Watch Trailer

High-Rise (2015) with Sinhala Subtitles | ගොඩනැගිල්ලක ඉරණම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියටම…. හොදින් ඉන්නව කියල හිතනව.කොහොම කොහොම හරි ඔන්න මම 10 වන උපසිරසියත් අරගෙන ඇවිල්ල. මට හිතාගන්නවත් බෑ මම 10ක් කරාදවත් කියල. කොහොමහරි ඒක වෙලා. ඉතින් මම මේ උපසිරසි 10 අරන් ආවෙ මාස 2ක් ඇතුලත. ඒ ගැන නම් සතුටුයි. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන චාමර සම්පත් අයියට. බයිස්කෝප් වෙබ් අඩවියෙ ඇඩ්මින් සහ…

High-Rise (2015)

කොහොමද කස්ටියටම…. හොදින් ඉන්නව කියල හිතනව.කොහොම කොහොම හරි ඔන්න මම 10 වන උපසිරසියත් අරගෙන ඇවිල්ල. මට හිතාගන්නවත් බෑ මම 10ක් කරාදවත් කියල. කොහොමහරි ඒක වෙලා. ඉතින් මම මේ උපසිරසි 10 අරන් ආවෙ මාස 2ක් ඇතුලත. ඒ ගැන නම් සතුටුයි. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන චාමර සම්පත් අයියට. බයිස්කෝප් වෙබ් අඩවියෙ ඇඩ්මින් සහෝදරවරුන්ට. ඔවුන් තමයි මට දිගින් දිගටම ෆිලුම් බාර දුන්නෙ. යමුකො එහෙනම් අද කථාව පැත්තට…,

මේ ෆිලුමට IMDb අගය 6.3 ක් ලැබිල තියනව. Ben Whertle ගෙ අධ්‍යක්ශණයෙන් සහ  Jermy Tho ගෙ නිශ්පාදනයෙන් සැකසුණු මේ චිත්‍රපටිය මිනිත්තු 119ක් පුරා දිවයනව. ඒ වගේම මේ ෆිලුම British Independent Film සම්මානය සදහා මෙන්ම තවත් සම්මාන 6කට යෝජනා වී තිබෙනව. Drama ගණයට අයත් වන මෙම චිත්‍රපටියේ ප්‍රධාන චර්තයට රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි නලු Tom Hiddleston. ඒ වගේම Anthony Royal         ගෙ චරිතය Jermy Iroms විසිනුත්, Richard Wilder ගෙ චරිතය Luke Evens විසිනුත්, Helen Wilder ගෙ චරිතය Elisabeth Moss විසිනුත් රග දක්වනව. මේක තමයි කථාවෙ පසුබිම.

මේ ෆිලුමෙ ප්‍රධාන චරිතය වන Laing කියන පුද්ගලය වෛද්‍යවරයෙක්. ඔහු තම සහෝදරියගෙ මරණයෙන් පස්සෙ ගොඩනැගිල්ලක 25 වෙනි තට්ටුවට ජීවත් වෙන්න එනව. ඒක නිකන් ජනපදයක් වගේ. මේකෙ ඉහලම තට්ටුවල ඉන්නෙ පොහොසත් පැලැන්තියෙ අය. මැද තට්ටුවල ඉන්නෙ මධ්‍යම ප්‍රාන්තික අය. අවසාන තට්ටුවල ඉන්නෙ යම් ආකාරයක දුප්පත් අය. ඉතින් මේ චිත්‍රපටියෙ වටපිටාව වෙන්නෙ මේ ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ලෙ හැම දෙයක්ම අන්තර්ගතයි මිනිස්සුන්ගෙ නූතන ජීවිතයට අවශ්‍ය. මේ හැමදේම නිර්මාණය කරල තියෙන්නෙ Anthony Royal කියන පුද්ගලය.මේ ගොඩනැගිල්ල ගොඩක් දුරට බාහිර ලෝකයෙන් වෙන් වෙලා තියෙන්නෙ. ඉතින් මේ ෆිලුමෙ තියෙන්නෙ ගොඩනැගිල්ලෙ පරිහානිය. මිනිස්සුන්ගෙ පාලනයෙන් තොර ක්‍රියාකාරකම් වගේ ගොඩක් දේවල්. ඒ වගේම මේකෙ තවත් වැදගත් චරිතයක් තමයි Toby කියන්නෙත්. මම වැඩිය විස්තර කරන්න යන්නෑ. මොකද ඔයාලට මේකෙ හිතන්න ගොඩක් දේවල් තියනව. ෆිලුම් නැරඹීම ඔයාලට බාර කරල අදට මම යනව. සියලු දෙනටෙම ජය……………………..! 

 

 

Colonia (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

High Rise.2015.720p.WEBRip.x264.AAC ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,044 downloadsDownload High-Rise.2015.Baiscopelk.com_.rar38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

2,044 downloadsDownload Subtitles38 KB

15 comments

  1. nilantha

    good movie thank saho

  2. yeshu

    tnx

  3. mithun

    උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහොදරය.
    ඔය ගෙනාපු නිර්මාණය දහයම අගෙයි.මෙකත් සුපිරියි වගෙ . හොද රෙටින් එකක් වගෙම හොද ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලැබිල තියෙනව දැක්ක. දැන්ම මෙක බලන්න ලැබෙන් නෑ මට , මොකද බාගත්ත ෆිල්ම් ලිස්ට් එකක් තියෙනව නොවෑ තව බලන්න..නිවාඩුව අනිවාර්යයෙන් බලලම කියන්නම්කො බලන්න..ඉතින් ඔන්න සබ් එකත් ගත්ත ඔයාට comment එකක් දාල යන්න කියලම අව
    නොදා කොහොමද සුපිරි ෆිල්ම් ටිකක්නෙ ලබාදුන්නෙ..
    උපසිරැසි ගැන්නුවට බොහොම ෆිං සහෝ අයෙමත් එන්න හොදම එකක් අරන්. ඔබට ජය.. ඉදිරියටම යමු..

  4. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Asitha

    ela thnks

  6. Kulanjana Maduranga

    niayamai…thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Wajira Kumara

    niyamai ela thanks

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  9. Sanjaya

    Thanks....
    Sub akata bohoma Pin.....

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. මනෝජ්

    Thank you for the subtitle machan

  13. M A Y S Perera

    tanq machan wadi wadiyen labenna one mee karana sewayata :)

  14. චතුෂ තුෂර කුමාර

    මේ සබ් ෆයිල් එකේ අවුලක් තිබේ.

  15. aroshaisham

    godaaaaak sthutii