සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං අරන් ආපු උපසිරැසිය, මේ වෙද්දි නම් බොහෝ දෙනෙක්ගේ ධනාත්මක ප්‍රතිචාර දිනාගත්ත අඩු වැඩි වශයෙන් අපි හැමෝම ජීවමාන වෙන සිනමා නිර්මාණයක් වන Home (2021) උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. අපේ ගෙදර, අපි හැමෝම නිවෙන තැන…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං අරන් ආපු උපසිරැසිය, මේ වෙද්දි නම් බොහෝ දෙනෙක්ගේ ධනාත්මක ප්‍රතිචාර දිනාගත්ත අඩු වැඩි වශයෙන් අපි හැමෝම ජීවමාන වෙන සිනමා නිර්මාණයක් වන Home (2021) උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ.
අපේ ගෙදර, අපි හැමෝම නිවෙන තැන. අපි ලෝකෙට සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒත් අපි අපේ ගෙදර ඉන්නේ අපි විදියටමයි. අපිට ගෙදර අයට පේන්න අමුතු චරිතයක් රඟපාන්න ඕනේ නෑ. අපි මොන විදියට හිටියත් ඒ අය අපිව පිළිගන්නවා. අපිට ආදරය කරනවා. මේ ලෝකේ කොහේ කරක් ගැහුවත් අපිට ගෙදර ආවම තියෙන සැනසීම වෙන තැනකදි අත්විඳින්න බෑ. මේ ලෝකේ කවුරු අපිට දොස් කිව්වත්, අපිව ප්‍රතික්ෂේප කරත් දෑත් දිගු කරන් අපිව වැළඳ ගන්න. අපේ දුක, වේදනා, සතුට දරා ගන්න අපි වෙනුවෙන් අපේ පවුලේ අය බලන් ඉන්නවා. ඒක අපි හැමෝටම පොදු දෙයක්.
– සැරින් සැරේ ෆ්‍රිජ් එක ඇරලා බලන්නේ මොකද?
– ෆ්‍රිජ් එකේ වුණත් ෆෝන් එකේ වුණත්, ඇතුලේ මොනවත් නෑ කියලා දන්නවා වුණත් නිතරම බැලුවේ නැත්නම් හිතට හරි නෑ.
අපිට දැනෙන දේවල් අඩු වැඩි වශයෙන් එකතු කරලා මේ තරම් ලස්සන පවුලේ කතාවක් නිර්මාණය කරන්න Rojin Thomas මහත්තයාට කොහෙන් මේ සිතුවිලි පහල වුණාද කියලා මං දන්නේ නෑ. කෙටියෙන් කිව්වොත් මේක අපේම කතාවක්. පැයයි විනාඩි හතලිස් එකක් මොනවා බලන්නද කියලා හිතුවත් එක තත්පරේකට ඇස් අහකට ගන්න හිතුනේ නැති කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මලයාලින්ගේ තවත් එක මායාවක්. 2021 අවුරුද්දේ මේ වෙනකල් නිකුත් වූ මලයාලම් සිනමා නිර්මාණ අතරින් හොඳම චිත්‍රපටියක්. 8000+ අධික ප්‍රේක්ෂක මනාපයෙන් මේ වෙද්දි IMDb දර්ශකයේ 9.1/10 ක් වගේම 99% ගූගල් පරිශීලක අගයක් දිනා ගත්තු සිනමා නිර්මාණයක්. තවත් මේ ගැන වර්ණනා කිරීම් කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. මලයාලම් සිනමාවට ආදරය කරන අය මඟ අරින්නේ නැතිව බලන්නම ඕනේ සිනමා නිර්මාණයක්.
කතාව ගැන කියනවා නම්,
ඔලිවර් ට්විස්ට් මහත්තයාටයි (Indrans) එයාගේ නෝනා කුට්ටියම්මාටයි (Manju Pillai) දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොක්කා ඇන්තනී (Sreenath Bhasi), ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ගෘහ නිර්මාණ ශිල්පය අත ඇරලා අන්තිමේ චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් වෙනවා. පළවෙනි චිත්‍රපටිය සුපර් හිට් එකක් වුණ හින්දම ටිකක් අහංකාරකමින් ඉන්න කොලුවෙක්. එතකොට බාලයා චාල්ස් (Naslen K Gafoor), කුට්ටියම්මා කියන විදියට මහ ලොකු යූ ටියුබ් කාරයෙක්. මේ හතර දෙනාට අමතරව ඔලිවර් ට්විස්ට් මහත්තයාගේ තාත්තත් (Kainakary Thangaraj) මෙයාලා එක්ක ඉන්නවා.
