කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Yakuza Princess (2021) චිත්‍රපටය 67%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 4.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Action / Thriller / Mystery යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන…

කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Yakuza Princess (2021) චිත්‍රපටය 67%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 4.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Action / Thriller / Mystery යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. 2021 සැප්තැම්බර් 03 වන දින VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) ක්‍රමය හරහා නිකුත් උන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය Vicente Amorim විසින් සිදු කරලා තියෙන අතර Edge of the World (2021), Awake (2019), From Paris with Love (2010) වැනි චිත්‍රපටවල සහ Vikings රූපවාහිනි කතා මාලාවේ “බිශොප් හේමුන්ඩ්” ලෙස රඟ පෑ Johnathan Rhyes Meyers “ශිරෝ” ලෙසත්, නවක නිළියක්වන Masumi “අකෙමි” ලෙසත්, Tsuyoshi Ihara “ටකේෂී සන්” ලෙසත් මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. චිත්‍රපටයේ නම දැකපු ගමන්ම යකුසා කියලා කෑල්ලක් දකින්න ඇතිනේ. ඒ වචනේ අහලා නැත්තම් අපි ඒ ගැන පොඩි විස්තරයක් දැන ගමු.
කවුද මේ යකුසා (Yakuza) කියන්නේ ?
“ගොකුඩා” ලෙසද ජපානයේ හැඳින්වෙන “යකුසා” සංවිධානය ලොව බලවත්ම මැර කල්ලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. 17 වන ශතවර්ෂයේදී ජපානයේ ආරම්භ උන මේ සංවිධානාත්මක කල්ලියට 1960දී සාමාජිකයන් 200,000කට වඩා සිටියත් එම ගණන සීග්‍රයෙන් පහත බැස අද වන විට සමාජිකයන් 25,000කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරනවා. මේ කල්ලියේ ඇති දැඩි නීතී රීතී, ඔවුන්ටම ආවේනික පච්ච කෙටීම් සහ බිහිසුණු සංවිධානාත්මක ශක්තිය නිසා මොවුන් අතිශය භයානක සංවිධානයක් වනවා. මේ යකුසා සංවිධානය ප්‍රධාන වශයෙන් තවත් කල්ලි 3කට බෙදෙනවා
- 1. යමාගුචි – ගුමි (Yamaguchi-gumi)
- 2. සුමියෝෂි-කායි (Sumiyoshi-kai)
- 3. ඉනගාවා -කායි (Inagawa-kai)
මේ අතරින් යමාගුචි – ගුමි (Yamaguchi-gumi) කල්ලිය, යකුසා සංවිධානයේ විශාලතම කල්ලිය ලෙස සැලකෙනවා. මේ යකුසා සාමාජිකයන් ආත්ම ගරුත්වය, ගෞරවය සහ පක්ෂපාතිත්වය ගැන දැඩිව සැලකිලිමත් වන අතර සංවිධානයට ද්‍රෝහී වන්නන්ට බිහිසුණු දඩුවම් දීමට මොවුන් කිසි විටෙකත් මැලි වෙන්නේ නෑ. සාමාජිකයෙක් අතින් වැරදීමක් සිදු උනොත් එම වරදට පසුතැවිලි වෙන බව පෙන්විමට ඔහුට තම සුළැගිල්ල කපා දැමීමට සිදු වෙනවා. මොවුන්ගේ ජනප්‍රියම ආයුධය වනුයේ කටානා අසිපතයි. ඊට අතරව ලෝකයේ ඇති සියළුම නවීන අවි ආයුධ වලින් යකුසා සංවිධානය සමන්විතයි.
කටානා අසිපතක්
යකුසා සංවිධානයේ තවත් අපුරූ චාරිත්‍රයක් වනුයේ ශරීරය පුරාම අලංකාර පච්චා කොටා ගැනීමයි. ජපානයේ ආවේණික පාට සහ තියුණු උණ බට උපයෝගී කරගෙන නිර්මාණය කරන මේ පච්ච නිර්මාණ අවසන් වීමට අවුරුදු ගණනාවක් ගත වන බවත් එම ක්‍රියාවලිය ඉතා වේදනාකාරී බවත් සඳහන් වෙනවා. තම සමාජිකයන් අතර මෙම පච්ච එකිනෙකාට පෙන්වීම සහ ඒ පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට යකුසා සාමාජිකයන් ඉතා කැමත්තක් දක්වන අතර සාමාන්‍ය ජනයාට ඒවා නොපෙන්වීමටත් මොවුන් වග බලාගන්නවා.

