Watch Trailer

Hichki (2018) with Sinhala Subtitles | ඉක්කා ගහන අපෙ ආදර ඉස්කෝල නෝනා [සිංහල උපසිරැසි සමග]

ළමායි, එතකොට අපිට අවසානෙදි මේක (වහ්හ්, වහ්හ්) විසඳගන්න පුළුවන් එක තියරියක් තියෙනවා. ඒ කියන්නේ සෘජුකෝණික ත්‍රිකෝණයක (චහ්හ් චඃ චහ්හ්) පාද දෙකේ සමචතුරශ්‍ර වල වර්ගඵලයන් (වහ්හ් වහ්හ් වහ්හ්) වල එකතුව සමාන වෙනවා කර්ණයේ (චහ්හ් චඃ) සමචතුරශ්‍රයේ (වහ්හ් වහ්හ්) (උගුර කසන හඬක්) වර්ගඵලයන් වල එකතුවට.. (චහ්හ්හ් චහ…

ළමායි, එතකොට අපිට අවසානෙදි මේක (වහ්හ්, වහ්හ්) විසඳගන්න පුළුවන් එක තියරියක් තියෙනවා. ඒ කියන්නේ සෘජුකෝණික ත්‍රිකෝණයක (චහ්හ් චඃ චහ්හ්) පාද දෙකේ සමචතුරශ්‍ර වල වර්ගඵලයන් (වහ්හ් වහ්හ් වහ්හ්) වල එකතුව සමාන වෙනවා කර්ණයේ (චහ්හ් චඃ) සමචතුරශ්‍රයේ (වහ්හ් වහ්හ්) (උගුර කසන හඬක්) වර්ගඵලයන් වල එකතුවට.. (චහ්හ්හ් චහ්හ්) එතකොට කර්ණයේ දිග හොයන්න නම්……

“අහන්ද ඉන්නේ? අමුතුයි වගේද? නෑ පයිතගරස්ගේ ප්‍රමේය ගැන නෙමේ අහන්නේ, ඒක නම් ඔයාලා දන්නවා ඇතිනේ. අර අතරින් පතර ආපු සද්ද ටික ගැනයි ඇහුවේ? ඔව්, ඒ අපේ මිස්. අපේ පන්තියට ආපු අලුත්ම මිස්. වචන 10ක් කතා කරොත් ඒකෙන් 9කම තියෙන්නේ චහ්හ් එකයි වහ්හ් එකයි. එකම විකාරයක්. හිනා කාලා පණ ගියා මෙයා ආපු මුල් දවස් වල නම්. මොකක්දෝ ලෙඩක්ය කියන්නේ ඒක. අපි ඉතින් සමහර දවස් වලට ඉස්කෝලේ එන්නෙත් මෙයාගේ චා චා චූව අහලා ලේ ටිකක් පිරිසිදු කරගන්න. වෙන වැඩක් වුණේ නම් නෑ මේ ඉස්කෝලෙන්. අපේ පන්තිය 9F, අපිට ඉස්කෝලේ පේන්න බෑ වගේම තමා ඉස්කෝලෙටත් අපිව පේන්න බෑ. මුළු ඉස්කෝලෙම අපි දිහා බැලුවේ අමුතු සත්තු ටිකක් ගානට දාලා. ඕකුන් කැමති ඇති 9F පන්තිය පුළුවන් නම් ඉස්කෝලෙන් අතු ගාලම දාන්න. අපි ඉගෙන ගත්තෙත් නෑ, ගන්න ඕන වුනෙත් නෑ. පහුගිය මාස 6ටම අපේ පන්තියට වැඩ බාර අරන් ගුරුවරු 7ක් ආවා. හිටියේ දවසයි දෙකයි. අපි මට්ටු කරා ඒකුන්වත්. ඔය දැන් බෝඩ් එකේ ලිය ලිය සද්ද දාන්නේ 8 වෙනියා… හැබැයි ඔයාලට කියන්න, මේ සැරේ නම් කතාව ටිකක් වෙනස් වුණා, වෙනදා වගේ නම් නෙමේ. හැබෑට වචන 3ක් හරියට කතා කරගන්න බැරි, ඉක්කා ගහන මිස් කෙනෙක් කොහොමද අපේ කතාව වෙනස් කරේ??