ඇන්ටනීගේ පළවෙනි චිත්‍රපටිය සාර්ථක වුණත්, පිට තැනක ඉදන් දෙවෙනි චිත්‍රපටියේ පිටපතේ වැඩ කටයුතු අවසන්ව කරන්න අවධානය යොමු කරන්න අපහසු හින්දා, ඇන්ටනී ගෙදර ඇවිත් පිටපත ඉවර කරන්න තීරණය කරනවා. ගෙදර ආව ඇන්තනීගේ වැඩේ ඇත්තටම සාර්ථක වෙයිද?
මගේ වැරදි පිළිනොගන්න එක, තරහා යන එක, අහංකාරකම
මානසික අවපීඩනය, වැඩිහිටියෝ එක්ක රණ්ඩු වෙන එක
මං මේ සේරම දේවල් කරන සාමාන්‍ය මිනිහෙක්.
මං සර්ව සම්පූර්ණ මිනිහෙක් නෙමේ…
ඒත් මං මේ සේරම කරන්නේ…
මේ ලෝකේ මට නිදහස තියෙනවා කියලා මං විශ්වාස කරන තැනකයි….
මගේ ගෙදරදි….
මොකද එහේ ඉන්න අය මං වැරැද්දක් කරොත්….
කේන්ති ගන්නෙවත්, මට විහිළු කරන්නෙවත්….
මට දොස් කියන්නෙවත් නෑ…..
ඒ වෙනුවට එයාලා ඒ වැරැද්ද නිවැරදි කරයි….
මගේ ගෙදරදි මං හැමවෙලේම අසම්පූර්ණයි.
මේ සිනමා නිර්මාණය මේ වෙද්දි ගොඩක් අය නරඹලා ඇති. මොකද දැන් චිත්‍රපටිය නිකුත් වෙලා සති කීපයක් වෙනවා. උපසිරැසිය අරන් එන්න පමා වුණාට සමාව ඉල්ලනවා. බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න කියලා ආයෙමත් පාරක් මතක් කරනවා.
තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
9,575 downloadsDownload Home-2021.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
43 comments
Sohan Jayasooriya
DILmin
Sub ekata thanks!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Kushan
Sub akta thanks
Anonymous
පරක්කු නිසා මේක නම් බැලුවා
හැබැයි නියම ෆිලුමAnonymous
ඇයි අප්පා මේවා පරක්කු කරන්නෙ. ඉස්සර නම් ඔහේ තියෙන මූවි සීරිස් වලට සබ් හදල හයිප් හදන්නෙ බයිස්කෝප් එකෙන්. දැන් හයිප් වෙන ඒව විතරක් බලල සබ් දෙනවා. ඒකත් ඔක්කොමල බලල ඉවර උනාට පස්සෙ.
Naveen
උපසිරසියට තුති
Samith
Thanks sister
Kosala D Maduraweera
මලයාලම් නිර්මාණයක් නම්, සුභාෂිණී මිතුරියගේ උපසිරැසිය තමයි! කියන තැනට දැන් අපි හුරු වෙලා. ඉතින් කිහිප සැරයක්ම ඇවිත් බලලා හැරිලා ගියා උපසිරැසිය තිබුණේ නැති නිසා. ඒත් හිතුනා වැඩ රාජකාරී එක්ක කාර්යබහුල ඇතිය කියලා. අහම්බෙන් අද ඇවිත් බලද්දි තමයි දැක්කේ උපසිරැසිය ඇවිල්ලාය කියලා. බොහෝම ස්තුතියි උපසිරැසියට! දැන් මේ බලන්න කියලා. මේ වෙනුවෙන් කාලය වැය කරමින් ඔබ විසින් ඉටු කරනු ලබන සේවයට හදපිරි ප්‍රණාමය!
