Wolf Man (2025) Sinhala Subtitles හිතවතුනි මේ වතාවේ මං අරගෙන ආවේ 2025 ජනවාරි 17 වැනිදා නිකුත් වුණු අද්භූත ශානරයේ සිනමා නිර්මාණයක් වන Wolf Man (2025). මේක ලී වැනෙල් විසින් අධ්‍යක්ෂණය කර සම-රචනය කරන ලද ඇමරිකානු ත්‍රාසජනක චිත්‍රපටයක්. මේක IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් ගත්තා වගේම ඩොලර් මිලියන 25ක නිෂ්පාද…
Wolf Man (2025) Sinhala Subtitles
හිතවතුනි මේ වතාවේ මං අරගෙන ආවේ 2025 ජනවාරි 17 වැනිදා නිකුත් වුණු අද්භූත ශානරයේ සිනමා නිර්මාණයක් වන Wolf Man (2025). මේක ලී වැනෙල් විසින් අධ්‍යක්ෂණය කර සම-රචනය කරන ලද ඇමරිකානු ත්‍රාසජනක චිත්‍රපටයක්. මේක IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් ගත්තා වගේම ඩොලර් මිලියන 25ක නිෂ්පාදන පිරිවැයට එදිරිව ඩොලර් මිලියන 34.9ක ආදායමක් ලබාගන්නට සමත් වුණා. මේ සිනමාපටය බැලුවාම මට නම් හිතුණේ මේකේ රේටින් මීට වඩා ඉහළ යන්න ඕනෙ කියලයි. The Wolf Man සිනමා මාලාවෙහි නැවත ආරම්භයක් වන මේ චිත්‍රපටයේ ක්‍රිස්ටෝපර් ඇබට්, ජූලියා ගාර්න සහ සෑම් ජේගර් රංගනයෙන් දායක වෙනවා. ජේසන් බ්ලම් ඔහුගේ බ්ලම්හවුස් ප්‍රොඩක්ෂන්ස් බැනරය සමඟ එක්ව නිෂ්පාදනය කර තිබෙනවා. මෙහි රූගත කිරීම් 2024 මාර්තු 17 වන දින ආරම්භ වුණු අතර, නවසීලන්තය ඔරිගන් ලෙස නිරූපණය කෙරුණා. සවුත් අයිලන්ඩ්හි ක්වීන්ස්ටවුන් නගරයේ වනාන්තර දර්ශන රූගත කෙරුණා. ගොවිපල භූමිය, නිවස, ගබඩාව සහ හරිතාගාරය ආදී පසුතලයන් නොර්ත් අයිලන්ඩ් වල වෙලින්ටන්හි ලේන් වීදියේ චිත්‍රාගාරයක් තුළ ඉදිකෙරුණා. නිවසේ බාහිර පෙනුම මැංගරෝවා හි අසල ගොවිපලක් යොදාගෙනයි රූගත කෙරුණේ. සමස්තයක් ලෙස මේ සිනමා පටය විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර වලට ලක් වුණා. විශේෂයෙන්ම වෘකයාගේ කතාව නව නිර්මාණයක් සහිතව ඉදිරිපත් කිරීම, ප්‍රබල රංගනයන්, ප්‍රායෝගික දෘශ්‍ය ප්‍රයෝග සහ ශබ්ද නිර්මාණයන් ඵලදායී ලෙස භාවිතා කිරීම මඟී කුතුහලය දනවන අන්දමින් ත්‍රාසජනක අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් ප්‍රශංසාවට ලක් වුණා. අද මං ගෙනාව සිංහල උපසිරැසියේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද?