2018 මාර්තු මාසේ 23 වෙනිදා… Hichki නිකුත් වුණා. සිනමා ශාලා ටිකට් කවුළු මිනිස්සුන්ගෙන් පිරුණා.. චිත්‍රපටිය බලලා එලියට ආපු අයගේ ඇස් තෙත් වෙලා තිබ්බා. විචාරක මහත්තුරු හොඳ හොඳ විචාර දෙන්න ගත්තා. ඔක්කොටමත් එහා තමයි, මම මේ ජීවිතේ බලපු හොඳම චිත්‍රපටි ගොන්නට තවත් චිත්‍රපටියක් එකතු කරගන්න හම්බවුණා. සාරාංශය එච්චරයි. මේ තියෙන්නේ දැනට  මේ අවුරුද්දේ ආපු සහ මම බලපු බොලිවුඩ් චිත්‍රපටි වලින් නොම්බර 1. ආයී ඉතින් ඒ ගැන කතා දෙකක් නෑ. අවුරුදු හතරකට පස්සේ කවුරුත් ආදරේ කරන ගොරහැඩි කෙල්ල ආයෙත් ඇවිල්ලා. රාණි මුඛර්ජි, ඒ ආවෙත්.නිකම්ම නෙමේ ෆුල් බ්ලාස්ට් එකක් එක්ක. සමහර බ්ලාස්ට් තියෙනවා බලන්න විතරයි, ඔළුවට ගන්න දෙයක් නෑ.හැබැයි බොක්ස් ඔෆීස් රෙකෝඩ් හොල්ලනවා. හැබැයි මේ බ්ලාස්ට් එක නම් එහෙම පුස්සක් නෙමේ. මේ ඉක්කා ගහන ඉස්කෝල ටීච, කෝටි 20ක් වියදම් කරලා ලොව වටා තිරගත කරලා ආසන්න වශයෙන් කෝටි 76ක් උපයා ගත්තා. ඉන්දියාවේ විතරක් කෝටි 45ක්. රේටින් ගත්තම 7.5යි. අනේ මන්දා තව මොනා කියන්නද හිතාගන්න බෑ. එක්කෝ යන්නම් නේද? එක අතකට සරුව පිත්තල නොවන රාණිලා වගේ නිළියන්ගේ රඟපෑම් එක්ක මේ වගේ කතන්දර බලන්න අපි වාසනාවන්තයි කියන්න ඕන. මොකද, ඉස්සරහට ඉන්නේ පියරු බබ්බු ටිකක්නේ. එහෙනම් දැන් යන්නම් මං. හින්දි චිත්‍රපටි දැක්කම වමනේ යන්න වගේ එන අයට උනත් ආරාධනා කරන්නේ, වෙනසකට වගේ එකම එක පාරක් මේ වගේ එකක් බාගෙන බලන්න. ආයේ පසුතැවෙන එකක් නම් නෑ… ජීවිතේටත් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මුළු සමාජයක් ගොඩගන්න පුළුවන් වෘත්තියක්, හරියට සිද්ධ උනා නම් අපේ රට උනත් මොන තරම් නම් වෙනස් වෙන්න තිබ්බද කියලා හිතෙයි. එහෙනම් බලන්න, අඬන්න, අදහස් පහලින් බෙදන් යන්න. !!

 

“මේ ලෝකේ නරක ශිෂ්‍යයෝ කියලා ජාතියක් නැහැ,
ඉන්නේ නරක ගුරුවරු විතරයි”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip/Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

38,696 downloadsDownload Hichki-2018-BlR-Update.zip105 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

38,696 downloadsDownload Subtitles105 KB

161 comments

  1. deepthi anjalika

    thanks mayura.......

    1. dumindagfg

      thanks bro

  2. Bandaramudiyansi

    Wow thank you................

  3. Chami.S

    Thanks..
    Good Luck..

  4. Juuthaka_Bamuna

    Hammo meki dakkath Paiya naginawa. thanks !

  5. Dayalrw

    Thanks.

  6. ushan

    tnx ayye

    1. sMudhitha

      thanx aiye.sub eka patta

  7. oshanda

    thank u sahooo

  8. thimalF

    thanks

  9. Hemantha De Silva

    Thanks Mayura...
    Thanks Bais....

  10. Kulanjana Maduranga

    niayamai…supiri filumak dena kam unne.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Upul Sampath

    Thanks sub ekata...

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. kavishka_malitha

    Thanks saho.me vage honda film ekak genavata

  14. Sachith Perera

    මම සාමාන්යෙන් අැක්ෂන් තමා බලන්නේ ඒත් ලිපිය දැක්කට පස්සෙ අනිවා බලන්න හිතුනා. තෑන්ක්ස් ජය වේවා

  15. OsandaFdo

    Hamme rani neda..denakm bln hitiye bn..tnx kollo..supiri film ekk...

  16. හසිත මධුෂාන්

    සබට බොහොම ස්තූතියි සහෝ......

  17. geeganagamage

    ලස්සන කථාවක් වගේ අරගෙන බලනවා බොහොම ස්තුතියි.

  18. saam1988

    thanks bro sub ekata.fatta filumak.enakam hitiye.....

  19. lakkevishu18

    Thankz ✌️

  20. ujitha1982

    ela bro

  21. subodha

    Thanks

  22. Chathukandy

    Thanks bro.jayawewa..