V.P
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරිය
Deegayu Abeysekera
thanks Sister!
අසංක
මන් සාමාන්‍යයෙන් drama ඒවා බලන්නේ නෑ
හැමදාම action,mystery,thriller,fantasy බලන එකේ වෙනසකටත් එක්ක මේක බැලුවා
කියන්න වචන නෑ කාලෙකින් බලපු අමතක නොවෙන ෆිල්ම් එකක්
ඔලුව පොඩ්ඩක් නිදහස් කරගන්න කැමති අය අනිවා බලන්න , අපිටත් පොදු දේවල් ඕනතරම් දකින්න ලැබෙයි බලාගෙන යද්දි.....
උපසිරසියට බොහෝමත්ම ස්තුතියි රේණුකා සහෝදරිAnonymous
Patta
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sheron
Thnkz sis
Dineth de silva
Thanks sister
Madhushani Gamage
උපසිරසියට බොහෝම ස්තූතියි. බයිස්කෝප් එකෙන්ම සබ් එක දෙනකන් බලාගෙන හිටියේ. දවසට දෙතුන් පාරක්ම ඇවිත් බැලුවා. අද නම් මාර සතුටුයි. ❤
Anonymous
තැන්කු වේවා
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී...!!
indika75
thanks..
Ratta
Thanks akke
Anonymous
Tuck Jagdish Sub Plzzz
tharidu16
THANKS
Lahiru
උපසිරසියට ස්තුතියි
Tuck Jagadish(2021) ෆිලුමටත් සබ් දෙමු ඉක්මනින්Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sujith
ගහ ගන්න මරා ගන්න ෆිලුමක් තිබ්බ නම් ඩවුන්ලෝඩ් 5000යි 6000යි. ඒත් මේ වගේ ඒව කව්රුත් බලන්නෙ නෑ. පට්ටම ෆිල්ම් එකක් ආයෙ කතා කරන්න වචන නෑ..
Anonymous
නියම ෆිල්ම් එකක්. හැමෝම බලන්න ඕන. ජීවිතේට ආදර්ශමත් කතාවක් තියෙන බැලුවට පාඩුවක් නැති ෆිල්ම් එකක්.
ෆැන්ටසි ලෝකෙන් මිදිලා යථාර්තවාදී විදිහට බලන්න පුළුවන් මලයාලම් කාරයන්ගේ සුපිරි නිර්මාණයක්.
සිංහල sub දුන්නට බයිස්කෝප් එකට පින්...Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!Yash
සබට තෑන්ක්ස්
Anonymous
ane godak thank you sub eka dunnata.... film eke patan aran ewara wenaknma harima lassnata ape jivithe kathandara wage galagena yanwa.... mata kiyanna therenne ne matanm aththtama me film eka balddi aduna...ape amma,thaththa,nangi malli gena ,ape relaions gena api athin unath wen apai nohithana dewal me film eke hari lassnat pennala iyenwa...
aniwaryen me film eka balanna.....godak watina kathwak....100% oyalageth jivitha wenas wewii me film eka beluwat passee... thank you sub ekata.................
Sheni
Thank u sub ekata❤️❤️
Lassanama malayalamak
Ada release una tovino ge" kaanekkaane" ekata sub eka ikamanatama danna
Lagadi jayasurya "sunny" ekath enw..ekatath ikmanatama meken sub akki❤️❤️❤️Nilanka
Sis, godak parakkuyi ne sub eka. 2parak baluwa
Malayalam ena ewata ikmanata sub eka denna balanna
kaanekkaane (2021)
kanchana
ස්තුතියි,
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Maithri Dissanayake
සබ් එකට බොහොම ස්තූතියි. සුපිරිම ෆිල්ම් එකක්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasanka sathyajith
Thanks for the sub
Dumith
Madhuchandraleka movie 1tath sinhala sub 1k dannakooo
Vishwa sasanka
Thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!viraj
thanks...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හම්මේ මෙන්න දීලා.. දෙනකම් බලන් ඉඳියේ අක්කේ.. ඔයාගෙන් සබ් එක එනව කියලා ආරංචි උනා කලින්ම..පලවෙනි කමෙන්ට් එක මගෙන් එහෙනම්.. තෑන්ක්ස් සබ් එකට..