සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Anveshanam (2020) මලයාලම් සිනමා නිර්මාණයට. 2020 ජනවාරි 31 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම…

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Anveshanam (2020) මලයාලම් සිනමා නිර්මාණයට. 2020 ජනවාරි 31 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Thriller/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා.
5.9/10 IMdb
2.8/5 Behindwoods
79% Google Users
ලබා ගන්න සමත් උන මේ නිර්මාණය Lilli (2018) සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂක Prasobh Vijayan ගේ අධ්‍යක්ෂණයක්. Ranjeet Kamala Sankar, Francis Thomas, සහ Salil Menon තිර රචනයක්. Ayyappanum Koshiyum (2019) , Porinju Mariam Jose (2019), Ishq (2019), Queen (2018) වැනි අතිශයින් ජනප්‍රිය වූ සිනමා නිර්මාණ වල සංගීත නිර්මාපකයා වන Jakes Bejoy ගේ සංගීතයෙන් මේ සිනමා නිර්මාණය වර්ණවත් වෙලා තියෙනවා.
Jayasurya – අරවින්ද් ලෙස
Vijay Babu – ඩොක්ටර් ගෞතම් ලෙස
Shruti Ramachandran – කවීතා ලෙස
Leona Lishoy – ලතා සිද්ධාර්ත් ලෙස
Nandhu – අල්පොන්ස් ලෙස
Lal as – ඩොක්ටර් ෆාරිස් ලෙස
Lena – සෝනි ලෙස
Jai Vishnu – ශරත් ලෙස
Shaju K S – කුමාර් ලෙස
Srikanth Murali – ඩොක්ටර් අශෝක් ලෙස
දක්ෂ නළු නිලි පිරිසක් මේ වෙනුවෙන් දායක වෙලා තියෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනව නම් අරවින්ද් සහ කවීතා කියන්නේ හුරතල් දුවෙකුයි පුතෙකුයි ඉන්න ආදරණිය යුවලක්. අරවින්ද් සේවය කරන්නේ මීඩියා ටෙන් රූපවාහිනි චැනල් එකේ. බොහොම ආදරණිය සාමකාමීව ඉන්න මේ පවුලට හදිස්සියේ අනතුරකට මූණ දෙන්න වෙනවා. අනතුරක් කිව්වට ඒක සිද්ධ වෙන්නේ අරවින්ද් ගේ පුතා අශ්වින් සෙල්ලම් කරන්න ගිහින් පඩිපෙළෙන් වැටිලා සිහි නැතිවෙනවා. එවෙලේ අශ්වින්ව රෝහල් ගත කරන්න අරවින්ද්ගේ අසල්වැසියෙක් උන ඩොක්ටර් ගෞතම් කවීතට උදව් කරනවා. ගෞතම් සේවය කරන රෝහලටම අශ්වින්ව ප්‍රතිකාර කරන්න ඇතුලත් කරනවා. අශ්වින්ට ප්‍රතිකාර කරන අතරතුරේදී රෝහලේ හෙද පාලිකාව සෝනි, අශ්වින් කවුරු හරි කෙනෙක්ගේ අතින් දැඩි පහර කෑමකට ලක්වෙලා තියනවා කියල දකිනවා. මේ සිද්ධියෙන් දැඩි කම්පනයට පත්වෙන සෝනි මේ ළමා අපයෝජනය ගැන රෝහල් පරිපාලන නිලධාරින්ටත් හොරෙන් පොලිසියට පැමිණිලි කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අශ්වින්ට සුව වෙයිද? අපයෝජනය සම්බන්ධයෙන් කාට චෝදනා එල්ල වෙයිද? ෆිල්ම් එක බලලම ඒක දැනගමු නේද.
මගේ මේ උපසිරැසි නිර්මාණයත් රස විඳින්න කියලා ඔයාල හැමෝටම අරාධනා කරන ගමන්ම හොඳ හෝ නරක කියලා කමෙන්ට් එකක් දාලා මාව දිරි ගන්වන ඔයාල හැමෝටමත් මං විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. නැවත නැවතත් සිනමා නිර්මාණයකට උපසිරැසි ගැන්වීම් කරන්න දිරි ගැන්වීමක් සහ ලොකු සතුටක් එයින් මට ලැබෙනවා. බොහොම ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,964 downloadsDownload Anveshanam-2020.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
17 comments
Induruwa
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට රේණුකා සුභාෂිණි :) :) ...
Eureka 2020 Telugu, Raahu 2020 Telugu, Mahira 2019 Kannada, 41: Naalpathyonny 2019 Malayalam, Bol 2011 Hindi මේවටත් සබ් දෙනවද පුළුවන් නම් :) :)Anonymous
ස්තුතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!රංගික සිනෙත්
බෝම තුතිිි අක්කි.ජයින් යම වීවා
Prabodha20
Sthuthi sahooo
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..!!
gihan perera
ස්තුතියි නංගා..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.... දෙවි පිහිටයි....
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavinu
උපසිරැසියට තුති!
දිගටම මලයාලම් ගේමු ❤️shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Thank youuu
Ajithkumara1
ඔයාගේ දෙවෙනි එක ඩවුන්ලෝඩ් කරපු බොහොම ඉස්තූතියි නංගි ඔයාගේ උත්සාහයට
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Ruwan Mahagama
godak sthuthyiii.. upasirasiyata.. jayawewaaa
Anonymous
Good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Anveshanam (2020) Sinhala Subtitle | ළමා අපයෝජනයක්ද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Anveshanam-2020.jpg)
ස්තූතියි. ඔබට ජය...!!!