Watch Trailer

Hunting Emma (2017) AKA Jagveld Sinhala Subtitles | කාන්තාරයක සිරවී… [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා කියන්නේ තමන්ගේ දරුවන්ට ගොඩක් ආදරය කරන වගේම ඔවුන්ගේ ආරක්ෂා සදහා හැම කපකිරිමක්ම කරන පුත්ගලයෙක්.ඔවුන් තම දරුවන් හට ඔවුන් දන්නා සෑම දෙයක්ම වගේ කියා දෙනවා ඉදිරියේදී මුහුණ දෙන හැමදේකටම මුහුණ දීම සදහා.ඇත්තටම ඔහු තමන්ගේ දරුවන් වෙනුවෙන් විශාල කර්තාව්‍යක් ඉෂ්ට කරන කෙනෙක්.ඕන්න ඔය කිව්වා වගේ කෙනෙක් තමයි…

තාත්තා කියන්නේ තමන්ගේ දරුවන්ට ගොඩක් ආදරය කරන වගේම ඔවුන්ගේ ආරක්ෂා සදහා හැම කපකිරිමක්ම කරන පුත්ගලයෙක්.ඔවුන් තම දරුවන් හට ඔවුන් දන්නා සෑම දෙයක්ම වගේ කියා දෙනවා ඉදිරියේදී මුහුණ දෙන හැමදේකටම මුහුණ දීම සදහා.ඇත්තටම ඔහු තමන්ගේ දරුවන් වෙනුවෙන් විශාල කර්තාව්‍යක් ඉෂ්ට කරන කෙනෙක්.ඕන්න ඔය කිව්වා වගේ කෙනෙක් තමයි ජින්ක්ස් කියන්නෙත්.ඔහු කලින් හිටියේ හමුදාවේ.නමුත් කාලයත් එක්ක ඔහු වයසට යනවා.ඒ සමගම තමන්ගේ ඒ සුවිශේසී කටයුත්තට සමුදෙන්නත් සිද්ධ වෙනවා.ඒත් මොහු තමන්ගේ අවුරුදු ගණනාවක් තිස්සේ ඉගෙන ගත්තුවා අපතෙ යන්න දුන්නේ නැහැ.ඔහුට දුවෙක් ඉන්නවා එමා කියලා.මොහු ඇයට අකුරක් නෑර සෑමදෙයක්ම වගේ උගන්වනවා.මොකද මේක දුෂ්ට ලෝකයක්. මේ ලෝකේ බාගෙට බාගයක් තෘෂ්ණාව,කාම ආශාව වැනි ආදී දේවල් වලින් පිරිච්ච ලෝකයක්.ඉතින් ඔහු මෙවැනි සතුන්ටත් වඩා පහත තත්ත්වෙකට වැටී සිටින මිනිසුන්ගෙන් බේරීමටයි ඔහු ඇයව මෙවැනි දේවල් උගන්න්වන්නේ.එමා ටිකෙක් ටික වයසට යනවා.ඇයට තේරුම් යනවා මම මේ කරන වැඩෙත් හරි නැහැ කියලා.ඇයි එකපාරටම එහෙම හිතෙන්නේ?ඇයගේ තාත්තා ඔහුව සතෙක් දඩයම් කිරීම සදහා එක්කරගෙන යනවා.මෙතනදී එමාගේ හිත සම්පුර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.ආයේ කවදාවත් ප්‍රචණ්ඩත්ව වැඩ නොකිරීමට ඇය තීරණයක් අරගන්නවා.පස්සේ එමා තමන්ගේ අනාගතය වෙනත් මාර්ගයක ගෙනියනවා.ඒ තමයි ගුරුවරියක් වෙන එක.ඇය ඉස්කෝලේ නිවාඩුවට තාත්තාව බලන්න එන ගමන් සිටින්නේ,නමුත් මැදක් හරියේදී ඇයගේ වාහනේ කැඩෙනවා.ඕන්න ඔය අතරේ තමයි ඇයට වෙඩි හඩක් ඇහෙනවා.ඉතින් ඒ දෙසට යන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්.නමුත් ඇය ගියාට පසුවයි වැටහෙන්නේ ඇයගේ ඇයගේ තාත්තා පොඩි කාලේදී පැවසු ඒ සතුන්ටත් වඩා පහත තත්වෙකට වැටී සිටින මිනිසුන්ගෙ ක්‍රියාවක් කියල.ඇත්තටම මොවුන් මත්ද්‍රව්‍ය විකුණන කට්ටියක්.නමුත් ඔවුන් මත්ද්‍රව්‍ය තොගය විකිණීම සදහා ගෙන ඒමේදී පොලිසියේ කෙනෙක්ව මුණගැහෙනවා.ඉතින් ඔවුන් මේ පොලිසියේ කෙනා මරණවා.ඕන්න ඕක තමයි එමා දකින්නේ.ඉතින් දැන් එමාට මොකක් සිද්ධ වෙයිද?ඉතින් ඇයට තාත්තා පොඩි කාලේදී කියා දුන්නු හැකියාවක් ප්‍රයෝජනයට අරගෙන මේ තිරිසන්නුගෙන් ගැලවීමට හැකිවෙයිද?කතාව ඔයාලටම බාරයි.

