අද මම ඔයාලට ගෙනාවේ ඔයාලා කැමති වෙන විදිහේ ෆිල්ම් එකක්. මේක තිරගත වුනේ 2014 වර්ෂයේ (මේකේ මංගල දර්ශනය 2013දි සිදුවුණාට මේක ෆිල්ම් හෝල් වල තිරගත උනේ 2014). මේ චිත්‍රපටය අයත් වෙන්නේ mystery , thriller, music කියන වර්ග වලට.පැය එක හමාරක් පුරා යන මේ චිත්‍රපටය imdb දර්ශකයේ 5.9ක් ද, rotton tomatoes 77% ක්ද…
අද මම ඔයාලට ගෙනාවේ ඔයාලා කැමති වෙන විදිහේ ෆිල්ම් එකක්. මේක තිරගත වුනේ 2014 වර්ෂයේ (මේකේ මංගල දර්ශනය 2013දි සිදුවුණාට මේක ෆිල්ම් හෝල් වල තිරගත උනේ 2014). මේ චිත්‍රපටය අයත් වෙන්නේ mystery , thriller, music කියන වර්ග වලට.පැය එක හමාරක් පුරා යන මේ චිත්‍රපටය imdb දර්ශකයේ 5.9ක් ද, rotton tomatoes 77% ක්ද ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ Eugenio Mira කියලා අධ්‍යක්ෂකවරයෙක්. නිෂ්පාදනය කලේ Rodrigo Cortés සහ Adrián Guerra. කතාව රචනය කරලා තියෙන්නේ ඩේමියන් චැසල් කියලා කෙනෙක්. එතකොට මේකේ සංගීත අධ්‍යක්ෂණය කලේ වික්ටර් රේස් මහතා. එයාට ඒ වෙනුවෙන් Premios Feroz සම්මාන උළෙලේදී හොඳම සංගීත පඨය සදහා සම්මානයකුත් ලැබුනා. එතකොට……. දැන් අපි කතාව ගැන බලමුකෝ.
මේ කතාව ගලා යන්නේ ටොම් සෙල්ස්නික් කියලා දක්ෂ පියානෝ වාදකයෙක් වටේ. මෙයා එක්තරා සිද්ධියක් හින්දා අවුරුදු පහක් පියානෝ වාදනයෙන් වෙන් වෙලා ඉන්නවා.අවුරුදු පහකට පස්සේ ටොම් චිකාගෝ වලට එනවා සංදර්ශනයක් පවත්වන්න. ඒ සංදර්ශනයට එයාට වාදනය කරන්න වෙන්නේ ගොඩක් විශේෂ පියානෝවක්. ටොම්ගේ ගුරුවරයා තමයි පැට්‍රික් ගොඩියුරක්ස් (නම කිව්වා හරිද දන්නේ නෑ. “Patrick Godureaux”). ඉතින් සංදර්ශනයේදී ටොම්ට තමන්ගේ ගුරුවරයාගේ පියානෝව තමයි වාදනය කරන්න ලැබෙන්නේ. සංදර්ශනය කරන්න කලින් එයාට තමන්ට වාදනය කරන්න තියෙන වාදනවල ස්වර ප්‍රස්ථාර ටික හම්බ වෙනවා. ඒකේ තියෙනවා ටොම්ට ගොඩක් විශේෂ සංගීත කොටසක්. ඒ තමයි “La Cinquette”. ඉතින් මොකක්ද මේ “La Cinquette” කියන්නේ? ටොම් අවුරුදු පහක් පියානෝ වාදනයෙන් වෙන් වෙලා ඉන්න හේතු වෙච්ච දෙයක් තමයි මේ. ඔන්න ඊට පස්සේ තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නේ. ටොම් පියානෝව වාදනය කර කර ඉන්නකොට එයාට දැනගන්න ලැබෙනවා ස්නයිපර් කෙනෙක් එයාව මරන්න බලාගෙන ඉන්නවා කියලා. මේ ස්නයිපර් මෙයාව නිකන්ම මරන්න හදන්නේ නෑ. ටොම් එක ස්වරයක් හරි වැරද්දුවොත් ටොම්ට වෙඩි තියනවා කියලා මේ ස්නයිපර් ටොම්ට තර්ජනය කරනවා. ඔන්න මම කතාවේ මුල ටිකේ සාරාංශය කෙටියෙන් කිව්වා. කවුද මේ ස්නයිපර්?ඇත්තටම මේ ස්නයිපර්ට මොකක්ද ඕනේ වෙලා තියෙන්නේ? “La Cinquette” සහ ටොම් සෙල්ස්නික් අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ පියානෝවේ තියෙන රහස මොකක්ද? අන්තිමට මොනව වෙයිද? කියලා ඔයාලට හිතෙනවනම් ඉක්මනට මේ ෆිල්ම් එක බාගෙන බලන්න.