  23. Purnima

    කමෙන්ට් දාලා තියනවා කලින්. ඒත් පලවෙනි වතාවටයි මෙහෙම කමෙන්ට් එකක් දාන්න හිතුනේ. කවාදවත් නොකිව්වත් හිත ඇතුලෙන් ඕන තරම් හිතිලා තියනවා මයුර සුරාජ් ෆිල්ම් එකක් කිව්වොත් අනිවා සුපිරිම එකක් කියල (සබ කරන හැම එකම සුපිරි කියන්න බෑ ගෙටවුට් වගේ ඒවාට දුන්න නිසා .ඒත් ගොඩක් වෙලාවට සබ් කරන්න ගන්න ෆිල්ම් පට්ටයි). ඊයේ රෑ ඉදන් කියෝපු විදිහට බලන්න හිතන් හිටියා. ඒත් එක්කම අද උදේ මේකේ ලිපිය කියෙව්වහම උදේ මුන හෝදන්නත් කලින් මේක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.කෙනෙක්ව ලිපියේ ඉදන් ඇද ගැනීමේ හැකියාවක් ඔයාට තියනවා. ඒත් එක්කම සබ ඒක සුපිරියටම දෙනවා.බලලා ඉවරවෙද්දි අමතකයි එයාල හින්දියෙන්ද කතා කලේ කියල. මේක බලල ඉවරවෙද්දි මේක නොකියා ඉන්න එක අසාධාරණයි කියල හිතුනා.අමුතුවෙන් කියන්න දෙයක් නෑ ෆිල්ම් එක ගැන කලින් කිව්වා වගේම.ඉස්සර තිබ්බ යාලුකමත් එක්ක මේ වගේ කමෙන්ට් දාන්න බැරිවුනා. දැන් මඩවන්න විහිලුකරන්න අවුස්සන්න හම්බෙන්නේ නැති නිසා මේක තමා කියන්න වෙලාව කියලත් හිතුනා. මේ කමෙන්ට් එක මෙතනට සුදුසුද දන්නෙත් නෑ. රචනාව වගේ ලිව්වට. එනිවේ ලිව්වා නෙවෙයි ලියවුනා. නොකිව්වට හැමදාම මගේ ෆෙවරිට් උපසිරසිකරු ඔයාවෙලා හිටියේ ඔය උඩ කියපු හේතු නිසා.අද ඔක්කොමටික කියාගන්න පුළුවන් උනා මෙහෙම ඉන්න නිසා. ගුඩ් ලක්!

  24. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  25. Gathsara Umesh

    උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම ව්වේවා..!!

  26. Aac3

    Thanks brooo... elama

  27. ranga1984

    Thanks sub ekata aluth film digatama denna..

  28. Menaka Niroshan

    Thanks Sub Ekata Bro.. Mama Lagadi Balabu Supiri Film Ekak.. Aye Kiyanna Deyak Nee.. Film Eke Rasaya Aduwak Nowenna Supiriyata Sub Eka Thibuna.. Thanks Again.. Suba Pethum Bro..

  29. Anuu

    Thkx a lotttttt

  30. 0777881934

    ස්තුතියි මයුර

  31. Udara Damith Dissanayaka

    මන් හින්දි වැඩිය බලන්නේ නෑ ලිපිය දැක්කට පස්සේ බලන්ඩ හිතුන ඔන්න එහෙනම් ගත්ත

  32. TharakaWAS

    ela..ela bro..
    thanks subata..
    jaya wewa...!!!

  33. malinda55555

    Supiri wadak bro NIYAMAI wachana na bn

    Thanks!!!

  34. Ishan007

    වාව්.. තෑන්ක්ස් මයුරාත්.. :D

  35. nilantha7

    thankss brrrip ekata ikmanata update karanna

  36. Nilush Angana

    Sub ekata thanx

  37. ඩොක් අයියා

    ඔන්න බාගත්තා “මයුර සුරාජ්” මල්ලියෝ, තැන්කු කිව්වා හොඳේ

  38. amila321

    padman plz

  39. nishannw

    ElaZz thank u mcn

  40. RK

    patta brooo..degatama sub denna...thnxzz

  41. siyath dasanayaka

    Thank you very much!!!!!

  42. indunil0912

    උඹට පිං මචන් මේකේ සබ් දුන්නට ....පට්ටම ෆිලුමක් ...තෑන්ක්ස් සහෝ...

  43. Ashanherath

    machan mama Hichki balala thama kalakata passe coment ekak danna ave hithata bokkenma vadunu pattama film ekak mcn rani akkage acting nam patta ahata kadulak ek karapu sho ekak sub ekata godak thankz bro

  44. sanuj

    ස්තුතියි සබ් එක⁣ට..

  45. Sahasra

    Hindi film walata poddakwath asa nethath nobala kohomada lipiye wisthare hetiyata.
    Thanks for the sub.

  46. Kapila4499

    thanks for sub ......................

  47. mahagama1

    niyamai bro thanks

  48. shiranga

    මෙ film එකත් හොදයි, රානි මුකර්ජි ගේ black ෆිල්ම් එකෙත් මීට වඩා හොද act එකක් තියෙනවා. එකත් මතක් කරොත් හොදයි.

  49. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  50. Sarasi2011

    Dounlod karanna bane mata

Load more comments