Watch Trailer

I Am All Girls (2021) Sinhala Subtitles | පළිගැනීමේ සුරදූතිකාව. [සිංහල උපසිරසි]

මිනිස් ජාවාරම. මෙහෙම කිව්වම නිකන් පුරුදු නෑ වගේ නේද? මත් කුඩු ජාවාරම්, මත්පැන් ජාවාරම් කිව්ව නම් ඒව නිතර නිතර අපිට ඇහෙන නිසා අපි හොඳට ඒ ගැන දන්නවා. ඒත් අපේ රටේ නැති උනත් ලෝකෙ ගොඩක් රටවල් වල ජයටම කරන බිස්නස් එකක් තමයි මිනිස් ජාවාරම. විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු මහද්වීප වල මේ තත්වය ගොඩක් දරුණු විද…

මිනිස් ජාවාරම. මෙහෙම කිව්වම නිකන් පුරුදු නෑ වගේ නේද? මත් කුඩු ජාවාරම්, මත්පැන් ජාවාරම් කිව්ව නම් ඒව නිතර නිතර අපිට ඇහෙන නිසා අපි හොඳට ඒ ගැන දන්නවා. ඒත් අපේ රටේ නැති උනත් ලෝකෙ ගොඩක් රටවල් වල ජයටම කරන බිස්නස් එකක් තමයි මිනිස් ජාවාරම. විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු මහද්වීප වල මේ තත්වය ගොඩක් දරුණු විදියට පැතිරිලා තියනව. සල්ලි කාරයොන්ගෙ ලිංගික ඕන එපා කම් වලට තමා ගොඩක් දුරට මෙහෙම මිනිස් ජාවාරම කෙරීගෙන යන්නෙ. ඒත් ඔයාල දන්නවද මෙයින් බාගෙට බාගයක්ම පොඩි ගෑනු ළමයි කියල. පොඩි කියන්නෙ අවුරුදු 06ත් 15ත් අතර අයට තමා ඉහලම ඉල්ලුම තියෙන්නෙ. හිතන්න අපි මෙහෙම මෙහෙට වෙලා ඉන්න වෙලාවෙ ලෝකෙ කී තැනක මේ වගේ දේවල් වෙනවද. කී දෙනෙක් දුක් විඳිනව ඇතිද.

අද මම අරගෙන ආවෙ මෙන්න මේ ළමා ජාවාරම ගැන කියන සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය උන සිනමා පටයක් අරගෙන. මේක දකුණු අප්‍රිකානු චිත්‍රපටයක්. ඒත් බය වෙන්න එපා දෙබස් ඔක්කොම ඉංග්‍රීසි වලින් තමා තියෙන්නෙ. දකුණු අප්‍රිකාවෙහි 1988 වර්ෂයෙහි සිදුවුණු මේ සිදුවීම එකල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා. සත්‍ය කතාව මෙහෙමයි. 1988 වසරෙ Gert Van Rooyen නම් පුද්ගලයා කුඩා ගෑනු ළමයි 06 දෙනෙකු පැහැරගෙන ගිහින් විකුනනවා. ඒත් ඊට පස්සෙ පැහැරගන්න Joan Booysen නම් දැරිය එතනින් පැනල ගිහින් පොලිසියට ඔක්කොම හෙළි කරනව. එතනදී එකල ප්‍රබල ඇමති වරයෙක් මේකට හවුල් කියල දැන ගත්තත් ඒක ඔප්පු කරන්න සාක්ෂි නැති වෙනවා. සිද්දිය ඔක්කොම එලි උන නිසා Gert Van Rooyen තමන්ගෙ සහයකයා මරා දැමීමෙන් පසු තමනුත් සිය දිවි නසාගන්නවා. ඒ විදියට පැහැර ගත් ළමයි අද වෙනකම් හොයාගෙන නෑ කියල තමා වාර්තා වෙන්නෙ.

මෙන්න මේ සිදුවීම පාදක කරගෙන තමා I AM ALL GIRLS සිනමාපටය ගොඩනැගෙන්නේ. මේ සිදුවීමට අලලා අවරුදු 20කට පස්සෙ වෙන දෙයක් ගොඩනගල තමා සිනමාපටය නිර්මාණය කරන්නෙ. අධ්‍යක්ෂණය කරන්නෙ. Donovan Marsh එතකොට රංගනයෙන් Erica Wessels, Hlubi Mboya, Deon Lotz, Mothusi Magano යන අය දායක වෙනව. මේකෙ බෙදාහැරීම් කටයුතු කරන්නෙ අපි කව්රුත් දන්න NETFLIX ආයතනය තමා. Crime/Drama/Mysteri ගණයට වැටෙන ෆිලුම IMDB මට්ටම 5.8ක් දක්වා කරකවගන්න සමත් වෙනවා. ඉතින් මග හැර ගන්න එපා ගොඩක් ලස්සන වගේම සංවේදි සිනමාපටයක්. ඉතින් මේක මට බාර දුන්න සිසිල සහෝදරයට ගොඩක් ස්තූති කරන ගමන් මං දැනට මෙතනින් නවතිනවා. තවත් සිනමපටයකින් ළඟදීම හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,385 downloadsDownload I-Am-All-Girls-2021.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

5,385 downloadsDownload Subtitles21 KB

17 comments

  1. Rajitha

    Filuma na hodai
    Kaztya blnna
    Sub eka nm godak parakkui neh
    Awlak na thanks mchn

  2. Rajitha

    # nam

  3. Harsha Nuwan kumara

    not working the subtitle file

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. UDARA DAMITH

    එඅ

  6. indika75

    thanks..

  7. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. sisira munasinghe

    ගොඩක් ස්තුතියි. ඔයාල ලොකු මහන්සියක් වෙලා ලෝකේ ඉහළ මට්ටමේ සිනමා පට සඳහා උපසිරසි ලබා දීම පිලිබඳ. පුලුවන්නම් තායිලන්තයේ ගුහාවක සිරවූ ළමයි පිලිබඳ the cave සිනමා පටයට උපසිරසි ලබා දෙන්න.

  10. Pramukmili

    Thanx bro...............

  11. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  12. Lahiru Lakshan

    thanks...

  13. Rishantha

    Thanks Brother

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!