යකුසා සාමාජිකයන්ගේ පච්ච
ඉතා දරුණු අපරාධ සංවිධානයක් වුවත් අදටත් යකුසා සංවිධානය ඔවුන්ගේ අපරාධ ඉතා පහසු ලෙස ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඔවුන් නීතී විරෝධී ජාවාරම්, සියළුම ආකාරයෙ අපරාධ ක්‍රියාකාරකම්වල නිතිපතා නියැලෙන අතර බොහෝ ජපන් පුරවැසියන් තවමත් මෙම පුද්ගලයින්ගෙන් ආරක්ෂාවට ඇති තර්ජනය ගැන බියෙන් පසු වෙනවා. කෙසේ වෙතත්, අපරාධ ක්‍රියාකාරකම් ඉලක්ක කර ගනිමින් ජපාන රජය විසින් බොහෝ නීති සම්මත කර ඇතත්, අදටත් ජපානයේ යකුසා සාමාජිකත්වය ලබාගැනීම සඳහා දැඩි තහනමක් නොමැත. 17 වන සියවසේ ඉතා කුඩා සංවිධානයක් ලෙස ආරම්භ උන යකුසා සංවිධානය අදවන විට ජපානයේ පමණක් නොව දකුණු කොරියාව, හවායි, බටහිර එංගලන්තය සහ නිරිතදිග ඇමරිකාවෙත් තම අණසක පැතිරීමට සමත් වී ඇත.
ඔන්න ඉතිං පුළුවන් තරම් කෙටියෙන් විස්තරයක් දැම්මා. මේකෙන් ඔයාලට යකුසා සංවිධානය ගැන දළ අදහසක් ලැබෙයි කියලා මම හිතනවා. මෙහෙම විස්තරයක් දාපු එකට පුළුවන්නම් කොමෙන්ට් කරලා සලකන්න කියලා ඔයාලගෙන් ඉල්ලනත් ඕන. එහෙනම් ඉතිං චිත්‍රපටය ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. යකුසා කල්ලිය එක්ක හැප්පෙන කෙල්ලෙක් ගැන තමයි කතාව තියෙන්නේ. මේකේ වචන භාවිතය නිසා පවුලේ සැමට බලන්න බෑ කියලා මතක් කරන්නත් ඕන. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න අපේ හසන්ත අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. Covid-19 උවදුර තුරන් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,413 downloadsDownload Yakuza.Princess.2021.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
24 comments
හසිත මධුෂාන්
Saminda
Superb bro.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ Re-Cycle (2006) ෆිල්ම් එකටත් සබ් දෙනවද
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ Re-Cycle (2006) ෆිල්ම් එකට සබ් දෙනවද
Anonymous
තැන්කු වේවා
Anonymous
Mchn uba sub dena categorya nm supiri
Lagadi deepu horror/thriller set ekma patta
kalin horror parana set ekak dunna wge thriller parana tikakuth deepan mchn idak labunoth
Jaya wewaAnonymous
Me filumatath thanks mchn
Kushan
Sub akta thanks
Anonymous
Sub ekata thanks bn
Maleesha Sahan
Yakuza අදහසක් නැතුව film එක බලලා වැඩක් නැ thanks විස්තරෙටයි Sub එකටයි
Anonymous
Tnx bro...Good luck...
DILmin
Sub ekata thanks!
Nalinda
ලස්සන හැදින්වීමක් කරල තියෙනවාග බොහොම ස්තුතිය සබ් එකට
Anonymous
tnx macho
Anonymous
tanx mchn
Anonymous
thanks
Pramukmili
Thanx bro.................
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
ශානුක
නියමයි
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!