Harbin (2024) Sinhala Subtitles කොහොමද හැමෝටම? ඔන්න කාලෙකට පස්සේ මන් උපසිරැසියක් අරගෙන ආවා. මේක තමා මගේ 100 වෙනි උපසිරැසි ගැන්වීම. කොරියන් බලන අය එහෙම මාව දන්නවා ඇතිනේ. ඉතින් අවුරුදු 2ක් වගේ කාලෙකින් දෙවෙනි කඩයිමට යන්න පුළුවන් වුන එකට සතුටුයි. අපේ බයිස්කෝප් ටීම් එකේ උපසිරැසිකරුවන්වයි, ඇඩ්මින් මඩුල්…

Harbin (2024) Sinhala Subtitles

කොහොමද හැමෝටම? ඔන්න කාලෙකට පස්සේ මන් උපසිරැසියක් අරගෙන ආවා. මේක තමා මගේ 100 වෙනි උපසිරැසි ගැන්වීම. කොරියන් බලන අය එහෙම මාව දන්නවා ඇතිනේ. ඉතින් අවුරුදු 2ක් වගේ කාලෙකින් දෙවෙනි කඩයිමට යන්න පුළුවන් වුන එකට සතුටුයි. අපේ බයිස්කෝප් ටීම් එකේ උපසිරැසිකරුවන්වයි, ඇඩ්මින් මඩුල්ලයි විශේෂයෙන් මතක් කරන ගමන් කමෙන්ට් එකක් දාලා සප් එක දුන්න හැමෝටමත් ස්තූති කරනවා. එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම ෆිලුම පැත්තට යං.

අද සබ් අරගෙන ආවේ බොක්ස් ඔෆිස් වාර්තා තියපු ගින්දර ෆිලුමකට. නම තමා Harbin. මන් නම් පෞද්ගලිකවම මේක එනකම් ඇගිලි ගැන ගැන ඉදියේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 24 වෙනිදා තමා Harbin තිරගත වුනේ. ඒත් OTT රිලීස් වුනේ නම් මේ සතියේ. ඩොලර් මිලියන 33.5ක සාර්ථක ආදායමක් ලබාගෙන ගිය අවුරුද්දේ කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 6වෙනි ස්ථානයටත්, මේ අවුරුද්දේ කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 2වෙනි ස්ථානයටත් එන්න Harbin සමත් වෙනවා. Action, Historical, Crime, War ගනයන්ට අයිති වෙන Harbin පැයයි මිනිත්තු 48ක් පුරාවට ගලාගෙන යනවා. Inside Men, The Drug King, The Man Standing Next වගේ සුපිරි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Woo Min Ho තමා Harbin එකේ තිර රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නේ. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. ආයේ ඉතින් කාස්ට් එක නම් නෙක්ස්ට් ලෙවල්. Hyun Bin, Park Jeong Min, Jo Woo Jin, Jeon Yeo Been, Lee Dong Wook, Park Hoon, Yoo Jae Myung වගේ ක්ෂේත්‍රයේ ඉන්න සුපිරිම නළු නිළියෝ සෙට් එකක් තමා මේකේ ඉන්නේ. මන් පෞද්ගලිකවම කැමතිම නළු නිළියෝ සෙට් එකක් තමා මේකේ ඉන්නේ. Cinematography, Action, Performance හැම අතින්ම Top Notch වැඩක් තමා මේක. අනිවාරෙන් එක තත්පරයක් නෑර කුතුහලෙන් බලන්න පුළුවන්.                   《CAST – රංගන දායකත්වය》  • Hyun Bin – අන් ජුන්ග් ගුන් • Park Jeong Min – වූ දොක් සුන් • Jo Woo Jin – කිම් සන්ග් හ්යුන් • Jeon Yeo Been – මිස් ගොන්ග් • Lee Dong Wook – ලී චන්ග් සොප් • Park Hoon – මොරි ටට්සුඕ • Yoo Jae Myung – චෝයි ජේ හ්යුන්ග්                    《Summary – සාරාංශය》  අන් ජුන්ග් ගුන්.. කොරියානු චිත්‍රපටි බලන කෙනෙක්ට නම් සමහරවිට මේ නම හුරු ඇති. කොරියානු ඉතිහාසය ගැන කියද්දි අමතක කරන්නම බැරි චරිතයක් තමා මෙයා. කොරියානු නිදහස් සටන්වල සුවිශේෂී සන්ධිස්ථානයක් වෙන 1909 දී ජපන් අගමැති ඉටෝ හිරොබුමිව ඝාතනය කරන්නේ මේ අන් ජුන්ග් ගුන්. ඉටෝ හිරොබුමි කියන්නේ ඒකාලේ මුළු නැගෙනහිර ආසියාවටම හිසේ රුදාවක් වුන කෙනෙක්. ඔන්න ඔය කාරණේ හින්දා අන් ජුන්ග් ගුන් කියන්නේ ජාතික වීරයෙක් විදියට කොරියාවේ තාමත් ගෞරවයට පාත්‍ර වෙන චරිතයක්. එයාට උපහාර විදියට මෙහෙම චිත්‍රපටි හැදෙන එකෙන්ම ඒක තේරෙනවා ඇතිනේ. ඉතින් මේ ෆිලුම ගලාගෙන යන්නේ අන් ජුන්ග් ගුන්ගේ ජීවන කතාවේ අන්තිම පරිච්ඡේදයේ කිව්වොත් හරි. මේ පල්ලෙහා රූපේ තියෙන්නේ අන් ජුන්ග් ගුන්ගේ සැබෑ ඡායාරූපයක්.                එහෙනම් දැන් ෆිලුම පැත්තට යමුකෝ. 1905දී ඒකාලේ ජපන් අගමැති වුන ඉටෝ හිරොබුමි, උල්සා ගිවිසුම ගෙනල්ලා කොරියාව ජපානයට ඈදා ගන්නවා. ජපන් ආරක්ෂාව ලබා දෙනවා කියලා ගෙනාපු ගිවිසුමෙන් වුනේ කොරියාව ජපානයේ යටත් විජිතයක් වුන එක. මෙන්න මේ කාලේ කොරියාවේ නිදහස වෙනුවෙන් සටන් පටන් ගන්නවා. ඔන්න ඔහොම නිදහස වෙනුවෙන් සටන් වැදුනු කොරියානු නිදහස් හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයෙක් අන් ජුන්ග් ගුන් කියන්නේ.        1909දි ඉටො උල්සා ගිවිසුම අත්සන් කරන්න කොරියාවට එනවා. ඔන්න ඔය අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන අන් ජුන්ග් ගුන් ඉටෝව මරන්න සැලසුම් කරනවා. ඒ කොරියානු නිදහස් හමුදාවේ සගයින්ගේ උදව් ඇතුව. රුසියානු පාලනය යටතේ තියෙන හාර්බින් වලදි තමා ඝාතනය කරන්න සැලසුම් කරන්නේ. කුතුහලය නැති වෙන හින්දා මන් තව කතාව කියන්න යන්නේ නෑ. එහෙනම් හැමෝම ෆිලුම බලලම ඉන්නකෝ. එහෙනම් මේ විදියට මගේ 100 වෙනි කඩයිම අවසන් කරනවා. අධ්‍යාපන වැඩ කටයුතුවලට මූලිකත්වය දෙන්න ඕනෙ නිසා ටික කාලෙකට උපසිරැසි කරන එක නතර කරන්න තීරණය කලා. ඉතින් වචනෙකින් හරි මේ වැඩේට සහයෝගය දුන්නු හැමෝමව මතක් කරන ගමන් අදට මන් සමුගන්නවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් හැමෝටම සුභ දවසක්! Harbin (2024) Sinhala Subtitles

