Watch Trailer

Early Man (2018) Sinhala Subtitles | ගල් යුගයේ මුල් මිනිසා… [සිංහල උපසිරැසි සමඟ] (50*)

මේ උපසිරැසිය ලියන අතරෙත් මට හිතාගන්න බැරුව හිටියෙ මගේ පළමුවෙනි කඩඉමේදී ලියන්න ඕනෙ ලිපියට මොනවද ලියන්නේ කියල. කෙසේ හෝ ලිපියක් සඳහා අදහස් ගලපාගන්න මම උත්සහ කළා. වඩා පැහැදිලිව කිව්වොත් මේක මගේ පනස්වෙනි උපසිරැසි නිර්මාණය. මේ වෙලාවේ මගේ මතකය දිව යනවා 2016 පෙබරවාරි 27 වැනිදාට. එදා තමයි මම මුල්වරට බයිස්කෝ…

මේ උපසිරැසිය ලියන අතරෙත් මට හිතාගන්න බැරුව හිටියෙ මගේ පළමුවෙනි කඩඉමේදී ලියන්න ඕනෙ ලිපියට මොනවද ලියන්නේ කියල. කෙසේ හෝ ලිපියක් සඳහා අදහස් ගලපාගන්න මම උත්සහ කළා. වඩා පැහැදිලිව කිව්වොත් මේක මගේ පනස්වෙනි උපසිරැසි නිර්මාණය. මේ වෙලාවේ මගේ මතකය දිව යනවා 2016 පෙබරවාරි 27 වැනිදාට. එදා තමයි මම මුල්වරට බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරසියක් කරලා එව්වේ. ඒ BBC නාලිකාව මඟින් නිපැයුණු Jamaica Inn බ්‍රිතාන්‍ය ටෙලිනාට්‍ය මාලාවට යි. ඒ උපසිරැසි නිර්මාණයේ ඉඳලා මේ දක්වා American Crime Story, The Lost Room, Great Expectations, Barracuda ඇතුළු රුපවාහිනී කතාමාලා කිහිපයකුත්, Laadla හින්දි චිත්‍රපටයටත්, එමෙන්ම Armageddon, Casper, Zodiac, From Hell, The Post ඇතුළු ඉංග්‍රීසි චිත්‍රපට ගණනාවකටත් සිංහල උපසිරසි කරල දීලා දන්නෙම නැතුව මේ වෙද්දී උපසිරැසි පනහක් දක්වා බයිස්කෝප් එකත් එක්ක ඇවිල්ල තියෙනවා. උපසිරැසි කරන අය දන්නවා මේ අපූරු කොටි වලිගය අල්ලගත්ත කෙනෙකුට අතහරින්න නොහිතෙන දෙයක් බව.

මම මුල්වරට මේ අඩවියෙන් අඳුරගත්තේ අශාන් විමුක්ති (විමා) සහෝදරයාව. ඒ මගේ මුල්ම උපසිරැසි ඉල්ලීමට දක්වපු ඊමේල් ප්‍රතිචාරයෙන්. කාලයත් එක්ක ඉන් පස්සේ සමීර කරුණාරත්න සහෝදරයා, හසන්ත වික්‍රමරත්න සහෝදරයා, රොයිලි සහෝදරයා, සමන් ප්‍රසාද් සහෝදරයා, ආසිරි ප්‍රියන්ත සහෝදරයා, සිසිල ප්‍රසාද් සහෝදරයා, අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා එතනින් ගියාම මයුර සුරාජ් සහෝදරයා (මගේ කුස්සි අම්මා සහෝදරයා), තිසර නියෝ සහෝදරයා, අචින්ත මදුමාල් සහෝදරයා එතකොට දිල්ශාන් සචින්ත සහෝදරයා, ඉසුරු දිල්ශාන් සහෝදරයා, සසිත් සදරුවන් සහෝදරය වගේම නිර්මාණි සහෝදරියත් හෙළිලි හේමමාලි (හෙරළි හෙවත් ගමහාමිනේ ) “නැගණිය” වත් අඳුරගන්න ලැබුණා. ( මම කාවහරි හලලා තියේනම් කරුණාකර ඒ ගැන දහස් වාරයක් සමාව භාජනයට දමන්න ) අන්තර්ජාලය හරහා හඳුනාගත් මේ අයගෙන් මට මුහුණට මුහුණ හමුවෙලා තියෙන්නෙ අචින්ත මදුමාල් සහෝදරයා පමණයි. ඒ ඔහු මගේ විශ්වවිද්‍යාලයේ ඉන්න නිසා! (අනෙක් අය යථාකාලයේදී තථා අයුරින් හමුවේවි කියල හිතනවා. 😀 ) එහෙම වුණත් ඇත්තෙන්ම බයිස්කෝප් අඩවිය නිසා මේ පිරිස සැහෙන්න ෆිට් වුණා.