මං මේ අරගෙන ආවේ මගේ එකසිය පනස් වැනි සිංහල උපසිරැසි නිර්මාණයයි. මං බයිස්කෝප් අඩවියට එකතු වුණේ BBC නාලිකාවේ විකාශය වුණු Jamaica Inn (2014) කෙටි ටෙලිවෘතාන්තය එක්ක 2016 පෙබරවාරි 26 වැනිදායි. එහෙම පටන් ගත්ත ගමන ටික ටික ඇවිත් අවුරුදු දෙකකින් මගේ පනස්වැනි සිංහල උපසිරැසි නිර්මාණය විධියට Early Man (2018) කළේ 2018 මැයි 12 වැනිදායි. ඒවගේම සියවැනි උපසිරැසි නිර්මාණය විධියට Exhuma (2024) උපසිරැසිය පළ කළේ 2024 මැයි 20 වැනිදා, ඒ කියන්නේ පනස්වැනි කඩඉමෙන් අවුරුදු 6කට පස්සේ. එච්චර කාලයක් ගත වුණේ මේ වැඩේ මං අඛණ්ඩවම කරගෙන ආවේ නැති නිසයි. කෙසේ වෙතත් මේ වනතුරු මම ඉංග්‍රීසි ටෙලිනාට්‍ය, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වගේම හින්දි ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වලටත්, කොරියන් සහ ස්පාඥ්ඥ සිනමාපට එක බැගිනුත් සිංහල උපසිරැසි ගන්වලා තියෙනවා. 2016 ඉඳන් මේ දක්වා බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මා හඳුනාගත්ත යහලු මිත්‍රාදීන් බොහොමයක් ඉන්නවා. මේ වෙලාවේ මං එයාලා හැමෝම මතක් කරනවා, නම් සඳහන් කරන්නේ නැහැ ලිපිය දිගු වෙන නිසා. ඒ වගේම මේ මොහොතේ මං කැමතියි මේ දක්වා මා එක්ක සහයෝගයෙන් වැඩ කළ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයටත් මගේ ගෞරව පූර්වක ස්තුතිය පළ කර සිටින්නට. ඒ වගේම වැදගත්ම දේ මේ තරම් කාලයක් මේ වැඩේ කරන්න කමෙන්ට් දාලා අපිව ධෛර්යමත් කරන ඔයාලා හැමෝම ලබාදෙන සහයෝගය හේතු වෙලා තියෙන බවත් මේ මොහොතේ කෘතඥතා පූර්වකව සිහි කරන්න ඕනෙ. ඔයාලගේ කමෙන්ට් වලින් තමයි බයිස්කෝප් උපසිරැසි කරුවන් ධෛර්යමත් වෙන්නේ මේ වැඩේ දිගටම කරගෙන යන්න. මේ වෙද්දී නම් අනෙකුත් වැඩ කොච්චර තිබුණත් සිංහල උපසිරැසි නිර්මාණය කරන වැඩේත් කොහොමහරි කරන්න මං වෙලාව හොයාගන්න උත්සහා කරන්නේ මේ වැඩේ මට අල්ලලා ගිහිපු විනෝදාංශයක් වෙලා තියෙන නිසා. හොඳයි එහෙම නම් වැඩි විස්තර නැතුව එහෙම නම් අපි චිත්‍රපටයේ කතාවට යොමුවෙමු.

මේ චිත්‍රපටයේ කතාවේ මොකක්ද වෙන්නේ? 1995 දී, ඔරිගන්හි දුරස්ථ කඳුකරයක කඳු නගින්නෙක් අතුරුදහන් වෙනවා. කොහොම වුණත් මේක ඒ ප්‍රදේශයේ වනජීවීන්ට සම්බන්ධ වෛරසයක් නිසා වුණු දෙයක් ලෙසයි ආරංචිය පැතිරෙන්නේ. මේ ප්‍රදේශයේ දඩයම් චාරිකාවක් යන අතරතුර, තරුණ බ්ලේක් ලොවෙල් (Christopher Abbott) සහ ඔහුගේ ඉක්මණින් කෝපයට පත්වෙන දරදඬු පියා වන ග්‍රේඩි (Sam Jaeger) වනාන්තරයේ හැංගිලා ඉන්න අද්භූත මානවරූපී ජීවියෙක් දැකලා භයවෙලා, ආරක්ෂාවට උස තැනක දඩයම් ගෘහයක හැංගෙනවා. ග්‍රේඩි තමන් වනාන්තරයේ දැකපු මේ අමුතු මෘගයා ගැන තමන්ගේ යාලුවෙක් වෙන ඩෑන් කීල්ට දැනුම් දෙනවා. ඩෑන් යෝජනා කරන්නේ මේ සත්වයාව දඩයම් කරන්නටයි. එහෙත් ග්‍රේඩි බ්ලේක් සහ ඩෑන්ගේ පුත් ඩෙරෙක්ගේ ආරක්ෂාව ගැන හිතලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.
