ඔන්න කිවුවා වගේම මම ඉක්මනටම ආයෙත් ඔයාලට තවත් උපසිරසියක් ගෙනාවා. ඔන්න මේ වතාවෙ, මට මම ආස කරන හින්දි භාෂාවෙන් පොඩ්ඩක් පිටට පැනලා තෙළිඟු භාෂාවට යන්න වුණා. දැනටම කට්ටිය 2006 කියන එක දැකලා බය වෙලාද දන්නෙ නැහැ. ඔව් ඉතින් ටිකක් විතර පරණයි තමයි. ඒත් තාමත් රස විඳින්න පුළුවන් කතාවක්. නියම කොමඩියක්. ලස්සන ආදර…
ඔන්න කිවුවා වගේම මම ඉක්මනටම ආයෙත් ඔයාලට තවත් උපසිරසියක් ගෙනාවා. ඔන්න මේ වතාවෙ, මට මම ආස කරන හින්දි භාෂාවෙන් පොඩ්ඩක් පිටට පැනලා තෙළිඟු භාෂාවට යන්න වුණා. දැනටම කට්ටිය 2006 කියන එක දැකලා බය වෙලාද දන්නෙ නැහැ. ඔව් ඉතින් ටිකක් විතර පරණයි තමයි. ඒත් තාමත් රස විඳින්න පුළුවන් කතාවක්. නියම කොමඩියක්. ලස්සන ආදර කතාවක් .බලපු අයත් ඇති .
2006 අවුරුද්දේ නිදහස් වුණ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුපිරි නළුවෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් වන Allu Arjun විසින්. එයාගෙ නර්තන හැකියාව ගැන නම් Arya 2, Iddarammayilatho වගේ චිත්‍රපටි බලපු අය දන්නව ඇති. ඒ වගේම මගේ කලින් උපසිරසිය, Force එකේ හිටපු Genelia D’Souza. මේ චිත්‍රපටියෙත් ප්‍රධාන නිළිය ලෙස වෙනස්ම චරිතයකට පණ පොවනවා. ඒ වගේම Manoj Bajpayee, Tanikella Bharani සමගින් නිතර හාස්‍යජනක චරිත තුළින් දකින්නට ලැබෙන Brahmanandam මෙහි රංගනයේ යෙදෙනවා. සමහරවිට කෙනෙකුට හිතෙයි මේක “දෙකයි පනහේ ” ෆිල්ම් එකක් කියල. ඒත් වගකීමෙන් කියන්නම් මේක නම් එහෙම ෆිල්ම් එකක් නෙවෙයි. මොකද ඒ වගේ චිත්‍රපටියකට IMdb දර්ශකය 7.2 ක අගයක් දෙන්නේ නැහැනේ.
ඉතින් මේකයි සිද්ධිය. බනී කියන්නෙ අනාථයෙක්. බනී පීසා හට් එකක වැඩ කරමින් ඉගෙන ගන්නවා. මදූ කියන්නෙ ඉගෙනීමට මුල් තැන දීලා ආදරයට දෙවෙනි තැන දෙන කෙනෙක්. කුල භේද ගැන හිතන දේශපාලඥයෙකුගේ දුවෙක්. දවසක් පීසා හට් එකේදි වෙන කෙනෙකුට දීපු පෙම් හසුනක් බනී අතින් මදූගෙ පොතකට යනවා. (දැන් අපේ කොල්ලො කෙල්ලන්ට මතක් වෙන්න ඇති තමන්ටත් වුණ ඇබැද්දි ) කොහොමහරි මේක මදූගෙ තාත්තට අහු වෙනවා. එයා හරි තද කෙනෙක්. එයා මදූගෙ අධ්‍යාපනය නවත්වලා මදූට විවාහයක් සූදානම් කරනවා. කොහොමහරි බනී තමන්ගෙ වැරැද්දෙ වගකීම අරගෙන, මදූගෙ තාත්තා මදූට යෝජනා කරපු, DCP අර්වින්ද්ව මුණ ගැහිලා කතා කරනවා. වෙන කරගන්න දෙයක් නැතුව භනීට කියන්න වෙනවා, මදූයි එයයි එකිනෙකාට ආදරය කරනවා කියල. ඔන්න ඒ විවාහය නැවැත්තුවට පස්සෙ මදූගෙ තාත්තා තවත් විවාහයක් සූදානම් කරනවා. මේ විවාහයෙන් මදුවයි භනීවයි බේරගන්න කියල හිතලා DCP ඒ දෙන්නව කසාද බන්ධනවා. එයා දන්නෙ නැහැනෙ ඇත්ත. අර දෙන්නත් DCP ට තියන බයටම කසාද බඳිනවා. ඔය අතරෙ තව දුෂ්ටයෙකුත් ඉන්නවා. එයා ගැන කතාව බලලම දැන ගන්න.