                         

 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,785 downloadsDownload Harbin-2024.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Harbin (2024) Sinhala Subtitles

Subtitles by

නයන බුද්ධික

Subtitles

1,785 downloadsDownload Subtitles31 KB

14 comments

  1. Buddhika laKMal

    100වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං.....
    උඹ හින්ද සෑහෙන කොරියන් සීරිස් ටිකකුයි මූවි ටිකකුයි බැලුවා...
    ස්තූතියි මචං....
    ඔයාගේ අධ්‍යාපන වැඩකටයුතු සාර්තක ‍වෙන්න කියල ප්‍රාර්තනාකරනවා....
    ජයවේවා..........
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූථියි මචං................

  2. Geun Dae

    Congratulations on the 100th sub, Bro..

    감사합니다 ❤️

  3. Isuru Chamara

    thanks

  4. viper

    buried hearts ekatath sub dennakoo...thnx for the sub...

  5. sadun

    broo buried hearts ekat sub dennako

  6. Bimsara Yashan (ඔලිව)

    දෙවෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝ. සයිට් එකේ කොරියන් පැත්ත අදිනවා වගේම දෙන සබ් එකත් සුපිරිම ගුණාත්මක බවින් දෙන කෙනෙක් තමා ඔයා. ඉතින් ඒ ගුණාත්මක බව ඉස්සරහටත් තියාගෙන තව තවත් සුපිරිම නිර්මාණ අප අතරට ගේමු. ජයවේවා!

  7. චූටි කිටියා

    Supiriyak kollo mekanam❤️
    Buried Heart ekatath sub balaporoththu venava me site ekenma ehenam kollo api balan innava hode

  8. J.kaushalya

    Congratulations...good job

  9. kim il

    thnx bro. nice work

  10. Alex

    When Life Gives You Tangerines (2025) ekatath sinhala subtitles oniiiiiii

  11. Anonymous

    thank you nayana

  12. Anonymous

    Thanks.. congratulations

  13. Harshana Atapattu

    Thanks for sub brother . Keep it up

  14. nilanka

    thanks.....