ඒවගේම මේ විශේෂ අවස්ථාවේ මම මතක් කරන්න ඕනෙ, මගේ ඉල්ලීම හමුවේ පනස්වැනි උපසිරැසිය සඳහා මට හොඳ චිත්‍රපටයක් තෝරා දුන්, ඉදහිට ෆේස්බුක් එකේ මා සමඟ ගජරාමෙට වලි දාගන්න ( 😛 ) අශාන් විමුක්ති සහෝදරයව. ඒවගේම මේ වෙනුවෙන් තමන් තෝරාගත්ත සිනමා නිර්මාණය නිර්ලෝභීව මට දන් දුන් ‘සත්ගුණවත්’ හසන්ත වික්‍රමරත්න සහෝදරයාවත් මම අතිශය කෘතඥතා පුර්වකව මතක් කරන්න ඕනෙ. 🙂 මේ ඩබල ඒ උපකාරය කළ නිසයි මට මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න අවස්ථාව ලැබුණේ. ඒවගේම බයිස්කෝප් අඩවිය හැමදාම ජනප්‍රියත්වයේ ඉහලම තලයේ තියාගෙන ඉන්න අපේ සුවහසක් රසික රසිකාවියන් සහ විශේෂයෙන්ම කමෙන්ට් වලින් අපව දිරිමත් කරන රසික රසිකාවියන්ටත් මගේ හදපිරි ප්‍රණාමය පිළිගන්වන්න මේක අවස්ථාවක් කරගන්නවා.

2018 වසරේ ජනවාරි 26 නිකුත් වුණු Early Man බ්‍රිතාන්‍ය නැවතුම්-චලන (Stop-Motion) සජීවිකරණ වර්ගයේ ඓතිහාසික ක්‍රීඩාමය ප්‍රහසන චිත්රපටයක්. Mark Burton සහ James Higginson විසින් රචිත පිටපතකට අනුව මෙය අධ්‍යක්ෂණය කළේ Nick Park විසින්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.3/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 50කට ආසන්න ආදායමක් ඉපයීමට සමත් ව තිබෙනවා. එමෙන්ම මේ චිත්‍රපටය විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර වලට ද ලක්වුණා.

චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් මේ කතාව ප්‍රාග් ඓතිහාසික යුගයෙන් තමා පටන් ගන්නේ. ඒ කාලේ පොළවට කඩාවැටුණු උල්කාපාතයක් නිසා ඒ කාලේ හිටි ඩයිනොසොරස්ලා මියගියාට එක්තරා නිම්නයක ජිවත් වුණු ලෙන් මිනිස්සු කොට්ඨාශයක් ඉතිරිවෙනවා. අර පොළව දෙදරවාගෙන කඩාපාත් වුණු උල්කාපාතයෙන් ආසන්න වශයෙන් ගෝලාකාර වස්තුවක් මේ අය දකිනවා. අල්ලන්නවත් බැරී තරම් රස්නෙට තිබුණු මේ ගෝලයට එයාලා පයින් ගහ ගහ සෙල්ලම් කරනවා. මේ විධියට තමයි මේ ෆිලුමේ හැටියට පාපන්දු එහෙම නැත්නම් ෆුට්බෝල් ක්‍රීඩාව හොයාගන්නේ ! ඊට වසර ගණනාවකට පස්සේ ගල් යුගයේදී අර ජනවර්ගයෙන් ඉතුරු වුණු මිනිස්සු හාවෝ දඩයම් කරගෙන කාලා ඔහේ ජිවත් වෙලා ඉන්නවා. මේ අයට මේ වෙද්දී පාපන්දු ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නැහැ. මේ අතරේ හිටපු ඩග් කියන තරුණයාට අවශ්‍ය වෙනවා හැමදාම කන හාවෝ දඩයම් කරනවා වෙනුවට මේ අය ලොකු මැමත්ලා දඩයම් කරන්න ඕනෙ කියල, ඒත් ගමේ නායකයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ කාලයේම නූත් උතුමාණන් විසින් පාලනය කරන ලෝකඩ යුගයේ නගරයකුත් නිම්නය අසළ තියෙනවා. දවසක් එයාලා ගල් යුගයේ මිනිස්සු ඉන්න භූමියට කඩා වදින්නේ දැන් ගල් යුගය අවසන් වෙලා කියමින්. මෙතැනදී ඩග් සතුරන් එක්ක සටන් වැදුණත් ඔහුව ලෝකඩයන්ගේ වාහනයකට ඇදවැටිලා නොදැනුවත්වම ඔහු ලෝකඩයන්ගේ නගරයට යනවා. එහෙන් පැනලා යන්න හදනකොට අහම්බෙන් එයා එන්නෙ ලෝකඩන්ගේ පාපන්දු තරඟයක් මැදට. මෙතැනදී ඩග් නූත්ට අභියෝග කරනවා තමන්ගේ ගම එක්ක පාපන්දු තරඟයකට එන ලෙස. එයින් තමන්ගේ ගම දින්නොත් නිම්නය ලෙන් වැසියන්ටම දීලා ලෝකඩයෝ යන බවට ඔහු නුත්ව එකඟ කරව ගන්නවා. පාපන්දු ක්‍රීඩාව ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නැති ගමේ අයගේ කණ්ඩායම ලෝක පාපන්දු ශුර ලෝකඩ ක්‍රීඩකයෝ එක්ක හැප්පෙන තරඟයෙන් දිනන්නේ කවුද? චිත්‍රපටය බලලාම ඒ ගැන දැනගන්න. අන්තිමේ ලෙන්වැසියන්ට නූත්ගේ ලෝකඩ පතලේ වහල් සේවයට යන්න වෙයි ද? නැත්නම් නිම්නය දිනාගන්න පුළුවන් වෙයි ද? පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කරන අය මේකටත් කැමති වෙයි කියල හිතනවා එහෙම නැති අයටත් බලන්න පුළුවන් මේක ඉතාම රසවත් චිත්රපටයක්..

රංගන ශිලිපින්:

  • Eddie Redmayne – ඩග් ලෙසින්
  • Tom Hiddleston – නූත් උතුමාණන් ලෙසින්
  • Maisie Williams – ගූනා ලෙසින්
  • Timothy Spall – බොබ්නාර්, ගමේ ලොක්කා ලෙසින්
  • Miriam Margolyes – ඌ-ෆීෆා රැජිණ ලෙසින්
  • Kayvan Novak – තීරක ඩිනෝ ලෙසින්
  • Rob Brydon – බ්‍රයන් සහ බ්‍රයන් නිවේදක දෙපල ලෙසින්
  • Brydon – පණිවුඩ කුරුල්ලා ලෙසින්
  • Richard Ayoade – බය හිතෙන ට්‍රීබෝර් ලෙසින්
  • Selina Griffiths – මැග්මා (ට්‍රිබෝර්ගේ මව) ලෙසින්
  • Johnny Vegas – නොඉවසන ඇස්බෝ ලෙසින්
  • Mark Williams – මෝඩ බැරී ලෙසින්
  • Gina Yashere – අසනීප ග්‍රැවල් ලෙසින්
  • Richard Webber – බඩගිනි ග්‍රබ් අප් ලෙසින්
  • Simon Greenall – විහිළු ඊමාක් ලෙසින් / තොන්ගෝ ලෙසින්
  • Nick Park – හොග්නොබ් ලෙසින්