එක එක අය, එක එක දේවල් වෙනුවෙන් තමන්ගෙ පවුල, ගෞරවය, ජීවිතය පවා පරදුවට තියනවා. ආදරය, මුදල් වගේ දේවල් වෙනුවෙන් වෙනුවෙන් අවදානම් ගන්න අය ඕන තරම් ඇති. ඒත් අධ්‍යාපනය වෙනුවෙන් අවදානම් ගන්න අය ඉන්නවද? හිටියොත් ඉන්නෙ ටික දෙනයි. මම මෙහෙම කිවුවෙ ඇයි කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි. ඒ වගේම මේ කථාවෙන් අධ්‍යාපනයයි ආදරයයි ගැන වෙනස්ම කතාවක් කියනවා. අවසානය දක්වාම ආශාවෙන් බලන්න පුළුවන්. මේකෙ ලස්සන සින්දු ටිකකුත් තියනවා. නොබලපු අය අනිවාර්‍යයෙන් බලන්න. බලපු අයටත් උපසිරසි එක්කම බලන්න පුළුවන්.
අපි ඔක්කොම මිනිස්සුනෙ. පොඩි පොඩි වැරදීම් වෙනවා. කොච්චර පොඩි වැරැද්දක් වුණත් පෙන්වල දෙන එක වටිනවා. ඉතින් පහළින් පුංචි අදහසක් දක්වලා යන්න. නැතත් අමනාපයක් නැහැ. comment නැතත් හැමෝටම හොඳ නිර්මාණයක් දෙන එකයි එකම අරමුණ. ඉතින් ආයෙත් තවත් අපූරු චිත්‍රපටියක් එක්ක ඔයාල මුණ ගැහෙන්න එන්නම්. හැමෝටම බුදු සරණයි! දෙවි පිහිටයි!
ce60926070d4b11a1782738f1e53cb5b3feab6f2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,257 downloadsDownload Happy.2006.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/aditha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
60 comments
chirath
Gayashan
Thanks
Sisira Hegoda
Thanks.
නලින්
ස්තුතියි අදිත සහෝ
ජය වේවා!
dinu
thanx machan ela.
චතුර මදුසංක
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියි.චාමර
මචං Allu Arjun ගේ sub දුන්නු අනිත් film වල ලින්ක් දීපන් කෝ දන්නා කෙනෙක්...
Aditha Praween
iddarammayilatho ,arya 2 දෙකට බයිස්කෝප් අඩවියේ
සබ් දීලා තියනවා.
Search කරල බලන්න සහෝ
iddarammayilatho එකට direct links තියනවාචාමර
thnx bn
Tharindu Perera
Sahoo mekata komadiyak kyla kynna nam bahaa...meka siramaa kathavakk..mn 3 parakata vada baluvaa..oyage sub ekenn ayeth blnvaa..etharamata mata epa venne nathi kathavakk..marama lassanaii..onna ehenamm bagannavaa..thankss sahoo sub ekatahh...
රංග මධුශංඛ
ස්තූතියි සබ් එකට.. ඔන්න බෑවා...
allu
niyamai brother.. puluwannam alluge vedam movie ekath danna..
Ravindu Nipun
elazz machan!!!! තව සබ් එකක් දෙනකල් අපි බලන් ඉන්නවා.පුලුවන්නම් හොලිවුඩ් එකකට සබ් කරමු.
