා,,ස්තුතියි,,කොලිටියට සබ් නම් වෙනසයිය් නෑ,මේක තමා

  5. Bony

    Hall එකෙන්මයි බැලුවෙ. පලවෙනි පාර Enjoy කරෙ. තේරුම් ගන්න අමාරුයි. දෙවෙනි පාර English sub එක්ක බැලුවා. බලපු හොදම biographyය. මං හිතන්නෙ මේක තමා නොලන් ගෙ best ම masterpiece එක. Sinhala sub එක්ක තවත් හොදට රසවිදින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මෙච්චර ඉක්මනට සබ් එක දුන්න එකට thank you දෙන්නටම. Keep it up.

  6. Kesara Withanage

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි අශාන්, රංග දෙන්නටම.
    ඉදිරියටත් කරන කියන වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි!

  7. Senuth Hansana

    subtitle ekata godak thanks brother

  8. Pavith Wijesooriya

    සුපිරිම Movie එකක් බලන්න ඕනෙ ආයෙ සුපිරිම සබ් එකකින්. එනකම්මයි හිටියෙ මේක. අයියල දෙන්නටම උපසිරසිය වෙනුවෙන් තුති෴

  9. යුරාන් ධනුක (දනුවා)

    සහෝලා දෙන්නටම බොහෝම ස්තූතියි
    ජයවේවා!

  10. Bimsara Yashan(ඔලිව)

    මේ වගේ ෆිල්ම් එකකට සබ් කරන්න ගැලපෙනම දෙන්නෙක් තමා වැඩේට බැහැල තියෙන්නේ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. ආයෙ පාරක් බලන්න ඕනෙ සබ් එකත් එක්කම. ජයවේවා!

  11. THISANGA

    Cillian Murphy ge 6 Super!

    මේ වතාවෙ ඔලුව අවුල් වෙන් නැ ඒහෙනන්.
    විනාශය විඳගන අායෙ මේ පැත්තෙ ඒන්නන්
    Luck!

  12. indika

    thanks

  13. ishan

    සෑහෙන්න මහන්සි වෙන්න ඕන සබ් එකක්.. ඉවසගෙන බලාගෙන හිටියෙ සබ් එක එනකන්.. සුපිරිම ඩබලක්නෙ ඉතින්. තෑන්ක්ස් විමා ඇන්ඩ් රංග..

  14. නුවන්

    ප්‍රොමිතියස් කතාව අපූරුවට ගලපලා ලියලා තියෙන ලිපිය නම් හරිම අගෙයි. තාමත් බලන්න බැරි වුණ මේ චිත්‍රපටිය බලන්න ඕන කියලා ලොකු පෙළඹවීමක් ලිපිය කියෙව්වාට පස්සේ ඇති වුණා. ස්තුතියි.

  15. Gihan Lakmal

    Supiri Macho

  16. amchaminda1996

    සිංහල උපසිරැසිය බොහොම ස්තූතියි...
    ඉදිරියටත් හොඳ නිර්මාණ වලට උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරනවා...

  17. Dineth Kanishka

    Thank you...

  18. Anonymous

    thanks bro...

  19. Buddhika Lakmal

    මේක බලනවනං ඉතිං ඔයාලගේ සබ් එකත් එක්ක තමයි බලන්න ඕන..
    පරක්කුවෙලා හරි සබ දුන්නට දෙන්නටම තෑන්ක්ස් හොදේ..

  20. rasika

    godak pin sub ekata

  21. Anonymous

    Thanks

  22. Anonymous

    The killer 2023 movie ekata mokada subtitles parakku.imd hoda film ekak

  23. Amal Ishantha

    ගොඩක් ස්තුතියි සහෝ

  24. Anonymous

    thanks guys.

  25. Sahan Gayantha

    thanks a lot Vima sub ekata

  26. Nirosha Nirosha

    thank you

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  28. Anonymous

    Thank you

  29. Lahiru Lakshan

    thanks machn....

  30. Malith samarawickrama

    Thank you very much saho sub ekata

  31. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  32. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  33. Sanketh Ekanayake

    සබ් එකට ස්තූතියි! ❤
    ඒවගේ ම මේ සවිස්තරාත්මක ලිපියත්

  34. SISIRA MAITHREE

    English kochchra puluwan unath sinhala sub 1 theruma hondin karanawaa....Thnk you very much..

  35. Anonymous

    Thank you! All the best!!

  36. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  37. Anonymous

    Thank you ♥️

  38. Hello

    adarei thank you

  39. Asanga kb

    bohoma sthuthi dennatama

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Tharaka Seelawansha

    Thanks for the Sinhala sub bro..... Great work!