මේ සිංහල උපසිරැසි ලබා දී ඇත්තේ, Early.Man.2018.READNFO.HDRip.XviD.AC3-EVO [1.19 GB] පිටපතට සහ Early.Man.2018.720p.WEBRip.2CH.x265.HEVC-PSA පිටපතට ගැළපෙන අයුරින්. මේ නමින් Google Search කරලා දී ඇති උපසිරැසියට ගැළපෙන Torrent එක හොයාගන්න අපහසු වෙන එකක් නැහැ.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! තවත් උපසිරසියකින් හමුවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

16,723 downloadsDownload Early-Man-2018-br.zip92 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

16,723 downloadsDownload Subtitles92 KB

124 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank u bro sub ekata.....

  2. Mayura

    හදවතුන්ම සුබ පතනවා පලවෙනි කඩ ඉමට.ආයේ ඉතින් සබ ගැන කිව්වොත් ෆුල්ම නීට්. ඉස්මනට 100ත් ගහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. දවල්ට උයන්න බඩු නෑ

  3. Kulanjana Maduranga

    welldone….Hat off Respect Bro….Great work & Lot of thanks PRABUDDA saho.wish u’r great future…..

    1. ප්‍රබුද්ධ කේසර විතානගේ

      ස්තූතියි ඔබටත්.

  4. Iroshan Kumar

    THANKS BROTHER....

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

  6. Hashan Nethupriya HK

    convulsions

  7. Helili Hemamali

    හම්මේ පෙරුම් පුරලා පුරලා 50 ගහලානේ! සහෝව මම හඳුන ගත්තෙ "අනන්තය දත් මිනිසා" බලලා, සබේ කොලිටිය සුපිරියට තිබුන නිසාම මං කමෙන්ට් එකකුත් දැම්මා මතකයි. ඔහොම ඉද්දී මම harley and the davidsons මිනි සීරීස් එක කරන්න ගත්තා, ඒකේ ගණිත මහාචාර්යවරයෙක්ගේ දේශනයක් සිංහලට පරිවර්තනය කර ගන්න මෙලෝ හසරක් දන්නෙ නැතුව ඉද්දි මට මතක් වුනේ, අනන්තය දත් මිනිසා ව! අනේ ඉතින් කවදාවත් කතාබහ නොකරට, සහෝ බෑ නොකියා ඒ උදව්ව කරලා දුන්නා. එහෙම තමයි අපේ බයිස්කෝප් සිංහලෙන් පවුල. ඉතින් බයිස්කෝප් සිංහලෙන් පවුල ඇතුළේ ප්‍රබුද්ධ සහෝට මෙකා නයිදේ, අනන්ත දත්.. වලින් ඉස්සරහට තව හොඳ හොඳ නම් වැටේවි කියලත් හිතනවා. සුබ පැතුම් එක්ක 100,150, 200.... කඩයිම් වලට, අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගෙන යන්න අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය ප්‍රාර්ථනා කරනවා.

    1. ප්‍රබුද්ධ කේසර විතානගේ

      ස්තූතියි හෙරළි නගා.
      ඔබටත් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

  8. kavishka_malitha

    sub ekta bohoma sthuthi.
    50 veni subta suba pathanava

  9. Hiran Eranda

    පලවෙනි කඩයිමට සුබපැතුම් අයියේ.....ඔය ගමන්ම 100 ටත් ඉක්මනට යමු හොදේ......ජය වේවා

  10. malithmadhushan45

    amme denakan balan hitiye thanx saho

  11. THE NEW FOLDER

    suba pathum yaluwa..............

  12. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්.....

  13. SAjith Anthony

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම ව්වේවා..!!

  14. Thusitha disanayaka

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා...
    දිගටම සබ් දෙන්න..
    ජය වේවා

  15. A.P Dissanayake

    බොහොම ස්තූතියි සහෝ....

  16. Gathsara Umesh

    Bhooooom sthuuthiyi ayyee...
    50 weni kadayimata hadawathinma subapathanawa..m
    Ikmnin 100 weni kadayimen hamuwemu....
    Nawathnna hithmwath epaa ayyee...
    Hrdoo....