මේ කතාවේ චරිත වලට ඉන්නේ කවුද කියලත් බලල ඉමු නේද? මේ කතාවේ ටොම් සෙල්ස්නික්ට පණ පොවන්නේ එලිජා වූඩ් (එලිජා වූඩ් කියන්නේ අර lord of the rings එකේ ෆ්රෝඩොට ඉන්න කෙනා). එතකොට ක්ලෙම් හෙවත් ස්නයිපර් චරිතයට ඉන්නේ ජෝන් කුසැක්. එමා සෙල්ස්නික්, ඒ කියන්නේ ටොම්ගේ බිරිඳට පන පොවන්නේ කෙරී බිශේ (Kerry Bishé). ඒ වගේම Tamsin Egerton, Allen Leech, Don McManus, Alex Winter කියන අයත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. ඔන්න ඉතින් කියන්න තියෙන ඔක්කොම ටික කිව්වා. එහෙනම් ඉතින් ෆිල්ම් එක බලලා comment එකකුත් දාලම යන්නකෝ.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
848725d711a158cf0a629461b189cdfa4557e7171.26 GB (BR) කොපිය මෙතනින් බාගන්න
c81b3a93f16a615fb074cb6a2bae727394346196 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,005 downloadsDownload Grand-Piano-2013.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පියුමාල් රත්නායක
Subtitles
19 comments
Kulanjana Maduranga
චාමික දිල්හාර (දිලා)
බොහොම ස්තූතියි පියුමාල් සහෝ......
දිගටම සබ් දෙමු...
එල....නලින්
ස්තුතියි පියුමාල් සහෝ.. එලස්ස් කතාවක් වගේ...
ජය වේවා~
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Chami.S
Thanks...
kanchana
oya ithin bohoma apuruwata liyala thiyenne film eka gena ....
nobala puluwanda me wge lipiyak kiyawala
bohoma pin saho....
“චූටී මල්ලි”
නියමයි සහෝ
සබට තුති
ඔබට ජය..එල්.සී. දමැල්
නියමයි...
උපසිරසට තුති...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thisal
patta ekak neh elzzzzzz tnxxxxxxxxxxxxxx
අසිත
කලින් trailer බලලා තියෙනව.හිතට වැදුනේ නෑ.ගත්තෙත් නෑ.ලිපිය දැක්කම නම් ආස හිතුනා.බ් ඔහොම යමු,බොහොම පින්!!!!!!!!!!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Chami
Thanks...
Jack
නියමයි මචෝ.
පට්ට කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Dimuthu
Ada thamai me filems eka baluwe. niyamai. thank you.
රොයිලි
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lisa.online
Thanksss Saho.....maga balaagena hitiya sub ekak..... Jayawewa....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Grand Piano (2013) | පියානෝවක් හින්දා වෙච්ච කරදරයක්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Grand-Piano-2013-.jpg)

niayamai…thanks PIUMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……