Watch Trailer

Hide (2011) Sinhala Subtitles | සැඟවුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද ඉතිං යාළුවනේ, මං මේ පාර අරගෙන ආවේ රහස් පරීක්ෂක කතාවක්. මේ චිත්‍රපටිය ඉවර වෙනකම්ම පුදුම කුතුහලයකින් නරඹන්න පුළුවන්. මේ කතාව ගලාගෙන යන්නේ රහස් පරීක්ෂකවරියකට ලැබුණු මිනි මැරුම් කේස් එකක් වටා. ඇමරිකානු ලේඛකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් වන John Gray විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටිය 2…

කොහොම ද ඉතිං යාළුවනේ, මං මේ පාර අරගෙන ආවේ රහස් පරීක්ෂක කතාවක්. මේ චිත්‍රපටිය ඉවර වෙනකම්ම පුදුම කුතුහලයකින් නරඹන්න පුළුවන්. මේ කතාව ගලාගෙන යන්නේ රහස් පරීක්ෂකවරියකට ලැබුණු මිනි මැරුම් කේස් එකක් වටා. ඇමරිකානු ලේඛකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් වන John Gray විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටිය 2011 දෙසැම්බර් 06 වන දින නිකුත් කරන ලදී. Detective / Thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටිය පැයයි මිනිත්තු 28ක් පුරාවට ගලා යනවා. IMDB අගය 5.2ක අගයක් වන අතර Rotten Tomatoes අගය 20%ක් තමයි අරගනෙ තියෙන්නේ. මෙහි ඇමරිකානු රංගන ශීල්පීන් වන Carla Gugino ප්‍රධාන චරිතය වන රහස් පරීක්ෂකවරිය විදිහට රඟ දක්වන අතර Bridget Regan, Mark-Paul Gosselaar, Kevin Alejandro, Jay Karnes, Andrea Frankle, Omid Abtahi, James Dumont යන අය තම රංගනයෙන් දායක වෙනවා.

හොඳයි දැන් චිත්‍රපටිය පැත්තට හැරුනොත්, මං කලින් කිව්වා වගේ මේ කතාව පටන් ගන්නේ කාන්තා මළ සිරුරු 06ක් පොළොව යට වළක තිබිලා හමු වීමෙන්. කාන්තාවන් හය දෙනෙකුගේ මමිකරපු දේහයන් ගැන හොයා බලන්න බොස්ටන් රහස් පරීක්ෂකවරයෙක් වන වොරන්ට පැවරෙනවා. ඉතිං ඇයත් ඇගේ රහස් පරීක්ෂක කණ්ඩායමත් සාක්ෂි සොයමින් මේ මිනි මැරුම් කළ පුද්ගලයව අල්ලගන්න බලනවා. මේ මළ සිරුරු පරීක්ෂණ කරනකොට මෙයාලට ඒ හැම මළ සිරුරක් ළඟම තිබිලා මොනව ම හරි බඩුවක් හම්බ වෙනවා. ඒ වගේ එක් මළ සිරුරක් අසල තිබිලා මාලයක් හම්බ වුණා. ඒ මාලේ අයිතිකාරියව හොයා ගන්න හදනකොට ඇනබෙල් කියලා ගෑණු ළමයෙක් ඒ මාලේ එයාගේ කියාගෙන රහස් පරීක්ෂක වොරන්ව මුණ ගැහෙන්න කාර්යාලයට එනවා. එයා ඇවිත් එයාගේ පුංචි කාලේ වෙච්ච සිද්ධි වගේම අමුතු කතාවකුත් කියනවා. ඒ එයාගේ පස්සෙන් හැමතිස්සෙම කවුරුහරි ලුහු බැන්ඳා කියලා. සාක්ෂී දෙන්න එක එක්කනා ආවත් ඝාතකයව හිතාගන්නත් බෑ. ඒත් එයා ඉඳලා තියෙන්නේ මෙයාලගේ ළඟමයි. ඒත් මේ ඝාතකයා හෙන කපටියෙක් වගේම හරිම දක්ෂයෙක්. ඉතිං කවුද ඇයගේ පස්සෙන් ලුහු බැන්දේ? එතකොට ඇගේ මාලේ කොහොම ද වෙන ගෑණු ළමයෙක් ළඟට ගියේ? ඔවුන්ට මේ ඝාතකයව අල්ල ගන්න පුළුවන් වෙයි ද? ඇත්තට ම මේ මැරුණු ගෑණු ළමයින් 06 දෙනා කවුද? මොකක් ද එයාලාට සිද්ධ වුණේ? ඇයි එයාලව මැරුවේ? එහෙනම් කුතුහලෙන් නැරඹීය හැකි හරි අපූරු ත්‍රාසජනක චිත්‍රපටිය නරඹන්න මම ඔයාලටත් ආරාධනා කරනවා.

මෙම චිත්‍රපටිය උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරනවා වගේම කමෙන්ට් කරන හැමෝටමත් ස්තූතියි! එහෙනම් තවත් ලස්සන වෙනස් ම චිත්‍රපටියකින් නැවත මුණ ගැහෙමු! දෙවි පිහිටයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාල වේ

2,676 downloadsDownload Hide-2011.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යමීනා ජොහාර්

Subtitles

2,676 downloadsDownload Subtitles58 KB

11 comments

  1. harith98

    thankss

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. indika75

    thanks..

  6. Suranjan

    Thanks jayawewa....!

  7. D.Chamara

    bohoma sthuthi..

  8. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට !!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Pramukmili

    Thanxxx sis...................

  11. Dewadithya

    Thanks for sub!