  17. lahirusasanka

    මේ filme 1 හොදයිද?

  18. Gathsara Umesh

    හදවතුන්ම සුබ පතනවා පලවෙනි කඩ ඉමට.ආයේ ඉතින් සබ ගැන කිව්වොත් ෆුල්ම නීට්. ඉස්මනට 100ත් ගහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.

  19. Bandaramudiyansi

    Thank malli. Meka yts webrip walata galapanawada?

  20. සනිඳු ලක්ඛිත

    පලවෙනි කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ..තව තවත් ඉදිරියට උපසිරැසි කරන්න වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. BR එකක් ආව ගමන් අනිවා බලන්න ඕනි ෆිල්ම් එකක්. එතකන් ඉවසලා ඉන්නවා. BR ආවම අප්ඩේට් කරන්න මචං..ජය වේවා..බුදුසරණයි..!

  21. ruchiraav

    suba pathum machan. digatama karn yanna shakthiya labenna prartana karanwa!

  22. Udara Damith Dissanayaka

    බොහෝම ස්තුතියි..❤❤❤❤❤❤
    50 හට සු..❤❤❤❤❤❤බ pathanawa digathama apu ගමන යන් ..❤❤❤❤❤❤.......

  23. supun5641

    prabuddaya.....

  24. Ishan007

    සුබ පැතුම් සහෝ..

  25. Theshan077

    Thanks Brother..Thumbs up (y)

  26. nishannw

    ElaZzcn jaya wewa...thawa thawath sub karanna shakthiya labewa........thanku sub ekata

  27. ප්‍රබුද්ධ කේසර විතානගේ

    හැමෝටම බොහොම ස්තූතියි සුභ පැතුම් සහ කමෙන්ට් වලට. ජයවේවා!! තවත් උපසිරැසියකින් හමුවෙමු!!

  28. Hassan2554

    Thanxs Bro

  29. k.k.lakshitha

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි

  30. ශසිත් සඳරුවන්

    පළමු කඩඉමට සුභපැතුම් මලයා...
    කොටි වල්ගේ එල්ලිලා කොහොමහරි පලවෙනි කඩඉමට ආවා නෙහ්. :P
    මාවත් මතක් වෙලා තියෙන්නේ...
    ඔයාගේ පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක කරගෙන
    තවත් උපසිරැසි ලබා දීමට හැකියාව,කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  31. Rasheen Mansil

    50 වෙනි උපසිරැසි ගැන්වීමට සුබපැතුම්
    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  32. suchroxx

    Congrats Brother
    Thank You.

  33. Pramukmili

    congrats...thanxxxx......bro......

  34. Rajitha Wijekoon

    THanks, Machan

  35. D.Chamara

    bohoma sthuthi sahooo degatama karagena yamu jaya...

  36. madhubashana bandara

    jaya wewa saho

  37. Manura Sathsarindu

    thnx saho

  38. Ashen Gimantha

    නියමයි

  39. NuwanK

    thank u bro...

  40. janitha89

    Thanks For the sub brother...!

  41. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    50 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා
    ජය
    American crime story season 2 සබ් දේන්න සහෝ...

  42. හසන්ත වික්‍රමරත්ත

    50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් මල්ලි! ඉදිරියටත් හොඳ නිර්මාණ වලින් මෙහෙම එකතු වෙලා 100 උපසිරස දක්වා යන්න ලැබේවා කියල පතනවා. ජය!

  43. SanjulaJeter

    thanks

  44. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    50ට සුබ පැතුම්!..
    100 ත් ගහමු ඉක්මනට..

  45. saduhiru1

    thanks saho sub ekata...

  46. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.
    50 වෙනි කඩඉමට මගේ උණුසුම් සුබ පැතුම්.
    ඒ වගේම ලියලා තියෙන විශිෂ්ඨ ලිපියටත්.
    ජයෙන් ජය.

  47. 0777881934

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  48. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියී....

  49. SanjulaJeter

    Ela

  50. sumed

    50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

Load more comments