සුභ දවසක් යාළුවනේ! මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ තවත් සුපිරිම ෆිලුමක් තමයි. ඒත් ඊට කලින් කියන්න ඕන මම අද මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ කොටස් දෙකකින් තමයි. පළමු කොටසින් කරන්න තියෙන්නෙ මම අතින් සිද්ධවෙච්ච ලොකු වැරැද්දකට සමාව ඉල්ලන එක තමයි. ඒ තමයි මම කරපු දෙවන උපසිරැසි පරිවර්ථනය (Monkey King Hero Is Back)…
සුභ දවසක් යාළුවනේ! මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ තවත් සුපිරිම ෆිලුමක් තමයි. ඒත් ඊට කලින් කියන්න ඕන මම අද මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ කොටස් දෙකකින් තමයි. පළමු කොටසින් කරන්න තියෙන්නෙ මම අතින් සිද්ධවෙච්ච ලොකු වැරැද්දකට සමාව ඉල්ලන එක තමයි. ඒ තමයි මම කරපු දෙවන උපසිරැසි පරිවර්ථනය (Monkey King Hero Is Back) ඇනිමේශන් චිත්‍රපටයෙදි සිද්ධ වෙච්ච ලොකු අතපසුවීමකින් බුදුරජාණන් වහන්සේට අපහාස වෙන විදිහෙ පුංචි දෙබසක් ඇතුළත් වෙලා තිබුනා. ඇත්තටම කිසිම චේතනාවකින් කල දෙයක් නෙවෙයි.
ඉතින් මම මේ වෙලාවෙ ඔයාල හැමෝගෙන්ම ඉල්ලන්නෙ ඔයත් ඒ සබ් එක ඩවුන්ලෝඩ් කරගත්ත කෙනෙක්නම් කරුණාකරල ඒ සබ් ෆයිල් එක ඩිලීට් කරල දැන් අප්ඩේට් කරල තියෙන සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.ඒක ඔයාලා මම වෙනුවෙන් කරන ලොකු උදවුවක්.
හොදයි දැන් දෙවෙනි කොටස. දැන් අපි හැරෙමු මේ ෆිල්ම් එක පැත්තට. ෆිලුමෙ නම තමයි Helios. 2015 මැයි මාසෙ පළමුවෙනිදා රිලීස් වෙච්ච මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් විසින්. Lok Man Leung,Kim ching luk කියන්නෙ ඒ අධ්‍යක්ෂකවරු දෙන්න තමයි. Action,Crime,Fantasy, Thriller ගණයට අයත්වන මේ ෆිල්ම් එකට IMDb රේටින්ග්ස් 5.6 ක ප්‍රමාණයක් ලැබිල තියෙනව.
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. නිර්දය අපරාධකරුවන් සහ ඔවුන්ගේ හවුල්කරුවන් පිරිසක් විසින් දකුණු කොරියාවෙන් නිෂ්පාදනය කරන ලද DC8 නමින් හදුන්වන ජංගම න්‍යෂ්ටික ආයුධයක් හොරකම් කරනව. මේ උපකරණය හොංකොං නගරයේදී හුවමාරු කිරීම සම්බන්ධව ලැබෙන ඔත්තුවක් මත ත්‍රස්ත මර්ධන ඒකක නිලධාරී ෆෑන් ප්‍රමුඛ පොලිස් කාර්ය බලකායක් මේ ගණුදෙනුව වැටලීමට මෙහෙයුමක් දියත් කරනවා. මේ සම්බන්ධව කටයුතු කිරීමට දකුණු කොරියානු අවි විශේෂඥයන් වන චෝයි සහ පාර්ක් යන නිලධාරීන් දෙදෙනාත් මේ මෙහෙයුමට සම්බන්ධ වෙනව.මේ අතරතුරේදී අවි විශේෂඥයන්ගේ උපදේශක තනතුර සදහා භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් වන “සිව්”ව පත්කරනු ලබනවා. මේ ගණුදෙනුව වටලන්න කොච්චර උත්සහ කලත් මේ ගණුදෙනුවේ ප්‍රධාන සැකකාරයා වන හෙලියොස් සෑමවිටම නිලධාරී ෆෑන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටීම පිළිබදව නිලධාරී ෆෑන්ට යම් සැකයක් ඇතිවෙන්න පටන්ගන්නවා.ඇත්තටම ඇයි එහෙම වෙන්නෙ? කවුද මේ හෙලියොස් කියන්නෙ? ඇයි එයාව අල්ලගන්න මෙච්චරම අමාරු?
මේව කිවුවොත් ඉතින් බලන එකේ තේරුමකුත් නෑනෙ. ඉතින් ඔයාලත් බලන්න, නියම මූවි එකක්. ඒ ගැන කිසි සැකයක් නෑ. එහෙනම් අදට මන් ගියා! සුභ දවසක් යාළුවනේ!
695 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න
6DA02DC5832E08D7024FC3DEC37238306B2DB13C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,386 downloadsDownload Helios-2015.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/PrasadNew3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසාද් එම් ජයකොඩි
Subtitles
19 comments
Lakshitha Hemal
වස්සානය
හම්මේ.... මෙන්න බෑවා... තැන්කිවු ඇ. නිවාඩුවේ බලන්න කියාපු භාන්ඩේ...
indika
බොහොම ස්තුතියි... :)
Dilina chamika
patta film eka machun. thank you
හේමන්ත
ස්තුතියි සහෝ...
සුභ නත්තලක්...
සුභ අලුත් අවුරුද්දක්...Prasad M jayakodi
Same To You!!!!Saho
Maleesha Weerasekara
Thanks You. :)
janaka
thanks you very much
Akalanka
Thnx Bro.....
aruna
PATTAAAAA
Kulanjana Maduranga
niayamai…thanks PRASAD saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharindu
Thank yu very much saho...!!!
shavendra
තැන්ක්ස් මචන් නියමයි
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Nilanka
<<>> nචේතනාවක් නොමැතිව දෙයක් කරන්න බෑ මචං...
නලින්
ස්තුතියි. ප්‍රසාද් සහෝ..
ජය වේවා!
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…ප.ලි.
තමාගේ වැරැද්ද දුටු තැන ඒය වැරැද්දක් ලෙස පිළිගෙන නිවැරැදි කර ගැනීම වඩා උතුම්.
එවා නොදැක්කා වගේ ඉන්නවාට වඩා... ඔබ කළ දේ අගෙය කරනවා ප්‍රසාද් සහෝ...
නැවත එවැන්නක් නොකරන්නට අධිඨන් කර ගන්න සහෝ... ඔබට ජය....රොයිලි
බොහොම ස්තූතියි ජයකොඩි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිවංක මංගල
thanks lot
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![HELIOS (2015) with Sinhala Subtitles |ලොවක් නැසිය හැකි අවියක් සොයා කල මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Helios-2015.jpg)

Thanks Prasad saho...