මේ සිදුවීම් වලින් වසර තිහකට පස්සේ, බ්ලේක් තම දියණිය ජින්ජර් සහ වැඩට ඇබ්බැහි වුණු බිරිඳ චාලට් සමඟ සැන් ෆ්‍රැන්සිස්කෝහි ජීවත් වන අතර ලේඛකයෙක් ලෙස කටයුතු කරමින් ඉන්නවා. දැන් දුරස්ව සිටින ඔහුගේ පියා මෙන්, ඔහු තම කෝපය පාලනය කිරීමට අරගල කරමින් ඉන්නේ. එය ඔහුගේ විවාහයට පීඩනයක් ඇති කරනවා. දවසක් අතුරුදහන් වුණු බ්ලේක්ගේ පියා වන ග්‍රේඩි සඳහා මරණ සහතිකයක් ප්‍රාන්ත රජය විසින් නිකුත් කළ බව බ්ලේක්ට දැනගන්නට ලැබෙනවා. ඒ එක්කම ඔහුගේ ළමා කාලයේ ජීවත් වුණු නිවසේ යතුරු ඔහුට ලැබෙනවා. චාලට් එක්ක ඔහුගේ සම්බන්ධතාවය යළි ගොඩ නඟා ගැනීමට ඔහු එහි නිවාඩුවක් ගත කිරීමට තීරණය කරනවා. මේ අනුවයි දුව ජින්ජර් සහ බිරිඳ චාලට් එක්කම සිය ගමට ගොස් ටික කලක් එහි රැඳි ඉන්න ඔහු පිටත් වෙන්නේ. මඟ පෙන්වීම් සොයමින්, හිරු බැස යන විට ඔවුන් නිවසට ගෙන යන අතරමඟදී ඉතාම ගුප්ත විධියට ඩෙරෙක්ව ඔවුන්ට මාර්ගය අයිනේ කැලයකදී මුණගැසෙනවා. තමන්ගේ පියාගේ නිවෙසට යන්නට පාර අමතක ඔහු ඩෙරෙක්ගෙන් පාර විමසනවා. ඔහු වාහනයට ගොඩ වී මාර්ගය පෙන්වනවා. ඒත් ගමනාන්තයට ලඟා වෙන්න කළින්, අද්භූත ජීවියෙකු ඔවුන් යන වාහනය පාරෙන් ඉවතට පනින්නට සලස්වනවා. එතැනදී ඒ සත්වයා බ්ලේක්ගේ අත සීරීමට ලක් කරනවා. ඒ වගේම ඩෙරෙක්ට ප්‍රහාරයක් එල්ල කර කැලයට ඇදගෙන යනවා. බ්ලේක් භීතියෙන් තම පවුලේ අයව පියාගේ නිවසට ගෙන යන අතර, ජෙනරේටරය ක්‍රියාත්මක කර පිටත සිටින රාක්ෂයාගෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා දොරටුව අවහිර කරනවා. මෙතනදියි චාලට්ට අනාවරණය වෙන්නේ බ්ලේක්ගේ අත තුවාල වී ඇති බව. තම ජීවිතයම අවදානමට ලක් කර තම දියණිය සහ බිරිඳ අද්භූත සත්වයාගෙන් ආරක්ෂා කරගන්නට උත්සහ කරන බ්ලේක් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද? ඔහුට සත්වයාගෙන් ආසාදනයක් ඇති විණිද? ඔහු කතා කරන දේ දියණියට හෝ චාලට්ට තේරෙන්නේ නැහැ වගේම චාලට් හෝ දියණිය කියන කිසිම දෙයක් බ්ලේක්ට තේරෙන්නෙත් නැහැ. බ්ලේක්ගේ මේ ආසාදනය ඉක්මණින් සුව වෙයිද? නිවෙස පිහිටි ඉඩමට කඩා පනින මේ අද්භූත සත්වයාගෙන් බ්ලේක්ගේ පවුලට ගැලවෙන්න හැකිවෙයිද? බ්ලේක්ගේ පියාට මොකක්ද වුණේ? මේ සතා කවුද? ඩෙරෙක් ජීවතුන් අතරද? එහෙම නම් මේ කතාවේ ඉතුරු ටික චිත්‍රපටය බලලාම දැනගන්න!
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Wolf Man (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.
1,703 downloadsDownload Wolf-Man-2025.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Wolf Man (2025) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
3 comments
Buddhika laKMal
Bimsara Yashan (ඔලිව)
තුන්වෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝ. මෑත කාලයේ ඉදන් සයිට් එකේ ක්‍රියාකාරී උපසිරැසිකරුවෙකු විදිහට බොහොම වටිනා චිත්‍රපට වගේම රූපවාහිනී කතා මාලාත් බොහොමයක් අප අතරට ගෙනාපු කෙනෙක් තමයි ඔයා. ඉස්සරහටත් මේ වගේම ගුණාත්මක මට්ටමේ නිර්මාණ අප අතරට ගෙනෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්තක වෙන්න කියලත් පාර්තනා කරනවා. ජයවේවා!
Anonymous
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
150වෙනි උපසිරැසියට සුබ පැතුම් ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝ.........
ඔයාගේ සියලුම වැඩකටයුතු සාර්තකම වේවා.........
ජයවේවා........
මේ සබ් එකටත් ස්තූතියි