2017 වර්ෂයේ මාර්තු 17 වෙනි දින තිරගත වීම ආරම්භ කෙරුණු මෙමැ චිත්‍රපටය හට Imdb 5.7 අගයක් තමයි අරගනිමට සමත් වෙලා තියෙන්නේ.ඒවගේම මෙයට රංගනයෙන් දායක වෙන්නේ Leabdie Du Randt | Lee Ann Van Rooi | Edwin Van Der Walt | Neels Van Jaarsveld | Tertius Meintjes සහ Albert Maritz ය.ඒවගේම තමයි මෙය ගිය අවුරුද්දේ නිකුත් වුණත් හරිහමන් කොපියක් නිකුත් වුණේ මිට මසකට උඩදීය.එහෙනම් ඉතින් නැවතත් බලන්න ආරාධනා කරන ගමන් මම කැපුනා. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD පිටපත සඳහා අදාළ වේ.

3,952 downloadsDownload Hunting-Emma-2017.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,952 downloadsDownload Subtitles27 KB

36 comments

  1. බොබී

    සබ් එකට ස්තූතියි, සහෝ.

  2. Milind@

    Thanks saho

  3. nishannw

    Ela kiri....thank u mcn....digatama sub denna..jaya wewA

  4. gihan perera

    Absolutely brilliant story මචෝ.....මේ වගේ ෆිලුමක් කාලෙකින් බැලුවේ නැ....මට මතක හැටියට Ravange ෆිලුමත් මේ වගේ කතාවක් තියෙන්නෙ....පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....

  5. THE NEW FOLDER

    thankss broo.....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekataaa . Jaya wewa."

  8. Buddi

    Thanks.....

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  10. Kulanjana Maduranga

    subata thanks saho....keep it up...

  11. hemasri amunudowe

    Suba pathum

  12. Bandara 1976

    Thanks Bro..more sub for more films

  13. Suranjan

    Thanks machan......jayawewa.......!

  14. kodagoda

    tnx bro

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. Dil600627

    ගොඩක් ස්තුතියි …දිගටම උපසිරැසි කරන්න.අපි කලින් ෆිල්ම් බැලුවට තෙරුමක් නැතුව.ඔහෙ බලන් ඉන්නව.දැන් ෆිල්ම් එකේ හරි අර්ත්‍ය තෙරුම් අරන් බලන්න පුලුවන් ඒ බයිස්කොප් ටීම් එක නිසා.......බුදු සරණයි

  18. Suresh Madhusanka

    ඔබ මේ කරන කර්තව්‍යයට ස්තූති කරන්න වචන නෑ සහෝ.......හදවතින්ම.....සුභ පතනවා...මෙවැනි දේ තවත් ඉදිරියට සිදු කරන්නට....ඔබට ශක්තිය හා වාසනාව ලැබෙන්න කියා....

  19. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  20. panda123

    mewala torrent hoya ganne mona site eken da ?

  21. sasala

    thanks malli

  22. ranga1984

    Maru maru thanks

  23. Nimach273

    Thnks sub akta bro.......jaya wewa

  24. Sarojalakmali

    Thanks

  25. Bandaramudiyansi

    Mkacage එකෙ තියෙන web එකට ෆිල්ම් එක මගදි සබ් හරියට යන් නැ නෙ පුලුවන් න්ද නිවැරැදි කලර දෙන්න ඔයට

    1. Ravindu Rukshan

      මේකයි සහෝ ඕකට උපසිරැස නැහැ.....මම Spanish සබ් එකක් අරගෙන තමයි කරේ ඒකමයි උපසිරැසයකට කියල තිබ්බෙ

  26. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  27. jagath55

    Thanks

  28. ishan1653

    Tks Macho...

  29. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  30. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  31. ushan

    tnx sub ekata

  32. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  33. sandharu

    Thanks bro

  34. tisal_akesh

    Thanks saho

  35. Nishan

    Thanx bro