SAMPATH
tanx tanx saho
Ravindu
Andena film ekak ne deela thiyenne.Niyamai saho meka nam supiri film ekak thamai
amila roxx
thnkzzzzzzz :*
Kulanjana Maduranga
wow.patta film 1k ne.aniwa balanna ona.good work.subta thanks ADITHA saho.digatama sub demu.jaya wewa.......
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)“චූටී මල්ලි”
ම්ම්ම්ම්ම්ම්..
මරු ඔකෙ ඉන්න කොමඩි නලුවා නම් පට්ටයි
සබට තුති
ඔබට ජය.......bee
ELA ELA ELA
sahan
Machan meka pattama film ekak.mn hithue ne mekatath sub dei kiyala. Thanks a lot machan,
supun dilshan
මේ කතාව බලලනම් තියනවා මාරු කතාව බන්.මේකෙන් පස්සේ අර්ජුනට කියන්නෙත් බනි කියල පට්ටම කතාව
chamarasp
macha.. uba kohoma dunnath api balanawa bn... thnks saho... theligu movie 1k netuwa weeli weeli hitiye. uba nikan deiiyek wagee awilla dunna. thnks.,,
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
Jagath
thanks saho.
nipun navod
ela kiri
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
machan mata 'tadakha' 'autonagar surya' ye maaya cheasave' kiyana film tike sub denna puluwanda?
mahinda
happy eka sinhala sub dowlode wenne vlc player eka ne
sinhala pennannadelmar
ado patta padiri movie eka machan
thanks macho sub dunnata..
digatama me wage ewata sub dapan..
pattai kollo...Niroshan
patta..........Genelia D'Souza ge thawa film tikak danndooooooooooooo...........................
plzzzzzzzzzzzzzzz...................mahinda
sinhala sub dowlorde wenna vlc player eka open weea kalin ka
ladinesh
බොහෝම ස්තුතියි.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
dinesh
aththatama yaaluva meka venasma vidiye lassana film ekak sub ekata thanks macho
venuka
thanks machan film ekata.mama tamil film balanne nam na wadiya
kiyana nisama balamuko kohomada kiyalaYushen
පට්ට film එක..sub එකට thanks සහෝ!!!!
namika
නියමයි සහෝ! ඇල්ලු අර්ජුනගේ මට මග හැරුණු එකක්. බොහොම ස්තුතියි සහෝ සබට. mkv කොපියක් නිසා හොඳට ඇති. ජය වේවා!
jani
meka balala math kohaata ka gahuwa hehe kohath itapasse kaa gahuwa meh dawas wala innawaneh kohaa wtever nice story thnkx bro...
samanali
thank u very much ...
Aditha Praween
බොහොම ස්තුතියි හැමෝටම
nimna senuri
ai e me film ekata sinhala subitle gaththama english subitle ne denne...KMplayer eken man play karanne..ethakota kmplayer ekenda denne naththe sinhala subtitle?
nimna senuri
ane kauru hari kiyannako film eka download karan kohomada sinhala subtitle ekka balanne kiyala..man download karagaththeth happy film eka..eth denne english subtitlen ekkane...
shaini dilusha
niyamai me film eka...thawa telugu movies tikak danna,,allu arjunge,nithinge,ram pothinenige films godak lassanai..eyalge movies danna...
Asitha
Thanx a lot bro...!! Machan, meka copy eke quality eka kohomada..??
Aditha Praween
එච්චරම අවුලක් නැහැ සහෝ
අවුලක් නැතුව බලන්න පුලුවන්
:D
nuwan
this is one of the best fil i hv ever watched
nelum nethanjana
thanq thanq....:)
nadun
onna apith gaththooooooooo
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Sandani
බොහොම ස්තූතියි........
Kevin
saho.. meke english ne play wenne
kavinda
බොහොම ස්තූතියි……..
sanath indika
බොහොම ස්තූතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Happy (2006) | ඇත්තක් වූ බොරුවක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/happy.jpg)

ela ela thanks sub ekata mama 1st aniva balanava